Where the Crawdads Sing (2022) English | Sinhala Article

Where the Crawdads Sing (2022) English by Malintha Imalka Vithanage

“Where the Crawdads Sing” කියන්නේ මම මෙි වසරට අදාළව බලපු ලස්සන රොමැන්ටික් ෆිල්ම් එකක්. වටිටෝරු කතාවෙන් පිට පැනපු ටිකක් වෙනස් කතන්දරයක් නිසාම ෆිල්ම් එක ලස්සනට කරල තිබුනා. Delia Owens විසින් රචනා කරන ලද Where the Crawdads Sing කියන නවකතාව ඇසුරින් නිර්මාණය වුනු මෙි චිත්‍රපටයේ මුළු කතාවම ගෙතෙන්නේ ඇමරිකාවෙි උතුරු කැරොලිනාවෙි පිහිටලා තියෙන වගුරු බිමක් පාදක කරගෙන. Location Based කරගෙන චිත්‍රපටය නිර්මාණය කරලා තිබුන නිසාම සොබාසෞන්දර්යේ චමත්කාරය නොඅඩුව විඳින්නට ලැබෙනවා. මෙි වගුරු බිම පිටින් ලස්සන වුනාට මෙි පරිසර කලාපය ඇතුළේ ඔිනම දෙයක් වෙන්න පුලුවන්..ආදරය, මරණය, විනෝදය, ත්‍රාසය, සොබා සෞන්දර්ය මෙි ඔීනෑම දෙයක්.

වගුරු බිම ආශ්‍රිතව ⁣එක්තරා පවුලක් ජීවත් වෙනවා. නමුත් මෙි පවුල ක්ෂණයෙන් බිඳ වැටෙන්නේ පවුලේ ගෘහ මුලිකයා වුනු පියාගේ දැඩි ප්‍රචණ්ඩත්වය නිසාමයි. මෙි පවුලේ බාලයා වුනු “කායා” පමණයි අවසානයේ නිවසේ තනිවන්නේ. කායාව හැමෝම අතැරලා යනවා. පියා, මව, සහෝදරයෝ මෙි සැමෙකෙක්ම පුංචි කායාව අතහැර යනවා. මෙතිනින් එහාට මම කායාට මොකද වෙන්නේ කියන කතාව කියන්න යන්නේ නැහැ. මෙි ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය වෙන “කායා” හරිම සුවිශේෂි චරිතයක්..මම මෑතකදි බලපු චිත්‍රපට අතර මතක හිටින චරිතයක් බවට “කායා” පත් වුනා. දුකින්,ලෙයින් හා ආලයෙන් පිරී, නොනවතින කතාන්තරයක් ලෙසන් දිවෙන “Where the Crawdads Sing” කියන්නේ 2022 අදාලව ඔබ නැරඹිය යුතුම චිත්‍රපටයක්. අනිවාර්යයෙන් බලන්න. අපුරුතම චිත්‍රපටයක්.

Where the Crawdads Sing scored 7.1 out of 10 on IMDb.

Where the Crawdads Sing scored 34 percent on Rotten Tomatoes.

Where the Crawdads Sing scored 43 percent on Metacritic.
89% liked this film Google users

 

Release date: July 15, 2022 (USA)
Director: Olivia Newman
Distributed by: Sony Pictures Releasing
Box office: $132.5 million
Cinematography: Polly Morgan

මලින්ත විතානගේ

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *