Voice of Rajinikanth | Sinhala Article | Gossip

Voice of Rajinikanth by Mmp Ranaweera

දැන් මට මහන්සියි….?

“ඉස්සර වගේ නෙවෙයි.. දැන් මට අවුරුදු 71 ක් ලබන්න ඉන්න මට පරන සෙල්ලන් කරන්න බෑ.. තාක්ෂණය මට අවශ්‍යමයි.. ඒත් ඒ සම්බන්ධයෙන් කරන වැඩත් මට දැන් හරි වෙහෙසකාරීයි.. අපි මිනිස්සු හම්බ කරා.. ඒ නිසාම අපිට මිනිස්සු ආදරෙයි.. ඒ ආදරේට දෙයක් දිය යුතුයි..ඒත් ඇත්තටම දැන් මම හරි වයසයි.. “

මෙහෙම කියන්නේ කොලිවුඩයේ පතාක රාජු රජිනිකාන්ත් විසිනුයි.. සාමාන්‍ය ජීවිතයේ ස්වභාව ධර්මයාට නතුවෙමින් ඉහ පැහුන කෙස් අතරින්පතර හිටි ගමන් පීරණ. සාමාන්‍ය කපු වේට්ටි සහ කු‍ර්තා අදින. මේ රජු දෙස බලන ඕනම කෙනෙකුට ඇයි මේ හොද ජැන්ඩියට ඉන්න පුලුවන් කම තියෙද්දිත් මේ විදිහට ඉන්නේ කියලා. නමුත් ඒ හිතන්නේ අපි.. ඔහුට ඒ වගක් නෑ.. හේතුව ඔහු ජීවිතය හා ජීවිතයේ යතාර්තය සත්‍ය ජීවිතයේදී තේරුම් ගත් නිසයි.

මාත් හරි ලස්සනට හිටියා කාලයක්. ඉස්සර මම මගේ කොන්ඩයට මොන තරම් ආස කරාද කිව්වොත් කිසිම රූගත කිරීමකදී මගේ කොන්ඩය කාටවත් අල්ලන්න දුන්නෑ. එය මගේ අතින්ම හැදුනා මිසක් පනාවක්වත් පාවිච්චි කලේ නෑ.. මම මුලින්ම පනාවකින් කොන්ඩය පීරන්ඩ ඉඩ දුන්නේ 1976 වසරේ “මූඩ්රු මුඩිචු” චිත්‍රපටියේ රූපගත කිරීම් අතර තුරදීයි. ඊට පස්සේ 1977 වසරේදී අවර්ගල් චිත්‍රපටිය සඳහා මගේ කොන්ඩයට හෙයා ජෙල් ගාන්න මම අවසර දුන්නා.. මට තේරුනා දැන් මගේ කොන්ඩය මට අකීකරු වන බව.. කොහොම හරි 2005 දී මම මගේ සැබෑ කොන්ඩය වෙනුවට විශේෂිත ස්වභාවික විග් එකක් පාවිච්චි කරා.. ඒ වෙනකොට මගේ කොන්ඩය යන්න පටන් අරන්..

තැනින් තැන කොන්ඩය සුදුවෙලා රැවුල පැහිලා , මගේ දරුවෝ ලොකුවෙලා. ඉතින් මට හිතුනා දැන් මම යතාර්තයට මුහුන දෙන්න ඕන බව.. මම කිසිදා සැබෑ ජීබිතයේදී රඟපෑවේ නෑ.. මම ගෙදරට සාමාන්‍ය සැමියෙක් සහ පියෙක්.. ඉතින් සැබෑ ජීවිතයේදී විග් දාගෙන මේකප් වලින් වයස වහන්න මට ඕන උනේ නෑ.. ඒත් මට ආදරය කරන මිනිසුන්ට මාව ලොකු තිරයක දකින්නට අවශ්‍යයි..

ඒ නිසා ඒ වෙනුවෙන් මට තීරනයක් ගන්න ඕන උනා.. ඒත් ඒ වෙනකොටත් මගේ හම වැහැරිලා.. 2007 දී මට මේ නිසා සිවාජි: ද බොස් චිත්‍රපටිය වෙනුවෙන් ලොකු තාක්ෂනික ප්‍රයෝග එකතු කටන්න සිදු උනා. එතන් පටන් මම ජිජිටල් උනා. දැන් චිත්‍රපටි වල ඉන්න මට මම කැමති නෑ.. ඒත් මට කරන්නට දෙයක් නෑ.. විහිලුවක් ලෙස ඒවා පෙනෙන මුත් මගේ රසිකයින්ට මාව ඒ අයුරින් හරි දකින්න ලැබෙන නිසා ඔවුන් ඒවා බලාවි. මටත් පුලුවන් කාලයක් ඒවාට උපරිමයෙන් සාධාරණයක් කරන්න උත්සාහ කරනවා.. යනුවෙන් ඔහු පුවත් පතකට ප්‍රකාශ කර තිබුනා..

සිවාජි: ද බොස් (2007) චිත්‍රපටය සඳහා රජිනිකාන්ත්ට තරුණයෙකුගේ චරිතය සිදු කිරීමට සිදු වූ අතර, ඔහුගේ සම මෙයට ගැටළුවක් වූවා. මේ නිසා යුරෝපීය නිරූපන ශිල්පියෙකුගේ සහය ඇතිව ඔහුගේ සහයෙන් චිත්‍රපටියේ දසුන් 630ක් සඳහා ස්කෑන් කරන ලද රාමු 9,000කට අධික ප්‍රමාණයකින් ඉතා සූක්ෂම ලෙස රජිනිකාන්ත් වෙත ඩිජිටල් ලෙස බද්ධ කරන එය රූගත කළ බව සදහන් . එතැන් සිට ඔහු කෘත්‍රිම ක්‍රම ක්‍රියාත්මක කිරීම ගැන උනන්දු වූ අතර, එය ඔහුට වෙහෙස කාරී මෙන්ම ඉතා අභියෝගාත්මක වූ බවයි පැවසෙන්නේ ..

ප්‍රධාන වශයෙන් FX අනුරූ සහ VFX තාක්ෂණයෙන් චිත්‍රපට නිර්මානය වූ අතර මේ වන විට ඔහු නොමැති වුවද ඔහුගේ සියළු හැගීම් සහ ඉරියව් සමග චිත්‍රපටියක් නිර්මානය කිරීමෙ හැකියාව ඇති බව තමයි පැවසෙන්නේ.

https://youtu.be/5bcTwBFyllU මේ වීඩියෝවෙන් ඔහුගේ සියළු හැගීම් ජිජිටල් කරනය වී සුරක්ෂිත කෙරූ අයුරුත්. ඔහු ඒ වෙනුවෙන් වූ වෙහෙසත් ඔබට නැරඹිය හැකියි.

MMP රණවීර

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *