Womb (2010) English | Sinhala Article

Womb (2010) English by Vishu Rajapaksha
?“Womb | Clone” (2010) ?
:මේ වගේ සිනමා නිර්මාණයක්‌ ආයේ ඒවිද දන්නේ නෑ.
• IMDb – 6.4/10
• Rotten Tomatoes – 35%
• Genre – Sci-Fic / Romance
• Age restricted – 18 + ?
• Duration – 1h 47m
• Starring – Eva Green,Matt Smith, Ruby O Fee, Tristan Christopher, Lesley Manville, Hannah Murray…

කල්ප ගණනාවකට පෙර මායාවල් වගේ වුණු බොහොමයක් දේවල් අද වෙද්දී දියුණු විද්යාවට සරල දේවල්.ඔබ වගේම තවත් ජීවියෙක් නිර්මාණය කරන්න පුළුවන් කිව්වොත්, ක්ලෝනකරණය ගැන අහලා තියෙන අපිට දැන් ඒක ලොකු විශ්මයක් නෙමෙයි. Womb නැත්නම් Clone චිත්රපටය ගැන කතා කරනවානම්, නමින්ම තේරුම් යනවා ක්ලෝනකරණය ගැන කතා කරන්න සිද්ද වෙන බව..

Womb කියන්නේ ගර්භාෂය.ජීවයක් නිර්මාණය වෙන තැන.වර්ධනය වෙන තැන. දන්න තරමින් නම් දැනට මව් කුසකින් පිටත ජීවියෙක් නිර්මාණය කරන්න තරම් නම් විද්යාව දියුණු වෙලා නෑ.තනිව දරුවෙක් බිහි කරන්නට හැකි වුවත්, දරුවෙක් හටගන්න මව් පිය දෙපාර්ෂවයම අත්යවශ්යයි. ඉතිං ස්වභාවධර්ම නීතියට අනුව වගේම දියුණු වෛද්ය විද්යාවේ බලපෑම මතත් ජීවයක් නිර්මාණය කරන්න මව් ජීවියෙක් මෙන්ම පීතෘ ජීවියෙක් අත්යවශ්යයි. ක්ලෝනකරණයටත් එහෙමමයි.

නළ දරු උපත් ගැන අහලා තියෙනවනේ.. හැබැයි මේ විදියට දරුවෙක් නිර්මාණය කරන එක ඊට වඩා සංකීර්ණයි. ක්ලෝනකරණය තුලින් දරුවෙක් නිර්මාණය කරන විට, දරුවා නිර්මාණය කිරීම සදහා තවත් අයෙකුගේ සෛල හෝ පටක අවශ්ය වනවා. එලෙස යොදාගන්නා පුද්ගලයාගේ නියැදි වලට අනුකුලව ඉපදෙන දරුවාත් , ඒ පුද්ගලයාගේම තවත් පිටපතක් වගේ.දරුවා සහ පියාද ජානමය මට්ටමින්ද සමානයි. සරලවම එකම පෙනුම සහ ලක්ෂණ සහිත තවත් ජීවියෙක් නැත්නම් මනුෂ්යයෙක් තමයි ඉපදෙන්නේ. ස්වභාවික පිළිවෙතෙන් නිවුන් දරුවන් ඉපදුනත්, කෘතීම ලෙස පුද්ගලයෙකුගේ සෛල හා පටක ගර්භාෂයේ තැන්පත් කිරීමෙන් උපද්දන දරුවන් ස්වභාවික සංසේචනයකින් උපදින්නේ නෑ.මේ ක්රමය හදුන්වා දුන්නු කාලයේ ලෝකයේ බලවත් හා දියුණු රටවල භාවිතා වුණා කියලා සාක්ෂි තිබුණත්, දැන් නම් ඒක සම්පුර්ණයෙන්ම නීති විරෝධී ක්රියාවක්‌.

Womb චිත්රපටයේ සදහන් වන්නේ ක්ලෝනකරණය මුලින්ම භාවිතා වුණු කාල වකවානුවක්‌.චිත්රපටයේ නිර්මාතෘ වූ Benedek Filegauf ට අවශ්ය වුණේ සමහර මිනිසුන් එක්ව සිටීමටම උපන් බව පෙන්වා දීමටයි. ආදරය කරන පෙම්වතුන් වෙන් නොවී ජීවත් වීමට කරන අරගලය මොන වගේද කියලා ඔහු පෙන්වා දෙන්න උත්සහ කරලා තියෙනවා.හැබැයි ඔහු භාවිතා කරන concept එක සාමන්යයෙන් දකින්න ලැබෙන එකක් නෙමේ.ඒ වගේම විශේෂයෙන්ම Eva Green ප්රධාන කාන්තා චරිතය නිරූපණය කරන නිසා චිත්රපටය තවත් ආකර්ෂණියයි.

(❗️මම spoiler alerts දාන්නේ නෑ, ඒත් මේ ටික මූලිකවම කියන්න සිද්ද වෙනවා, ඊට එහාට තමයි කතාවේ හැරවුම් ලක්ෂ්ය ආරම්භ වෙන්නේ❗️)

රෙබෙකා සහ ටොමී පළමුව හමුවන්නේ අවුරුදු 9ක්‌ තරම් වූ කුඩා අවදියේදියි. සීයා ව බලන්නට මුහුදු වෙරළ ආශ්රිත ගමට එන රෙබෙකාට එහිදී ටොමී සහ ඔහුගේ දෙමාපියන් හමුවෙනවා.කෙටි කාලයක් මුණ ගැසුණත් ඔවුන්ගේ බැදීම සදාකාලික එකක්‌ වේවිද??

රෙබෙකා නැවත තම මව සමග ටෝකියෝවට ගිය මුත් ඔවුන්ගේ දෛවය ඔවුන්ව නැවත මුණගස්සන්නට ලියවී අවසන්.ඒ වසර 12කට පසු නැවතත් මුණගැසෙන රෙබෙකා සහ ටොමී වෙන් කළ නොහැකි බැම්මකින් ලං වෙනවා.. නමුත් ආදරයේ සුන්දරත්වය සැනෙකින් සුනු විසුනු වී යන්නේ නොහිතු අවස්ථාවකයි.. ක්ෂණයකින් මෙන් ටොමී දිනක්‌ රිය අනතුරකින් එතැනම මිය යනවා.. නමුත් ටොමීට බොහෝ පෙම් කළ රෙබෙකා තම මවගේ අණ නොතකා හිතුවක්කාර තීරණයක් ගන්නවා.. ක්ලෝනකරණය එතනදී කතාවට එකතු වෙනවා..

ඒත් මේක scientific චිත්රපටයක්ම නෙමෙයි, මේක Romance චිත්රපටයක්.

ජීවිතේට ලොකු පණිවිඩයක්, ආදරේට අත්දැකීමක්‌. අවසානය ගැන නම් ටික දවසක් කල්පනා කරන්න සිද්ද වෙයි..

විද්යාව කොච්චර දියුණු කළත් සමහර දේවල් ප්රයෝගිකව ජීවිතේට සම්බන්ද කරගන්න එක කරන්න අමාරුයි.ප්රතිපල මිහිරි ඒවම වෙයි කියන්න පුළුවන් සම්භාවිතාව අඩුයි කියන එකයි මගේ අදහස..

Benedek Fliegauf
Release dateApril 7, 2011 (Hungary)
Budget€3,660,000 (estimated)

විසූ රාජපක්ෂ (Cemré Clementine)

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *