Unto The Dusk (2014) Malayalam | Sinhala Article

Unto The Dusk (2014) Malayalam

මලයාලම් සිනමාව කියන්නෙ සාමාන්යයෙන් එක රාමුවක වෙනස් වෙනස් දේවල් දෙන සිනමාවක් කිව්වොත් කවුරුත් අමනාප නොවෙයි කියලා හිතනවා.
Experimental ෆිල්ම්, වැඩක් එන්නෙ සෑහෙන කාලෙකට සැරයක්.
Commercial වාසි ගැන හිතුවාම දොසක් කියනත් බෑ.
ඉදලා ඉදලා හරි එන Experimental දේවල් වලට ලැබෙන ප්රේක්ෂක අවධානය නම් බොහොම අඩුයි.
මේ ඒ වගේ ප්රේක්ෂක අවධානය අඩුවෙන් දිනාගත්ත සිනමාපටයක් .
මට අනුව සියල්ලන්ම නැරඹිය යුතු නිර්මාණයක්.
මේ දිනවල කතාබහට ලක්වන biriyani නම් මලයාලම් සිනමා නිර්මාණයට පෙර එම අධ්යක්ෂක ගේම නිර්මාණයක් තමා Unto the dusk කියන්නෙ.
With My Film Biriyani, I Have Set Out To Showcase How Majority Of The Men See Their Women As An Object Of Fulfilling Their Desire”- Sajin Baabuසාමාන්ය මලයාලම් සිනමාපටයක රාමුවෙන් පරිබාහිරව සෑදුන මෙහි jigsaw puzzle එකක කෑලි මෙන් නමක් නැති කතානායකයාගේ ජීව්තයේ කොටස් තැනින් තැන පෙන්වනවා. කතාව ගොඩ නගා ගැනීම ලේසි නෑ. මුලු ජීවිත කතාවම මතකයන් ඔස්සෙ එක රූප රාමුවෙන් රාමුවට මාරුවෙන් මාරුවට පෙන්වන හන්දා ඒවගේ සම්බන්ධෙ එකවරම තෝරගන්න අමාරුයි. ඒවයෙන් සම්පූර්ණ ජීවිතය තෝරාබේරා ගැනීම ප්රේක්ෂකයා සතුවෙනවා. Music කියලා කිසිම දෙයක්, සිංදුවක්, සංගීත ඛණ්ඩයක් කිසිම දෙයක් නෑ.
ස්වභාවික පරිසරයේ හඩ පමණයි.
කතාව ලෙස කීමට ලොකු plot එකකුත් නැ. කතා නායකයාගේ දවස් කීපයක journey එකක්. ඒ අතරතුර ඔහුගේ මතකයන්. ඇයි journey එකට හේතු…
කතානායකයා හා යහලුවා, දෙදෙනාම පල්ලියෙ. කතානායකයා නම් පල්ලියට බැදුනෙ කැමැත්තකින් නෙමේ.
ගෙදර අයට උවමනාවට.
යාලුවාගෙ නම් කිසිම පුද්ගලික තොරතුරක් දන්නෙ නැ.
පල්ලියෙ fatherත් අන්ත්රා වෙලා එකවරම. මෙයාලගෙ ජීවිත වල තිබ්බ පොඩි සතුටත් ටික ටික ඈත් වෙන බවක් තියෙන්නෙ.
එකෙක් සියදිවිහානිකරගන්නවා. අනෙකා බලාහිදිද්දිම.
ඇයි සියදිවිහානිකරගන්නෙ ?
අනෙකා චාරිකාවක. තමාව සොයායෑමක්ද? චාරිකාව අතරතුර මතකයන්. ඇයි මේ චාරිකාවට හේතු.
කාවද හොයන්නෙ.?
පවුලේ අය සොයා යෑමක්ද?
Spiritual journey එකක්.
කතානායකයාගේ කුඩා කල සිදුවීම්, තරුණයෙක් වශයෙන්, පල්ලියේ සාමජිකයෙක් වශයෙන් සිටියදී පවුලේ හා සමාජයේ සිදුවීම් මත ඔහුගේ ජිවිතය වෙනස් වුන ආකාරය මතකයන් ඔස්සෙ අධ්යක්ෂකවරයා ඉදිරිපත් කරයි.
ඇයි මේ අයගෙ කාගෙවත් නම් නොකිව්වෙ?
අධ්යක්ෂකතුමා මේ අයට නම් දීලා නැ.
ජීවිත එපමණයි.
Homosexuality, adultery, necrophilia, Incest යන දෑ කතානායකයාගේ ජීවිතයට සෘජුව හෝ වක්රව බලපායි.
ඒවාගෙන් ජීවිතයට වුන බලපෑම්
මානසික ගැටුම , සමාජය සමග ගැටුම නරඹන්න
Unto the dusk.
බොහෝ චරිත සදහා දායකත්වය දුන්නවුන්ගේ පලමු රංගනය වුවත් එලෙස නොසිතෙන සේ රංගනයක්..
සිත් ඇදබැදගන්නට සමත් ස්වභාවික පරිසරයේ හඩ එක්ක තමාගේ අදුර, ආලෝකය , සොයා යන කතානායකයා…

හෂාන් දුලංග

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *