WW II – Film/TV series Article

WW II – Film/TV series Article
දෙවන ලෝක යුද්ධය Film/TV series වලින්ම බලමුද?
⚠️[Oscar nominated/won-?]
[ Other main awards nom./won-?. ]
[Polish Academy award nom./won-?️]
මුලම ඉදන් පටන් ගමු.
⭐1918 නොවැම්බර් 11 පළවෙනි ලෝක යුද්ධය අවසන් වෙනවා,ඒ ජර්මනිය, ඔස්ට්රියානු-හංගේරියානු,රැසියානු හා ඔට්ටොමාන් අධිරාජ්යයන් බිද වට්ටමින්.එමෙන්ම මේ රාජ්යන් වලට බරපතළ අලාභ පවා ඇති වෙනවා.
1919දි යුද්ධයට මුල් වූ ජර්මනියට එරෙහිව වර්සෙල්ස් ගිවිසුම අත්සන් තැබෙනවා.ඒ අනුව එරටට තම භූමියෙන් 13% අහිමි වෙනවා.එමෙන්ම තම හමුදාවන් ප්රමාණාත්මකව සීමා කරන්ඩ අනිවාර්ය වෙනවා.ආයුධ නිෂ්පාදනය, ආනයනය/අපනයනය වගෙම හමුදා පුහුණුව පවා තහනම් වෙනවා.කොටින්ම අන්ත අසරණ ම රටක් වෙනවා, ජර්මනිය ?
?Hitler: The Rise of Evil(2003)?-T.series
IMDb-7.3
?Hitler’s SS: Portrait in Evil(1985)
IMDb-6.5
?Max(2002)? IMDb-6.5
(?දන්නවද කාලයක් හිට්ලර් ජීවිකාව සරැකර ගන්න චිත්ර ඇද ඇද විකුණපූ බව,මේ film එකෙදි ඒ බව ගවේෂණය කරනවා)
☝️පළවෙනි film තුන.
⭐සාමාන්යයෙන් WW2 කියද්දි මතක් වෙන්නෙම හිට්ලර්වනෙ.මේ මහා විනාශයේ මූලාරම්භකයා තමා මෙයා.මෙයා පළවෙනි ලෝක යුද්ධයේ ජර්මනිය වෙනුවෙන් මාර කැපවීමකින් සටන් කරපු කෙනෙක්.අවසානෙදි ප්රහාරයකට ලක්වීමෙන් බරපතල ලෙස තුවලත් වෙනව.ඔය පළවෙනි කතාව බැලුවනම් මෙයාගෙ කතාව මුල ඉදන්ම බලාගන්ඩ පුළුවන්.යුද්ධයෙදි පෙන්නපු නිර්භීතකමට සම්මාන පවා ගත්තු මෙයා දේශපාලනයට සම්බන්ධ වෙන හැටි,තමාගෙ ප්රතිවාදීන් උපක්රමශීලීව පරදවගෙන ටිකෙන් ටික ඉස්සරහට එන හැටි වගෙම අවසානයේදි ජර්මනියේ පාලකයා වෙන හැටි බොහොම අපූරුවට ගලපලා තියෙනවා.
⭐ඔන්න කොහොම හරි හිට්ලර් 1933දි ජර්මනියේ ලොක්කා වෙනවා.ඉතාලියෙ බලයත් බෙනිටෝ මුසොලිනිට යනවා.ජපානයත් හිරොහිතෝ අධිරාජ්යයාගෙ පාලන බලය යටතේ තියෙන්නෙ.මේ තුන්දෙනාම විප්ලවවාදී අය.හිට්ලර් ලොව උතුම්ම ජාතිය කියාගෙන නාසිවාදය පතුරවගෙන ලොකු යුද ව්යාපාරයක් පටන් අරගත්තා.බෙනීටෝ “නව රෝම අධිරාජ්යයක්” ගොඩනගනවා කියාගෙන වැඩේට බැහැලා හිටියෙ.ජපානය බැලුවෙ චීනෙ ඇතුළු මුළු ආසියාවම අල්ලගන්ඩ.
?The beginning(1939 සැප්තැම්බර් 1)?
⭐කොහොමෙන් කොහොමහරි 1939 සැප්තැම්බර් 1දා දෙවෙනි ලෝක යුද්ධයේ මූලාරම්භය වුන පෝලන්ත ආක්රමණය සිදුවනවා.පෝලන්තයත් අතෑරියෙ නෑ නිරභීත විදියට තම මව්බිම වෙනුවෙන් සටන් කරන්ඩ ගත්තා.නමුත් මිනිස් බලයෙන් හා වෙඩි බලයෙන් සීමිත උන පෝලන්තයට වැඩිකල් අල්ලන් ඉන්ඩ උන් නෑ.සැප්තැම්බර් 27 වෙද්දි පෝලන්තයේ මර්මස්ථානයක් උන Warsaw නගරය ජර්මනිය යටතට පත් උනා.පෝලන්ත යුදෙව්වන් අති විශාල ලෙස(මිලියන 3ක් පමණ) කදවුරු වලදි මරන්ඩ පටන් ගන්නවා.හැබැයි ඔය අතරෙදි සංවිධානය වෙච්ච තවත් අති විශාල යුදෙව් ජාතිකයන් පිරිසක් 1943දි ලොකු කැරැල්ලක් ඇති කරනව මේ මහා සංහාරයට විරැද්ධව.ඒක Warsaw ghetto uprising කියන නමින් හැඳින්වෙනව.මේ සටනින් පෝලන්ත වැසියන් පරාජය උනත් මේ සටන ඉතිහාසයේ සිදුවූ වැදගත්ම කැරලි වලින් එකක්.
⭐Halocaust-මේ කියන්නෙ යුරෝපයේ සිටි යුදෙව්වන් කදවුරු වල හිරකරල අමානුෂික ලෙස මරා දමපු සංසිද්ධියට කියන නම.සමූහ වශයෙන් වෙඩි තැබීම, නොනවත්වාම වැඩ කරවීම,Gas කුටි වලට දමා මරා දැමීම වගේ ක්රම වලින් 1941-45 වෙනකම් යුදෙව්වන් මිලියන 6ක් විතර මරා දමල තියනවා.?️Life is beautiful/?️Schindler’s List (1993) බැලුවනම් මතක් වෙයි.
? Holocaust (1978)? IMDb-8.0
Tv miniseries
⭐මේ අතරෙම සෝවියට් දේශයේ Joseph Stalin පෝලන්තයේ නැගෙනහිර පැත්ත ආක්රමණය කරනවා.මේ අයත් අරට නොදෙවෙනි උනා කියල තමා සදහන්.මොකද කියනවනම් පෝලන්ත පාලකයා ඒ වෙද්දි මෙහෙම කියල තියනවා.
“With the Germans we risk losing our liberty, but with the Russians we lose our soul.”
The pianist(2002)? IMDb-8.5
? Warsaw ghetto uprising/Holocaust
?Schindler’s List (1993). ? IMDb-8.9
? Considered as one of the greatest WW 2 movies ever made
?The Book Thief(2013)? IMDb-7.6
?WW2 අතර ජර්මානුවන්ගේ දිවිය
?The Zookeeper’s Wife(2017)? IMDb-7.0
? Poland invation/Warsaw ghetto uprising
?Defiance(2008)? IMDb-7.2
?After Poland invasion
?13 Minutes(2014)?. IMDb-7.0
?හිට්ලර්ව මරන්ඩ ගහන්ඩ ගහන ගේමක්
?Europa Europa(1990)? IMDb-7.6
?Poland invation
?Son of saul(2015)?. IMDb-7.5
?යුදෙව්වෙකුගේ අතිශය සංවේදී කතාවක්
?Katyn(2007)?️ IMDb-7.0
?පෝලන්තයේදී සෝවියට් සොල්දාදුවන්ගෙ අමානුෂික බව(Brutality)
? Uprising(2001)?. IMDb-7.2
? Warsaw ghetto uprising
?Rose(2011)?️ IMDb-7.6
?Poland invation/Brutality of Soviet soldiers
?The innocents (2016)? IMDb-7.3
? Shocking story of a poland doctor
?Warsaw 44(2014)?️. IMDb-6.6
?Final days of warsaw war
?The Counterfeiters(2007). IMDb-7.6
?story about a genius
මේ කතා ඇරැනම
?Imitation game(2014)? IMDb-8.0
?Story of a genius code cracker
?Life is beautiful(1997) ? IMDb-8.6
?shocking story of a beautiful family
?The Boy in the Striped Pajamas(2008)? IMDb-7.8
? Holocaust
?My way(2011) IMDb-7.7
?War against Soviet Union
?The winter war(1989) IMDb-7.7
?Finland invasion
?Good(2008). IMDb-6.2
කතා ටික 1939 අවුරැද්ද පාදක කරගෙන WW2 එකේ විවිධ පැතිකඩවල් නිරෑපණය කරනවා.
?Operation Weserübung(1939 අප්රේල් 9)?
Norway හා Denmark රාජ්යයන් යටත් කර ගැනීම
ජර්මනිය තම බලය පුළුල් කරගන්ඩ Noraway,Denmark රාජ්යයන් අත්පත්කරගත්තා.මේ සිද්ධිය තමා බ්රිතාන්ය යුද්ධයේ තීරණාත්මක මටිටමකට ඇද දැමිමෙ.
? Flame and citron(2008)? IMDb-7.3
?Great story from the invasion of Denmark
?Into the white(2012) IMDb-7.2
? trapped with enemies,based on a real story
?April 9th(2015). IMDb-6.6
?Great war by danish soldiers to defend their home country
?The King’s Choice(2016)? IMDb-7.1
?Norway invasion
?Fall of France (1940 මැයි 10 සිට ජූනි 25)?
⭐1940 මැයි 10දා හිට්ලර් පටන් ගත්තා ප්රංශය අල්ලගන්ඩ.ඉතාලියත් මේකට සම්බන්ධ උනා.ඔය වෙද්දි මිත්ර පාක්ෂික හමුදා(එංගලන්ත/ප්රංශ)ගොඩක් වෙහෙසට පත්වෙලා හිටියෙ.ජර්මානුවො ඒ වාසිය අරන් ලේසියෙන්ම බෙල්ජියමත් යටත් කරගෙන ප්රංශය වෙත වේගෙන් ආවා.ප්රංශෙ හිටපු සෙට් එකට යන්ඩ තැනක් නැති උනා.ලක්ෂ 3ට වැඩි මිත්ර හමුදා සොල්දාදුවන් පිරිසක් මෙහෙම කරකියාගන්ඩ දෙයක් නැතුව ඉන්න බව දැනගත් Winston Churchill වහාම මේ අයට එක මූදු වෙරළකට එක් රැස් වෙන්ඩ කිව්වා මුදා ගැනීමකට.මතක් වෙනවද film එකක්????ඔව් ඔව් මේ visionary director Christopher Nolanගෙ ?️Dunkirk(2017) තමා.ඒ අනුව දවස් 9ක් ඇතුළත 338000 වැඩි පිරිසක් ඩන්කර්ක් මූදු වෙරළෙන් මුදාගන්නවා.චර්චිල් මේක ප්රාතිහාර්යක් කියල හදුන්වල ආයෙ කියනව
” in the remarkable Operation Dynamo. Churchill called it a “miracle of deliverance”, but warned, “Wars are not won by evacuations.”
? Dunkirk (2017)? IMDb-8.0
? Evacuation of Dunkirk
? Atonement (2007)? IMDb-7.8
? award winning Love story
?Soldier of orange(1977). IMDb-7.7
? Story of Netherland’s resistance against german army
?le grand charles(2006)? IMDb-7.1
?Life of former president of France during WW2
?come what may(2006) IMDb-6.7
? Invasion of France and Belgium
?A French village (2009-2017). IMDb-8.3
?Day to day life of French people during WW2
? Winston Churchill
⭐WW2 සදහා බ්රිතාන්ය දායකත්වය ගැන කතා කරද්දි මෙයා ගැන අමතක කරන්ඩ බෑ.අලුතින් පත්වෙච්ච අගමැති කෙනෙක් වෙලත් බොහොම උපක්රමශීලීව ඉවසීමෙන් ගත්ත තීරණ හින්ද ඔහු WW2 එකේ වැදගත්ම චරිතයක් ලෙසයි අදටත් සැළකෙන්නෙ.විශේෂයෙන්ම 1940දි ගැටුම් දරැණු වීගෙන ඉද්දිම මෙයාට ආපු ලොකුම ප්රශ්නෙ තමා දිගටම ගහල ඉස්සරහට යනවද නැතිතම් සාකච්ඡා කරල වැඩේ බේරැමක් කරනවද කියන එක.එතනදි ඔහු බොහොම විශිෂ්ට විදියට ජනතාවට සවන් දෙන ගමන් මේ සටන ඉදිරියට මෙහෙයවන්ඩ ගන්න තීරණය විශිෂ්ටයි.එයා ගැන තමා පහළ film යන්නෙ…
?Darkest hour? IMDb-7.4
?Young winston? IMDb-6.7
?Into the storm. IMDb-7.1
?The gathering storm. IMDb-7.5
?The Battle of Britain(1940 ජූලි 10-ඔක්තොම්බර් 31)?
ප්රංශෙ අල්ලගත්ත හිට්ලර්ගෙ ඊළග ගේම උනේ එංගලන්තෙ අල්ලගන්න එක.එංගලන්තෙ මුහුදින් වටවූ රාජ්යක්.මුහුදින් ගහන එකනම් කොහොමත් බෑ.මොකද රාජකීය නාවුක හමුදාව ඒ වෙද්දි ගොඩක් බලවත්.ඒ හින්ද ගන්ඩ තිබ්බ එකම තීරණය විදියට අහසින් ගුවන් යානා මගින් පහර දීම ආරම්භ කරනවා.මේ වැඩෙත් බොහොම හොදින් මුලින්ම කෙරැණත් රාජකීය ගුවන් හමුදාවත් විශිෂ්ට විදීයට ප්රතිප්රහාර දෙනවා.තම භූමියේ වාසිය අරන් මේ අය අන්තිම වෙද්දි ගොඩක් දුරට ජර්මන් ගුවන් බලය අඩපණ කරනවා.
?Spitfire(2018). IMDb-7.5
?Battle of Britain (1969). IMDb-7.0
? Lancaster skies
? Hurricane (2018). IMDb-5.9
?The blitz(1940 sapt. 7-1941 may 16)?
රාජකීය ගුවන් හමුදාවත් එක්ක සෙල්ලන් නෑ කියල තේරුම් ගත්ත ජර්මන් ගුවන් හමුදාව පටන් ගත්ත මහ රෑ ඇවිත් නගර වලට බෝම්බ දාන්ඩ.මේ සංසිද්ධියට කියන නම තමා Blitz.මේ විදියට ඉහත කාල සීමාව ඇතුළත ලන්ඩන් නගරය විතරක්ම දවස් 57දි බෝම්බ ප්රහාරයට ලක්වෙලා තියනවා.සාමාන්ය ජනතාව 43000ට අධික පිරිසක් මිය යනවා.මේකෙන් බ්රිතාන්ය ගොඩක් අඩපණ වෙයි කියල ජර්මනිය හිතුවත් එහෙම වුන් නෑ.
?Hope and Glory (1987)? IMDb-7.3
?London can take it(1940)
?මේක නිකන් පොඩි video එකක් වගෙ එකක්.බ්රිතාන්ය වැසියන්ව ඒ දවස් වල ධෛර්යමත් කරන්ඩ හදපු එකක්
ඊට අමතරව
?Allied(2016)? ඔය timeline එකට තමා සෙට් වෙන්නෙ.
? Operation Barbarossa: Invation of Russia(1941 June 22)?
⭐හිට්ලර් කාලයක් තිස්සෙ ඇහැ ගහන් හිටියෙ රැසියාව අල්ලගන්ඩ.මොකද රැසියාව සතු වන අතිවිශාල භූමිය,ඒකෙ සම්පත් එහෙම කියල වැඩක් නෑනෙ.ඉතින් මෙයා ප්ලෑන් ගහල ගහල ගහලා ජූනි 22 ගේමට බැස්සා.මුලින්ම නම් අති සුපිරි විදියට විශිෂ්ට ජයග්රහණ ලබමින් ඉදිරියට යන්ඩ පුළුවන් වෙනවා.හැබැයි ටොපිය සෙට් උනේ ලොකුම නගර දෙක වුනු Stalingrad හා Moscow නගර දෙකම අල්ලගන්ඩ කලින් ශීත ඍතුව ආපු එක.මේකට ලෑස්ති නොවී හිටපු ජර්මන් හමුදාවන්ට මාර ප්රශ්නයක් උනේ.ආහාර හිගය,ශීත ඇදුම් හිගය වගෙ දේවල් මත මේ අය ලොකු අමාරැවක වැටුනෙ.මේ අතරම රතු හමුදාව ප්රතිප්රහාර එල්ල කිරීම එක්ක ජර්මනියට සිද්ධ වුනා ඔක්කොම අකූලගෙන පහු බහින්න
?The Fortress of war(2010)? IMDb-7.5
? Operation Barbarossa
?Battle of sevastopol(2015)? IMDb-7.1
?Great story behind the legendary female sniper
?Attack on Leningrad (2007). IMDb-6.1
?Nazi invation of Leningrad
මීට අමතරව මේ timeline එකට සෙට් වෙන කතා ටිකක් මේ…
?Empire of the sun(1987)? IMDb-7.7
? Shocking story of a young boy
?Das boot(1981)? IMDb-8.3
?Great story about a German submarine from Battle of Atlantic
?Generation war(2013)T-Si ? IMDb-8.5
?a Story about young friends during WW2
?The Long and the Short and the Tall?
?Story of English soldiers who battled in Burma
?පර්ල් වරායට ප්රහාර එල්ල කිරීම (1941 දෙසැම්බර් 7)?
⭐“I fear all we have done is to awaken a sleeping giant and fill him with a terrible
resolve.”- Admiral Isoroku Yamamoto
ප්රහාරය මෙහෙයවපු ජපන් අද්මිරාල්වරයම මෙහෙම කියනවා කියන්නෙ ඇමෙරිකානු යුද බලය කොහොමද කියල හිතාගන්ඩ පුළුවන් නෙ.ඇත්තෙන්ම ජපානය කරපු ලොකුම වැරැද්දක් තමා මේ.දෙසැම්බර් 7 උදේ 7.48 විතර හවායි මුහුද පැත්තෙන් මතුවුනු ජපන් යානා 353 බලාපොරොත්තු නොවූ ප්රහාරයක් එල්ල කරනවා.මේකෙන් යුද නැව් 4ක් ගිලී ගියා.3කට දැඩි හානි වුනා.තව 8ක් ක්රියාත්මක නොවන මට්ටමට පත් උනා.ඇමෙරිකන් සොල්දාදුවන් 2500ට අධික සංඛ්යාවක් මිය යනවා.මේකෙන් තදටම තරහ ගියපු ඇමෙරිකාව එදා හවසම ජපානයට එරෙහිව යුධ ප්රකාශ කරනවා.
?Midway(2019). IMDb-6.7
?Midway(1976). IMDb-6.8
? Pearl harbor (2001)? IMDb-6.2
?Tora!Tora!Tora!(1970)? IMDb-7.5
?ඇමෙරිකාවට පහර දීමට ජපානය තීරණය ගත් අවස්ථාව පිළිබඳ කතාව
?U-571(2000)? IMDb-6.6
?වටිනා රහස් යන්ත්රයක් සොරා ගැනීමට ජර්මන් සබ්මැරීනයකට ගොඩවන ඇමෙරිකානු සොල්දාදුවන් පිළිබඳ කතාවක්
?Midway නාවික සටන(1942 ජූනි 4)?
⭐Midway කියන්නෙ ඇමෙරිකාවට අයිති ගුවන් පථයක් එහෙම තිබුනු ප්රබල දූපතක යුද කදවුරක්.ජපානය එයාලගෙ බලය ටිකෙන් ටික පතුරැවාගෙන එන අතරමග මෙයාලට පැසිෆික් කලාපයේ බලය අල්ලගන්ඩ ඕන උනා.ඒක කරන්ඩ නම් ඇමෙරිකානු ඉතුරැව තිබුණු(පර්ල් වරායෙදි විනාශ නොවුනු)නැව්/ගුවන් යානා ටික විනාස කරන්ඩ ඕන බව මෙයාලට තේරුම් ගියා.ඒකට මෙයාල ප්ලෑනක් ගහල ඔක්කොම කරන් ඉද්දි ඇමෙරිකානු නාවික හමුදා බුද්ධි අංශය මේ අය හුවමාරු කරගන්න රහස් පණිවිඩ ගොඩක් අනාවරණය කරගෙන තිබුනෙ.ඒ අනුව admiral Chester Nimitzගෙ තීක්ෂණ බුද්ධියෙන් මෙයාල වෙනම ප්ලෑනකින් සටන් වැදුනා.දවස් 4වගෙ ඇතුළත වෙච්ච ප්රබල නාවුක ගැටුමකින් පස්සෙ ඇමෙරිකාවට පුළුවන් උනා ජපානයට මරැ පහරක් ගහන්ඩ.මේ සටන ඓතිහාසික සටනක්.ජපන් ගුවන්යානා ප්රවාහක 4ක්,Heavy cruiser නැවක්,ගුවන් යානා 248ක් සම්පූර්ණයෙන්ම විනාශ කරන අතරම සොල්දාදුවන් 4000-10000අතර ගාණක් මිය යනවා.මෙතනින් ලෝක යුද්ධයේ හැරවුම් ලක්ෂයක් සටහන් වෙනවා.
?Midway(2019)
?Battle of midway(1942)?
?සත්ය දර්ශන යොදාගෙන හදපු Documentary film එකක්
?The fall of Singapore (1942 feb. 15)?
⭐ජපානය එයාලගෙ බලය ආසියාවෙ ව්යාප්ත කරගෙන යන අතරෙදි ඒක නවත්තන්ඩ ලොකු බ්රිතාන්ය හමුදාවක් එනව ආසියාවට.මේ අයට තොරතුරු ලැබිල තිබුනෙ ජපන් හමුදාව එතරම් ලොකු අභියෝගයක් නෙවේ කියල.නමුත් ඒ වෙද්දි ජපන් හමුදාව ලොකු සාර්ථකත්වයක් අරන් තිබුනෙ.මේ නිසාම හමුදා සොල්දාදුවන් අතර යම් බියක් තිබුනා.හදිසියකට ගුවන් ආධාරයක්වත් ගන්ඩ එංගලන්තයට හැකියාවකුත් තිබුනෙ නෑ.මේ අතරම ජපන් හමුදාවත් ගොඩක්ම ළගටම එනවා.මේ නිසා Lieutenant General Arthur Percival යටත් වෙන්ඩ තීරණය කරනවා.150000 වඩා හමුදාවක් මේ විදියට යටත් වෙනවා.
?The railway man(2013)? IMDb-7.1
?Canopy(2013). R.T-75%
?Fight for survival
⭐මේ නිසා තමා හදිසියකට කියල හරි බ්රිතාන්ය ලංකාව සූදානම් කරන්ඩ ගන්නෙ සේනා සංවිධානය හා ගුවන්තොටුපළ නිර්මාණයෙන්.මේ බව තේරුනු ජපානය අප්රේල් 5-9 ලංකාවටත් බෝම්බ දානවා.
? Australia(2008)? අයිති වෙන්නෙ මේ timeline එකට
? Battle of Stalingrad(1942-43)?
දෙවන ලෝක යුද්ධයේ බිහිසුණුම සටන
⭐හිට්ලර් කලින් වෙච්ච දේවල් වලිනුත් පාඩම් ඉගෙනගන් නැතුව දිගටම රැසියාවේ අයිතිය ගන්ඩ සේනා එව්වා.නමුත් රැසියාවේ තත්වය පිළිබදව කිසිදු තැකීමක් හෝ අවබෝධයක් වුන නිසා අති විශාල ලෙස ජර්මන්,ඉතාලි, හංගේරියානු හා රොමේනියානු සෙබළුන් මිය යන්ඩ ගත්තා.විශේෂයෙන්ම මේ සටන ගොඩක්ම විනාශකාරී එකක් උනා.නගරය ආරක්ෂා කිරීමේදී සෝවියට් සෙබළු 1100000ට වඩා මිය ගිහින් තියනවා.40000ට අධික සාමාන්ය ජනතාව මියගියා.යුද්ධ ටැංකි භාවිතය උපරිම උන(2000ට අධික සංඛ්යාවක්) යුද්ධයක් මේක.මාස 5ක් පුරා පැවති මේ යුද්ධය ඉවර වෙද්දි හිට්ලර්ගේ හීන ගොඩක්ම බිද වැටිල තිබ්බෙ.මේ සටන තමා ජර්මනිය සතුව තිබිච්ච වාසිය මිත්ර පිළට හැරෙව්වෙ.
? Enemy at the gates(2001)? IMDb-7.6
?විශිෂ්ඨ sniperකරැවන් දෙදෙනෙකු අතර දින ගණනක් පුරාවට ඇතිවූ ද්වන්ධ සටනක්❤️
? Stalingrad (1993)? IMDb-7.5
? Stalingrad (2013? IMDb-5.6
?T-34(2019)? IMDb-6.6
? විශිෂ්ට යුධ ටැංකි අණ දෙන නිළධාරියෙක් පිළිබද සත්ය කතාවක්❤️
⭐මෙතන ඉදන් 1944 වෙනකම්….
➡️Nov 1942 – Battle of Guadalcanal
?The thin red line(1998)? IMDb-7.6
?Award winning movies about Battle of Guadalcanal
?The Pacific tv series? IMDb-8.3
(Epi. 2)
➡️Nov 1942 – Operation Torch – US Landing in North Africa
?The big red one(1980). IMDb-7.1
➡️May 1943 – Liberation of Tunis
?Patton (1970).? IMDb-7.9
?The Big Red One (1980) IMDb-7.1
➡️June 1943 – Liberation of Sicily
?Patton (1970).? IMDb-7.9
?Hell Boats (1970). IMDb-5.3
?The Big Red One (1980). IMDb-7.1
?Mussolini and I (1985)? IMDb-6.3
➡️ March 1944 – Nazi Invasion of Hungary
?Sunshine (1999)? IMDb-7.5
?Walking with the Enemy (2014) IMDb-6.4
මේ Timeline එකේ යන තවත් කතා…..
?valkyrie(2008). IMDb-7.1
?Escape from Sobibor(1987). IMDb-7.4
?D-day/operation Overlord/Normandy Landing(1944 june 6)?
⭐මේ සිදුවීම නම් ඕනම කෙනෙක්ට මතක තියෙන්ඩ ඕන.මොකද ලෝක යුද්ධ ඉතිහාසයේ මුහුදින් කල ලොකුම ආක්රමණය මේක.මතක නැද්ද??️ Saving private Ryan එකේ පටන් ගන්න scene එක මතකයිනෙ.ආආ මේ ඒක තමයි.අතිශය විශාල චිත්රපටි, පරිගණක ක්රීඩා ගණනාවකට පාදක වෙලා තියන සුපිරිම සටනක්.US General Dwight Eisenhowerගෙ අණ පරිදි ඇමෙරිකානු, බ්රිතාන්ය පාබල සේනා පෙරටු කරගෙන ගොඩබිමින්,අහසින්(Parachute troops) වගෙම මුහුදින් 158000ක විතර සොල්දාදුවන් පිරිසක් මෙහෙම Normandy වෙරළ තීරයේ වෙන්කරපු කොටස් පහකට ගොඩ බහිනවා.නමුත් ජර්මන් හමුදාව මුලින් ප්රබල විදියට සටන් කරනවා.ඒකෙන් මිත්ර පිල ජයගත්තත් ඉතා මන්දගාමීව තමා දිනන්නෙ.මොකද ඒ ප්රහාර වලින්ම 10000ට ආසන්න පිරිසක් මිය යනවා.මූදු වෙරළ ලේ පැහැ උනා කියනවනෙ.ඔතනින් මාස 2ට පස්සෙ ලොකු සටනකින් පැරීසිය දිනාගන්නත් පුළුවන් වෙනවා.
?The longest day(1962)?. IMDb-7.8
?One of the most accurate war films ever
? Saving private Ryan(1998).? IMDb-8.6
?Great mission to find a missing brother
?Band of brothers.?. IMDb-9.4
(Epi. 2)
?Overlord(2018). IMDb-6.6
?නාසි වෛද්යවරුන් මිනිසුන් යොදාගෙන කල පරීක්ෂණ පිළිබඳ කතාවක්
මේ D-day එකෙන් පස්සෙ යන කතාවක් තමයි ?Inglourious Basterds(2009)?
➡️Battle of Saipan-ඇමෙරිකාව හා ජපානය අතර ඇතිවුනු සටනක්.මේකෙන් ප්රබල ජයක් ලබනවා ඇමෙරිකාව.30000 විතර ජපන් සෙබළු මැරෙනවා.ඕකෙනුත් 2000ට වැඩි ගානක් කන්දකින් පහළට පැනලලූ මැරැණෙ.
?Windtalkers(2002)? IMDb-6.1
?Oba:The last samurai.(2011). IMDb-6.5
➡️ Liberation of France
?Days of glory? IMDb-7.0
?Diplomacy(2014)? IMDb-7.1
? Charlotte gray(2001). IMDb-6.4
?තම පෙම්වතා බේරාගැනීමට උත්සාහ ගන්නා තරැණ කාන්තාවක් පිළිබඳ කතාවක්
?The monuments men(2014). IMDb-6.1
?නාසි සොල්දාදුවන් සොරාගත් වටිනා කලා නිර්මාණ නැවත රැගෙන ඒමට යන විශේෂ කණ්ඩායමක් පිළිබඳ කතාවක්
➡️ Operation market garden-මිත්ර කණ්ඩායම පරාද උනා මේක.වාසර(parachute) භටයන් මගින් තමා කරන්ඩ ගියේ.අරමුණ නෙදර්ලන්තය බේරා ගැනීම.නමුත් භටයන්ව නිසි පරිදි ස්ථානගත නොවීම හා නියමිත වේලාවට සහය නොලැබීම නිසා ජර්මන් සොල්දාදුවන් ජයග්රහණය කරා.
?The bridge too far(1977).? IMDb-7.4
?Band of brothers. ? IMDb-9.4
(Epi. 4)
➡️Battle of Peleilu-peleilu දූපතේ තිබුනු වැදගත් ගුවන් පථයක් අල්ලගන්ඩ ගිය ප්රබල සටනක්.මේකත් ගොඩක් games වලට නැගිල තියෙනවා.
?Hell in the Pacific (1968)? IMDb-7.3
?එකම දූපතක හිරවුනු ප්රතිවාදීන් දෙදෙනෙකුගෙ ඉරණම
?The Pacific (2010)? IMDb-8.3
(Epi. 5)
➡️Battle of the Bulge-ජර්මානුවන්ගේ අවසාන සටනක් මේක.මේ වෙද්දි මිනිස් බලය පිරිහිලා තිබුන මදිවට අවි, ආයුධ,කෑම බීමවත් නැතුව සොල්දාදුවන් තෙහෙට්ටු වෙලා හිටියෙ හොදටම.පහසු ජයග්රහණයක් ලැබුව මිත්ර හමුදා සොල්දාදුවන්.
?Patton(1970)?. IMDb-7.9
?A midnight clear(1992). IMDb-7.1
?Saints and soldiers(2003)? IMDb-6.7
?Band of brothers (Epi. 6)?
? Hart’s war(2002)? IMDb-6.3
➡️Battle of Iwo Jima(1945 feb.19)-මේකත් ඇමෙරිකාවට අතිශයින් අමාරු උන සටනක්.මේ Iwo Jima දූපත ගුවන්පථ 3ක් තිබුන තැනක්.ඒ කියන්නෙ ජපන්නුන්ට අතිශයින්ම වැදගත් දෙයක්.මේ සටනින් තමාලු ඇමෙරිකානුවන්ට තේරැනේ ජපන්නු කියන්නෙ තමන් සතු දෙයක් රැකගන්ඩ කොතරම් තදින්, කොතරම් කාලයක් උනත් සටන් වදින ජාතියක්ද කියල.සති 5ක් තිස්සෙ මේ සටන කරන්ඩ වෙලා තියනවා.අවසාන වෙද්දි ජපන්නු 21000, ඇමෙරිකානු සොල්දාදුවන් 7000ක් විතර මැරිල තියනවා.
?Letters from Iwo Jima(2006) IMDb-7.9
?ලෝක යුද්ධය වෙනුවෙන් සටන් කල ජපනුන්ගේ හෘදසාක්ෂිය
?Flags of our fathers(2006)?. IMDb-7.1
?The Pacific (Epi. 8)?
?Fall of nazi Germany(8 may 1945)?
VE day
⭐මිත්ර පාක්ෂික හමුදා 1945 මුලදි ප්රංශය අල්ල ගත්තා.ඒත් ජර්මනියේ ප්රහාර නැවතුනේ නෑ.මේ වෙද්දි සොවියටයත් පෝලන්තය ආක්රමණය කරගෙන නැවත එන්ඩ ගත්තා.මාර්තු වෙනකොට මිත්ර කණ්ඩායම අති විශාල ජර්මන් හමුදා පිරිසක් අත්අඩංගුවට ගන්නට සමත් වෙනවා.සෝවියටය ඔස්ට්රියාව අල්ල ගත්තා.මේ දෙගොල්ලොම ඉක්මණින් බර්ලින් වෙත ළගා වෙමින් හිටියෙ.මිත්ර හමුදාව මේ සටන දිනන බව දැන දැනත් ප්රහාර අඩපණ කලේ නෑ.ගුවන් ප්රහාර දැඩි කරල නගර පිටින් විනාශ කරා.ඒ අතරෙම තවමත් ඉතාලියෙ ජර්මනිය සතුව පැවති බලය මර්දනය කෙරෙන්ඩ ගත්තා.මුලින් මුලින් ජර්මනිය සාර්ථක ප්රතිප්රහාර එල්ල කලත් අප්රේල් 25 වෙද්දි ඒ සියල්ල ව්යර්ථ කරන්ඩ පුළුවන් උනා.එදා තමා සෝවියට් හමුදාව හා මිත්ර හමුදාව එකට එක මුනගැහුනෙ.සෝවියටය ඊට පස්සෙ බොහොම ලේසියෙන් බර්ලින් අල්ලගන්නවා.සැගවිලා හිටපු හිට්ලර් අප්රේල් 30 සියදිවිනසා ගන්නවා.මැයි 8 වෙද්දි අවුරැදු 1000ක් කල් හිට්ලර් පවතියි කියපු මේ නාසිවාදී විනාශකාරී බලය වෙනුවෙන් සටන් කරපු සියළු දෙනා කොන්දේසි විරහිතව යටත් වෙනවා.
?Downfall(2004)? IMDb-8.2
?Hitler:the last ten days(1973). IMDb-6.5
?Fury(2014).?. IMDb-7.6
?A woman in berlin(2008)? IMDb-7.1
?The bridge(1959).?. IMDb-8.0
?සටන් වලට සොල්දාදුවන් මදි වීම නිසා බදවාගන්නා ළමුන් කණ්ඩායමකට පාලමක් ආරක්ෂා කිරීමට බාරදෙනවා.මේ ඒ පිරිසගෙ ඉරණම
?Europa Europa(1990). ? IMDb-7.6
?Joy devision(2006). IMDb-6.2
?Story about a spy
?Battle of Okinawa(1945 April 1)?
⭐ඔකිනාවා කියන්නෙ ඒ වෙනකොට ජපානයට ආසන්නවම(550Km) තිබුනු වැදගත්ම මර්මස්ථානයක්.මේක ඇල්ලීම සෙල්ලම් නෑ කියල දැන දැනත් ඇමෙරිකාව වැඩේට බැස්සා.ඇත්තටම ජපානය එක්ක කරපු සටන් අතුරින් ප්රබලම එක මේක.හේතුව උනේ මේ දූපත ඇමෙරිකාවට ගියා කියන්නෙ මවු රට ඉවරයි කියන එක.මේ නිසා දරැණුම සටනක් වුනා මේක.දවස් 82 තිබුනු යුද්ධෙ නිසා ජපන්නු 100000+ හා ඇමෙරිකානුවො 50000+ මැරිල තියෙනවා.එමෙන්ම දෙපාර්ශවයටම තිබුනු ප්රබල යුද නැව් රාශියක් විනාශ වෙලා.
?Haksaw ridge(2016)? IMDb-8.1
?The Pacific (Epi. 9)
?The End?
⭐ජර්මනියෙ යටත් වීමත් ඔකිනාවා වල ජයග්රහණයෙනුත් පස්සෙ ජපානයට දන්වනව යටත් වෙන්ඩ කියල.නමුත් ඔවුන් කරන් ආපු වැඩපිළිවෙළ එහෙමම අරන් යන නිසා මේ සටන් ඉක්මනින් ඉවර කරන බලාපොරොත්තුවෙන් 1945 අගොස්තු 6 වෙනිදා හිරෝෂිමාවට පරමාණු බෝම්බයක් හෙළනවා.Little boy කියන නමින් හදුන්වපු මේ බෝම්බය මිනිසුන් 78000ට අධික ප්රමාණයකට මරැ කැදවන අතරෙම 90000+ වැඩි ගණනකට බරපතල තුවාල සිදු කරනවා.එමෙන්ම ගණන් කල නොහැකි ප්රමාණයකට විකිරණ බලපෑම් ඇති කරනවා.
එහෙමම Fat man කියන බෝම්බය නාගසාකි වලට අගෝස්තු 9 වෙනිදා අතාරිනවා.එයිනුත් 39000-80000ක් අතර ප්රමාණයක් මිය ගියා.
මේ මහා විනාශයන් නිසා අගෝස්තු 14 දින ජපානය වහාම කොන්දේසි විරහිතව යටත් වෙනවා.ඒ අනුව සැප්තැම්බර් 2 දින ටෝකියෝ බේ හිදී නිළ වශයෙන් දෙවන ලෝක යුද්ධය සමාප්ත වෙනවා.ඒ ජර්මනිය පෝලන්ත ආක්රමණයෙන් අවුරුදු 6යි දින 1කට පසුවයි.
?Empire of the sun(1987)? IMDb-7.7
?Unbroken(2014)?. IMDb-7.2
?Great story about prisoners of war in Japan
?Grave of fireflies(1988)? IMDb-8.5
?The Pacific (Epi. 10)
?To end all wars(2001). IMDb-7.0
?Story of a war prisoner
? Emperor(2012). IMDb-6.5
ඔය කතා ඇරැණම තව විවිධ ලෝක යුද්ධය එක්ක සම්බන්ධ වෙන කතා අතිශය විශාල ගණනක් තියනවා.තව හොද ටිකක් මේ.
? Casablanca(1942)? IMDb-8.5
?WW2 ආශ්රිතව නිපදවුනු කතා වලින් ලොව හොදම කතාව කියල සැළකෙනව.ඇකඩමි සම්මාන 3ක් දිනූ ආදර කතාවක්
?The bridge on the river kwai? IMDb-8.1
(1957)
?හුරුපුරැදු නමක් නේ.ඔව් මේක ලංකාවෙ තමා රෑගත කෙරැනෙ.ඇකඩමි සම්මාන කිහිපයකින්ම පිදුම් ලැබුවා.තායිලන්තය දෙවන ලෝක යුද්ධයට සක්රීය ලෙස සහභාගී වූ අවධියක එක් වැදගත් පාලමක් ඉදිකිරීම හා ආරක්ෂා කිරීම සම්බන්ධව තමා මේ කතාව
?The wayback(2010)? IMDb-7.3
?Long walk to freedom,prison break
?Jojo rabbit(2019)? IMDb-7.9
?ලෝක යුද්ධය,හිට්ලර් ගැන වෙනම කෝණයකින්
?IP man(2008). IMDb-8.0
?1937 Japanese invation of china❤️
?The man in the high castle(2015- ) Im-8
?ලෝක යුද්ධෙන් හිට්ලර් දිනුවනම් ලෝකය මෙහෙම වෙයි කියල හිතපු අමුතුම කතා මාලාවක්
?Anthropoid(2016)? IMDb-7.2
? Operation daybreak(1975). IMDb-7.0
?ප්රබල නාසි නිලධාරියෙකු මරන්ඩ ගහන ගේමක්
?Mother night(1996). IMDb-7.1
?ජර්මනියේ ජීවත් වන ඇමෙරිකානුවෙකු වටා ගෙතෙන කතාවක්
⚠️මේ කතා සියල්ලම වගෙ IMDb ශ්රේණිගත කිරීම් වලින් හෝ ඇකඩමි ඇතුළු පිළිගත් සම්මාන වලින් හෝ ප්රේක්ෂක ප්රතිචාර අතින් ඉහළම ප්රතිචාර ගත්තුවා.නැත්නම් මේ post එකට තව films 1000කට වඩා දාන්ඩ පුළුවන්.Google එක අනුව WW2 අනුසාරයෙන් හැදුනු Films/T.series 1400+ වඩා තියනවා.මෙතනට ඇතුළු නොවූ සමහර හොද සිනමාපට තව ගොඩක් ඇති.ඒ ටික යට comment එකක් විදියට දාගෙන යන්ඩ.ඒ අතරම මෙතනින් ගොඩක් අය බලල නැති ඔබ බලල තියෙන පරණ චිත්රපටි අනිත් අයටත් බලන්ඩ Recommend කරන් යන්ඩ.❤️??

යසිත් භාග්‍ය

Writer

One comment

  1. Nipuna Munasinghe

    Valuable Content!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *