Tur Kalleyan song | Lal Singh Chaddha

Tur Kalleyan song | Lal Singh Chaddha by Mahela Hettiarachchi

බොලිවුඩයේ පරිපූර්ණතමයා හෙවත් Aamir Khan ගේ Lal Singh Chaddha චිත්‍රපටය අගෝස්තු 11 වෙනිදා රිදී තිරයට පායනවා. COVID සමය සහ තවත් චිත්‍රපට වල බලපෑම නිසා චිත්‍රපටය අවුරුද්දක් විතර පස්සට ආවා. දැන් ඔන්න කාලය උදාවෙලා තියෙනවා චිත්‍රපටය ප්‍රදර්ශනය කරන්න සහ බලන්න.

මේ චිත්‍රපටය පෙලක් Lal Singh Chaddha කියලා හඳුන්වන අතරේ, තවත් පෙලක් හඳුන්වන්නේ Forrest Gump Remake එක කියලා. සුප්‍රකට, සම්මානලාභී Forrest Gump හොලිවුඩ් සිනමා කෘතියේ ඉන්දියානු Adaptation එක තමයි මේ චිත්‍රපටය.

චිත්‍රපටයේ ගීත සියල්ල මේ වෙද්දි නිකුත් වෙලා තියෙනවා. මේ ඔක්කොම වගේ අපිව Heal කරන්න සමත් වෙන ගීතයන්. චිත්‍රපටයේ Vibe එක අතිශය Calm, Soothing එකක් වනු ඇති බවට මේ ගීතයන් අපට ඉඟි පහල කරනවා.

පහලින් තියෙන්නේ මේ ගීත අතර වන Tur Kalleyan ගීතයෙහි සිංහල පරිවර්තනයක්. මතකනේ Forrest Gump ගේ දිවිල්ල. මේ චිත්‍රපටයේ Lal Singh Chaddha ගේ දිවිල්ල සිද්ධ වෙන අතරෙ තමයි මේ ගීතය පසුබිමින් ඇහෙන්නේ. YouTube එකෙන් මේ ගීතය ඔබට නරඹන්න පුලුවන්.

Lamhon mein aaye
Lamhon mein gumm
Mere hue ho
Hisson mein tum.
මෙහි එක මොහොතක්
ඊලඟ මොහොතට සබැඳි
ඔබ මගේම වී තිබුණි
දැන් මතකයෙහි පමණක් රැඳී
Hain zindagi ke
Kisse kayi
Milte ho saare
Kisso me tum
මගේ ජීවන ගමන
කොටස් රැසකින් සුසැදි
ඔබ සිටී මා සමග
ඒ හැම කොටසකම ලබැඳි
Tu aape savaali hai
Aape hi payambar hai
Tu khud hai tamaasha bhi
Aape hi kalandar hai
ඔබ සත්යය සොයා යන්නෙකි
ඔබ සත්යය ද වෙහි
ඔබ කරණම් කරුවෙකි
ඔබ කරණම් මෙහෙයවන්නා ද වෙහි
Bekaar talaashey tu
Dargah me shivaalon mein
Jis yaar ko tu dhoonde
Woh tere hi andar hai
ඇවිද යයි නිශ්ඵලව
ඉබාගාතේ කොහෙද
පංසල් ද කෝවිල් ද
දේවාල තව තවත්
සබඳ නුඹ සොයන දේ
කොහේවත් නැත වෙනත්
එය ඇත්තෙ ඔබ ලඟම
Bani hiye mein raataan angeethiyaan
Bata koyle varga jal-bhun tainu ki miliyan
Tur kalleyan ve chhalla
Chal ve tur kalleyan
ඔබ ඔබව තව තවත්
රිද්දවාගනු කිම..?
වියෝවේ වේදනා,
ඉතුරු කොට ගිය කැලැල්
තව තියෙද..?
ඇවිද යනු උමතුවෙන්
ඇවිද යනු උමතුවෙන්
තනිව දහිරියක් ගෙන
Chadd ranj diyaan galiyaan
Chal ve tur kalleyan
Tur kalleyan ve chhalla
Chal ve tur kalleyan
වේදනාවේ මාවත්
මගහැරෙන්නට දෙන්න.
තනිව ඉදිරියට විත්.
උමතුවෙන් ඇවිද යනු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *