Writing with Fire (2021) Hindi by Danitha Aminda
දාලිත් කුලයේ ස්ත්‍රිය සහ කබර් ලහරියා
ඇත්තටම දාලිත් කුලයන්ට මුහුණ පාන සිද්ධ වන දේවල් චිත්‍රපට ගණනාවක් ඔස්සේම දැකලා බලලා අපිට යම් කිසි පැහැදිලි රූපයක් මැවෙන නිසාම් අපි දන්නවා ඔවුන් කෙතරම් දුක් විදිනවද යන්න පිළිබදව.. මන් හිතන්නේ ඉන්දියාවේ කුල බේදය ගැන වෙනම කතා කරන්න ඕන නෑ. බහුතරයක් දෙනා ඒ ගැන දන්නවා. අඩු කුලය යැයි හඳුන්වන කුල සම්බන්ධ කතා ඒ තරම් මිහිරි නෑ කියලාත් අපි දන්නවා. මොකද බහුතරයක් ඔවුන් සම්බන්ධ කතාවල ඇත්තේ ඛේදජනක සිද්ධියක්. මැන්ඩෙලා ,ජෝකර් වැනි විශිෂ්ට නිර්මාණ වලින් අපි දැක්කා,වැසිකිළියක් නොමැතිම කෙනෙක් කොතරම් ප්‍රශ්න වලට මුහුණ පාන්න සිද්ධ වෙනවද කියලා.. හැබැයි ඒවා අපට සිනමාත්මක අත්දැකීම් .. ඒත් මේක තමා තිත්ත ඇත්ත. මේ කතාවෙන් වසරක් දෙකක් නෙමෙයි අවුරුදු 70 ගානක්ම වැසිකිළියක්වත් නොමැතිව එළියට යාමට සිදුවූ කාන්තාවන් හමුවේවි.
Writing with wire කියන්නේ හොඳම වාර්තාමය විශේෂාංග චිත්‍රපටය සඳහා වන ඇකඩමි සම්මානය සඳහා නිර්දේශ වූ පළමු ඉන්දියානු විශේෂාංග වාර්තා චිත්‍රපටයයි. හැබැයි මේ කතාවෙන් විශේෂයෙන්ම පෙන්වන්නේ දාලිත් කුලයන්හි කාන්තාවට හිමි තැන, කාන්තාවන්ට මොනවද වූයේ ,කාන්තාවන්ට මොනවද පුලුවන්.. යන කරුණු කාරණා කීවත් වැරැද්දක් නෑ.
” හැමෝම කැමති හොදට ඉගෙන ගත්තු උගත් කෙල්ලෙක්ව විවාහ කරගන්න.ඒත් විවාහ උනාට පස්සෙ ඉගෙන ගත්තුවගෙන් වැඩ කරන්න දෙන්නෙත් නෑ.එහෙනම්, උගත් ගැහැණු ළමයෙකුට ආශා කරන්නේ ඇයි? “
පහත් කුලය කියා හැමදම එහෙමම ඉන්න ඕනද….. කතාවක් තියෙනවනේ කෙනෙකු දුප්පත්ව ඉපදෙන එක නෙමෙයි ප්‍රශ්නයෙ ඔවුන් මැරෙනකොටත් දුප්පත් නම් කියලා, ඒ වගේම තමා මේකත්.. හැමෝටම නැගී සිටින්න අත හිත දීම තමා වටින්නේ. නැත්තම් ඉන්දියාවේ වගේ රටක තව අවුරුදු ගානක් යනකම්ම කුල භේදය නම් නතර වෙන්නේ නැති වේවි. කබර් ලහරියා කියන්නේ 2002 දී ආරම්භ කරන ලද මේ වන විට හින්දි භාෂාවේ බුන්දේලි, අවධි සහ බජ්ජිකා ඇතුළු විවිධ ග්‍රාමීය උපභාෂා රැසකින් ප්‍රකාශයට පත් කරන ඉන්දියානු පුවත්පතක්. මෙය ආරම්භ කරන්නේ Nirantar යනුවෙන් හඳුන්වන රාජ්‍ය නොවන සංවිධානයක මැදිහත්වීමෙන්.. ලෝකය දිනපතා හැම තත්පරයෙම දියුණු වනවා සේම කාලයාගේ ඇවෑමෙන් ඔවුනුත් ස්මාර්ට්කරණයට පත් වෙනවා අවුරුදු 14 කට පසුව , 2016 දී කබර් ලහරියා නමින් ඔවුන් එකතු වෙලා හදාගන්නවා යූ ටියුබ් චැනලයක්. ඔවුන්ගේ චැනලය මූලිකත්වය දෙන්නේ නිව්ස් සහ ග්‍රාමීය විස්තර සදහා.. දන්නවද මේ වන විට එම චැනලය කෙතරම් ජනප්‍රිය දන්නවද… දැනට Subscribers 554K ඉන්නවා. චිත්‍රපටය තුලින් ඔවුන් කොහොමද ඒ වීඩියෝ පටිගත කරේ ඔවුන් කොහොමද ස්මාර්ට් ජංගම දුරකථන පාවිච්ච් කරන්න ඉගෙන ගත්තේ ඔවුන් කොහොමද Subscribers මේ තාක් වැඩි කරගත්තේ යනාදියත් පෙන්වනවා.
මේ තියෙන්නේ ඔවුන්ගේ චැනලය
https://www.youtube.com/c/KhabarLahariyaDigital/featured
දලිත් කාන්තාවන් විසින් පවත්වාගෙන යනු ලබන ඉන්දියාවේ එකම ප්‍රවෘත්ති ඒජන්සියත් මෙයයි. ඔවුනුත් දැන් ඔවුන් අතර ජනප්‍රිය මාධ්‍යවේදිනියෝ.. මන් හිතන්නේ ඔවුන්ගේ කුලයන්හි අයට මේ අය වීරවරියෝ.. Writing with Fire චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ Sushmit Ghosh සහ Rintu Thomas දෙදෙනාගේ එකතුවෙන්. ලබාගත් සම්මාන නම් ප්‍රමාණය නම් සංඛාත්මකව විශාලයි. විශේෂයෙන්ම ජාත්‍යන්තර සිනමා උළෙලවල් රැසක ප්‍රදර්ශනය මෙන්ම සම්මාන රැසක්ම දිනාගෙන තියෙනවා. ඒ වගේම ධනාත්මක විචාර පැසසුම් රේටින් රැසක්ද මෙය සතුයි.