VAARANAM AAYIRAM (2008) Tamil by Ashini Randini
? Spoiler Alert ?
පුංචි දරු පැටවු රෑ අහසෙ තාරකා දිහා නෙත් යොමාගෙන ඒවයේ විශ්මය රසවිඳිනකොට ආදරණීය පියවරු කරන්නෙ ඒ තාරකා දරුවන්ට හිමි කරදෙන්න ඔවුන්ව කරමත පින්නගෙන ජීවිත කාලය මුලුල්ලෙම වෙහෙසෙන එක. ❤️
තාත්තල කියන්නෙ තමන්ගෙ අමාරුකම් හංගගෙන තමන්ගෙ අඩුපාඩුකම් ඉදිරියට නොවෙන්න වගබලාගෙන දරුවන් ආරක්ශා කරන උදවියට . තාත්තලාට මොන නස්පැත්තියක් සිද්ධ උනත් කාරියක් නෑ දරුවො රැකෙනව නම් ඒ ඇති. එච්චරමයි වෙන්නෝනෙ . ❤️
මගේ තාත්තත් බොහෝම කාලෙකට කලියෙන් වාහන පින්තාරු කරන මොහොතවල් වලදි ඊයම් අංශු ධූලි අංශු අපේ නාස් පුඩු වලින් බිඳක්වත් ඇතුලට යන්න නොදී අපිව පුදුමාකාර විදියට රැක්ක. ඒ වෙලාවට මාවයි අක්කවයි ගේ ඇතුලටම යවල අඩියක්වත් එලියට තියන්න නොදී අපිව ආරක්ශා කලත් තාත්තා නම් මුව ආවරණයක්වත් පැලඳුවෙ නෑ. ඉතින් තාත්තලාගෙ ආදරේ ඒ වගේ. නොපෙන්නුවාට හදපත්ලේ සැඟවිලා තියෙනව මහා බලගතු ලෙංගතුකමක්. ❤️
සූරියාගෙ තාත්තත් එහෙම පුද්ගලයෙක් . දුම්වැටියක් තාත්තගෙ අතේ නිතරම රැඳුනත් බහ තෝරන සන්ධියේ ඉඳන් එක දශමයක්වත් අඩුම තරමින් සිගරට් කොටයක් කොයි වගේද බලන්නවත් අවස්තාවක් සූරියාගෙ තාත්තා සූරියාට දුන්නෙ නෑ. ❤️
මේ එහෙවු තාත්තෙකුගෙ ආදරයකින් ගොඩනැගුනු පවුරකින් වටවුනු නිහඬ ශක්තිමත් ලෝකයක කතන්දරයක් . අප්‍රමාණ ලෙංගතුකම් පිරුනු අහස උසට සුවඳ හමන ගුන දම් වලින් ඔද වැඩුනු ආදරණීය මනුස්සයෙක් විදියට සූරියාට හුස්ම ගන්න වපසරිය හදල දීපු තාත්තෙකුගෙ ආදරයක් ගැන කියවුනු කතන්දරයක් . මේකෙ කතන්දර ගොන්නක් තිබුනත් ලපටි දලු රාශියක් දරාගෙන ඉන්න මහා වෘක්ශයක අරටුවක් වගේ හැමෝගෙම ජීවිත වල සාර්ථකත්වය පැවැත්ම, කොටින්ම කිව්වොත් හැම කෙනෙකුගෙම හැම කතාවක්ම රැඳිල තිබුනෙ මේ තාත්තගෙ අතේ.❤️
සූරියාට වගේම නංගි ශ්රෙයාටත් ජීවිතේ වැටෙන තැන් වලදි නැගිටල ඉස්සරහට ගිහින් කකුල් දෙකෙන් හිටගන්න කියල දුන්නෙ තාත්තා. මුලු පවුලටම යෝධ ශක්තියක් වෙන ගමන් සූර්යා වැරදි පාරක ගියොත් හීනියට ටොක්කක් ඇනල ආයෙමත් හරි පාරෙන් ගෙනත් තිබ්බෙ තාත්තා . බිඳෙන හීන වගේම හිතේ උපදින හීන වලට පණ දුන්නෙ තාත්තා .❤️
සූරියාගෙ තාත්ත මේ ලෝකයේ අන්තිම තත්පර කීපය ගත කරනකොට සූරියා හිටියෙ තමන්ගෙ මවුබිම වෙනුවෙන් ලොකු සටනක . කඳුලු හිර කරගෙන තමන්ගෙ අතීත මතක අහුලන එක ඇරෙන්න ඒ වෙලාවෙ කරන්න වෙන කිසිම දෙයක් සූරියාට තිබුනෙ නෑ .
? මට මේඝ්නාව දැකපු වෙලාවෙ උනෙත් මම හිතන්නෙ තාත්ත අපෙ අම්මව දැකපු වෙලාවෙ තාත්තට උනු දේමයි. මට දැනුනෙත් එයාව මගේ කරගන්නම ඕනෙ කියල . මට හුඟාක් හීන මගහැරුනත් එයාව මගේ කරගන්න හීනෙ අතාරින්න ඕනෙ උනේ නෑ . ඉගෙනගන්න රට යන්න බැරි වුනු ඔලමොට්ටල මාව මේඝ්නාව හොයාගෙන රට යන්න කිව්වෙ තාත්තා …
? යන්න සූරියා. එයාව ගෙදර එක්කගෙන එන්න. පරිස්සමෙන් ඉන්න .
ජීවිතයේ දෛවෝපගත නිමේශයන් එලඹෙන්නෙ අපිට කියල නෙමෙයි. අපි දන්නෙවත් නෑ ඒ මොහොතවල් අපේ ජීවිතයට කොයි ආකාරයකට කොයි මොහොතක උදා වෙයිද කියල . සමහරවිට ඒ බලාපොරොත්තු නොවූ අහඹු නිමේශයන් නීරස කර්කශ වෙන්නත් පුලුවන් . සමහරවිට ඒ නිමේශයන් හරිම සුන්දර වෙන්නත් පුලුවන් . ඒත් සූරියාගෙ දෛවයේ තීරණාත්මකම අවධියක ලියවිලා තිබුනෙ කර්කශ නිමේශයක් .
නොහිතපු මොහොතක මේඝ්නා සූරියගෙන් සදහටම සමු අරන් අහසෙ තරු අතරට ගියාම හැමදාමත් තමන් එක්කම ඉන්න හීන මාලිගා හදල මේ ලෝකෙම අතෑරල ගියපු ආදරිය වෙනුවෙන් මුහුදු හතක් එහා ඉඳන් තාත්තාගෙ උරහිස මවාගෙන කඳුලු හලන එක ඇරෙන්න වෙන කරන්න දෙයක් සූරියාට හිතාගන්නවත් බැරි උනු අවස්තාවක් උදා උනා. ❤️
අපිට දරාගන්න උහුලාගන්න හුඟාක් අපහසු මොහොතක් එලඹුනාම අපි තදින් ආදරෙන් ඇබ්බැහි වෙලා උන්නු දෙයක් අපෙන් ඈත් උනාම හුඟාක් මනුස්ස ප්‍රාණීන් කරන්නෙ මොනාම හරි දේකට තදින්ම බලෙන්ම ලං වෙලා කලින් ඇබ්බැහි උනු දේ වෙනුවට අලුත් ඇබ්බැහියක් ආදේශ කරල අයිති කරගන්න එක. ඒ දේ දුක වේදනාව තුනී කරගන්න පාවිච්චි කරන නිසාම ඒ දේ නරකක් උනත් හොඳක් උනත් එවෙලෙට කවුරුත් තැකීමක් කරගන්නෙ නෑ. ❤️
මේඝ්නාගේ මතකයෙන් ඈත් වෙන්න මත්ද්‍රව්‍ය මාරයාව ලං කරගෙන ඒකෙන් මුදවගන්න බැරිම තැන සූරියාගෙ තාත්ත අම්ම එක්ක එකතු වෙලා කරන්නෙ සූරියාව දවස් ගාණක් කාමරේට දාල අගුලු දාල හිර කරන එක.
අතීත මතකයක් අමතක කරන්නවත් වෙනස් කරන්නවත් අතුගාල කටුගාල දමන්නවත් සංස්කරණය කරන්නවත් බෑ කල යුතු එකම දේ අතීතය හිස නමල භාරගන්න එක කියල සූරියාට තේරුම් කරල දුන්නෙ තාත්තා .❤️
කම්පනය අහවර උනයින් පස්සෙ සූරියාට එයාටම විතරක් අයිති ලෝකය හොයාගන්න උදව් කලේ තාත්තා . ඇත්තම සූරියාව සූරියාම හොයාගත්තෙ තාත්ත නිසා. තමන්ට ඇත්තටම අයිති මොකක්ද කියල හොයාගත්තෙ තාත්ත නිසා.
?යන්න පුතේ. පුලුවන් තරම් දුරක් නිදහසේ ගිහින් ආපහු අපි ලඟටම එන්න.
ප්‍රියා එක්ක අලුත් ජීවිත පරිච්ඡේදයක් පෙරලන්න කටුක බව පිරුනු අඳුරු කුටියෙන් එලියට එන්න සූරියාට පාර පෙන්නුවේ ආදරණීය තාත්තා.
? පුතාට එයාව හොයාගන්න ඉඩ දෙන්න . එයා අයිති කොහෙටද කියල එයා දැන් දන්නව. එයා කැමති දේ කරල එයාට ජීවිතේ විඳින්න දෙන්න.
මේඝ්නාව කාලයකට කලියෙන් උදුරගත්ත රුදුරු ත්‍රස්තවාදය මැඩලන්න රණවිරුවෙක් වෙන්න සූරියා අවසරය අයදිනකොට එහෙම කියල සූරියාගෙ හීන ලඟට එයාව තවත් කිට්ටු කලේ තාත්තා. ❤️
හැම දරුවෙකුටම තමන්ගෙ තාත්තත් තමන් ලඟ හිටිය නම් කියල හිතෙන හුදකලා මොහොතවල් අනිවාර්යයෙන්ම උදා වෙනව. ඉතින් සූරියා දරුනු ක්‍රියාන්විත වල ඉන්නකොටත් මතකය පුරාම හොල්මන් කෙරුනෙ ආදරණීය තාත්තා කියල දුන්නු දේවල් . ❤️
මරණීය ව්‍යාධියක් මුලු සිරුරම වහගෙන නැගී ඉන්නකොට ඕනෙම මනුස්සයකුට උවමනා වෙන්නෙ ජීවිතය. ඒත් සූරියාගෙ තාත්තා කරන්නෙ බොහොම ආදරණීය ඉල්ලීම්.
? පුතේ මුනුබුරා මගෙන් කතන්දර අහනව. උගුරෙ පිලිකාව නිසා මට කතා කරන්න අමාරුයි . එයාට මාව අමතක වෙලා යයි . මම ගැන කතන්දර කියල දෙන්න . මාව අමතක වෙන්න දෙන්නෙපා . ඔයාල සතුටින් ඉන්න.
තමන්ගෙ ලෙයින් උපන් දරුවන්ගෙත් ලෙයට ආදරේ කරන ආදරණීය පියවරයකුගෙ ධාරක ස්නේහය ගැන කියන්න තවත් අටුවා ටීකා කුමටද ….❤️
සූරියාගේ තාත්තා මේ ලෝකයෙන් යන්නෙ හරිම ලස්සන ආදරණීය පාඩමක් උගන්වලා.
❤️ මොන දේ ජීවිතය ඇතුලෙ සිද්ධ උනත් අපි ජීවිතයේ ඉස්සරහට යා යුතුමයි …
– Whatever happens , Life has to go on –
සූරියාගෙ තාත්තා උගන්නපු පාඩම මේ කාල වකවානුවටත් බොහොම අදාලයි. ජීවිතයේ බාධක බොහෝසෙයින් පැමිණියත් මොන දුකක් උරුම උනත් පැමිනි දුක් පැනි රසයි කියල හිතේ තියාගෙන අපි ජීවිතය ඉස්සරහට යා යුතුමයි. එන කරදර ජීවිතයට එන එක් පරිච්ඡේදයක් පමණයි . අපිට තව යා යුතු දුර බොහෝමයි .සමහර මොහොතවල් තියෙනවා කාලය කොයිතරම් ඉගිලුනත් අපි එකම තැනක කියල හිතෙන. ඒත් එහෙම නොසිතා අපි ඉදිරියට යා යුතුමයි . ❤️
සූරියාගෙ තාත්තාගෙ ආදරණීය පාඩම් වගේම තාත්තාගෙ මතක සදා අමරණීයයි. ආදරණීයයන් දායාද කරල ගියපු මතක වලින් කොයිතරම් කාලයක් ගියත් හමන්නෙ අර පරන සුපුරුදු නැවුම් පුසුඹමයි. ❤️
මාව පුදුම තරම් සංවේදී කරපු ආදරණීය පියවරයකු ජීවත් වුනු මේ සලරුවෙන් උගත් තවත් අපූරු දෙයකින් මම සටහනේ නිමාව සනිටුහන් කරන්නම් ..
❤️ අපි හුඟාක් ලෙංගතු වන පුද්ගලයන් අපගේ ජීවිතයට එන්නෙ කවදාකහරි අපිට ඒ අය නැතිව ශක්තිමත්ව ජීවත් වෙන හැටි උගන්නල යන්න ❤️
හරියට සූරියා කෙලින් හිටගන්නකල් බලා ඉඳල සුලැඟිල්ලෙන් අතෑරපු තාත්තයි , සොඳුරු මතක ගොන්නක් සූරියාගෙ ජීවිතේට ඉතිරි කරල ඔහු තුලින් ආදරණීය සැමියෙක් ප්‍රේමවන්තයෙක් බිහි වෙන්න මූලික අඩිතාලම තනල ගියපු මේඝ්නායි වගේ. ❤️
උපසිරැසි තියනවද
සිංහල සබ් නෑ