Water Margin Chinese Tv Series | Sinhala Article

Water Margin Chinese Tv Series by  Chamara Hewawithana

අමතක නොවන චීන කතාව

Water Margin – දිය කඩයිම ❤️

———————————

ජාතික රූපවාහිනීයේ පරණ TV series බලපු අයට කවදාවත් අමතක නොවෙන කතාවක් තමයි The Water Margin හෙවත් ‘දිය කඩයිම’ … මේ කතාව Outlaws of the Marsh සහ All Men are Brothers යන නම් වලිනුත් හදුන්වනවා ❤️ (මේ නමින්ම 1973 දී ජපාන TV series එකක්ද නිර්මාණය වූවත් ලංකාවේ ජනප්‍රිය වුනේ මෙන්න මේ දිය කඩයිම නමින් විකාශය වූ කතා මාලාව)
Water Margin නිර්මාණය වෙන්නේ 1998 දී .. ජනප්‍රිය චීන රූපවාහිනී නාළිකාවක් වන ‘China Central Television නැත්නම් CCTV ආයතනය මූලිකත්වය ගෙන තමයි මෙය නිර්මාණය වෙන්නේ .. මෙහි Zhang Jizhong ප්‍රමුඛ නිෂ්පාදකවරු බොහෝ ප්‍රමාණයක් සිටිනවා .. එමෙන්ම ජනප්‍රිය හොංකොං martial artist කෙනෙක් වන Yuen Woo-Ping විසින් මෙහි martial art choreography සිදුකර තිබෙනවා … Water Margin කතාව කොටස් 43 කින් යුක්ත වෙනවා .. මෙහි තියෙන විශේෂත්වය තමයි මේ කොටස් 43 ම එකිනෙක හා සම්බන්ධව ගලාගෙන යාම .. (ඒ කියන්නේ එකම episode එක කොටස් කිහිපයකට වෙන් කරලා විකාශනය වෙන්නේ)
ඇත්තටම Water Margin කියන්නේ නවකතාවක් පදනම් කරගෙන නිර්මාණය වූ TV series එකක් .. මෙය 14 වෙනි සියවසේ පමණ Shi Nai’an නම් කතුවරයා විසින් රචනා කරන ලද නවකතාවක් වන අතර චීන සාහිත්‍ය තුල බිහිවූ විශිෂ්ඨතම නවකතා 04 න් එකක් ලෙසත් සැලකෙනවා ..
******** ******** ********
Water Margin කියන්නේ අති විශාල cast එකක් ඉන්න TV series එකක් .. මෙහි ප්‍රධාන චරිත පමණක් 60 ක් පමණ සිටිනා අතර සෙසු චරිතද එකතු වූ විට 150 කට අධික ප්‍රමාණයක් රංගනයේ යෙදෙනවා … ඇත්තටම මේ කතාවේ චරිත නිර්මාණය වෙන්නෙත් අපූරු ආකාරයට .. ‘108 Stars of Destiny’ කියන core එක ඇසුරින් තමයි මෙහි චරිත නිර්මාණය වෙන්නේ .. චීන ඉතිහාසයේ කියවෙන ආකාරයට ‘Chinese Folk Religion’ එක අනුව පිටුවහල් කරන ලද වංශාධිපතියන් 108 දෙනෙකු යුක්තිය වෙනුවෙන් නැවත මේ ලෝකයට පහලවීමක් ..
ඒ වගේම මේ කතාවේ Lin Chong කියන චරිතය නිරූපණය කරන්නේ Zhou Ye Mang කියන චීන ජාතික රංගන ශිල්පියා .. ඔහු තමයි Spellbinder 02 වෙනි කතාවේ ‘ෂාරක්’ කියන චරිතය රග දක්වන්නේ ? (ඔහුගේ martial art සටන් ජවනිකා කිහිපයක්ම මෙහිදී බලාගන්න පුලුවන්) පෞද්ගලිකව මම ආසම චරිතය තමයි Lu Zhishen කියන monk ගේ චරිතය .. තට්ට හිසක් සහ ඝනව වැඩුනු රැවුලක් සහිත Lu ඉතාමත් දක්ශ martial art සටන් කරුවෙක් ❤️ .. ඒ වගේම ‘ව්‍යාග්‍රයා මැරූ වීරයා’ Wu Song මම ප්‍රිය කරනා තවත් සුපිරි චරිතයක් ❤️
දිය කඩයිමේ තවත් ජනප්‍රියම අංගයක් වුනේ මෙහි තේමා ගීතය .. සම්පූර්ණ මැන්ඩරීන් භාෂාවෙන් ගායනා වෙන තේමා ගීත 02 ක් මෙහි අඩංගු වුනා .. ඉන් එකක් චීනයේ ඉතාමත් ජනප්‍රිය පොප් ගායකයෙක් වන Liu Huan විසිනුත් අනිත් ගීතය වර්තමාන චීන ජනාධිපති Xi Jinping ගේ බිරිඳ වන Peng Liyuan විසිනුත් ගායනා කරනු ලැබූවා ..
‘ලූ ජි බූ පින් යි ෂෙන් හවුවා
ගෂූ ෂූ ෂී ජි චූ ෂූවා
ෆොන් ෆොන් හුඕ ඕ ජඔන් ජෝ ෂූවා’
(lu jian bu ping yi sheng hou wa ..
gai chu shou shi jiu chu shou wa ..
feng feng huo huo chaung jiu zhou wa..)
ඔන්න ඔය වගේ මෙලෝ මළ දානයක් තේරෙන්නේ නැති හැබැයි අපි මාර විදියට ආසාවෙන් අහපු සිංදුවක් වුනා ඕක .. ( water margin haohan ge  අහලා බලන්නකෝ .. කතාව බලපු අයට මතක් වෙයි සිංදුව ?❤️)
අවසාන වශයෙන් ඔවුන් මෙන්න මෙහෙම පණිවිඩයක් මිනිසුන්ට ලබාදෙනවා ..
嘿呀依儿呀唉嘿唉嘿依儿呀
路见不平一声吼哇
该出手时就出手哇
风风火火闯九州哇
(音乐) ?

චාමර හේවාවිතාරණ

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *