Top Gun Maverick (2022) English by Hirusha Kasun
Directed By – Joseph Kosinski
මනුස්සයෙක්ගේ නොස්ටැලිජි එක අවුස්සනවා කියන්නෙ එක අතකට ලේසි වැඩක් නෙවෙයි . හැබැයි කරගත්තොත් ඊට වඩා පට්ට වැඩකුත් නැති තරම් . ටොප් ගන් මාව්රික් ඇතුලෙ කොසින්ස්කි කරන්නෙත් ඒක. අසූ එකේ ආපු ටෝනි ස්කොට්ගේ ටොප් ගන් බලපු. ඒක කල්ට් ක්ලැසික් එකක් විදිහට උස්සලා තියපු , මාව්රික්ගේ ස්ටය්ල් එකට කතාකරපු ඒ විදිහට කොන්ඩෙ කපපු වගේම ටොප් ගන් පෝස්ටරේ කාමරේ බිත්තියෙ ගහගත්තු එකාගෙ ඉදලා ටොප් ගන් චිත්‍රපටය ආත්මීය කරගත්ත උන්ගේ ටොප් ගන් නොස්ටැලිජියාව සියුම්ව අවුස්සන ගමන් අලුත් මොඩර්න් ටොප් ගන් මූවි එකක් නිර්මාණය කරන එක. ඒක ලේසි කාර්‍යක් නෙවෙයි . නමුත් ජෝසප් කොසින්ස්කි ඒක ලස්සනට කරනවා. සුපිරි තරුව ටොම්ගේ පරණ මාව්රික් එනර්ජිය ඒ විදිහටම ස්ක්‍රීන් එකට ගේනවා.
Top Gun Maverick එදා මෙදාතුර සිනමා ඉතිහාසය තුල බිහි උන විශිෂ්ඨතම Sequel එකක්. විශේෂත්වය වෙන්නෙ මේ චිත්‍රපටය නිර්මාණය වෙන්නෙ මුල් චිත්‍රපටයෙන් අවුරුදු තිස් හයකට පස්සෙ වීම. අවුරුදු ගානකට පස්සෙ නාහෙට අහන්නෙ නැති දඩබ්බර මාව්රික් කියන නේවි පය්ලට්ව ආයෙ ගේනවා මැදි වියේ පය්ලට් කෙනෙක් විදිහට . හැබැයි ඔහුගේ පරණ එනර්ජිය එහෙම්මමය් , හිතුවක්කාරකම් , දඩබ්බරකම් එහෙම්මමය් , තාරුණ්‍ය ඔහු තුල ශේෂ කල තරුණ මදය එහෙම්මමය්. හැබැයි මේ මාව්රික් පරිණතය් , වගකීම් සහගත වීමට උත්සාහ කරන තුවාල වලින් ඉගෙන ගන්න මාව්රික් කෙනෙක් ටොප් ගන් දෙවැන්න තුල ජෝසප් කොසින්ස්කි නිර්මාණය කරනව. ටොම් කෲස් කියන්නෙ හැමවෙලේම අප්ඩේට් වෙන නලුවෙක්. ඔහු අද වෙන කොට ලෝකෙ ඉන්න සුපිරි තරුවක් වීමට මග කැපිලා තියෙන්නෙ එහෙම. හැබැයි ඔහුගේ පර්සනලිටි එක , ඔන් ස්ක්‍රීන් පවර් එක තාමත් වෙනසක් නෑ. ඔහු මාව්රික් විදිහට මේ ඉදිරිපත් කරන චරිතය ගෙන ඔහු ගෞරවයට ලක් විය යුත්තේ ඒ නිසාමය්.
විස්සය් විසිදෙක වසර තුල පෞද්ගලිකව ලැබුන විශිෂ්ඨතම තියටර් එක්ස්පීරියන්ස් එක මට ලැබුනේ ටොප් ගන් තුලින්. ඒ ගෙන සැකයක් නෑ . චිත්‍රපටය සම්පූර්ණයෙන්ම ටොම් කෲස් ගන්නවා ඔහුගේ අවනතයට. කාලය ගෙවෙත්ම ඔහු සෙසු සහය චරිත වලට ස්ක්‍රින් එක බෙදනවා . ඔහු කෙමෙන් පරිණත චරිත ලක්ෂණ පෙන්නන්න ගන්නවා. හිත හිත ඉන්නෙ නැතුව දේවල් කරපු මාව්රික් , හිතන්න පටන් ගන්නවා . මේක ටොම් කෲස් ඉදිරිපත් කරපු සාර්ථකම ඇක්ට් එකක්.
අපට නොදැනී අපට ඇඩෙන අවස්ථා චිත්‍රපටය තුල බොහොමය්. අපිට නොදැනී අපේ නොස්ටැලිජියාව පෑරෙනවා. ටොප් ගන් පලවැන්නේ මතකයන් අපිව අඩවනවා , පලවැන්නේ වගේම දෙවැන්නෙත් කෙලිලොල්ව වගේම යම් වගකීම්සහගත අයුරකින් ගෙවෙන පෙනීගේ හා මාව්රික්ගේ ප්‍රේමය අපිව හිනස්සන ගමන් අඩවනවා , කම්මුල් රතුකරනවා. ගූස්ගේ මතකයන් ඔහුගේ පුතා තුලින් චිත්‍රපටය තුල ජීවත් කරවනවා. මාව්රික් ඒ මතකයන් වගේම ටොප් ගන් එකත් එක්ක තියෙන නොස්ටැලිජියාව එක්ක කොහොම ගනුදෙනු කරාවිද ? . අන්න එතනදි අපි මාව්රික්ව ආත්මීය කරගන්නවා . අපි පටන් ගන්නවා මාව්රික් තුල ජිවත් වෙන්න. ක්ලය්මැක්ස් එකේදි අපිට හිතෙනවා මාව්රික්ගේ පිටට තට්ටුවක් දාලා මාව්රික්ව බදාගෙන අඩන්න. මේක තනිකරම ෆීලින්ග්ස් ලෝකයක්. ජෝසප් කොසින්ස්කිය් , ටොම් කෲසුය් මේ සෙල්ලම් කරන්නෙ මිනිස්සුන්ගේ ෆීලින්ග්ස් එක්ක . ඒක සාර්ථකය් අති සාර්ථකය් . ටෝනි ස්කොට් මහත්තයා අද හිටියනම් මේ චිත්‍රපටය බලලා හුගක් සතුටු වෙය්. ආර්ටිස්ට් කෙනෙක්ට ලබන්න පුලුවන් උපරිම සතුට ඔහු ලබාවි. ඔහුගේ ආත්මයට සැනසීමක් ලැබේවි.!
Top Gun (1986) – 4.5/5
Top Gun Maverick (2022) – 4.5/5