Wes Anderson American Filmmaker by Anushka Rasanjana De Silva
සිනමාව තුල තමන්ගේ සිනමා අනන්‍යතාවය සලකුණු කල අතලොස්සක් සිනමා අධ්‍යක්ෂකවරු අතරින් ඉහළින්ම ඉන්න වර්තමාන හොලිවුඩයේ සාර්ථකම සිනමා අධ්‍යක්ෂකවරයෙක් ගැනයි අද සිනමා තක්සලාවෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ… ඔහු සිනමාව තුල තමන්ගේ අනන්‍යතාවය සිනමැටෝග්‍රැෆිකරණය හා කැමරාව භාවිතයෙන් වගේම කතා විලාසයෙන් සලකුණු කල හොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂක Wesley Wales Anderson නැත්නම් Wes Anderson…
ඇන්ඩසන්ගේ සිනමාකරණය ඔබට හුරු පුරුදු සිනමා ශෛලියක් වනවා නොඅනුමානයි…. විශේෂයෙන්ම ඔහු කලින් කියපු විදියට කැමරාව හසුරවන විදිය මිසොන් සෙන් භාවිතය හා රංග වින්‍යාසය නිසාම ඔහු තමන්ට ආවේණික විශිෂ්ඨ සිනමාකරණය භාෂාවක් ගෙන එන අධ්‍යක්ෂකවරයෙක් වෙනවා… මුලින්ම වෙස් ඇන්ඩසන් කියන සිනමා කරුවා හදුනාගත්තොත් ඔහු හැදිවැඩෙන්නේ ටෙක්සාස් හි හුස්ටන් නගරයේ…. දර්ශවාදය වෙනුවෙන් උපාධියක් ලබාගන්න වෙස් ඇන්ඩර්සන් සිනමාවට පිවිසෙන්නේ1992 දී Bottle Rocket චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින්…. මේ චිත්‍රපටය 1994 දී Sundance සම්මාන උත්සවේදි පෙන්වීමෙන් පසුව චිත්‍රපට නිශ්පාදකවරයෙක් වෙස් ඇන්ඩසන්ව Jim Brook අධ්‍යක්ෂකවරයාට හදුන්වලා දෙනවා… ඒ තමයි වෙස් ඇන්ඩසන්ගේ සිනමාගමනේ ආරම්භය සිදුවෙන විදිය…
වෙස් ඇන්ඩසන්ගේ සිනමාකරණ ශෛලිය ගැන බැලුවොත් ඔහුව නූතන සිනමාවේ Direct Director කෙනෙක් විදියට හදුන්වන්න පුළුවන්… ඒ කියන්නේ අපි සිනමා නිර්මාණයක් රසවිඳිනකොට වුවමනාවෙන් බැලුවොත් ඇරෙන්න අපිට නිතරම කැමරාව හසුරවන විදිය වගේම අධ්‍යක්ෂකවරයෙක් තිරය පිටුපස මෙහෙයවලා තියෙනවා කියන කාරණාව අමතක වෙනවා… ඒත් වෙස් ඇන්ඩසන්ගේ චිත්‍රපට වල රූපරාමුවක් ගානේ අපිට අධ්‍යක්ෂකවරයා සිහි වෙනවා..
ඔහුගේ සිනමාකරණය අස්වාභාවික අමුතු සරල සිනමා ශෛලියක් වුනත් ඒ සිනමා ශෛලිය සංකීර්ණයි… විනෝදජනක විදියට රූප රාමු හසුරවන්න ඔහු මිසොන් සෙන් හා රංග වින්‍යාසය හසුරවන්න සමත් වෙනවා වගේම වෙස් ඇන්ඩර්සන් කියන්නේ ටෝන් එක නැත්නම් චිත්‍රපටයේ ස්භාවය ඉක්මනින්ම වෙනස් කරන්න පුළුවන් අධ්‍යක්ෂකවරයෙක්….
ඇන්ඩසන්ගේ රූපරාමු වල බහුලව දකින්න පුළුවන් දෙයක් තමයි Symmetry නැත්නම් සමමිතික රූප රාමු වගේම Profile Shot නැත්නම් මුහුණ ඉලක්කකරගත්ත රූප රාමු…. ඒ වගේම ඔහුගේ රූපරාමු වල ප්‍රධාන චරිත ඇරුණම වෙනත් චරිත පැමිණෙනවා පිටවෙනවා වගේම එක දර්ශනයක ක්‍රියාවක් ඇතුලේ තව ක්‍රියාවක් වෙනවා දකින්න පුළුවන්…. උදාහරණයක් විදියට දෙන්නෙක් කතාකරමින් ඉන්න දර්ශනයක පිටුපසින් යන තවත් චරිතයක් කරන ක්‍රියාව ඊළඟට ඔහු අපිට පෙන්වනවා…
ඇන්ඩර්සන් ප්‍රේක්ෂකයන්ව අතරමං කරන්නවත් කතාව හරහා අපිව සංකීර්ණ කරන්නවත් උත්සහ කරන්නේ නැහැ… ඔහු කැමති සරල පැහැදිලි කතා තේමාවන්ට.. ඒ නිසා ඔහුගේ කතාව තුල ඔහු නිදහස් හා සැහැල්ලු සරල බවට කැමති අධ්‍යක්ෂකවරයෙක් විදියට හදුන්වන්න පුළුවන්…. ඔහු ඔහුට අවශ්‍ය දේට අවශ්‍ය වෙලාවට ප්‍රේක්ෂකයන්ගේ අවධානය යොමු කරනවා… ඒකට පසුතල නිර්මාණය,වර්ණ භාවිතය වගේ විවිධ දේවල් ඔහු යොදාගන්නවා දකින්න පුළුවන්…
ඇන්ඩසන්ගේ චිත්‍රපට මූලික අවධියේ නැත්නම් කතා තේමාවේ ඉඳලා ඔහු ඔහුගේම අනන්‍යතාවය එකතු කරන්න කැමති සිනමා අධ්‍යක්ෂකවරයෙක්… ඔහු පොත් වලින් සැබෑ කතන්දර හා සිදුවීම් වෙනුවට ඔහුගේම කතා තිරරචනය කරන්න යොමු වෙන්නේ සරල ආඛ්‍යානයකින් වගේම සරල සිදුවීම් වලින් වෙනස් රසයක් එකතු කරන්න සමත් වෙනවා..
ඇන්ඩසන් තමන්ගේ චිත්‍රපට වල රංග භාණ්ඩ පසුතල ආ ඇදුම් පැළඳුම් පවා වෙනමම ඔහඅට අනන්‍ය ආකාරයට නිර්මාණය කරනවා දකින්න පුළුවන්… ඔහු ස්වාභාවිකව පවතින දර්ශන තල වෙනුවට ඔහු නිර්මාණය කරන සැබෑ ලෝකයෙන් ඈත් වුන තරමක් ෆැන්ටසි පසුතල නිර්මාණයන් අපිට දකින්න පුළුවන්… ඒ වගේම සැබෑ ලෝකයේ වෙළඳ නිෂ්පාදන පවා ඔහුගේ චිත්‍රපට වලින් ඈත් කරලා තබන්න ඔහු ක්‍රියා කරනවා… ඔහුගේ චිත්‍රපට වල ඇපල් ජංගම දුරකතන භාවිතය, BMW මෝටර් රථ ගමනාගමනයට යොදාගැනීම , කොකා කෝලා පානය කරනවා වගේ වෙළඳ නිෂ්පාදන ප්‍රචාරණය කරන ආකාරයක් අපිට දකින්න පුළුවන් වෙන්නේ නැහැ… ඉතිං වෙස් ඇන්ඩසන්ගේ චිත්‍රපට වල නිෂ්පාදන සැලසුම්කරණය මුල සිට ඔහු සැලසුම් කරන ඔහුගේ සිනමා අනන්‍යතාවය සලකුණු කරන නිර්මාණ වෙනවා..
වෙස් ඇන්ඩසන්ගේ චිත්‍රපට වල කතාවින්‍යාසය ඔහු අරන් එන්නේ අවුරුදු 12ක පමණ ළමයෙක්ගේ දෘෂ්ඨි කෝණයෙන්…. ඔහුගේ චිත්‍රපට වල ඔහු ගොඩනඟන ලෝකය ඔහුගේ ළමා කාලයේ සිදුවීම් හා මතක වලින් පිරුණු ඒවා බව වෙස් ඇන්ඩර්සන් සඳහන් කරලා තියෙනවා.. ඔහුගේ කතා වල කාලය 80 දශකය පවා සමාන වෙන්නේ ඒ නිසා කියලා අපිට කියන්න පුළුවන්… ඔහු වර්ණ භාවිතය,පසුතල නිර්මාණය වගේම ඇදුම් පැළදුම් පවා නිර්මාණය කරන්නේ 80 දශකයට සමාන වෙනවිදියට…. ඔහුගේ චිත්‍රපට සැබැවින්ම අවුරුදු 12ක පිරිමි ළමයෙක්ගේ දෘෂ්ඨිකෝණයෙන් ඉදිරිපත් කරන ආකාරය පොදු ලක්ෂණයක් විදියට කියන්න පුළුවන්…
“ඔබට අවුරුදු 11,12 කාලයේදි ෆැන්ටසිය තමයි යථාර්ථය කියන දේ විශ්වාස කරන තරමට පොතකට අසුකරගන්න පුළුවන්…ඔයාට පහේ පන්තියේදි වගේ මොකක් හරි දේකට ලොකු කැමැත්තක් ඇති වුනොත් ඒක ඔයාගේමුළු ලෝකයම වෙනවා…ඒක හරියට වතුර යට ඉන්නවා වගේ..හැමදේම වෙනස්…”
-වෙස් ඇන්ඩර්සන්
ඔහුගේ චිත්‍රපට වල වැඩිහිටි චරිත පවා බොළඳ, වයසට වඩා අඩුවෙන් ක්‍රියාකරන ගතියක් දැනෙන චරිත ලක්ෂණයක් විදියට දකින්න පුළුවන්…. සමහර රළු චරිත පවා යථාර්ථයට වඩා වෙනස් මෘදු රළුබවක් තියෙන චරිත විදියට තමයි අපිට හමුවෙන්නේ… ඒ චරිත වලට වෙනස්ම අදහස් තියෙන වෙනස් විදියට හිතන ඉක්මනින්ම මානසිකව වැටෙන ඉක්මනින්ම කලකිරෙන චරිත විදියට දකින්න පුළුවන්… ඒ වගේම කලින් කිව්වා වගේම වැඩිහිටි චරිත ළමුන් වගේ ක්‍රියාකරනවා වගේම ළමා චඑිත වැඩිහිටියන් වගේ ක්‍රියාකරන පරස්පර චරිත හැසීරීමක් අපිට දකින්න පුළුවන්…. ඔහුගේ චරිත කොතරම් රළු, කෑදර, ද්‍රෝහි, නොසන්සුන් චරිත වුනත් ඒ චරිත ප්‍රියමනාප සුළුයි…
වෙස් ඇන්ඩර්සන්ගේ චිත්‍රපට වල කැමරාව හසුරවන විදියත් සුවිශේෂීයි… චරිත පසුපස හඹා යන Tracking මහ Trucking Shot ඔහුගේ චිත්‍රපට වල සුලභයි… ඒ විදියට චරිත එක්ක කැමරාව අරගෙන ගිහිං ඊළඟට වෙන සිදුවීම බලන්න තියෙන කුතුහලය ඔහු ප්‍රේක්ෂකයන්ට ලබා දෙනවා… ඔහුගේ චිත්‍රපට වල editing Transition විශේෂ වෙන්නේ සමහර තැන් වලදී වේගයෙන් රූපරාමු අරන් ගිහිං නතර කරන්නේ Static Shot එකක් ළඟ… ඒ කියන්නේ වේගයෙන් දලනය කරලා එක්වරම නිශ්චල කිරීම දකින්න පුළුවන්….
ඇන්ඩර්සන්ගේ චිත්‍රපට වල වර්ණ භාවිතය කියන්නෙත් විශේෂයෙන්ම කතා කල යුතු ඔහුගේ සිනමා ලක්ෂණයක්… ඔහු වර්ණ හරහා චරිත වල ස්භාවය වගේම කතා තේමාව පවා ගලපන්න උත්සහ කරනවා… වර්ණ වලින් ප්‍රේක්ෂකයන්ගේ හැඟීම් උත්දීපනය කරන්න පුළුවන් ගුණය ඔහු ඉතාමත් හොඳින් යොදාගන්නවා දකින්න පුළුවන්…. වැඩිපුරම දුඹුරු, රතු, කහ වර්ණ වලට නැඹුරු වගේම ඔහුගේ චිත්‍රපට වල වර්ණ වලින් සමස්ත චිත්‍රපටයේම කාලවකවානුව , දර්ශන තලය, ඇදුම් පැළඳුම් පොදු රාමුවක් ඇතුලට අරන් එන්න ඔහු සමත් වෙනවා… The Grand Budapest Hotel චිත්‍රපටය ඔහු දම් නිල් සහ රෝස වර්ණ අනන්‍යතාවය විදියට ගෙන ඇවිත් තියෙන්නේ චිත්‍රපටය පුරාම ඒ වර්ණ සංකේතයක් අනන්‍යතාවයක් විදියට යොදාගෙන….
වර්ණ භාවිතය වගේම ඇදුම් නිර්මාණය පවා සැලකුවොත් ඒවා චඑිත වල නිළ ඇදුමක් විදියට හදුන්වන්න පුළුවන් ආකාරයට ඔහුගේ නිර්මාණකරුවන් ඇදුම් නිර්මාණය ගැන සැලකිලිමත් වෙලා තියෙනවා දකින්න පුළුවන්….
මේ විදියට සිනමාව තුල තමන්ගේ අනන්‍යතාවය තිරරචනයේ සිට සංස්කරණය දක්වාම සලකුණු කල මේ විශිෂ්ඨ චිත්‍රපට අධ්‍යක්ෂක වෙස් අැන්ඩර්සන්ගේ වෘත්තාන්ත චිත්‍රපටය ලැයිස්තුව මෙසේ වෙනවා…
The Royal Tenenbaums
The Grand Budapest Hotel
The Life Aquatic with Steve Zissou
Rushmore
Moonrise Kingdom
The Darjeeling Limited
Fantastic Mr. Fox
Isle of Dogs
Bottle Rocket (1996)
මේ මාසයේ එනම් ඔක්තෝම්බර් 22 ඔහුගේ නව චිත්‍රපටය The French Dispatch චිත්‍රපටය නිකුත් වීමට ඇති අතර මීළඟ චිත්‍රපටයේ වැඩ කටයුතුත් ඔහු මේවන විට ආරම්භ කර ඇත… Asteroid City ලෙස නම් කර ඇති චිත්‍රපටයේ Tilda Swinton, Bill Murray , Adrien Brody, Tom Hanks, Margot Robbie ,Scarlett Johansson කියන නළු නිළියන් පිරිස එකතු වීමට නියමිතයි…
අද මේ විදියට සිනමා අධ්‍යක්ෂකාවලෝකනයෙන් දීර්ඝ ලෙස විමසා බැලුවේ වර්තමානයේ හොලිවුඩයේ තමන්ගේම සිනමා අනන්‍යතාවයක් සමඟ සාර්ථක සිනමා ගමනක් යන වෙස් ඇන්ඩර්සන් නම් සිනමා අධ්‍යක්ෂකවරයා ගැනයි… ඔහු ගැන ඔහුගේ සිනමාකරණය ගැන ඔබේ අදහස් හා දැනුම වෙනුවෙන් හැමදාමත් වගේ ආරාධනා කරනවා…