Valimai (2021) Tamil Update

Valimai (2021) Tamil Update

අජිත් කුමාර් රගපාන වලිමයි චිත්රපටියේ ප්රතම ගීතය නිකුත් වුන අතර එය යුවන් ශංකර් රාජා විසින් සංගීතවත් කර ඇත. ” නාංග වේර මාරි “ යන ගීතය රසිකයන් අතරේ දැඩි රුචිකත්වට පත්වී ඇත . එච්. විනොද් අධ්යක්ෂණයෙන් හා බොනි කපුර්ගේ නිෂ්පාදනයෙන් පසුගිය වසර දෙකක කාලයක් අජිත් රගපාන චිත්රපටය වලිමයි. මෙය අජිත්ගේ 60 වන සිනමාවයි. මෙහි අජිත් සමග හිමා කුරේෂි රගපානවා ඇත . විල්ලන්ලෙස කාර්තිකේයා ද මොවුන් හා එක්වන්නේ යෝගිබාබු ද එක්වන වගයි. සංගීතය යුවන් ශංකර් රාජා ගෙනි.

රුසියාවට ගිය දර්ශනයන්.

කොරෝනා වැනි හේතුන් නිසා මෙහි රූගතකිරීම් පසුබෑමට ලක්වෙලා තිබුනා. අජිත් විසින් රගපෑමට තිබු අවසන්පූර්ව සටන් ජවනිකා කිහීපයක් විදේශයන්හි රූගත කිරීමට තීරණය කර තිබුණා . මුලදී මේ රූගතකිරීම් ස්පාඤ්ඤයේ කිරීමට තීරණය කර සිටියා . නමුත් දන් එය රුසියාවේ රූගත කිරීම් කිරීමට තීරණය කර ඇති බව සැලයි . දින 10 ක රූගත කිරීම් ඉතිරියි. රුසියාවේ සැලසුම් කර ඇති දර්ශනයන් දින 5කින් අවසන් කිරීමට ඇති බැවින්. දින 10ක් ඇතුලත රූගතකිරීම් ඇතුළු සියලු කටයුතු අවසන් කරන බවට බොනි කපුර් විසින් දන්වා ඇත . මේ වසර අවසානයේදී චිත්රපටය තිරගත කිරීමට සැලසුම් කර ඇති බව කියනු ලැබේ. එබැවින් විදේශීය රෑගතකිරිම් අවසන් වූ වහම තිරගතවන දිනය දැන්වීයි කියා බලාපොරොත්තු වෙයි.

බලාපොරොත්තුව ඉහල දැමු වලිමයි

අජිත් වලිමයි හී තරුණයෙක් ලෙස පොලිස් චරිතයක් රගපානවා ඇත . ඒ නීතිවිරෝධී මෝටර්සයිකල් ධාවකයන්ට එරෙහිව නීතිය ක්රියාත්මක කරන පොලිස් නිළධාරියෙක් ලෙසයි. හැගීම්බර, ක්රියාදාම , මොටර්සයිකල් ධාවනය වැනි මිශ්ර චිත්රපටයයි මේ වලිමයි. වසර දෙකකට පසුව එන අජිත්ගේ චිත්රපටයක් බැවින්. රසිකයන් ඉහල බලාපොරොත්තුවකින් පසුවෙයි.

රසිකයන් සැමරු ෆස්ට්ලුක් එක.

සති කිහීපයකට පෙර බොනි කපුර් ඉදිරිපත් කල වලිමයි හි ෆර්ස්ලුක් එක හා මෝෂන් පෝස්ටරය චිත්රපටය ගැන ඇති කුතුහලය වැඩි කර ඇත. වලිමයි හී ටීසරය අගෝස්තු 15 වන දින නිකුත් කිරීමට සැලසුම් කර ඇති අතර මෙහි පලවෙනි ගීතය ගැම්මක් ඇති ගීතයක් වී ඇත.

නටන්නට සැලසු අපි වෙනස්

වලිමයි හී ගීත විග්නේෂ් සිවන් හා අරිවු විසින් රචනා කර ඇත. නටන්න සලස්වන සංගීතය සමගින් “අපේ විදිය වෙනස් “ කියා පටන් ගන්නා ගීතය අජිත් රසිකයන් ඉහලින්ම සමරනව දකින්න ලැබෙනබා. තරුණ පෙනුමකින් ධනාත්මක වදන්වලින් නටන අජිත් ගේ මෙම ගීතය ඉහල ඉල්ලුමක් ඇති කර ඇත.

විනාඩි 10 ලක්ෂ 10ක් බලලද ?

සෝනි මියුසික් විසින් youtube හරහා නිකුත් කල මෙම ගීතය නිකුත් වී විනාඩි දහකින් ලක්ෂ 5 කට වඩා බලා ලයික් කර ඇති බව සැලයි. සෑම දිනයක්ම හොද දිනයයි සෑම වෙලාවක්ම හොද වෙලාවයි යන වදන්වලින් සැරසුන විග්නේෂ් සිවන් ලියු ගීතයට අජිත් ගැම්මට වාඩිවි සිටින දර්ශනයකින් අජිත්ව පෙනවන අතර ඔහු වටා සංගීත භාණ්ඩ සමග විශාල පිරිසක් නටන දර්ශනයක් වීඩියෝවේ ඇත.

තොරතුරු අන්තර් ජාලයෙනි

පීටර් බාත්ලට්

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *