Will Smith American Actor | Sinhala Article

Will Smith American Actor by Chamara Hewawithana

Will Smith නම් වූ ඔහු ❤️

—————————————

▪️ ඇමෙරිකාවේ පිලඩෙල්පියා හී උපත ලැබූ Will Smith ගේ මව විදුහල් පරිපාලක කෙනෙකු වන අතර පියා යුධ හමුදාවෙන් විශ්‍රාම ගිය refrigerator engineer කෙනෙක් .. ඔහුට Pam නම් සහෝදරියක් සිටිනා අතර Harry සහ Ellen නම් සහෝදරයින් දෙදෙනා නිවුන් සහෝදරයන් ..

▪️ඔහු baptist ආගමික නිකායට අයත් පවුලක කෙනෙකු වූවත් කුඩා කල සිටම රෝමානු කතෝලික පාසලක් තුල අධ්‍යාපනය ලබාදීමට ඔහුගේ දෙමාපියන් කටයුතු කරනු ලැබූවා …

▪️ඔහු තම ප්‍රථම රැකියාව ලෙස සිදුකර ඇත්තේ සිය පියාගේ ශීතකරණ අලුත්වැඩියා කටයුතු සදහා උදව් කිරීමයි ..

▪️ඔහු දෙවරක් විවාහ වූ පුද්ගලයෙක් .. ඔහුගේ පළමු විවාහය Sheree Zampino සමග සිදුවූ අතර එම විවාහයෙන් Trey Smith නම් පුතෙකු ඔහුට සිටිනවා .. ඔහු Will Smith ගේ ‘Just the Two of Us’ නම් සංගීත වීඩියෝවේ රංගනයෙන් දායක වූවා .. ඔහුගේ දෙවෙනි විවාහය වන Jada Pinkett ට දාව ජනප්‍රිය නළු Jaden Smith සහ Willow උපත ලැබූවා ?‍?‍?‍?

▪️ඔහුගේ වර්තමාන බිරිඳ Jada Pinkett ව ඔහුට මුලින්ම මුණගැසී ඇත්තේ The Fresh Prince of Bel-Air හී Audition එකකදී වන අතර එහි ඔහුගේ පෙම්වතිය ලෙස රගපෑමේ වරම Jada ට අහිමි වන්නේ ඇයගේ උස එම චරිතය සදහා නොගැලපීම නිසයි ..

▪️සුප්‍රකට ‘DC Universe’ නිර්මාණයන් හී ඔහු සහ බිරිඳ Jada දෙදෙනාම රගපෑමෙන් එක්වී තිබෙනවා .. (Jada for Gotham / Will for Suicide Squad)

▪️ඔහු Just The Two of Us ගීතය ගායනා කර ඇත්තේ සිය වැඩිමහල් පුතු Trey වෙනුවෙන් වන අතර බාල පුතු Jaden Smith ගේ පළමු චිත්‍රපටය වන ‘Karate Kid’ සදහා නිෂ්පාදනයෙන්ද දායක වී තිබෙනවා ..

▪️1990 වසර වනවිට ඇ.ඩො මිලියන 2.8 ක unpaid tax එකකට යටත් වීමට ඔහුට සිදුවූ අතර ඒ හේතුවෙන් ඔහු මූල්‍යමය වශයෙන් බංකොලොත් වීමටද ආසන්න වුනා .. නමුත් ජනප්‍රිය ඇමෙරිකානු sitcom එකක් වන ‘The Fresh Prince of Bel-Air’ සමග එක්වීමෙන් එම තත්ත්වය මග හරවා ගැනීමට ඔහු සමත්වූවා

▪️ඔහුට ‘Mr.July’ නම් අන්වර්ථ නාමයක්ද ඇති අතර Men in Black, Bad Boys II, Hancock, Independence Day ඇතුළු ඔහුගේ ජනප්‍රිය නිර්මාණ කිහිපයක්ම ජූලි මාසයේදී නිකුත් වීම ඊට උදාහරණය ලෙස දැක්විය හැකියි ..

????????

▪️රැප් ගායකයෙකු ලෙස මුලින්ම කරළියට පැමිණි ඔහු grammy සම්මාන 04 කට හිමිකම් කියනා අතර DJ Jazzy සමග ගායනා කල Parents Just dont Understand හා Summertime මෙන්ම Men in Black යන ගීත ඊට ඇතුළත් ?

▪️ඔහු සිය සංගීත ගමන තම දිගු කාලීන මිතුරා වූ DJ Jazzy සමග අරඹන විට ඔහු විසින් භාවිතා කල ‘Fresh Prince’ යන රැප් නාමය ඔහුගේ පළමු TV show එක වන The Fresh Prince of Bel-Air හීද භාවිතා කරනු ලැබූවා ..

▪️ජනප්‍රිය හොලිවුඩ් චිත්‍රපට මාලාවක් වන ‘Matrix’ trilogy හී Keanu Reeves රගපෑ Neo නම් චරිතය සදහා එක්වීමට Will Smith ට අවස්ථාවක් ලැබුණු නමුත් එහි පිටපත නොතේරෙන බව පවසමින් එය ප්‍රතික්ෂේප කල ඔහු ‘Wild Wild West’ චිත්‍රපටය සදහා එක්වූ අතර එම තීරණය පිළිබද තමා පසුතැවිලි නොවන බව පසුව ඔහු පවසා සිටියා ..

▪️කෙසේ නමුත් Matrix චිත්‍රපට මාලාවේ නවතම චිත්‍රපටය වන ‘Matrix 4’ හී උප ප්‍රධාන චරිතයක් සදහා ඔහුගේ බිරිඳ Jada එක්වී සිටීම විශේෂත්වයක් ?

▪️එමෙන්ම ‘Django’ චිත්‍රපටය සදහාද එක්වීමට ඔහුට ලැබුණු අවස්ථාවක් ඔහු ප්‍රතික්ෂේප කරනු ලැබූවා .. එහිදී ඔහු පවසා සිටියේ එහි ප්‍රධාන චරිතය විය යුත්තේ Christoph Waltz රගපෑ චරිතය බවයි ..

▪️ඔහු Ali සහ Pursuit of Happiness චිත්‍රපට වෙනුවෙන් ඔස්කාර් හොඳම නළුවා සදහා නිර්දේශ වූවත් ඒ දෙවතාවේදීම Denzel Washington සහ Forest Whitaker හමුවේ පරාජය ලැබීමට ඔහුට සිදුවූ අතර Denzel සහ Forest යන දෙදෙනාම Will Smith මෙන් කළු ජාතිකයන් වීම විශේෂත්වයක්

?‍♂️ ඔහුගේ රංගන දිවිය තුල වැඩිම ආදායම් ලැබූ Independence Day හී ආදායම අභිබවා යාමට Aladdin චිත්‍රපටය සමත්වූ අතර එය හිමිකරගත් සමස්ථ ආදායම ඇ.ඩො බිලියනයක් ?‍♂️

▪️1989 වසරේදී ඔහුගේ record promoter වන William Hendricks ට පහරදුන් බවට චෝදනා ලැබූ ඔහු පොලිස් අත් අඩංගුවට පත්වූවත් පසුව එම චෝදනාව නිෂ්ප්‍රභ කරනු ලැබුණා ..

▪️සුප්‍රකට Rubik කැටය මිනිත්තුවක් තුලදී විසදිමේ අපූරු හැකියාවක් ඔහුට පිහිටා තිබෙනවා ..

▪️ගිනස් වාර්තාවක්ද ඔහුගේ නම ඉදිරියෙන් සටහන් වන අතර පැය 12 ක් තුල Hancock චිත්‍රපටයේ ප්‍රධාන පෙලේ මංගල දර්ශන 03 කට සහභාගී වීම එම වාර්තාවයි .

????????

▪️ඔහුට ස්පාඤ්ඤ භාෂාව ඉතා හොදින් හැසිරවිය හැකියි ..

▪️ඉන්දියානු ආගමික වත් පිළිවෙත් මෙන්ම ඉන්දියානු නක්ෂත්‍රය පිළිබදව තමන් දැඩිව විශ්වාස කරනා බව ඔහු පවසනවා ..

▪️2008 ජනාධිපතිවරණයේදී බැරක් ඔබාමාට සහය පළකරමින් ඇ.ඩො 4500 ක මුදලක් ඔහු විසින් ලබාදුන් අතර 2012 වසරේදී තමා සමලිංගික විවාහයන්ට සහය පළකරනා බව ප්‍රකාශ කරනු ලැබූවා ..

▪️සුප්‍රකට forbes සගරාව විසින් වරක් ඔහු ලොව most bankable star ලෙස නම් කල අතර 2007 වසරේදී Newsweek සගරාව විසින් ඔහුව හොලිවුඩයේ බලවත්ම රංගන ශිල්පියා ලෙස නම් කරනු ලැබූවා …

▪️පිට පිටම ගෘහස්ථ ආදායම ඇ.ඩො මිලියන 100 ඉක්මවූ චිත්‍රපට 08 ක් සහ පිට පිටම සමස්ථ ආදායම ඇ.ඩො මිලියන 150 ඉක්මවූ චිත්‍රපට 11 ක් ඔහුගේ නම ඉදිරියෙන් සටහන් වන අතට එවන් ආදායම් වාර්තාවක් ඇති ලොව එකම රංගන ශිල්පියා වන්නේ ඔහු පමණයි ? ??

▪️M.Night Shyamalan ගේ නිර්මාණයක් වූ After Earth තමන්ගේ ජීවිතයේ වඩාත්ම කණගාටුවට පත්වූ නිර්මාණය බව Will Smith සදහන් කරනවා .. ඔහු පවසන්නේ එහි ගෘහස්ථ ආදායම මෙන්ම විචාරයන්ද තමාගේ බලාපොරොත්තු කඩකල බවයි ..

▪️ජනප්‍රිය හොලිවුඩ් චිත්‍රපටයක් වන Mr & Mrs Smith සදහා මුලින්ම Will Smith සහ Catherine Zeta Jones ව නම් කෙරුනත් පසුව එය බ්‍රැඩ් පිට් සහ ඇන්ජෙලීනා ජොලී වෙත පිරිනැමුනා ..

▪️ඔහු සිය 50 වෙනි උපන් දිනය වෙනුවෙන් සුප්‍රකට ‘Grand Canyon’ හී සිට බන්ජී පිම්මක් සිදුකල අතර එයට Lloyd’s of London නම් ආයතනය විසින් ඇ.ඩො මිලියන 200 ක රක්ෂණයක් ලබාදී තිබුනා .. පසුව එම මුදල් ‘Charity Global Citizen’ නම් අරමුදලක් වෙත බැර කෙරුනා ..

? Net Worth : ඇ.ඩො මිලියන 350 (ආසන්න වශයෙන්)

චාමර හේවාවිතාරණ

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *