Vikram (2022) Tamil by
මට මෙම චිත්රපටය නැරඹීමට ප්රධාන හේතුවක් වූයේ කමල් හසන් සහ විජේ සේතුපති වත් නොවේ. එක් හේතුවක් මෙහි අධ්යක්ෂක Lokesh Kanagaraj ගේ Kaithi චිත්රපටයේ රසිකයෙක් වීම. දෙවනි කාරණය මලයාලම් සිනමාවේ අති දක්ෂ රංගන ශිල්පියෙකු වන ෆහාද් ෆාසිල්ද මෙහි ප්රධාන චරිතයක් රඟ දැක්වීමයි. මෙය මෙම නමින්ම 1986 වර්ෂයේ තිරගත වූ Vikram චිත්රපටයේම අර්ධ අනුවර්තනයක්. මීට වසර 36 කට පෙර තිරගත වූ Vikram චිත්රපටය නරඹා තිබුනත්, සමස්ත චිත්රපටය සම්බන්දව විශාල මතකයක් නැත. නමුත් තිරයේ දුටු දෙයට අනුව එය නැරඹීම අත්යවශ්යම නැත. නමුත් මෙය ප්රධාන වශයෙන් Kanagaraj 2019 වර්ෂයේ නිකුත් කළ Kaithi චිත්රපටයට සම්බන්ද වනවා.
COVID තත්වය ඉන්දියාවේ යම් මට්ටමකට යථා තත්වයට පත්වීමෙන් අනතුරුව, එහි සිටින සිනමා රසිකයින් මසාලා ගණයේ චිත්රපටයන්ට දැඩි රුචිකත්වයක් දක්වන වග මෙයින් පැහැදිලි වනවා. විශේෂයෙන්ම 90 සහ 2000 දාහකයේ මුල් කාලීනව ඉන්දියානු සිනමාවේ තිබුනු මසාලා අංගයන් නැවතත් චිත්රපට තුලින් දැක ගැනීමට හැකිවී තිබෙනවා. ඒ අනුව මේ කාල වකවානුවේ සිනමා ශාලාවක තිරගත වන ඉන්දියානු චිත්රපට තුල entertainment සහ escapist vibes අනිවාර්යෙන්ම ප්රේක්ෂකයා බලාපොරොත්තු වන අංගයක් ලෙස ඔප්පු වී හමාරයි. ප්රධාන වශයෙන් ක්රියාදාම චිත්රපටයක් ලෙස ඉදිරිපත් කරන Vikram තුල entertainment යන අංගය උපරිමයෙන්ම ඇතුලත් වී තිබෙනවා. මෙම ප්රවණතාවය එක් පැතිකඩකින් මසාලා ගණයට අයත් නොවන චිත්රපටයන්ට අවාසියක් ගෙන ආවත්, කර්මාන්තයක් වශයෙන් සිනමාවේ පැවැත්මට ලැබුණු පන්නරයක් ලෙස හඳුන්වන්නට පුළුවන්.
කමල් හසන්ගේ මසාලා ගණයේ චිත්රපට රංගනයන්ට මාගේ විශාල කැමැත්තක් නැත. නමුත් ඔහුගේ දශක ගාණකට ඇදී යන සිනමා දිවිය තුල වාණිජ සිනමාවට කොටු වූ පුද්ගලයෙක් නොවේ. එම නිසා කමල් හසන් තුල සිටින දක්ෂ රංගන ශිල්පියාව මා දැක තිබෙනවා. නමුත් ඔහුට සිනමාව තුල තිබෙනවා ඉතා හොඳ පෞරුෂයක්. එම සිනමා පෞරුෂය මෙම චිත්රපටයේ චරිතය වෙනුවෙන් උපරිමයෙන්ම භාවිතා කර තිබුනා. ඉන්දියානු සිනමාවේ සිටින දැවැන්තම නම් තුනක් චිත්රපටයකට ඇතුලත් කරද්දී, එම චරිත ත්රිත්වයටම සමාන අවකාශයක් ලබා දීම තිර රචකයාගේ ප්රධාන වගකීමක්. මෙහි තිර රචනයද සිදු කළ Lokesh Kanagaraj, ඉතා සාර්ථකව මෙම අභියෝගය ජයගෙන තිබෙනවා. විජේ සේතුපතිගේ චරිතයේ ඇති රළු ස්වභාවය සහ විටෙක ඇති හාස්ය රසය කතාවට ගැළපෙන ආකාරයට යොදාගෙන තිබෙනවා. නමුත් තමන්ගේ ප්රභල රංගන හැකියාව පෙන්නුම් කිරීමට ප්රධාන අවකාශයක් ලැබෙන්නේ ෆහාද් ෆාසිල්ට. ඔහුගේ චරිතයට අනිකුත් නළුවන් දෙදෙනාට සාපේක්ෂව mass moments නැති වූවත්, ඔහුගේ චරිතය ප්රභලව ඉදිරියට පැමිණියා.
Vikram චිත්රපටයේ තවත් කැපී පෙනුණු සාධකයක් වූයේ, කෙටි දර්ශන කාලයක් ඇතුලත් වන චරිතයන්ට පවා හොඳ අවකාශයක් ලබා දීමයි. විශේෂයෙන්ම ටීනා සහ උප්පිලප්පන්ගේ චරිතයන් අමතක කළ නොහැකියි. ඒ සමගම අනිරුද් රවිචන්දර්ගේ පසුබිම් සංගීත අධ්යක්ෂණය, ගිරීෂ් ගංගධාරන්ගේ කැමරාකරණයද ඉතා ඉහල මට්ටමක දක්නට ලැබුනා. Vikram යනු සමස්තයක් වශයෙන් popcorn චිත්රපටයක්. මෙහි කතාවේ විශාල plot එකක් හෝ සංකීර්ණ බවක් ඇතුලත් වන්නේ නැත. නමුත් මෙය ඕනෑම සිනමා ප්රේක්ෂකයෙකුට රස විඳිය හැකි සාර්ථක නිර්මාණයක්. අධ්යක්ෂක Lokesh Kanagaraj ඔහුගේ ප්රේක්ෂකාගාරය හොඳින් හඳුනා ගෙන කරපු චිත්රපටයක් ලෙස Vikram හැඳින්විය හැක.