×
TAMIL HDRIP 720P X265 1 GB
LINKS DOWNLOADS -
Udanpirappe (2021) Tamil by Indeewari Herath
බැලුව ද ඇහුවට වැඩි දෙනෙක් බලලා නම් නැතුව ඇති. මොකද ෆිල්ම් එක OTT රිලීස් වුනේ ඊයෙ නිසා. හැබැයි ගොඩක් දෙනෙක් සබ් ආව ගමන් මේක අනිවාර්යයෙන්ම බලයි කියලා මම දන්නවා. ඒක නිසා චිත්රපටියෙ කතාව ගැන කිසිම විදියකින් ස්පොයිල් කිරීමක් මම කරන්නේ නෑ.
නමුත් මොනවා හරි නොකිව්වොත් සටහන අසම්පූර්ණයි. කතාව ගැන තනි වාක්යයකින් කියන්නම්;
මස්සිනාලා දෙන්නෙකුගෙ කතාවක් තමයි මේ චිත්රපටියෙ තියෙන්නේ.
මම දැක්කා සමහර පේජ් වලින් කියලා තිබුනා අයියා-නංගි සම්බන්ධය ගැන මේ චිත්රපටියෙන් කතා කරනවා කියලා. නමුත් මට තේරුණ විදියට ඒ මතුපිට කතාව. ඊට යටින් තියෙන්නේ මස්සිනා දෙන්නෙකු අතර ඇති වන සම්බන්ධය.
අපි දන්නවා මේ සහෝදර ප්රේමය ගැන චිත්රපටි නම් දමිළ සිනමාවට කිසිසේත්ම ආගන්තුක නම් නෑ. මේ කන්සෙප්ට් එක දමිළ සිනමාවෙ පට්ට ගහපු එකක්. අපි දන්න අතීත චිත්රපටයක් වන සිවාජි ගනේසන් මැතිතුමන්ගෙ ‘පාස මලර්’ චිත්රපටියෙ ඉඳලා 2019 තිරගත වුනුු සිවකාර්තිකෙයාන්ගෙ නම්ම වීඩු පිල්ලෛ වෙනකන් සිය ගණනක් චිත්රපටි ඇති සහෝදර ප්රේමය ගැන කතා කරපු. ඉස්සරහටත් තවත් චිත්රපටි සිය ගණනක් එයි. හැබැයි කවදාවත් මේ කන්සෙප්ට් එක අවුට් වෙන්නෙ නෑ. කල් ඉකුත් වෙන්නෙ නෑ. කොයිතරම් චිත්රපටි හැදුවත් මිනිස්සු ඒවා බලනවා. මොකද කිව්වොත් වතුරට වඩා ලේ ගණකම් වැඩියිනෙ….
දැන් දැන් ඉන්න නිර්මාණකරුවන් සහෝදර ප්රේමය විතරක් පෙන්නලා සෑහීමකට පත් වෙන්නෙත් නෑ. චිත්රපටිය අස්සට මස්සිනාලා දෙන්නෙකුත් දාලා ඒ සම්බන්ධය ගැනත් කතා කරනවා. එහෙම කරපු මෑත කාලීන චිත්රපටි අතරින් GV ප්රකාශ් කුමාර් සමග සිද්ධාර්ත් රංගනයෙන් දායක වුනු සිවප්පු මංජල් පච්චෛ කියන්නේ හොඳම චිත්රපටියක් කියලා මම කිව්වොත් ඔබ එයට විරුද්ධ නැති වෙයි.
Udanpirappe චිත්රපටි මම නම් කියන්නේ බලන්න කියලා. මොකද මුල හරියෙ පොඩ්ඩක් ඇදි ඇදී ගියාට අන්තිමේට ට්රැක් එකට වැටෙනවා ෆිල්ම් එක. ඒ වගේම තවත් විශේෂ හේතුවක් තියනවා. මේක ජ්යෝතිකාගේ පනස් වන චිත්රපටය. පහුගිය කාලේ දිගින් දිගටම ජ්යෝතිකාගේ ටිකක් ඒකාකාරී රංගනයක් තමයි දකින්න ලැබුණේ. ඒ ඒකාකාරී බවින් මිදිලා බොහොම හැඟීම්බර රංගනයකට ඇය අවතීර්ණ වෙලා තියනවා මේ චිත්රපටියෙදි. සසිකුමාර් සහ සමුතිරකානී දෙන්නම හිටියා වුනත් මේක පැහැදිලිවම ජ්යෝතිකාගෙ චිත්රපටියක්. ඇය පිරිමි නළුවෙක් නොමැතිව තනිවම වුනත් චිත්රපටියක් හිට් කරන්න පුලුවන් නිළියක්. ඉතාම අඩු දෙබස් සංඛ්යාවකින් ජ්යෝතිකා චිත්රපටිය තමන්ගේ ආධිපත්යයට නතු කරගෙන ඉන්නවා. ඒ ’ජැක් පොට්’ චිත්රපටයේ අපිට දකින්නට ලැබුණු ආකාරයේ ස්ටන්ට්ස්, ෆයිට්ස් වගේ බාහිර උපකාර මොනවත් නැතුව.
සසිකුමාර් නම් සුපුරුදු විදියම තමයි මේකෙත්. හැබැයි සමුතිරකානිට පොඩි වෙනසක් කරලා, ඔහුව අර සුපුරුදු උපදේශක චරිතයෙන් ගලවලා අරගෙන පොඩ්ඩක් බාහිර පෙනුමත් වෙනස් කරලා තමයි මේ චිත්රපටියෙ ඉන්නෙ.
සූරි කරපු චරිතය නම් මරු 


මේ චිත්රපටියට ලොකු ආකර්ශනයක් එකතු කරන්න සූරිට පුලුවන් වෙලා තියනවා.
මේ කාරණා වලට අමතරව චිත්රපටියේ සංගීතයත් සෑහෙන්න හොඳයි. ලස්සන ගීත කීපයක්ම තිබුනා. විශේෂයෙන්ම ජ්යෝතිකා සහ සමුතිරකානී අතර දකින්න තිබුණ ගැලපීම ඇත්තටම අලුත් දෙයක්. ඒ ජෝඩුව හොඳටම මැචින්. මේ චිත්රපටියේ එහෙම රොමෑන්ස් කියලා විශේෂයෙන් දෙයක් නොතිබුනත් සමුතිරකානී ට ටිකක් රොමෑන්ටික් චරිත නොලැබුණු එක නම් ලොකු අපරාධයක් කියලා මට හිතුණා 

අවසාන වශයෙන් මේක බලාගෙන ඉන්න පුලුවන්. හැබැයි ලොකු ලොකු බලාපොරොත්තු තියාගන්න නම් එපා. සාමාන්ය චිත්රපටියක්.
Initial release: October 14, 2021
Movie Trailer
Download