Union Pacific (1939) English by Upul Dissanayake
අති සාර්ථක බයිස්කෝප් එකක් මෙක..විශිෂ්ට එපික් වෙස්ටන් එකක්..
කවුදෝ ඇහුව නේද කාර්මික විප්ලවය සම්භන්ධයෙන් චිත්රපට ටිකක් නම් කරන්න කියල..මෙන්න ඒකට මේකත් එකතු කරගන්න..
සාර්ථක බයිස්කෝප් එකක් කිව්වෙ..මම හිතන ආකාරයට යටත් පිරිසෙන් බහුතරයක් පිනවන්නට හැකියාව තියෙන සලරූ..අපි අතරේ විවිධ වර්ගයේ ප්රෙක්ෂකයන් ඉන්නවනෙ විවිධ රස තියෙන..ඉතිං ඒ හැමෝවම පිනවන්න පුළුවන් නම් චිත්රපටියකින් මම හිතන්නෙ එතන තමා සාර්ථකත්වය..අන්න ඒ ජාතියෙ චිත්රපටයක තමා මේ යූනියන් පැසිෆික් කියන්නෙ..
මේ චිත්රපටය තවත් විශේෂම කරුණක් සදහා වැදගත්..මොකක්ද කියනවනම්..මේ චිත්රපටය තමා මුල්ම කාන්ස් සිනමා සම්මාන උළලේදී පාම් ඩි ඔර් ,ඒ කියන්නෙ රන් සමිමානය දිනා ගන්නෙ..ඒ කියන්නෙ හොදම චිත්රපටයට හිමි සම්මානය..කාන්ස් හි පාම් ඩි ඕර් එක හම්බුවෙනවයි කියන්නෙ මහත්තයො ඒ චිත්රපටය ම ගොඩ,,ඒකෙ වැඩ කරපු අයගේ ජීවිතත් ගොඩ..ඒ තරමට වටිනවා.. මම කාන්ස් උලෙල ගැන සහ රන් සම්මානය ගැන දවසක සම්පූර්ණ වාර්තාවක් අරං එන පොරොන්දුව ඇතිව මෙතනින් නවතින්නම්..
ආ තව දෙයක්..දැං ඔයගොල්ලො පටාස් ගාල ගිහිං විකිය පීරුවොත්..මට බනිවි..කෝ යකෝ එහෙම කාන්ස් සිනමා උලෙලක් ගැනවත්..රන් සම්මානයක් ගැනවත් සඳහනක් නෑනෙ..කියල.ඔවු..ඒ දවස් වල මේ සම්මාන උලෙල හැඳින්වුනෙ… “Grand Prix du Festival International du Film”
කියල.. මේ කාන්ස් උලෙල ගැන හරි රසවත් කතා තියෙනව..අපි කතාකරමුකො පස්සෙ ඒ ගැන..
කාන්ස් වලට..ලෝකයේ කොයි රටත් එකයි..මහා කර්මාන්ත තියෙන සිනමාත් එකයි..එක චිත්රපටයක් හදන රටත් එකයි..එක මවකගෙ දරු කැල සේ තමා ප්රංසයට මේ සිනමාව..ඒ පිළිබඳවත් දේශපාලනික විවිධ මතිමත තියෙනවා. කෙසේ වුනත්..හැම රටකටම සාධාරණයක් ඉටුකර ගත හැකි තැනක්..
මේ පලමු කානස් එකෙ පලමු රන් සම්මානය දුන්නෙ ඇමරිකාවට..දේශපාලනය කෙසේ වෙතත්..මේ චිත්රපටිය ඒ සම්මානයට උඩින්ම සුදුසුයි..
ඒ තරමට එන්ජොිබ්ල්..වගේම දැනුමට යමක් ගන්නත් තියෙනව..ෆයිට්,ඇඩ්වෙන්චර්, ලවු, කොමඩි..පිරිල..
වෙස්ටන් ශානරයේ චිත්රපටයක් කියල මම මුලින්ම කිව්වනෙ..ඔවු ඒ අංගොපාංග වලින් පිරිපුන්..කවුබොයිස්ල..කලු සුදු චරිත..හොරා පොලිස් සෙල්ලම් , තව රතු ඉන්දියන් ගැටුම්,,සුපුරුදු ගම් නියම්ගම් හරහා ඇදෙන වාෂ්ප දුම්රිය..ඉල්ලක්කයටම වෙඩි තියෙන කවුද බොයිල..මේ සේරම..අඩංගුයි..
කාර්මීකරණයේ විප්ලවීය ඵල නිසා , සමාජයේ වියාකූලත්වය ඉහල ගොස් ඇති බවත්, මනුෂ්යත්වය පිළිබඳ සංකල්ප වල පල්ලට යමින් තිබෙන බවත්, වටහාගන්නටද බදාවක් නැ..
අධ්යක්ෂණය කළේ Cecil B. DeMille විසිනි.බටහිර ප්රබන්ධ කතුවරයකු වන අර්නස්ට් හේකොක්ස්ගේ 1936 නවකතාව වන ට්රබල් ෂූටර් නවකතාවට පාදක වූ මෙම චිත්රපටය ඇමරිකාව හරහා දුම්රිය මාර්ගයක් තැනීම පාදක කොටගත් කතාවකි.
හේකොක්ස් සිය නවකතාව පදනම් කරගත්තේ 1866 දී නෙබ්රස්කා හි ඔමාහා හි දුම්රිය මාර්ගයේ වැඩ ආරම්භයේ සිට 1869 මැයි 10 වන දින පැවති ස්වර්ණමය උත්සවය දක්වා සිවිල් ඉංජිනේරුවෙකු වූ චාල්ස් එච්. ෂර්මන්ගේ අත්දැකීම් පදනම් කරගෙන ය. තවද මෙය මධ්යම පැසිෆික් සහ යුනියන් පැසිෆික් දුම්රිය මාර්ග සම්බන්ධ කරමින් ඇමරිකා එක්සත් ජනපදය හරහා ප්රථම මහාද්වීපික දුම්රිය මාර්ගය සඳහා රේල් පීලි සම්බන්ධ කිරීම සමරනු පිණිස යූටා ප්රාන්තයේ පැවති ප්රොම්බන්ටරි සමුළුව ගැනද වැඩි විස්තර කියැවේ..
මේ චිත්රපටය තුල අඩංගු ඇක්ෂන් සීන්ස් ටික ගැන කතා නොකරම බෑ..ඒ තරමට කාලයට සාපේක්ෂව ඉතා ඉහලයි..දුම්රිය අනතුරු, රතු ඉන්දායානු ආක්රමණ..ඒ සටන් , අශ්වයන්ගෙන් ලබාගෙන තිබුන දායකත්වය, ඇගය කල යුතුයි..1939 කාලයෙ ප්රෙක්ෂකයන් කොපමණ අමන්දානන්දයට පත්වන්නට ඇත්ද කියල හිතෙනවා මේ 2021 බලන මාවත් මෙච්චර ත්රිල් වුනානම්..
මේ චිත්රපටය සාර්ථක කර ගන්නට නිෂ්පාදන කන්ඩායම අපමණ වෙහෙසක් වෙලා තියෙනවා.
රතු ඉන්දියානු ප්රහාරය සඳහා පැරාමවුන්ට් සමාගම ඇත්තම Navajo Indian ල 100 දෙනෙක් කුලියට අරං තියෙනව.
රූගත කිරීම් වලට දේශීය පින්ටෝ අශ්වයන් බොහෝ දෙනෙකු කුලියට ගෙන තිබුණ අතර දේශීය කව්බෝයිවරුන් ද කුලියට අරං තියෙනවා.
නිෂ්පාදනයට අවශ්ය දුම්රිය සංඛ්යාව ක්රියාත්මක කිරීම සඳහා, පැරමවුන්ට් ආයතනයට අන්තර් රාජ්ය වාණිජ කොමිසමෙන් නියාමන දුම්රිය මාර්ග බලපත්රයක් ලබා ගැනීමට සිදු වෙලා තිබුන.
Based on: Trouble Shooter; (1936 novel); by Ernest Haycox