Valliettan (2000) Malayalam | Sinhala Article

Valliettan (2000) Malayalam

89% liked this film Google users

පවුලේ පාරම්පරික නිවසක් සම්බන්ධව පැවරූ නඩුවකින් මාධවන් උන්නි නායර් තම පියාගේ සහෝදරයා වන කුට්ටි ක්රිශ්නන් නායර් පරදවා ජයග්රහණය ලබයි. නමුත් කුට්ටි ක්රිශ්ණන් ගේ පුත්රයා සහ මාධවන්ගේ ඥාති සහෝදරයා වන සිවරාමන් කිසිසේත්ම එම සිදුවීම අමතක නොකරන ලද අතර අවස්ථාවක් ලද සැනින් මාධවන් උන්නිගෙන් පළිගැනීමේ චේතනාවෙන් පෙලෙයි.
මාධවන් උන්නි තම සහෝදරයින් සිව් දෙනා ද සමග නැවතත් තම පැරණි නිවසේ පදිංචියට පැමිණෙන අතර ඔවුන් එතෙක් කල් සිටි නිවස ගමට අලුතින් පැමිණි පාසල් ගුරුවරිය වන දේවි වෙත කුලියට දෙනු ලබයි. මාධවන් උන්නි තවමත් අවිවාහක නිසාත් විවාහයක් පිළිබඳව ඔහු තුළ එතරම් යහපත් ආකල්පයක් නැති නිසාත් වඩාත්ම දුෂ්කරතාවයන්ට මුහුණ දීමට සිදුවී ඇත්තේ රඝු, දාසන්, ශංකරන් කුට්ටි සහ අප්පු යන මාධවන්ගේ සහෝදරයන් හට ය. තම සිත් ගත් ගැහැණු ළමයෙක් හමුවීමට පවා ඔවුන් යන්නෙ තම ලොකු අයියාට හොරෙනි.
මෙලෙස ගෙවෙන මාධවන් උන්නි සහ ඔහුගේ සහෝරයින්ගේ ජීවිත කෙරෙහි බලපෑමක් කිරීමට සිවරාමන්ට හැකි වේවි ද?
………………………………………………………….
Shaji Kailas
අධ්යක්ෂණය: ශාජි කයිලාස්
පිටපත: රන්ජිත්
රංගනය:
මම්මුති (මාධවන් උන්නි නායර්)
ශෝභනා (දේවි)
සිද්දික් (රඝු)
මනෝජ් k. ජයන් (දාසන්)
සුධීශ් (ශන්කරන් කුට්ටි)
විජයකුමාර් (අප්පු)
බොක්ස්ඔෆිස්:
වලියේට්ටන් චිත්රපටිය 2000 වසරේ වැඩිම ආදායමක් ඉපයූ චිත්රපටි අතර තුන්වන තැන හිමි කරගෙන ඇත.
                            ………………………………………………………….
වලියේට්ටන් යන වචනයේ තේරුම ‘ලොකු අයියා’ යන්නයි. පවුලක ලොකු අයියා වීම කිසිසේත්ම පහසු කාරණයක් නොවෙයි. මම්මුති ගේ පැරණි චිත්රපට රංගනය නැවතත ප්රේක්ෂකයාට සිහිගන්වන වලියේට්ටන් වාසල්යම් සේම කේරළ ප්රේක්ෂකාගාරය විසින් උණුසුම් ව වැළඳගත් චිත්රපටියකි. සටන් ජවනිකා,ගීත, නර්තනයන් ආදීයෙන් යුතුව අංගසම්පූර්ණ family audience චිත්රපටියකි වලියේට්ටන්.
Directed by Shaji Kailas
Written by Ranjith
Produced by Anil Ambalakkara
Baiju Ambalakkara
Starring
Cinematography Ravi Varman
Edited by L. Bhoominathan
Music by Rajamani
Mohan Sitara
Production
company
Ambalakkara Films
Distributed by
  • Amma Arts
  • Sagar Movies
  • Rajashree Pictures
Release date
  • 10 September 2000
Running time
170 minutes
Country India
Language Malayalam
Download

ඉන්දීවරී හේරත්

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *