Yaadein (1964) Hindi by Upul Dissanayake
ඉන්දියාවෙන් ලෝකෙට දීපු තවත් විශිෂ්ට දෙයක් ?
ලෝකයේ ප්‍රථම තනි නලු චිත්‍රපටය හඳුන්වා දීල තියෙන්නෙ ඉන්දියාවෙන්..
මම නැරඹුවා..ඇත්තටම වර්ල්ඩ් ක්ලාස් වැඩක්..
පට්ටම ආර්ට් හවුස් එකක්..
සුනිල් දත් කියන විශිෂ්ට සිනමාකරුවා විසින් නිර්මාණය කරන ලද්දක්..
Yaadein
1964 ‧ Bollywood/Drama ‧ 1h 53m
IMDB 7.7
තම බිරිඳ දරුවා මග හැරුණු බවක් සිතා, මානසික අවපීඩනයකට ලක්වන පුත්ගයෙකුගේ ශෝකාලාපය, මනෝ ව්‍යධිය , පෙන්වීමක් තමා මේ පැයයි විනාඩි හතලිහ පුරාම පෙන්වන්නෙ..
මේ වගේ අතිවිශිෂ්ට කැමරාකරණයක් මම දැක්කමයි සමකාලීන ඉන්දියන් සිනමාවේ..ඒ සිනෙමොටොග්‍රෆිය ඒ තරමට ඉහල මට්ටමක තිබුනා..
සහ මහ පුදුම හිතෙන කලාත්මක අංග මේ දර්ශන තලය මත නිර්මාණය කරල තිබුන..
ඒ මෙහි ප්‍රධාන චරිතය වන අනිල් කියන පුත්ගලාගේ මනසේ මැවෙන ෆැන්ටසිමය ලෝකය මවල පෙන්වන්නට..2D කාටූන් චිත්‍ර, තව නොපෙනෙන රැහැන් වලින් එහා මෙහා යවන බොනික්කන් වැනි ප්‍රොප්ස්, තව දර්පන ප්‍රථිභිම්බ මගින් නලුවාගෙ මුහුන අවශෝෂණය කර ගැනීම වගේ, මහ පුදුම වැඩ ගොඩක් තිබුනා..
නැවතත් කියා සිටිනවා, S. Ramachandra තුමාගේ කැමරාකරණය නම් අපූරුයි කියල.
මේ චිත්‍රපටය ප්‍රධාන භූමිකාව රඟමින් අධ්‍යක්ෂණය කරන්නෙ ඒ විශිෂ්ටයා, සුනිල් දත්.
ඔහු මේ ගැන ලොකු අධ්‍යනයක් කරල තමා වැඩේට බැහැල තියෙන්නෙ..ඔහු බාවිතා කරල තියෙනවා soliloquy කියන ක්‍රමය..ඇත්තටම ..නාට්‍ය තුල එන එක රඟපෑමේ න්‍යයායක්..මේ සොලිලොකි කියන්නෙ
ලතින් භාෂාවෙන් “තමා වෙත ම කතා කරමි”, [යන අදහසයි..පැන නැගෙන සිතුවිලි වචනයට පෙරලමින් තමාටම ආමන්ත්‍රණය කිරීම/ වෙනත් කෙනෙකුව අමතන්නේ නැතිව ශබ්ද නඟා කථා කිරීමයි.
ඔන්න ඔය ක්‍රමය මේ චිත්‍රපටය පුරාවට ඉතා සාර්ථකව යොදා ගෙන තියෙනවා..
නලුවෙක් තම චරිතය ගැන ප්‍රේක්‍ෂකයින්ට දැන ගැනීම සඳහා, එය සෘජුවම හඳුන්වා දීම වෙනුවට , තමා සමගම කතා කිරීමෙන් එම චරිතය ලොකු ප්‍රෙක්ෂක කුතුහලයද සමගින් පම්ප්‍රෙෂණය කල හැකි අපූරු ක්‍රමයක් තමා මේ තමා සමගම කතා කිරීමේ ක්‍රමය කියන්නෙ..
ෂේක්ස්පියර්ගේ හැම්ලට් හි කේන්ද්‍රස්ථානය වූ “විය යුතුද, නොවිය යුතුද” යන වාදයන් සදහා වගේම ඉංග්‍රීසි පුනරුද නාට්‍යය සම්ප්‍රදායන් තුල මේ ස්වකීය ආමන්ත්‍රණ වාක්‍ය ඛණ්ඩ භාවිතා කළේය.
සාමාන්‍ය බලපෑමක් සහිත අසාමාන්‍ය අත්හදා බැලීමක්
මීට වසර පනහකට පමණ පෙර, මෙම චිත්‍රපටය සමඟ සුනිල් දත් ලෝකය පුරා කැපී පෙනුනා, නව්‍ය හා නිර්භීත දෙයක් සඳහා මුල පිරුවා. … මිනිත්තු සියය විශේෂාංගය රඟපෑවේ ඔහු හැර වෙන කිසිවෙකු නොවේ! ඔහු සුනිල් ය
අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී. සමහර ශ්‍රේෂ්ඨ කලාකරුවන් ඔවුන්ගේ කාලයේ සිටි ඉතාමත් අභිමානවත් මිනිසුන් බව කිසිවෙකුටත් ප්‍රතික්ෂේප කළ නොහැක.ඒ ඔවුන් අභියෝග බාර ගැනීමට බිය නොවූ නිසා,
එය සිනමාකරුවන්, චිත්‍ර ශිල්පීන් හෝ නළු නිළියන්, දේශපාලනඥයින් හෝ ලේඛකයින් වේවා. නිහඬ බව ඔවුන්ගේ වචන වල තිබුනත් එය ඔවුන්ගේ වැඩ වලදී කෘතීන් තුළ නොවුනි.
කලාකරුවෙකු තමා හා ඔහුගේ ශිල්පය කෙරෙහි ඇති විශ්වාසය ඇල්ම ධෛර්යය කොපමණ ද කියනවනම්, අතිශයින්ම අද්විතීය හා අත්හදාබැලීමේ කෘතියක් නිෂ්පාදනය කළ සුනිල් දත් ගේ ‘යාදෙයින්’ එයට හොචම උදාහරණයයි. චිත්‍රපටයකට වඩා එය නිර්‍මාණාත්මකභාවයට කදිම නිදසුනක් කියන්නට පුළුවන් .සීමාවක් නැති බවත් හැකියාවන් ඇත්තෙන්ම අනන්ත බවට ප්‍රකාශයකි.
චිත්‍රපටයේ තරුණ සුනිල් දත් වැඩ අවසන් වී නිවසට පැමිණෙන අතර ඔහුගේ බිරිඳ තම දරුවන් දෙදෙනා ද සමඟ රැගෙන ගොස් සටහනක් ද තබා ගොසිනි. රාත්‍රිය උදාවන විට මිනිසා අතීතය සිහිපත් කිරීමට පටන් ගන්නා අතර දුක, කෝපය හා පළිගැනීමේ සිට අසරණ හා බලාපොරොත්තු රහිත ආදරවන්තයෙකු බවට පත් වී තම බිරිඳ සහ දරුවන් වෙනුවෙන් තමන්ගේ ශෝකාලාපය ගයයි. මෙම ක්‍රියාවලියේදී ඔහුගේ තනි කම නිසාම ප්‍රේක්‍ෂකයින් සමඟ ගනුදෙනුවක් කරනවා. වෙනත් නළු නිළියන් යොදා ගැනීම වෙනුවට සුනිල් දත් ශබ්ද, දෙබස්, සෙවනැලි, රූකඩ, බැලූන් සහ දේ නොකළ යුතු දේ භාවිතා කරයි. දැඩි චිත්‍රපට ලෝලියෙකුට, මෙම සම්මුතිය සහ එය ක්‍රියාත්මක කරන ආකාරය මසුරං වටිනවා.
චිත්‍රපටය නැරඹීමෙන් පසු මගේ සිතට ආවා ප්‍රශ්නයක්. දෙමව්පියන්ගේ මෙම චිත්‍රපටය නැරඹීමේදී සංජේ දත්ට හැඟෙන්නේ කෙසේද? එය පෞද්ගලික දිනපොතක් කියවීම වාගේ වුනදෙ ? මන්ද එහි සුනිල් දත් සහ නර්ගිස් දත්ගේ ජීවිතයෙන් කෙලින්ම එළියට එන අවස්ථා බොහෝමයක් අඩංගු වන බැවිනි. අද ඔවුන් දෙදෙනාම නැති නමුත් ඔවුන්ගේ අනාගත පරපුර සහ රසිකයන්ගේ ප්‍රයෝජනය සඳහා ඔවුන් කල කී දෑ සදහටම පවතිනු ඇත. ඇත්තෙන්ම සිනමාව යනු අමරණීයභාවය ලබා ගැනීම සඳහා හුදු මනුෂ්‍යයන් විසින් නිර්‍මාණය කළ හැකි එක් ස්ථිර ක්‍රමයකි.
මේ චිත්‍රපටය ආරම්භයේදී දානවා මේක තමා ලෝකෙ ප්‍රථම තනි චරිත සලරුව බව..නමුත් විකිපිඩියාවෙ හඳුන්වන්නෙ මේක ඉන්දියාවෙ ප්‍රථම එක බව..ඒ වගේම ගිනස් පොතටත් ඇතුලත් වෙලා තියෙනව අඩුම නලුවන් ප්‍රමාණිත චිත්‍රපට ගොඩට..
WON
1964: National Awards
National Film Award for Best Feature Film in Hindi
1966: Filmfare Award
Best Cinematographer: S. Ramachandra (B&W category)
Best Sound: Essa M. Suratwala [5]