විලී වොන්කාගේ අතහැරීම සහ චාර්ලිගේ අල්ලාගැනීම
සුවිසල් චොක්ලට් නිශ්පාදනාගාරයක වෙසෙන විලී වොන්කාගේ අරුම පුදුම චොක්ලට්.චොකලට් කියන්නෙ මිහිපිට තිබෙන අපූර්වතම කොකෝවා රසය,ලොකු කුඩා සැමගේ රස නහර පිනා යන ආදරණීය ස්වර්ගීය රසය.
මගේ අම්ම නිතරම කියනව,ජීවිතය කියන්නෙ චොකලට් පෙට්ටියක් කියල,ඔයා කවදාවත් දන්නෙ නෑ ඔයා කන්න යන්නෙ මොනවද කියල. මෙහෙම කියන්නෙ Forrest Gump නම් අග්‍රඝණය්‍ය සිනමාපටයේ Forrest(Tom Hanks)විසින්..
ජීවිතය මේ තරම් චොකලට් එක්ක තියෙන සම්බන්ධය මොකක්ද?නැතිනම් අපේ අසම්පූර්ණ ජීවිතය එක චොකලට් කෑල්ලකින් අවදි කරන්න පුලුවන්ද?
විලී වොන්කා කියන්නෙ ඇත්තටම පිස්සු හැදිල ඉන්න විහිලු කාරයෙක් ද?ඇත්තටම නැහැ. ඇත්තම විහිලුව තමා අපේ ජීවිත අපි ජීවත් කරවන විදිය.සරලව සතුටින් ජීවත් කරවන්න පුලුවන් අපේ ජීවිත අපි විසින්ම නොයෙකුත් දේ බදාගෙන සංකීර්ණ කරගෙන.තවකෙකුගෙ සමාජ තලයට යටත් වේවි කියන බයෙන් අපි අපේ ජීවිත වල අමුතු තීන්ත ටිකක් ගාගෙන වහගෙන.විලී වොන්කා හිනා වෙවී බලන් ඉන්නෙ අපේ විකාර ජීවන රටාව දිහා. විලී වොන්කාගේ තරඟයට ඉදිරිපත් වෙන්නෙ නොයෙකුත් සමාජ තල වල සිටින දෙමාපියන්ගේ දරුවො.
එක අම්ම කෙනෙක්ට අවශ්‍ය තමන්ගේ පිරිමි දරුවට පුලුවන් තරම් කවල පොවල ඒ ලමයව ඌරු පැටියෙක් වගේ දකින්න.ඉතින් ඒ පොඩි එකාත් දකින ඕනෑම දෙයක් කන්න බලාගෙන ඉන්නව. තවත් තාත්ත කෙනෙක් දුව ඉල්ලන ඕනෑම දෙයක් අරන් දෙන්න සූදානමින් ඉන්නව.ඒ වෙනුවෙන් ඔහු ඕනෑම මිලක් ගෙවන්න සූදානම්.ඒ දුව වුනත් හිතන්නෙ මේ ලෝකේ ඕනෑම දෙයක් මිලක් නියම කරල ලබාගන්න පුලුවන් කියල.
තවත් එක් අහංකාර අම්ම කෙනෙක් සහ කිසිම කෙනෙක්ට ගරු නොකරන එයාගෙ දුවත්. ලමා ලෝකයෙන් බැහැර වූ මනසක් සහිත පරිඝණක ක්‍රීඩාව පමණක් ලෝකය කරගත්ත ලමා ලෝකයෙන් මිදුණ දරුවෙක් . මේ ලමයින් ගෙ ලෝක පිරිල තියෙන්න දෙමාපියන්ගේ මාන වලින් නොවෙයිද??ඒ මිනිස්සු ජීවිතේ සංකීර්ණව විඳවීම තමාගේ ලමයා තුලින් සමාජයය දැඩිව සම්ප්‍රේෂණය කරනව.උදාහරණයක් විදියට ලමයාගේ අතට ස්මාර්ට් ෆෝන් එකක් දීලා ආයිත් ඒ ලමයටම බනිනව උඹ ඉගෙනගන්නෙ නෑ නේ කියල.ලෝකෙ හැම සෙල්ලම්බඩුවම අරන් දීලා පස්සෙ ඒ ලමයටම බනිනව මුන්ට කිසිම අනුකම්පාවක් නෑ කියල. මම පොඩි කාලෙ හිතාගෙන හිටියෙ මම තමා වුල්වරින් කියල.එහෙම කියල කාටවත් හානියක් කරන්න ගිහින් නම් නෑ.



ඇත්තටම ලමයි ජීවත් වෙන්න ඕන චොකලට් වගේ සරල සුන්දර තමන්ගෙම ලෝකෙක.නැතිව සයිබර් ඇටෑක් කරන බූතයො එකතු කරන ලෝකෙක නොවෙයි. දෙමව්පියන්ගෙ භෞතික අවශ්‍යතාවයට දරුවාගේ සිහින ෆැන්ටසිය විකුණා දැමූවෙන් බොතලයකට බූතයන් එකතු කරවා සයිබර් ඇටෑක් එකක් සරලව විසදීම වැනි දේකින් දරුවාට නවතින්න සිදු වෙනවා.මේ අපිට අද දකින්න ලැබෙන හොඳම ලමා මනස විකෘති කරවීමක්. ජීවිතේ කියන්නෙ ඇත්තටම අපේ දිව උඩ ඛේඨය එක්ක මුසු වෙලා ලැබෙන චොකලට් රසයට සමාන හරි සරල සුන්දර හැඟීමක්.අපි ඒ සරල සුන්දර බව ඇත්තටම විඳිනවද??
අර්ධ වාර්ශික කොණ්ඩය කැපීමෙන් සුදු කෙස් ගසක් දකින විලී හැමදේම අතහරිනව.ජීවිතය තේරුම්ගන්නව එය නොවෙයිද නියම බෞද්ද දර්ශනය??බෞද්දාගම වෙනුවෙට සියල්ල අතහරින විලී වොන්කා තුල මම බුද්ධ දර්ශනය දකිනව. එත් දුප්පත් අහින්සක චාර්ලි අතහරින්නෙ නෑ.ඒ දරුව නිර්ලෝභීව අල්ලන් ඉන්නව.හැබැයි ඒ අල්ලන් ඉන්නෙ මාන්නය,තරහව,වෛරය,ක්‍රෝධය,අනුවණකම නෙවෙයි.ලෝකයම දිනුවත් තමන් එක්ක සරල සුන්දර ජීවිතයක් ගෙවපු,බිමට සමතලා වෙන්න ඔන්න මෙන්න ඇල වෙලා තියෙන තමන්ගේ කුඩා ලෑලි ගෙදර එකට ගුලි වෙලා ඉන්න පවුලේ වැඩිහිටියො එක්ක.ඒ අතින් චාර්ලි ගේ අල්ලාගැනීම හරිම සුන්දරයි,ආදර්ණීයයි.
අවුරුදු ගානක් බැලුවත් මේ සරල සුන්දර සිනමාපටයේ පරතෙර දකින්න මම පරිණත වුනේ නෑ.නමුත් ඉතා සියුම්ව ජීවිතයේ සරල සුන්දරත්ව චොකලට් පෙත්තකින් විග්රහ කිරීම Tim Burton නම් වූ අධ්‍යක්ෂක වරයාගේ ජයග්‍රාහී හැරවුමක් බව අප තේරුම්ගත යුත්තක්..
දරුවකු චොකලට් මෙන් කිසිදා නොනිමෙන රසයකින් යුක්ත විය යුතුයි .සෙවීම් කිසිදා නතර නොවන ,නිර්මාණ තුල ඉවරයක් නොවන
එන්න ජීවිතය සරලව රස විඳින්න..චොකලට් පෙත්තක් වගේ හරිම රසවත්ව…