Veer-Zaara (2004) Hindi | Sinhala Article

Veer-Zaara (2004) Hindi by Nayanathara Rajarathna

VEER – ZAARA ( වීර් සාරා )

ඉන්දු-පාකිස්ථාන දේශ සීමා ඉක්මවූ ආදර අන්දරය….?

ප්‍රේමයට ආගම් භේදයක් තිබෙනවාද…?
ප්‍රේමයට කුල මල , ජාති , වර්ණ , වයස , දේශසීමා භේදයක් තිබෙනවාද…?

නැ… ප්‍රේමය හද තුල උපදින විට ඔය කියන කිසිම දෙයක් ගැන සිතට එන්නේ නැ… ප්‍රේමය එතරම් සුන්දර ඒකයි.. ඔබ කවදා හරි පිට දේශ සිමාවක සිටින අයෙකුට ආදරය කරලා තිබෙනවද… ඔබ නම් කියයි ඔව් ඒ වැනි සුන්දර යුවලවල් ඔනේ තරම් මං දැක ඇති බව… එය ඒතරම් සුන්දර උවත් ඒවැනි කෙනෙක් වෙනුවෙන් තමන්ගේ මුළු ජිවිතයම කැපකරන්න ඔබට පුලුවන් ද…හැමෝටම එක කරන්න බැ… නමුත් එක් තරුණයෙක් වෙන රටක තමන්ගෙ ආදරය අයිති කෙනාව ආරක්ශා කරන්න අවුරුදු විසි දෙකක් වෙනම නමකින් වැරදිකාරයෙක් වෙලා ඉන්න විට…. එක් තරුණියක් තමන්ගෙ ආදරවන්තයගෙ දේශයටම ඇවිත් තමන්ගෙ හීන අතෑරල තමන්ගේ ආදරවන්තයාගේ හීන හැබෑ කරන්න මහන්සි වෙනවා… මෙය අසන විට නම් ඔබට සුරංගනා කතාවක් අසනවා මෙන් හිතෙයි නමුත් මෙයයි සත්‍ය …

ඒ තරුණයා නම් ඔහු නමින් වීර් ප්‍රතාප් සිං වන විට ඇය නමින් සාරා ඛාන් ඔහු ඉන්දියානුවෙක් ඇය පකිස්ථානුවෙක්…. මේ තිබෙන්නේ ඉන්දියාවෙ තරුණයෙක් සහා පාකිස්තානයේ තරුණියකගේ දුක්බර ආදර කතාවයි… ඔබ සිතනවද කාලයට ආදරය වෙනස් කල හැකි කියා… ඒ වගේම ඔබ සිතනවද කාලයට ආදරය අමතක කළ හැකි කියා… නැ.. එසේ කරන්න බැ… එසේ වෙනවා නම් ඔවුන් හද තුල සැබැම ආදරයක් නැ.. මෙයට හොදම උදාහරණයක් තමයි වීර් සාරා ආදරය ….

” ආදිත්‍ය චොප්රා සමඟ සම නිෂ්පාදනය කළ Yash Chopra විසින් අධ්‍යක්ෂණය කරන ලද 2004 ඉන්දියානු හින්දි-භාෂා ආදර චිත්‍රපටයක් තමයි වීර් සාරා කියන්නේ… එහි ෂාරුක් ඛාන් විසින් වීර් ප්‍රතාප් සිං (ඛාන්) ඉන්දීය ගුවන් හමුදා නිලධාරියෙක් ලෙස රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර ප්‍රීති සින්ටා විසින් සාරා හයාත් ඛාන් (සින්ටා) පාකිස්තාන දේශපාලනඥයකුගේ දියණියක් ලෙස රංගනයෙන් දායකත්වය ලබා දෙයි… වීර් බොරු චෝදනා මත සිරගත කරනු ලබන අතර, සාමියා සිද්දිකි (රාණි මුකර්ජි) නම් තරුණ පකිස්තාන නීතිඥවරියක් ඔහුගේ නඩුව සදහා සටන් කරයි… “

වීර් ප්‍රතාප් සිං ඉන්දීය ගුවන් හමුදාවෙ කඩවසම් ආරක්ශක නියමුවා වසර විසි දෙකකට කලින් තමන්ගේ හිත සොරා ගත්ත පාකිස්තානු ආදරවන්තිය සාරා හයත් කාන් සොයාගෙන පාකිස්තානයට පැමිණෙනවා … ඔහුට පාකිස්තානයේදි කොපමන ගැටලු වලට මුහුණ දිමට සිදුවෙයිද… කොපමණ ගැටලු රැසකට මැදි විමට හැකි වෙයිද යන්න වත් හරියට නොදැන ඔහු සියල්ල අමතක කර පැමිණෙන්නේ තමන්ගේ ආදරය සොයාගෙන… අවසානයේ ඔහුට සාරාගෙ පවුලෙ නම්බුවයි වංශයයි ආරක්ශා කරන්න සාරාගෙ අම්මට පොරොන්දු වි තම ආදරවන්තිය තනි කර නැවත හිස් අතින් ආපහු තම මව්රට බලා යාමට සිදුවෙ… අවසානේ ඔහුට උරුම වෙන්නෙ නොකල වරදකට වැරදිකාරයෙක් වෙලා පාකිස්තානයේ අංක 786 විදියට ලාහෝරයේ සිරගෙයක තනිවන්න.. දෙතැනක තනි වි දුක් විදින මේ ආදරනිය යුවල සදහා දෙවියන් මවපු දෙව්දුතියක් තමයි සාමියා… ඇය නොහිටින්න මේ ආදරය කිසිදා එක් නොවනු ඇත…

? Directed by – Yash Chopra

? Written by – Aditya Chopra

? Starring – Shah Rukh Khan
                    Preity Zinta
                    Rani Mukerji

? Cinematography – Anil Mehta

 

චොප්රාට වසර හතකට පසු සිනමාවට නැවත පැමිණීමට අවශ්‍ය විය නමුත් ඔහුට ලැබුණු තිර පිටපත් ගැන ඔහු සෑහීමකට පත් වුයේ නැත… ආදිත්‍ය ඉන්පසුව ඔහු විසින් ලියන ලද කතාවක දර්ශන කිහිපයක් විස්තර කළ අතර, එය චොප්රාගේ සිත් ගත් අතර එය අධ්‍යක්ෂණය කිරීමට ඔහු කැමති විය… චොප්රා මෙම චිත්‍රපටය පන්ජාබ් වෙත උපහාරයක් කිරීමට අදහස් කලේය … ජාවෙඩ් අක්තාර්ගේ පද රචනය සමඟ මදන් මෝහන් විසින් පැරණි රචනා මත පදනම් වූ ශබ්ද පට ඇල්බමය, ඉන්දියාවේ වසරේ වැඩිම අලෙවි වූ ඇල්බමය විය… Veer-Zaara 2004 නොවැම්බර් 12 දිවාලි උත්සවය අතරතුර නිකුත් කරන ලදී…  Veer-Zaara ලොව පුරා *මිලියන 976.4 ඉක්මවූ අතර, ඉන්දියාවේ සහ විදේශීය ප්‍රදේශවල වසරේ වැඩිම ආදායමක් ඉපැයූ ඉන්දියානු චිත්‍රපටය බවට මෙය පත්විය…Veer-Zaara 50 වැනි ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලේදී ප්‍රමුඛ නාමයෝජනා 15ක් ලබා ගත් අතර හොඳම චිත්‍රපටය සහ හොඳම කතාව (ආදිත්‍ය චොප්රා) ඇතුළුව සම්මාන 4ක් දිනා ගත්තේය. 6 වැනි IIFA සම්මාන උළෙලේදී, මෙම චිත්‍රපටය හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය (යෂ් චොප්රා), හොඳම නළුවා (ඛාන්), හොඳම සහය නිළිය (මුකර්ජි) සහ හොඳම සංගීත අධ්‍යක්ෂණය (මෝහන්) ඇතුළුව ප්‍රමුඛතම සම්මාන 7ක් දිනා ගත්තේය…

වීර් සිරමැදිරියේ දුක් විදින විට
වීර් මේ ලොව අතහැර ගොසින් කියන පණිවිඩයට කම්පා වු සාරා විවාහයට සමු දි ඉන්දියාවේ ලෝඩි ගම්මානයේ වීර්ගේ මාමාගේ කාන්තා උසස් පාසලක් තැනීමේ සිහිනය ඉටු කිරිමට වෙහෙසෙයි… සමහර බැඳීම් අප දන්නෙම නැතුව අප තුළට පැමිණ ජීවිතේ හින පවා වෙනස් කර යනවා… වීර් සාරා ගෙත් ආදරය එසෙමයි… Veer-Zaara යන සුරගන කතාව වයස් භේදයකින් තොරව සෑම සිනමා රසිකයෙකුගේම සිත් තුළ ආදරයක් උන්මාදයක් කදුළක් මුසු කල චිත්‍රපටයක්…. මෙහි එන ගීත ඉතාමත් සුන්දරයි වගේම රසික සිත් ඇද බැද තාබාගනි… අලංකාරවත් සංස්කරණයක් සහා පසුතලයන්,අංග රචනය , කැමරාකරණය, අධ්‍යක්ෂණය, තිර රචනය යන සියලු දෙයම ඉතාමත් විශිෂ්ට ලෙස නිමකර තිබෙනවා …

දේශසීමාවෙදිමයි ඔහුට ඇයව හමු වුනේ…
ඔහුට ඇයව අහිමි උනෙත් මෙ දේශසීමාවෙදිමයි …ඒ වගේම ඔහුට නැවත ඇයව හමු උනෙත් මේ දේශසීමාවෙදිමයි … මෙය පුදුම ආදරයක්… ආදහාගත නොහැකි ආදරයක්… තම ආදරය මියදි නැවත උපන්නෙත් එකම බිමක …

වීර් නඩුව අවසානයේ මෙසේ කියයි…

මම සිරකරු අංක 786
සිර කුටියෙන් පිටත බලනවා… හරිත කෙත් වතු , සිසාරා විහිදුනු නිල් අහස මගේ දේශයේ කෙත් වතුයි නිල් අහසටයි සමානයි… ඉතින් මේ දේශයත් මගේ දේශයටම සමානයි ….

මම සිරකරු අංක 786
සිර කුටියෙන් පිටත බලනවා… මට උදව් කරන්න දිවිහිමියෙන් කැප වුනු දිව්‍යාංගනාවක් මගෙ නෙත ගැටෙනවා ඒ මගේ මාල්තී වගේම මට සෙනෙහස දුන්නු සුරංගනාවියක් .. ඉතින් මෙහෙ මිනිස්සු මගෙ දේශයේ මිනිස්සු වගේමයි..ඇයගේ අම්මගෙ රසවත් ලඩ්ඩු වල රසය මගෙ මාල්තී අම්මගෙ ලඩ්ඩු වල රසයට සමානයි…  ඉතින් මෙහෙ මිනිස්සුත් මගෙ රටේ මිනිස්සු වගේම තමයි….

මම සිරකරු අංක 786
සිර මැදිරියෙන් පිටත බලනවා…මම එදා දැකපු සාරාට වඩා වෙනස් සාරාවක් දකිනවා… ඇය දිරිය කාන්තාවක් වෙලා මගෙ හීන වලට පණ දෙන්න මගෙ මවුරටට වෙලා. ඉතින් මේ දේශයේ මනුශ්‍යයෝත් මගේ දේශයේ මිනිසුන් වගේමයි…

මම සිරකරු අංක 786
සිර මැදිරියෙන් පිටත බලනවා… මගෙ නිදහස වෙනුවෙන් සතුටු කදුලු හෙලන මිනිසුන් මගෙ නෙත ගැටෙනවා…. මගෙ දේශයේත් මගේ සතුට වෙනුවෙන් සතුටු උනු මිනිසුන් මගේ නෙත ගැටුනා…… ඉතින් මේ දේශයේත් මගේ දේශයේත් ඉන්නෙ එකම මනුශ්‍යයෝම තමා …….

අවසානය දුක මුහු වුන සතුටක් වසර විසිදෙකකට පසු ඔවුන් යළිත් එක් වෙයි… ඒ තරම් සතුටක් මෙලොව වෙන කොහින්ද…

නයනතාරා රාජරත්න

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *