Untold Story Of Tom Cruise
Hollywood Actor
එදත් අදත් කවදාත් එකෙන්ම වැඩ්ඩෙක් ❤ පොරට තියෙන ඒ Confidence Level එක අද කාලේ ඉන්න තරුණයෙක්ට වත් නෑ…
මේ ටික කාලෙකට කලින් එයා ගැන දැම්ම Untold Story එක ⬇️
අද මම එක සුපර් හීරෝ කෙනෙක් ගැන තමයි කතා කරන්න යන්නේ, හැබැයි Marvel, DC ෆේක් සුපර් හීරෝස් ගැන නෙමෙයි, රියල් සුපර් හීරෝ කෙනෙක් ගැන තමයි මම අද කතා කරන්න යන්නේ. එ වෙන කවුරුත් නෙවෙයි. හොලිවුඩ් සිනමාවේ සුපිරිම තරුවක් වෙන, (tom cruise),.ඉතින් එයා කොමද සුපර් හීරෝ කෙනෙක් විදිහට මාරු වුනේ කියලා තමයි අද කතා කරන්න යන්නේ.
අපි හැමෝම tom cruise කියලා කිව්වම, ඉස්සෙල්ලාම මතක් වෙන්නේ. Mission impossible collection එක තමයි, එ චිත්‍රපටි වලින් එයාට, හොලිවුඩ් කියනවට වඩා, මුලු ලෝකෙන්ම ලොකු ෆෑන් බේස් එකක් ලැබුනා , මේ mission impossible චිත්‍රපටය ගොඩක් දෙනෙක් දන්න චිත්‍රපටයක්, එකට හේතුව එ චිත්‍රපටයේ තියෙන රියල් ස්ටන්ට්.,හැබැයි මේ චිත්‍රපටය වඩා , ගොඩක් දෙනෙක් tom cruise ව දන්නවා, එකට හේතුව, mission impossible එකේ තියෙන හැම ස්ටන්ට් එකක්ම, කිසිම ස්ටන්ට් මෑන් කෙනෙක්ව පාවිච්චි නොකර,tom cruise ම එ දේ රියල්ව කරන නිසා. ඊටත් වඩා green screen නැතුව, එ කියන්නේ vfx නැතුව, එයා ඒ දේ රියල් එකට කරන නිසා, ලොකු ෆෑන් බේස් එකක් තියෙනවා එයාට.
මේ රියල් ස්ටන්ට් එක ඉස්සෙල්ලාම ආරම්භ වුනේ, mission impossible part 3 එකෙන්, හැබැයි ඒ දේ හරියටම වැඩ කරේ, mission impossible part 4 එකෙන්, එ කියන්නේ mission impossible ghost protocol, ඒ චිත්‍රපටයේ ලොකු ගොඩනැගිල්ලක් උඩකට එලි පැත්තෙන් ඉදලා නගින විදිහට පොඩි සීන් එකක් තියෙනවා, එ සීන් එක ඇවිල්ලා tom cruise කිසිම ස්ටන්ට් මෑන් කෙනෙක්ගෙන් උදව්වක් නැතුව, තනියෙන්ම ඒ වැඩේ කරලා තියෙනවා, එ විතරක් නෙමෙයි, එ ගොඩනැගිල්ලේ උඩටම නැගලා, මට කිසිම බයක් කියලා දෙයක් නෑ බන් කියනවා වගේ, ඒ ගොඩනැගිල්ලේ උඩටම නැගලා, එතන ඉදගෙන, ෆොටෝ එකක් අරගෙන ලෝකෙට පෙන්නමු කරා, අඩු ගානේ කකුලට සෙරෙප්පුවක් වත් දාගෙන නෑ එ වෙලාවේ. ඇත්තටම කිව්වොත් එයා බයක් නැති මනුස්සයෙක් තමයි. ඉතින් මීට වඩා එයා තව මොනාද කරන්න යන්නේ කියලා හිතාගෙන ඉන්නකොට තමයි, mission impossible part 5 ආවේ.
අපි හැමෝම බස් එකේ ෆුඩ් බෝඩ් යනවට ගොඩක් කැමති, එ කියන්නේ බස් එකේ, දොර ගාව ඉටගෙන යනවට, හැබැයි අපේ tom cruise අපිට වඩා පස්ගුනයක්ම ඉස්සරහට ගිල්ලා, airplane එකේ ෆුඩ් බෝඩ් ගැව්වා, එ කියන්නේ airplane එකේ දොරේ එල්ලීගෙන ගියා, ??, කෝමත් 30 තව්සන් ෆීට්, කිසිම අත් උදව්වක් නැතුව, එයාව අල්ලගෙන ඉන්න කේබල් එක විතරක් විශ්වාස කරගෙන, ඒ දේ ගැම්මට කරා, ඇත්තටම කිව්වොත් මේ වගේ ස්ටන්ට් එකක් ලේසියෙන් නළුවෙක්, කොච්චර සේව්ටි දෙනවා කිව්වත් තෝර ගන්නේ නෑ, හැබැයි tom cruise කිසිම කෙනෙක්ගෙන් උදව්වක් නැතුව ඒ දේ හරියට කරා. ඒ වගේම තමයි underground water ස්ටන්ට් එකක් තියෙනවා එ චිත්‍රපටයේ, එ දේ කෝමත් විනාඩි 6යි තප්පර 34ක් උස්ම හිර කරගෙන, ඒ දේ රියල් එකට කරලා තියෙනවා. මේ විදිහට බලනකොට, එයා ටික ටික සුපර් හීරෝ කෙනෙක් විදිහටම මාරු වුනා.
හැබැයි 2018 වර්ෂයේ තිරගත වුන mission impossible part 6 චිත්‍රපටයෙන්. එයා ඇත්තටම සුපර් හීරෝ කෙනෙක් තමයි කියලා ඔප්පු කරලා පෙන්නුවා. එයාගේ රියල් ස්ටන්ට් හැකියාව තව ටිකක් රියල් කරලා තිබ්බා, mission impossible part 6 චිත්‍රපටයෙන්. පධාන ස්ටන්ට් 5,6ක් විතර තියෙනවා, ⬇️
පලවෙනි එක The Motorcycle Chase, මේ සීන් එකේ, කෝමත් පැයට කිලෝ මීටර් 120ක් වේගයකින් එ බයික් එක එයා පදින්න ඕනේ.හැබැයි එකේ බරපතල කම, ඕන් කමින් ටැරැෆික්, එ කියන්නේ ඉස්සරහට එන වාහන වලට හැප්පෙන්නේ නැති විදිහට බයික් එක පදින්න ඕනේ, හරියට මන්කාත්තා චිත්‍රපටයේ අජිත් පැද්දා වගේ, සමහරක් අය එ වෙලාවට වාහන ටික නවත්වනවා, හැබැයි මේතන ඒ දේ කරන්න බැ, ඇයි කිව්වොත් එ නගරය ගොඩක් ලොකු නගරයක්. ඉතින් director green screen දාලා මේ වැඩේ කරමු කියලා කියනකොට, tom cruise බයික් එකත් අරගෙන, මම පදින්න පුලුවන්ද කියලා බලලා එන්නම් කියලා, බයික් එක අරගෙන ගියාලු. කෝමත් පැයකට පස්සේ ඇවිල්ලා, වැඩේ හරි මම පැදලා බැලුවා, අවුලක් නෑ කරන්න පුලුවන්, කියලා කිව්වලු ඇවිල්ලා. ඉටපස්සේ ෂොට් 4ක් විතර එ බයික් සීන් එක අරගෙන තියෙනවා, එ 4ම tom cruise කිසිම සේව්ටි ගාඩ් එකක් නැතුව තමයි කරලා තියෙන්නේ.
දෙවෙනි එක තමයි, එක ගොඩනැගිල්ලක් උඩ ඉදන් දුවගෙන ගිල්ලා තව ගොඩනැගිල්ලකට පනින එක. ගොඩක් අය දන්නවා ඇති එ වෙලාවේ එයාගේ එක කකුලක් කැඩුනා. එම කැඩුනට එයා එ සීන් එක නැවත්තුවේ නෑ, එයාගේ මූනෙන් එයාගේ වේදනාව රංගනයක් විදිහට මාරු කරලා, එ සීන් එක හොදට අවසන් කරලා දුන්නා. මේ එක දෙකින්ම දන්නවා, එයාට මොනා වුනත්, එයා රගපාන්න ගත්ත චිත්‍රපටය කිසිම අඩුවක් නැතුව කරලා දෙනවා බව, ඒ දේටම එයාට ගරැ කරන්න ඕනේ.
මීට වඩා ලොකු දේවල් කරලා තියනවා මේ චිත්‍රපටයේ, හැබැයි මේ සීන් එක ගොඩක් දෙනෙක්ගේ හිතට වැදුන දෙයක්.
තුන්වෙනි එක, helicopter Chase, මේ දේ කරන්න Tom cruise ලොකු කට්ටක් කාලා තියෙනවා, මේ helicopter එක එයාම පදින්න ඕනේ කියලා, මාස 6ක් පුහුණු වෙලා තියෙනවා, helicopter එක පදින්න. එ වගේම තමයි මේ helicopter එක ලොකු කාර්ගො එකක් අරන් යනවා, ඉතින් helicopter එක යට ලනුවක් තියෙනවා, ඉතින් ඒ ලනුව අල්ලගෙන helicopter එක ගාවට යන්න ඕනේ, ඒක තමයි සීන් එක, මේ දේ ඇත්තටම එයා කරලා තියනවා, ඇත්තටම දුවගෙන ගිල්ලා, එ ලනුව අල්ලගෙන උඩට ගිල්ලා තියෙනවා. Mission impossible behind screen එකේ, ඒ දේ පෙන්නලා තියෙනවා, බලපු නැති අය බලන්න, එ විතරක් නෙමෙයි ඒ සීන් එකේ එයා බිමට වැටෙනවා, එතකොට අර කාර්ගො එක අල්ලගෙන එයා ආයේ උඩට යනවා, ඒ සීන් එකත් එයා ඇත්තටම කරලා තියෙනවා, ඔයාලා ඒ සීන් එක චිත්‍රපටයේ බලන්න ඇති. කොච්චර ලොකු උසක්ද කියලා ඒක, හැබැයි Tom cruise ඒ දේ කිසිම ගානක් නැතුව කරා.
හතරවෙනි එක, helicopter stunt, එ කියන්නේ එයා පදින helicopter එක, කන්දක් ගාව 3 පාරක් විතර helicopter එක කරකවන්න ඕනේ. ඒම කරකගෙන බිමට එන්න ඕනේ, ඉතින් එ දේත් කිසිම බයක්, කිසිම අඩුවක් නැතුව Tom cruise කරා.
අන්තිම ස්ටන්ට් එක තමයි, ගොඩක් ලොකු සහා ගොඩක් භයානක ස්ටන්ට් එකක්. The Halo Jump, එ කියන්නේ 35 තව්සන් උසක ඉදලා, මම ඉතන විදිහට 35 තව්සන් කොයිදෝ, අන්න එ වගේ උසක ඉදන් ඔක්සිජන් එක විතරක් කරේ තියාගෙන බිමට පනින්න ඕනේ, නයිට් ෂූට් නිසා, real HDRIP quality එක ගන්න, තුන්පාරක් එ දේ කරලා තියෙනවා, එ කියන්නේ Tom cruise තුන්පාරක් උඩ ඉදන් බිමට පැනලා තියෙනවා. පැරෂුට් එක විතරක් විශ්වාස කරගෙන.
ඉතින් මේ වගේ රියල් ස්ටන්ට් කරලා, Tom cruise කියන චරිතය, ඇත්තටම රියල් සුපර් හීරෝ කෙනෙක් විදිහට මාරු වෙලා ඉන්නේ. ගොඩක් press meeting වල, Tom cruise ගෙන් හාන එකම පරශ්නය, ඇයි කිසිම සේව්ටි එකක් නැතුව ඔය විදිහට ස්ටන්ට් කරන්නේ, ඔයාට වේදනාවක් දැනෙන්නේ නැද්ද, එකට tom cruise දුන්න උත්තරේ තමයි,
මගේ තාත්තා මට ගාන්න කියලා දුන්නේ නෑ, හැබැයි හොදට ගුටි කන්න කියලා දුන්නා, කියලා පොඩියට උත්තරයක් දුන්නා, එ වගේ උත්තරයක් දෙන්න හේතුව, එයාගේ තාත්තා ගොඩක් නපුරු කෙනෙක්, පොඩි කාලේ Tom cruise ට ගොඩක් දස වද දීලා තියෙනවා. උදාහරණයක් විදියට කිව්වොත්, Tom cruise කරන පොඩි වැරද්දකට පවා ඔලුව අල්ලලා බිත්තියට තමයි ගාන්නේ, ඉතින් මේ විදිහට ගුටි කෑවොත් ඉපදුන දවසේ ඉදන් අවුරුදු 16ක් වෙනකන් වේදනාවක් කියලා දෙයක් දැනෙයිද.
හැබැයි Tom cruise එයාගේ තාත්තා වගේ නපුරු නෑ, ගොඩක් හොද මනුස්සයෙක්, කෙටියෙන් කිව්වොත්, එයාගේ tweeter එකට කොමෙන්ට් කරන සමාන්‍ය පුරවැසියෙක්ට පවා භේදයක් බලන්නේ නැතුව, reply කරනවා. එච්චර හොඳ මනුස්සයෙක්.
හොලිවුඩ් සිනමාවේ, මම කැමතිම නළුවෙක්. මම විතරක් නෙමෙයි ගොඩක් දෙනෙක් එයාට කැමති, ඒ වගේම ගැහැණු ළමයි එයාට කියන්නෙ චොක්ලට් බෝයි කියලා .
ඊලග MI එකෙත් ගින්දර වගේ බැහැලා වැඩ කරලා තියෙනවා ? ලබන අවුරුද්දේ ඒ වැඩ කෑලි ටික බලා ගන්න පුළුවන් වෙයි…
ඔහුගේ Untold Story එක ඇතුලේ තව ගොඩක් දේවල් කියන්න ඕනේ , මම ඒක ඔයාට තවත් එක පෝස්ට් එකකින් ගේන්නම් ??
Mission: Impossible – Fallout (2018) – HALO Jump Stunt Behind The Scenes
Mission: Impossible – Fallout (2018) – “Behind The Scenes