Vikram (2022) Tamil | Sinhala Article

Vikram (2022) Tami by Anushka Rasanjana Desilva

(No spoilers)

සිනමාව කර්මාන්තයක් විදියට පවතින්න නම් මුලින්ම ඕන Entertainment දෙකට ඕන Entertainment තුනට, ඒත් ඕන Entertainment.. මේ Vikram චිත්‍රපටය ඒ අවශ්‍යතාවය ඉහළින්ම සපුරනවා. ප්‍රේක්ෂකාගාරය මේ තරම් උණුසුම් වුන චිත්‍රපටයක් මම පෞද්ගලිකව සිනමාශාලාවක අත්විඳලා නැහැ. ආරම්භයේ සිට අවසානය දක්වා ඉඳලා ප්‍රේක්ෂකාගාරයේ ප්‍රතිචාර එක වගේ ලබාගන්න සමත් වුන Vikram මේ වසරේ ඉන්දීය සිනමා කර්මාන්තයට වැඩිම ආදායමක් ලබා දෙන ඉන්දීය චිත්‍රපටය වෙනවා නොඅනුමානයි..

අවුරුදු 36ක තරුණ අධ්‍යක්ෂකවරයෙක් දමිළ සිනමාවේ විශිෂ්ඨ සිනමා පෞරුෂය , කමල් හසන් වගේම විජය සේතුපති, ෆහඩ් ෆාසිල් වගේ ඉන්දීය සිනමාවේ චරිතාංගම රංගන ශිල්පීන් කිහිප දෙනෙක් එකවර හසුරවන විදිය එක අතකට පුදුමසහගතයි වගේම එහෙම අවස්ථාවක් උදාවීම නිසාම ‘ලෝකේෂ් කනගරාජ්’ තරුණ දක්ෂ අධ්‍යක්ෂකවරයෙක් විදියට තමන්ගේ මුද්‍රාව ඉන්දීය සිනමාවේ තියලා ඉවරයි කියන්න පුළුවන්..

පෞද්ගලිකවම විජය සේතුපතිගේ රංගනය මට තරමක් ඉහළින් තදින්ම දැනුණා.. චරිතයේ ආරම්භයේ ඉඳන් අවසානය දක්වා ඔහුගේ චරිතය හැසිරවීම අපූරුයි.. ඒ වගේම චිත්‍රපටයේ අවසා⁣නයේ විශේෂ රංගනයක නිරත වන ජනප්‍රිය කොලිවුඩ් රංගන ශිල්පියා අවසාන විනාඩි කිහිපය තමන් සතු කරගත්ත විදිය පවා අතිවිශිෂ්ඨයි…

ලෝකේෂ්ගේ කතාව හා තිරරචනය වගේම කමල් හසන්, සේතුපති, ෆහඩ් කරට කර රංගනය, අනිරුද්ගේ සංගීතය, චිත්‍රපටයේ සටන් අධ්‍යක්ෂණය වගේම Jallikattu වෙනුවෙන් ජාතික සම්මානය දිනාගත් සිනමාඡායාරූපකරණ ශිල්පියා Girish Gangadharan ගේ විශිෂ්ඨ කැමරා අධ්‍යක්ෂණය සියල්ල එකට සමව දායක වුන විශිෂ්ඨ චිත්‍රපටයක් විදියට ආය ආයෙත් හදුන්වන්න පුළුවන්… හැකියාවක් තියෙනවා නම් චිත්‍රපටය සිනමාශාලාවකම නරඹන්නට කියලා යෝජනා කරනවා..

It’s a massive and best experience in cinemas this year..  ???

Download

අනුෂ්ක රසාංජන ද සිල්වා

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *