Vinayakan Indian Actor | Sinhala Article

Vinayakan Indian Actor by Danitha Aminda

**සුන්දර මලයාලියෝ**

සුන්දර මලයාලියෝ නවවන ලිපියත් සමඟ එක් වන්නේ තවත් විශිෂ්ටයෙක්…මලයාලම් සිනමාවේ තවත් ජනප්‍රිය දක්ෂ නළුවෙක්.

#සුන්දර_මලයාලියෝ

**Vinayakan**

**සම්පූර්ණ නම – Vinayakan T. K**

කෙටියෙන් කීවොත් – Vinayakan is an Indian film actor,singer,dancer and music composer who predominantly works in the Malayalam Film Industry.Apart, he also works in Tamil, Telugu and Bollywood films.He is one of the most versatile and sought-after character actors in contemporary Malayalam cinema..

**විනායකන්** සිය වෘත්තීය ජීවිතය ආරම්භ කලේ නර්තන ශිල්පියෙකු ලෙසයි.ඒ වගේම ඔහු එකළ ***Black Mercury*** නමින් නර්තන කණ්ඩායමක ද සිටි බව සඳහන් වනවා ..

විනායකන් ඔහුගේ සිනමා දිවිය ආරම්භ කළේ *Thampi Kannanthanam** ***ගේ **1997** දී තිරගත වූ **Maanthrikam** චිත්‍රපටයේ ආගන්තුක රංගනයකින්…

පසුව **2001** දී *Thampi Kannanthanam* ගේ ම **Onnaman** සිනමාපටයේද රංගනයෙන් දායක වූවා…

**2002** දී **Stop Violence **චිත්‍රපටයෙන් පසුව චිත්‍රපට කීපයක රඟපෑ ඔහු **2005** දී සිනමාපට 5 කට දායක වූවා..

2005 දී ඔහු **James** නම් හින්දි චිත්‍රපටයේ රඟපෑ අතර ඔහුගේ තෙළිගු සිනමා ආගමනය සිදුවූයේ **Asadhyudu **(2006) චිත්‍රපටයෙනි..එම වසරේම තිරගත වූ **Thimiru** (2006) චිත්‍රපටය ඔහු රඟපෑ පළමු දමිළ සිනමාපටය වූවා..

ඉන්පසුව **2015** තෙක් චිත්‍රපට රැසකට රඟපෑමෙන් දායක වනවා,ඒ අතර **Big B (2007), Silambattam (2008) Tamil , Siruthai (2011) Tamil , Bachelor Party (2012) , Maryan (2013) Tamil , 5 Sundarikal (2013) ,Njan Steve Lopez (2014) ,Iyobinte Pustakam (2014) , Aadu (2015) , Chandrettan Evideya (2015)** යන සිනමාපටයන් රැසක් වනවා…

**2016 **ඔහු රඟපෑ** Kali** මෙන්ම** Kammattipaadam ද **ඔහු රඟපෑ තවත් සුවිශේෂි චිත්‍රපටයන්‍ ගොන්නට ඇතුළත් වනවා…**Kammattipaadam** හි ඔහු රඟපෑ **ගංගා** ගේ චරිතය වෙනුවෙන් ඔහු **හොදම නළුවා**ට හිමි **කේරළ ප්‍රාන්ත චිත්‍රපට සම්මානය** ද දිනාගත්තා….

ඊට අමතරව Kammattipaadam හි රඟපෑම වෙනුවෙන් **CPC Cine Awards (2017)** හි **හොඳම නළුවා **සම්මානයත් **Movie Munshi Cine Awards (2016)** හි **හොඳම නළුවා** සම්මානයත් ඔහු දිනාගනු ලැබුවා..

ඉන්පසුව **Role models (2017) , Aadu 2 (2017) , Diwanjimoola Grand Prix (2018) , Swathandriam Ardharathriyil (2018)** චිත්‍රපටවලින් පසුව ඔහු රඟපෑ **Ee.Ma.Yau (2018) **චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් ඔහුට **CPC Cine Awards (2018)** හි **Best Character Actor **සම්මානයද හිමිවූවා..

ඉන් පසුව 2019 දී ඔහු සිනමාපට 3කට දායක වනවා.. ඒ **Thottappan , Pranaya Meenukalude Kadal , Valiyaperunnal** යන චිත්‍රපටයන්‍ ය,,,ඉන් Thottappan හා Pranaya Meenukalude Kadal යනු ඔහු ප්‍රධාන චරිතයන් රඟපෑ තවත් අපූරූ නිර්මාණයන් වනවා ..

2020 අවසාන වශයෙන් ඔහු **Trance** චිත්‍රපටයෙහි රංගනයෙන් දායක වනවා..

විනායකන්

**ඔහු රගපෑ සිනමාපට ?**

**ඔහු ගැන තවත් විශේෂ කරුණු කිහිපයක්**

⚜**Kammatipadam** හි ඔහු music composer මෙන්ම එහි **Puzhu Pulikal **ගීතය ද ඔහු සංගීතවත් කළ අතර ඔහු එහි රඟපෑ **ගංගා** චරිතය ඔහුගේ සිනමා දිවියේ විශේෂ අවස්ථාවක් ද වනවා.

⚜රෆීගේ චිත්‍රපටයක් වන **Role Models** සඳහා ඔහු ගීත ගායනයෙන් දායකවූවා.

⚜ඒ වගේම ට්‍රාන්ස් (**Trance** ) චිත්‍රපටයෙහි **Title track** නිර්මාණය ද විනායකන් විසින් සිදුකරනු ලැබුවා.

⚜විනායකන්ට සිනමාවට පැමිණීමට පෙර නර්තන කණ්ඩායමක රඟ දැක්වීය..ඔහු දක්ෂ නර්තන ශිල්පියෙකු ද වනවා.

⚜2019 දී ඔහුට එරෙහිව නඩුවක් ද වූවා..

⚜**වික්‍රම්** ප්‍රධාන චරිතයෙන් දායක වූ** Dhruva Natchathiram** ඔහු රංගනයේ යෙදුණු ඉදිරියේදී තිරගත වීමට නියමිත දමිළ චිත්‍රපටයයි..

⚜ඔහුගේ **හින්දි **සිනමා ආගමනය **James (2005) **චිත්‍රපටයෙනි..ඔහුගේ **තෙළිගු **සිනමා ආගමනය **Asadhyudu (2006) **වන අතර** Thimiru (2006) **චිත්‍රපටයෙන් **දමිළ** සිනමාවට පිවිසියේය…ඔහු චිත්‍රපට 40කට පමණ රංගනයෙන් දායක වී ඇත..

**ඔහුගේ මෑත කාලයේ සිනමාපට කිහිපයක්?**

Trance

Valiyaperunnal

Pranaya Meenukalude Kadal

Thottappan

Ee.Ma.Yau

Swathandriam Ardharathriyil

Diwanjimoola Grand Prix

Aadu 2

Role models

Kammattipaadam

Kali

දනිත අමින්ද

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *