Zeenat Aman Indian Actress | Sinhala Article

Zeenat Aman Indian Actress by Mmp Ranaweera

සීනට් අපිට කියාදුන් පාඩම…

ඡායාරූපය දැක්ක ගමන් ඔබ සීනට්ගේ දිදුලන ඇස් දිහා බලන්න ඇති. .. නමුත් දැන් ඇයට ඒ ඇස් දෙකෙන් එක් ඇසක් අහිමිය. එය අහිමි වන්නේ මෑත කාලයේ දීනම් නොවෙයි 1980 වසරේ දීයි.. ඇයට ඒ ඇස අහිමි කරන්නේ ඇගේ පෙම්වතා වූ සංජේ ඛාන් විසින්. දැන් කාලයේ අයනම් බොහෝ විට සංජේ ඛාන් කිව්වාම දන්නේ නැතිව ඇති නමුත් රිත්ක රෝෂන්ගේ බිරිද Sussanne Khan ගේ පියා තමා සංජේ ඛාන් කියන්නේ ..

සංජේ ඛාන් කියන්නේ ඒ කාලයේ සිටි අහංසක පෙනුමැති කඩවසම් නළුවෙක් ලංකාවේත් අතිශය ජනප්‍රිය වූ ek phool do mali හි අම්ර කුමාර්ට හිටියේ සංජේ ඛාන්.. මතකනේ අහිංසක පෙනුව. ඉතින් ශිව දෙවියන් ගේ දේව දාසියකයේ චරිතයෙන්ම සිනමාවට පිවිසි සීනට් අමන් Satyam Shivam Sundaram චිත්‍රපටියෙන්ම එක් රැයකින් ජනප්‍රිය තරුවක් වනවා. ඇගේ තිබුණු යුරෝපීය සුන්දරත්වය වගේම ඇගේ විලාසිතා නිසාම 70 දශකයේ සුරූපිණියන් අතර ඇය කැපී පෙනුනා වගේම ඇය සිහින තාරකාවක් බවටත පත්වූවා..

සංජේ සහ සීන්ට අතර ආදරයක ඇති වන්ගේ 1980 තිරගත වූ අබ්දුල්ලා චිත්‍රපටියේ රූගත කිරීම් අතරතුර. ඒ වන විටත් සංජේ විවාහකයෙක්. නමුත් සංජේ සහ සීනට් අතර නොබිදිය හැකි ප්‍රේමය විවාහයකින් අවසන් වූ බව පැවසෙනවා.. එක දෙන්නා ජීවත් වෙලා තියෙන්නේ එකම නිවසක. ඉතින් සීනත් සිතුවේ ඇයට ජීවිතයේ නියම හිමි කරුවා හිමි වූ බවයි. නමුත් අවසානයේ ඇයට තේරෙනවා ඔහු එහෙම නොවන වග ඔහු ඇයට ලිංගික වදහිංසා දෙන්න පටන් ගන්නවා. ඒ වගේම කිහිප සැරයක්ම ඔහු ඇයට පහර දෙන අතර .. සංජේගේ කලින් බිරිදත් ඇයට ප්‍රසිද්ධියේ දොශාරෝපනය කරන්නේ සංජේ ව සීනත් බලෙන් රදවාගෙන ඉන්න බව කියමින්. පසුව ඇගේ මුදල් වලට ඇහැ ගහන සංජේ ඒවාද ඇගෙන් ඉල්ලා ගන්නවා. මේ යන්නේ නාටකයක් බව සීන්ට්ට වැටහෙන්නේ පසුවයි. නමුත් ඇය තවදුරටත් සංජේට ආදරය කරන්නේ. ඇය පැතූ ආදරය ව්‍යාජව හෝ ඔහුගෙන් ලැබුන නිසයි.

සීනත් සංජේගෙන් වෙන්වනවා.. නමුත් සංජේ ඇයට අත හරින්නේ නෑ.. අවසානයේ 1980 වසරේදී ඔහු සීනත් අමාන් ඔහු රැදී සිටින හෝටලයකට ගෙන්වන්නේ අබ්දුල්ලා චිත්‍රපටියේ ගීතයක් නැවත රූගත කිරීමට ඇති බව පසවමින් මුලදී අකමැති වූ ඇය පසුව පැමිනෙනවා.. හොටලයේ මිනිසුන් රැදී සිටි අතර මේ සියල්ලක්ම සංජේගේ මිත්‍රයින්. ඒ වගේම ඔහුගේ බිරිද Zarine Katrak කද මෙහි සිටියා ඒ වගේම මෙහි එකල ජනප්‍රියම සිනමා පත්තරයක් වූ Blitz වාර්තාකරුවෙකුත් සිට තිබෙනවා.

කොහොම හරි ඇය හා සංජේගේ කතා බස් දුරදිග යන අතර කාමරයකට ඇදගෙන යන සීනත් හට සංජේ විසින් පහර දෙන්නේ අමානුෂික අයුරුන්. පසුව අසල තිබූ බෝතලයක් සංජේ අතට ලබා දෙන්නේ ඔහුගේ බිරිද Zarine Katrak විසින් ඔහු බෝතලයෙන් සීනත්ගේ මුහුණට පහර දෙනවා මෙයි ඇගේ හකු පෙදෙස කැඩී යන අතර ඇගේ ඇසකට බෝතල අඩියේ පහර කිහිප විටක වැදෙනවා. අසල සිටි සංජේගේ යාලුවන් ඔලවරසන් දී සිනාසුන අතර හොටලයේ සේවකයෙකුගේ මැදිහත්වීමෙන් ඇය බෙරාගෙන තිබූ බව Blitz වාර්තාකරුවා පුවත්පතට ලියා තිබුනා..

ඇගේ හකු ප්‍රදේශයට හානි වී ඇති අතර ඇගේ එක් ඇසක් ඇයට ජීවිතාන්තය දක්වා අහිමි වන්නේ ඒ අයුරිනි.. නමුත් ඇය කිසිදා සංජේටත් සංජේගේ බිරිදට දේශාරෝපනය කර තිබුනේ නෑ.. මිනිසුන්ට මෙයත් ගැටළුවන් වනවා.. ගොසිප් කාරයින් පවසන්නේ සීනටත්ගේ වැරදි ඇති නිසා ඇය මුනිවත රකින බවකුයි.. නමුත් සීනත් පැවසුවේ “ඔහුට මම ආදාට කලා මම ආදරය කළ මිනිසෙකුට වෛයර කරන්න මට බැහැ…ඔහු කවදා හරි තේරුම් ගනීවි.. නමුත් මම ඔහු ගාවට කිසිදා යළි පැමිනෙන්නේ නෑ…. ඔහු වරදක් කලානම් එය ඔහු විසින්ම විදවාවි… ” කියාය..

දෛවය එසේ තිබිය දී සංජේ ඛාන් ඊට නොබෝ වසරකදී චිත්‍රපටියක රූගත කිරීමත් අතරතුරදී සම්පුර්ණයෙන්ම ශරීරය ගිණිගන්නවා… මුහුණ විකෘති වී ඔහුගේද එක ඇසක් අන්ද වනවා.. පසුව සුව උවත් ඔහු දැනටත් ඒ ගිණි ගැනිමෙන් දුක් විදින මිනිසෙක්…

” ඔහු වරදක් කලානම් එය ඔහු විසින්ම විදවාවි… “ සීනට් එදා කිව් දේ සංජේට අනිවාරයෙන් පසුව පමතකයට නැගෙන්නට ඇති.

MMP රණවීර

Writer

One comment

  1. Your style is really unique compared to other folks I have read stuff from. Thank you for posting when you’ve got the opportunity, Guess I will just book mark this site.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *