Varsham (2014) Malayalam | Sinhala Article

Varsham (2014) Malayalam

Drama/Romance ‧ 2h 30m

93% liked this film Google users

වේනුගෝපාල්, නැතහොත් සියලු දෙනාම ඔහුව හඳුන්වන පරිදි ‘වේනු’ සුළු පරිමාණ වාණිජ බැංකුවක හිමිකරුවෙකි. ඔහුගේ බිරිඳ නන්දනී ද විවාහයට පෙර බැංකුවක සේවය කල නමුත් දැන් රැකියාවෙන් ඉවත් වී නිවසේ කටයුතු බලාගනින් සිටියි. ඔවුන්ගේ එකම දරුවා නමින් ආනන්ද් වන අතර ඔහු තවමත් පාසල් අධ්යාපනය ලබයි. වේනු ගේ ලෝකය සම්පූර්ණයෙන්ම නිවසටත්, බැංකුවටත්, බිරිඳ සහ දරුවාට ත් සීමා වී ඇත. අසල්වාසීන් පිළිබඳව ඔහු එතරම් තැකීමක් නොකරන බැවින් වේනු ගේ ඇතැම් ක්රියාකලාපයන් නිසා අසල්වැසියන් බරපතල ලෙස සිත් රිදවාගැනීම් ඇති කර ගන්නවා මෙන්ම අපහසුතාවයන් වලට ද මුණුණ දෙති.
එක් උදෑසනක ආනන්ද් නිවසේ සිය කාමරය තුළ ම මිය ගොස් සිටිනු දකින වේනු සහ නන්දනී දැඩි ශෝකයටත් කම්පාවටත් පත් වෙති.
ආනන්ද් ගේ අබිරහස් මරණයට හේතුව කුමක් ද?
එය මිනීමැරුමක් ද සියදිවි නසාගැනීමක් ද?
දරුවාගේ මරණයෙන් පසු වේනු සහ නන්දනී ගේ ජීවිතය කුමනාකාර වේවි ද?
   ………………………………………………………….
Ranjith Sankar
ධ්යක්ෂණය: රන්ජිත් ශංකර්
පිටපත: රන්ජිත් ශංකර්
රංගනය:
මම්මුති (වේනු)
ආශා සරත් (නන්දනී)
මම්තා මෝහන්දාස් (Dr. ජයශ්රී)
ප්රජ්වාල් ප්රසාද් (ආනන්ද්)
සම්මාන:
17 වන ඒශියානෙට් ෆිල්ම් අවොර්ඩ්ස්, 62 වන ෆිල්ම්ෆෙයා සවුත් සහ වනිතා ෆිල්ම් අවෝර්ඩ්ස් (2014) යන සම්මාන උළෙල ත්රිත්වයේදී ම මම්මුති විසින් බෙස්ට් ඇක්ටර් සම්මානය දිනාගන්නා ලදී. Ramu Kariat Movie Awards (2014) සිනමා සම්මාන උළෙලේදී ආශා සරත් මෙහි රංගනය වෙනුවෙන් Best Actress සම්මානය දිනා ගන්නා ලදී.
………………………………………………………….
නොමඳ විචාරක සහ ප්රේක්ෂක පැසසුමට ලක් වුනු වර්ශම් චිත්රපටිය ආදායම් වාර්තා අතරද සාර්ථකත්වයට පත් වන්නේ රංගනය,අධ්යක්ෂණය, සහ පිටපත ආදී සියලු කරුණු වලින් අංගසම්පූර්ණ චිත්රපටයක් බවට පත් වෙමිනි. සාමාන්යයෙන් සටන් ජවනිකා ආදියෙන් තොර මෙම චිත්රපටිය 100% ම නළු නිළියන්ගේ රංගන හැකියාව මත ම පමණක් ප්රේක්ෂක ප්රතිචාරය සහ අවධානය දිනාගත් චිත්රපටියක් ලෙස හැඳින්වීමේ වරදක් නැත.
Directed by Ranjith Sankar
Written by Ranjith Sankar
Produced by
Starring
Cinematography Manoj Pillai
Edited by Sagar Dass
Music by Bijibal
Distributed by
  • Play House Release
  • Dreams and Beyonds
  • Tricolor Entertainment
Release date
  • 6 November 2014
Running time
138 minutes[1]

ඉන්දීවරී හේරත්

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *