Tokri (The Basket) Indian Short Film by Danitha Aminda
Stop Motion Animation සිනමා කලාව කියන්නේ සරලවම මරු වැඩක්. සරලවම මරු වැඩක් කීවට මේක ටිකක් සංකීර්ණයි. Stop Motion කියන්නේ Animated Filmmaking Technique එකක්. කුඩා චලන ලබාදී ඒවා තනි තනිව ඡායාරූප ගත කර සකසන රූප රාමු එකදිගට ප්ලේ කර චලනයන් සකස් කොට තනන සිනමාවයි. සාමන්‍යයෙන් Stop Motion වීඩියෝ එකක frame rate යන්නේ 24 frames per second කියලා.24 කියන ගාන නිශ්චිත ගාණක් නෙමේ සාමාන්‍යයෙන් යොදාගන්නේ 24 වුනාට frames ගාන වෙනස් වන වීඩියෝ ද තියෙනවා. frames ගණන 12 වන වීඩියෝද තියෙනවා. කොහොමවුනත් ඒ කියන්නේ තත්පරයක් තුළදී frames ගොඩක් ප්ලේ වෙලා තමා අපිට ඒ චලනය පේන්නේ.ඒවා පුංචි පුංචි frames වල එකතුවක් කියලා හිතන්නත් අමාරුයි. ඉතින් හිතමුකෝ හිතන තරම් ලේසි වැඩක් ද මේක…
Stop Motion නිර්මාණයේත් විවිධ වූ ක්‍රම තියෙනවා..ඒ කියන්නේ අපි භාවිතා කරන මාධ්‍ය ,ක්‍රම අනුව මෙහෙම වර්ග කරන්න පුලුවන්
• Object-Motion – moving or animating objects
• Claymation – moving clay
• Pixilation – moving or animating people
• Cutout-Motion – moving paper/2D material
• Puppet Animation – moving puppets
• Silhouette Animation – backlighting cutouts
අපි ලෝක සිනමාව තුළදී Stop Motion ගැන නිතර කතා කරත් ඉන්දියානු සිනමාව තුළදී සාමාන්‍යයෙන් කතා කරන්නේම නැති තරම්. හැබැයි මෙහෙමත් සිනමාවක් තියෙනවා කියලා Chicken Run, Shaun the Sheep, Flushed Away, Fantastic Mr. Fox , Isle of Dogs, Frankenweenie වැනි සිනමාපට නරබපු අය මේ ගැන දන්නවා. නොදන්න අයටත් මන් කෙටි පැහැදිලි කිරීමක් කරා.
ඉන්දියානු සිනමාවේ මේ වගේ වැඩ වෙන් නැද්ද..මේ ඒකට උදාහරණයක්.ඒ තමා සම්මාන රැසක්ම දිනූ Suresh Eriyat ගේ Tokri (The Basket) කෙටි චිත්‍රපටය. එතකොට මොකක්ද මේකේ Language එක? Language එකක් ඕනමද ඉතින් ,මේක දෙබස් රහිත කෙටි චිත්‍රපටයක්.
මේක කරලා තියෙන්නේ Studio Eeksaurus වල. ඉතින් මේ ස්ටූඩියෝ එක ගැන කරපු වැඩ ගැන වීඩියෝ ගැන බලාගන්න පුලුවන් මෙතනින් ?????
https://www.youtube.com//studioeeksaurus/
Tokri (The Basket) ගැන කීවොත් මේක claymation ගණයට තමා අයත් වෙන්නේ..කතාව දිවයන්නේ ඉන්දියාවේ නගරයක ජීවත් වන පුංචි පවුලක කතාවක්.
Tokri කියන්නේ අධ්‍යක්ෂක Suresh Eriyat පෞද්ගලික අත්දැකීමක් මත පදනම්ව හැදූ කතාවක්.
දිනක් කුඩා දියණියක් Traffic light අසල කූඩ කිහිපයක් විකිණීමට උත්සාහ කරමින් ඔහු අසලට පැමිණිලා. මුම්බායිහිදී ගොඩක් වෙලාවට යාචකයින් එසේ හමු වන අතර ඔවුන්ගෙන් වැඩි දෙනෙක් සාමාන්‍යයෙන් ළමයින්. සුරේෂ් ඒ ගැන වැඩි යමක් නොසිතා ඇයව පලවා හැරියා. එසේ කලත් ඔහු වාහනය පදවාගෙන යන විට,ඒ ගැන වරදකාරි හැඟීමක් ආවා. කුඩා දැරිය කූඩ විකිණීමට හේතු වූයේ කුමක්දැයි කල්පනා කරා.සමහර විට ඇය ඒවා විකිණීමට දහස්වාරයක් උත්සහ කරන්න ඇති. සමහර විට ඇයගේ කතාව සුන්දර නොවිය හැකියි. සමහර විට ඇය දුප්පත් නිසා පවුල ගොඩදාන්න මේක කරනවා ඇති. සුරේශ්ට හිතුනේ එසේයි. කතාව සඳහා ඔහුගේ ආරම්භය ලැබුවේ එතැනින්. එසේ ආරම්භ වූ කතාව සකසන්න අවුරුදු 8 ක් විතර වැයවෙලා.
Tokri (The Basket) මේ කෙටි චිත්‍රපටය නැරඹීමට මෙතනින් පුලුවන් ?????
https://youtu.be/Va4sUF65ks4
මේ කෙටි චිත්‍රපටය දිනූ සම්මාන
• Luchezarny Angel Film Festival
• The 11th Xiamen International Animation Festival
• Filmmakers of the Year Film Festival (FYFF)
• Crossroads Film Festival
• Brroego Springs Film Festival
• 65th National Film Award
• 19th Crossroads Film Festival
• Moscow Shorts April 2018
• Myrtle Beach International Film Festival
• Mumbai International Film Festival (MIFF)
• 4th Thessaloniki Animation Film Festival
• 6th Sharjah International Children’s Film Festival ( SICFF )
• International Short Film Festival Kolkata
• Animation Studio Festival
• Palm Springs International Animation Festival, 2018 (PSIAF )
• Short to The Point
• Accolade Global Film Festival
• 19th Digicon 6 Asia Awards
• New Delhi Short Film Festival
• The Smalls Film Festival
• Great Lakes International Film Festival
• Moondance International Film Festival
• Long Island International Film Expo(LIIFE)
• Acharya Tulsi Short Film Festival
• 16 Jaipur International Film Festivals – In Jaipur
• Mexico International Film Festival
• The IndieFest Film Awards
• 60th Cine Golden Eagle Awards for Independent & Emerging Media
• 12th Athens Animfest -2017
• Ficci Baf (Federation of Indian Chambers of Commerce and Industry) 2017
මේ තියෙන්නේ ජයග්‍රහණ වුනාට නිර්දේශවීම් දාන්න ගියොත් ලිපිය තවත් දිගුවෙනවා.
Suresh Eriyat කියන්නේ 2009 දී ආරම්බ කල Studio Eeksaurus හි නිර්මාතෘවරයා වගේම Annecy International Animation Film Festival සම්මාන උළෙලේ පළමුවරට ඉන්දියාව වෙනුවෙන් සම්මාන සම්මාන ලැබූ අයෙක්. ඒ වගේම National Awards for Best Animated Film සම්මානය සඳහා දෙවරක් සම්මාන ලැබූ අයෙක්.
Suresh Eriyat ගැන කතාකරපු නිසාම සුරේෂ් ගේ තවත් ඇනිමේටඩ් කෙටි චිත්‍රපටයක් තියෙනවා Fisherwoman and Tuk Tuk කියලා. ඇත්තටම ඒකත් මරු .ඒ වගේම තවත් සම්මාන දිනූ කෙටි චිත්‍රපටයක්. හැමෝටම හීන වගේම ආශාවන් තියෙනවා. මාළුවෙළෙන්දියකගේ අපූරු ආශාවක් යන නොසිතූ ලෙස සැබෑ වීමක් සහ ඉන්පසු ඇගේ ජීවිතය හා සම්බන්ධ සිද්ධි දාමය මේ කතාවෙන් පෙන්වනවා. මේකත් Studio Eeksaurus හිදි කළ වැඩක්.
Fisherwoman and Tuk Tuk කෙටි චිත්‍රපටය නැරඹීමට මෙතනින් පුලුවන් ?????
https://youtu.be/WwQKLgUYEdY
Stop Motion Animation කෙටි චිත්‍රපටයක් වන Tokri ගැන කතා කලත් කොහොමද ඒක හැදුනේ ?
බලන්න මෙතනින් ලේසි වැඩක්ද කියලා (Behind the Scenes) ?????
https://youtu.be/k66RMXPodzE
Tokri (The Basket) Behind the Scenes – Pre Production ?????
https://youtu.be/ZYI009l9D6s
Tokri’s Premier ?????
https://youtu.be/61bt3tVeFJo
ලෝක සිනමාවෙන් නිතර කතා වුනත් ඉන්දියාවේත් මේ වගේ වැඩ්ඩෝ ඉන්නවා.කෙටි චිත්‍රපටයන් ,චිත්‍රපටයන් දක්වා වර්ධනය වන කාලයක් ඇවිත් මේ සිනමා කලාවටත් හොද තැනක් ඉන්දියාව තුළින් හම්බෙලා ජනප්‍රිය සිනමාපටයක් දැකගන්න ලැබුනොත් වටිනවා.