Time Travel Paradox
ඔන්න ටික කාලෙකට පස්සෙ මම කට්ටිය සෑහෙන කතාබහ වෙන, ගොඩක් අයට පැටලිලා තියෙන පැත්තක් ගැන පොඩ්ඩක් කතාකරන්න හිතුවා. ඒ තමයි Time Travel කියන්නෙ මොනවගේ දෙයක්ද කියන එක. වර්තමානය වෙද්දි වැඩි වැඩියෙන් සිනමා තිරය ආක් රමණය කරන Sci fi සිනමාපට රාශියකම දකින්න ලැබෙන අනිවාර් ය අංගයක් තමයි Time Travel කියන්නෙ. හැබැයි එක් එක් කතාවල මේක යොදාගන්න ආකාරය, concepts එකිනෙකට වෙනස්. ඇතැම් අවස්ථාවල බහුලව ඇතිවෙන්න පුලුවන් Plot holes නැතිකරගන්න ( මේ Plot holes ඇතිවෙන්න පුලුවන් Time travel Paradox නිසයි ) Time Travel concept එක ඕනවට වඩා සංකීර්ණ නොකර සරල මට්ටමකට පත්කරගැනීමත් සිදුවෙනවා. ඉතින් මේ Time Travel සහ ඒ ආශ් රිතව ඇතිවෙන්න පුලුවන් Paradox කියන්නෙ මොහොම පරිස්සමින් කතාකරන්න ඕන Topic එකක්. ඒ නිසා මම මේ article එකෙන් මොකක්ද මේ Time Travel කියන්නෙ, දැනට පවතින විද් යා දැනුම අනුව ප් රායෝගිකත්වයට හැකිතරම් ආසන්න මට්ටමකින් Time Travel කරන්න පුලුවන් ආකාර මොනවද සහ කාලතරණය හේතුවෙන් ඇතිවෙන්න පුලුවන් ගැටලුකාරී අවස්ථා වෙන Paradox මොනවාද කියලත් කතාකරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි බලමු කාලතරණය කියන්නෙ මොනවගේ පුදුමාකාර අත්දැකීමක්ද කියලා..
මුලින්ම අදහසක් අරගෙන ඉමු මොකක්ද මේ කාලතරණය කියන්නෙ කියලා. කාලතරණය කියන වචනයෙන්ම අදහස් වෙනවනෙ ඒ කියන්නෙ කාලය හරහා ගමන් කිරීම. හැබැයි අපි දැනටත් කාලයත් එක්ක ගමන් කරනවා. නමුත් මේ කාලතරණයෙන් කියන්නෙ කාලය කියන රාමුවේ ඉදිරියට හෝ පිටුපසට අපිට කැමති තැනකට ගමන් කර හැකිවීම. අපි නිකන් කාලය දිග පටියක් විදියට හිතුවොත් අපිට ඒකේ එක තැනක ඉදන් ක්ශණිකව තවත් තැනකට ගමන් කිරීම තමයි කාලතරණය කියන්නෙ. අපිට මේ පටිය හඳුන්වන්න පුලුවන් Time line එක කියලා. ඉතින් මේ විදියට කාල රේඛාවෙ එක්තැනක ඉදලා තවත් තැනකට ප් රවේශ වෙන්න පුලුවන් තාක්ෂණයක් ගැන සෛද්ධාන්තිකව අනුමාන කරලා තිබුනට තාම ප් රායෝගිකව සොයාගෙන නොතිබුනත් විද් යා ප් රබන්ධවල මේ වෙනුවෙන් Time Machine කියන විවිධාකාර තාක්ෂණයන්ගෙන් හැදුනු උපකරණ භාවිතා කරනවා. හැබැයි මේ විද් යා ප් රබන්ධ බොහෝමයක මේ Time Machines කාලතරණය වෙනුවෙන් යොදාගන්නා තාක්ෂණයන් ගැන සඳහන් වෙන්නෙ හරිම අඩුවෙන්. කියවෙන්නෙම නැති තරම්. මොකද ඉතින් විද් යාඥයන්ට පවා දැනට හොයාගෙන තියෙන සෛද්ධාන්තික කරුණු අනුව මේක හරියටම කරන්න පුලුවන් දෙයක්ද කියලා ඔප්පු කරන්න තරම් ප් රමාණවත් නෑ. ඉතින් කියන්න තියෙන්නෙ මොන විදියේ තාක්ෂණයකින් හෝ කාලතරණය කල කෙනෙක්ට ලැබෙන බලය නම් අති විශාලයි. මොකද ඒ කෙනෙක්ට පුලුවන් අතීතයේ තමන්ගේ හෝ තමන්ගේ මුතුන් මිත්තෙක් අතින් උන වැරැද්දක් නිවැරදි කරන්න. ඊලඟට අනාගතයේ මොනවගේ වෙයිද කියලා දැනගන්න. අනාගත තාක්ෂණය අතීතයට අරගෙන ගිහින් අතීතයේ මිනිස්සු අතරෙ දෙවියෙක් වගේ ජීවත් වෙන්න. ඔය වගේ එකී මෙකී නොකී විශාල බලයක් කාලතරණය කරන්නෙකුට ලැබෙනවා. හැබැයි ඔන්න ඔතනදි තමයි Time Travel Paradox කියන සංසිද්ධීන් ගැන කරුණු කාරණා එලියට එන්නෙ. මේ Paradox නිසා තමයි කාලතරණය කියන එක අර මං කලින් කිව්වා වගේ සරල ගතියෙන් මිදිලා ටිකක් සංකීර්ණ දෙයක් වෙන්නෙ. ඒකනිසා අපි ඉස්සෙල්ලම කාලතරණය ගැන තියෙන විද් යාත්මක පැහැදිලි කිරීම් ගැන ටිකක් සරලව කතාකරලා මේ විවිධාකාර Paradox ගැනත් කතාකරමු..
Hermann Minkowski
අයින්ස්ටයින් ගේ සාපේක්ෂතාවාදය ඉදිරිපත් වෙන්න පෙරාතුව විද් යාඥයන් කාලය ගැන සැලකුවෙ ඒක නියතයක් විදියට. ඒ කියන්නෙ මොනම ආකාරයේ බාහිර බලපෑමකින් වත් කාලයේ ගලායාම වෙනස් කරන්න බැරි නියත දෙයක් විදියට. නමුත් සාපේක්ෂතාවාදය එක්ක මේ කාලය කියන්නෙත් යම් වස්තුවකට සාපේක්ෂ දෙයක් කියන මතය එලියට ආවා. ඒ කියන්නෙ වේගයන් දෙකකින් ගමන් කරන වස්තූන් දෙකකට කාලය ඔවුන්ට සාපේක්ෂව වෙනස් විදියට දැනෙනවා කියන එක. තවත් සරල කලොත් ආලෝකයේ වේගයෙන් අභ් යවකාෂයේ ගමන් කරන පුද්ගලයෙක් ට කාලය දැනෙන වේගය පොලව මත සාමාන් ය ආකාරයට සිටින මිනිසෙකු ගතකරන කාලයට සාපේක්ෂව අඩු වෙන්න පුලුවන්. ඒ කියන්නෙ ආලෝකයේ වේගයෙන් යම් ගමනක් ගිහින් පැමිණෙන පුද්ගලයෙක් ගේ වයස්ගතවීම එම පුද්ගලයා පිටත් උන දවසෙ ඉදන් නැවත පැමිනි දවස දක්වා පොලවෙ ගතකල මනුස්සයෙක්ගෙ වයස්ගතවීමට වඩා අඩු වෙනවා. ඉතින් මේ සාපේක්ෂතාවදය ඉදිරිපත් කිරීමෙන් පසුව අයින්ස්ටයින් ගේ ගුරුවරයා උන Herman Minkowski විසින් කාලය සහ අවකාශය එකිනෙක හා තදින්ම බැඳී පවතින්නක් බව ප් රකාශ කරන ගණිතමය ආකෘතියක් ඉදිරිපත් කරනවා. ඒ අනුව කාලය හා අවකාශයට එකිනෙක නොමැතිව පවතින්න බැරි බව නිගමනය කරනවා. අවකාශය ත් රිමාණ පිටියක් වශයෙන් සැලකුවොත් එහි සිව්වෙනි මානය වන දිශාව ලෙස කාලය සැලකිය හැකි බවත් විශ්වයේ සිදුවන සෑම සියලු සංසිද්ධියක්ම මේ කාල අවකාශ එකතුව තුල සිදුවිය යුතු බවත් මෙම නව මතවාදයෙන් කියවෙනවා. ඉතින් මේ විදියට බැලුවොත් සාමාන් යයෙන් ඒකාකාරීව පවතින මේ කාලාවකාශයේ සිදුවන නැවීම් වක් රවීම් අනුව තමයි කාලතරණය කියන දේ සිදුවෙන්න පුලුවන්. ඒ අනුව ඒ නැවීම් හැකිලීම් සිදුකරන්න පුලුවන් සෛද්ධාන්තික ආකාර වලින් කාලතරණයක් සිදුවෙන්න පුලුවන් බව විද් යාඥයන් නිගමනය කරනවා.. මම සෛද්ධාන්තිකව කිව්වෙ තාම මේ කිසිම දෙයක් ප් රායෝගිකව සිදුකරන්න නොහැකිවෙලා තියෙන නිසයි. ඉතින් මම කලින් කිව්වා වගේ ආලෝකයේ වේගයෙන් ගමන් කරන්නෙකුට කාලය මන්දගාමීව ගතකර මහපොලවේ සිටින තමන් හා සම වයස් කෙනෙක් ගේ වයස්ගත වීමට වඩා සෑහෙන අඩු වයස්ගතවීමක් සහිතව පැමිණෙන්නට පුලුවන් උනත් වර්තමානයේ තිබෙන තාක්ෂණයෙන් ආලෝකයේ වේගයට සමාන වේගයක් ලබාගැනීම තවමත් කල නොහැකි කාර් යයක් නිසා දැනට පවතින වේගවත්ම යානයෙන් අභ් යවකාශ සවාරියක් ගොස් පැමිණි කෙනෙකුගේ සහ මෙහි සිටින අයකුගේ වයස් පරතරය ඉතාම නොගැනිය හැකි තරම් සුලු වෙනසක් පමණයි. ඒ නිසා වර්තමාන තාක්ෂණය අනුවනම් මේ ආකාරයට ප් රායෝගික මට්ටමේ කාල තරණයක් කියන දේ තාම සිහිනයක් පමණයි..අපි දැන් කාලතරණය වෙද්දි මොකක්ද වෙන්න ඕන කියලා යම් අවබෝධයක් ලබාගනිපු නිසා ඊලඟට කාලතරණය කරන්න හැකියාවක් ඇතැයි සලකන්න පුලුවන් අවස්ථා සහ ක් රමවිදි ගැන කතා කරන්න යමු.
Time Dilation
මේක මූලිකවම ගුරුත්වාකර්ශණය සහ සාපේක්ශ ප් රවේගය මූලික කරගෙන ගොඩනගපු theory එකක්. අපි සාමාන් යයෙන් දන්නවනෙ පොලවෙ ගුරුත්වාකර්ශණය කියන දේ තැනින් තැනට වෙනස්. ඒවගේම අපි ප් රවේග දෙකකින් යන වස්තු දෙකක් ගත්තොත් ඒ දෙකේ එකිනෙකට සාපේක්ෂ ප් රවේගයන් තියෙනවා. ඉතින් මේ theory එකෙන් විස්තර කරන්නෙ මේ ආකාරයට එකිනෙකට සාපේක්ෂ ප් රවේග තියෙන වස්තූන් දෙකක හෝ වෙනස් උස මට්ටම් දෙකක වෙනස් ගුරුත්වාකර්ණයක් යටතේ තියලා තිබෙන වස්තූන් දෙකක කාලය ගලායෑම එකිනෙකට වෙනස් කියලයි. අපි මේක නිකන් උදාහරණයකින් කිව්වොත් අපි එකම ජාතියෙ ඔරලෝසු දෙකක් එකක් කරත්තෙක සහ අනික Racing car එකක තියලා එකම වෙලාවෙදි කාල ගණනය ආරම්භ කරලා මේ වස්තූන් දෙක චලනය ආරම්භ කරවනවා. ඉන්පස්සෙ යම් කාලයකට පස්සෙ මේ දෙකේම තියෙන ඔරලෝසු දෙකේ වෙලාවන් බලනවා. මේ Theory එකට අනුව කරත්තෙ තිබුන ඔරලෝසුවේ වෙලාව Racing car එකේ ඔරලෝසුවේ වෙලාවට වඩා වැඩි වියයුතුයි.( අපි නිකමට කියමු 10.10 සහ 10.05 කියලා) ඒ කියන්නෙ Racing car එකේ ඉන්න මනුස්සයා එලියට බැස්සොත් බහින්නෙ විනාඩි පහක අනාගත කාලයකට. මොකද එයා කාර් එක ඇතුලෙ විනාඩි පහක් ගත කලත් ඒක පිටත පරිසරයට අනුව විනාඩි දහයක කාලයක්. ඒ කියන්නෙ මේකෙන් එයා විනාඩි පහක Time Jump එකක් පැනලා තියෙනවා. මේක ඇත්තටම ප් රායෝගිකව නම් ඉතා වේගවත් යානයකින් උනත් සිද්ධවෙන්නෙ මිලි තත්පර කිහිපයක වෙනසක් පමණයි. ඒක කොයිතරම් නොගිනිය හැකි දෙයක්ද කියලා තේරෙනවනෙ. ඒකනිසා විනාඩි ගණනක හෝ අනාගතයකට ගමන් කිරීමට අපිට සිතාගත නොහැකි වේගයක් අවශ් යයි. මේ හා සමානවම වෙනස් ගුරුත්වාකර්ශණ ක්ශේත් ර දෙකකත් මේ සංසිද්ධියම සිදුවෙන්න පුලුවන්. මේකත් සරලව ඉතා උස කුලුණක පාමුල සහ මුදුනේ එකම ජාතියේ ඔරලෝසු දෙකක් එකම වෙලාවෙ කාල ගණනය පටන්ගෙන ඒ දෙක අතරෙ ඉතා කුඩා කාල අන්තර වෙනසක් තිබීම සලකන්න පුලුවන්. අපි නරඹපු Interstellar සිනමාපටයෙදිත් දකින්න ලැබුනෙ මේ Time
gargantua black hole
Dilation හා බැදුනු කාලතරණයක්. ඒකෙදි Gargantua කලු කුහරයෙන් ඇතිකරපු අතිවිශාල ගුරුත්වාකර්ශණ බලය මගින් කාල අවකාශය වක් රවීම් වලට බඳුන් කර කාලය ගලායාම මන්දගාමි කලා. ඒ නිසා එම ගුරුත්වාකර්ශණ ක්ශේත් රය තුල සිටිය අය එහි ගතකරන පැයක කාලය තුල ඊට හාත්පසින්ම වෙනස් සාපේක්ෂව ඉතාම අඩු මට්ටමේ ගුරුත්වාකර්ශණ ක්ශේත් රයක් පැවති පෘතුවියේ වසර හතක කාලයක් ගත උනා. ඒ නිසා පැය කිහිපයක් Millers Planet එකේ ගත කරපු අය නැවත පැමිණියෙ වසර ගණනාවක් ගත උන යානයකටයි. ඉතින් අර ග් රයලෝකෙට ගිය අයට ඒක දැනෙන්නෙ අනාගතයට පැමිණියා වගේ තමයි. ඔන්න ඕකයි Time Dilation එකේ කතන්දරය. කොහොම උනත් මේ වෙද්දි වාර්තාවෙන අන්දමට මේ ක් රමයෙන් දැනට විශාලම කාලයක් කාලතරණය කල කෙනා විදියට සැලකෙන්නෙ ISS හි සිටි අභ් යවකාශගාමියෙක් උන Sergei Krikalev. ඔහු අන්තර්ජාතික අභ් යවකාශ මධ් යස්තානය චලනය වෙන තත්පරයට කිලෝමීටර 7.66 (7.66 km/s) ක වේගයෙන් චලනය වෙමින් බොහෝ කාලයක් සිටි නිසා ඔහු නැවත පෘතිවියට පැමිණීමේදි තත්පර 0.02ක අනාගත පෘතිවියකට පැමිනෙන්නට ඇති බව වාර්ථා වෙනවා. ඉතින් හිතාගන්නකො සැලකිය යුතු කාලයක් කාලතරණය කරනවා කියන එක මොනතරම් අසීරු කාරනාවක්ද කියලා..
Cosmic String
මේ 1991 දී J Richard Gott විසින් නිර්මාණය කරන ලද Time Travel Theory එකක්. මේකෙන් කියන්නේ දැනට පවතින විශ්වයට පෙර විශ්වයේ සිට ඉතිරිව පවතින ශක්තියෙන් සැදුනු තන්තු වැනි කොටස් රාශියක් සමස්ථ විශ්වය පුරාවටම පැතිර පවතිනවා කියලයි. මේවල විශාල ස්කන්ධයක් හා දැවැන්ත ගුරුත්වාකර්ෂණයක් පවතින්න පුලුවන් නිසා මේ හා බැඳුනු වස්තූන් වලට ආලෝකයේ වේගය ඉක්මවා ගමන්කොට කාලතරණයක් සිදුකරන්න පුලුවන් බවයි Gott ගේ අදහස. ඉතින් මේ Cosmic String වලට යම් යම් සැලකියයුතු බලපෑම් කිරීමෙන් කාල අවකාශයේ වෙනස්කම් සිදුකර කාලතරණය සැබෑවක් කරගැනීමට හැකි බව මේ Theory එකෙන් කියවෙනවා. හැබැයි මේක ප් රායෝගික මිනුම් දඬු ඔස්සේ බැලුවම එක වසරක කාලයක් කාලතරණය කිරීම සඳහා ප් රමාණවත් Cosmic Strings වෙනුවෙන් අවශ් ය ස්කන්ධය Galaxy එකක් එහෙමත් නැත්නම් සම්පූර්ණ චක් රාවාටයක මුලු ස්කන්ධයෙන් භාගයක් පමණ වෙනවා. ඒ අනුව හිතාගන්න පුලුවන් නේද මේ ක් රමයෙන් උනත් ප් රායෝගිකව කාලතරණයක් සිදුකරන්න ඒ වෙනුවෙන් මොනතරම් ශක්තියක් අවශ් ය වෙනවද සහ කෙතරම් අපහසු කාර් යයක්ද කියලා.
Black Holes
Schwarzschild black hole
කලු කුහර යොදාගනිමින් කාලතරණය සිදුකල හැකියැයි ප් රකාශ කිරීමත් තවත් එක් ජනප් රිය Theory එකක්. සාමාන් යයෙන් අපි දන්න කියන ආකාරයට කලු කුහරයක් නිර්මාණය වෙන්න නම් අපේ සූර් යයා වගේ හතර ගුණයක් වත් ස්කන්ධයක් ඇති තාරකාවක් එහි ආයුකාලයේ අවසානයට ලඟාවීමේදි එහි සියලු ඉන්ධන දහනය අවසන් වූ පසු දැවැන්ත ස්කන්ධය හේතුකොටගෙන අරය තුලට කඩා වැටෙන්න ඕන. එයින් නිර්මානය වන අධික ගුරුත්ව ක්ශේත් රය නිසා මේ කලු කුහර වල මධ් යය වෙන Event Horizon තුලට පැමිණෙන කිසිවකට ( අඩුගානේ ආලෝකයට වත් ) මෙයින් ගැලවිලා යන්න ලැබෙන්නෙ නෑ. මේ විදියට ආලෝකයද ඇතුලුව ඒ සියල්ලම උරාගන්න නිසා තමයි කලු කුහර විදියට මේවා සැලකෙන්නෙ. පොදුවේ මේ ආකාරයේ හැසිරීමක් දක්වන භ් රමණය නොවන කලු කුහරවලට කියනවා Schwarzschild black hole කියලා. නමුත් අපි කාලතරණය ගැන කතාකරද්දි අවධානය යොමු කරන්න ඕන භ් රමණය වන කලු කුහර හෙවත් Kerr Hole ගැනයි. 1963 දී Roy Kerr කියන ගණිතඥ් යයා විසින් සොයාගත් මෙම කලු කුහර විශේෂය සෑදෙන්නෙ පැරණි තාරකාවක් භ් රමණය වන නියුට් රෝන තරු වලල්ලක් තුලට කඩාවැටීමෙන්. ඉතින් මේක ටිකක් දුර්ලභ කලු කුහර විශේෂයක් කියලා සඳහන් කරන්න ඕන. නමුත් මේකේ විශේෂත්වය තමයි මේවල භ් රමණය නිසා Singularity කියන කලු කුහරයේ මධ් ය ලක්ෂය තුල සිදුවන ක් රියාවලිය නැවතීම. මේ Singularity කියන ස්ථානය ගැන කිව්වොත් Event Horizon තුලට ඇතුලුවෙලා කලු කුහරයෙන් ගැලවීගන්න බැරුව Singularity කරා ලඟාවන වස්තූන් ඉතාම කුඩා අංශූන් දක්වා ඛණ්ඩනය වන අතර තවදුරටත් අපි දන්නා කියන භෞතික විද් යා නියමයන් පවා මේවට වලංගු නොවෙන බවයි විද් යාඥයන්ගේ මතය. ඉතින් සාමාන් යයෙන් මම කලින් කියපු Schwarzschild black hole තුල සිදුවෙන මේ ක් රියාවලිය Kerr Hole තුල සිදුනොවීම නිසා එය විශ්වයෙන්
තවත් විශ්වයකට, තවත් කාලරාමුවකට දොරක් විදියට ක් රියාකරලා Black Hole එකක් තුලින් ඇතුලුවන දෑ සියල්ලම White Hole එකක් මගින් පිටකරනු ඇති කියලා විද් යාඥයන් අනුමාන කරනවා. ඒ අනුව මේ වගේ සංසිද්ධියකින් අපිට වෙනත් සමාන්තර විශ්වයකට හෝ අපගේ විශ්වයේම වෙනත් කාලරාමුවකට ගමන්කල හැකිවෙයි කියලා ඔවුන් විශ්වාස කරනවා. හැබැයි වැදගත්ම දේ තමයි මේ සියල්ලම සෛද්ධාන්තික කරුණුකාරණා පමණක් වීම. ඒ නිසා මේ විදියට කාලතරණයක් සිදුවීම බොහෝවිට අහම්බයක් පමණක් වෙන්න පුලුවන්, ඒ වගේම යන තැන ගැන පූර්ව නිගමනයක් නොමැති නිසා සහ යන කෙනෙක්ට නැවත තමන් ගිය ස්ථානය පිලිබද දැනුම් දීමට නොහැකිවන නිසා මේ ආකාරයට කාල තරණයක් උනත් නූනත් ඒ ගැන නියමාකාරයෙන් දැනගන්න කාටවත් බෑ. ඒවගේම මේ පිලිබඳ බොහෝ අධ් යයනයන් සිදුකරලා තිබෙන භෞතික විද් යාඥයෙක් උන Kip Thorne ගේ මතය නම් Kerr Hole නම් භ් රමණය වන කලු කුහරයක් කිසිදා පැවතිය නොහැකි බවයි. ඔහුගේ මතය අනුව කලු කුහරයක Singularity තුලට ලඟාවෙද්දිම ඇතුලු වන සියලු දෑ කොටස්වලට ක්ශය වී විනාශ වනු ඇති. Kip Thorne ගැන තව දෙයක් කිව්වොත් මෙයා තමයි Interstellar සිනමාපටයේ සියලුම භෞතික විද් යාත්මක කරුණු පිටුපස සිටි විද් යාඥයා. මෑතකදි අපි දැකපු සැබෑ කලු කුහරයේ ඡායාරූපයට ලබාගැනීමටත් පෙර ඊට බොහෝ සමාන ආකාරයෙන් Interstellar ගි Gargantua කලු කුහරයේ ස්වරූපය විද් යාත්මක ගණනය කිරීම් ආශ් රයෙන් නිර්මාණය කරනු ලැබුවෙ ඔහුයි. ඒ නිසා ඔහු මේ ගැන දක්වන මතය බැහැර කරන්න අමාරුයි. කොහොම උනත් කලු කුහරයක් හරහා කාලතරණය කරනවනම් ඉදිරියේදි වෙන්න පුලුවන් දේවල් ගැන කිසිම පූර්ව නිගමනයක් නැතිව තමයි ඒක කරන්න වෙන්නෙ. ඒ නිසා කාලතරණය කරන්න තියෙන අන්තිම option එක විදියට මේක පාවිච්චි කරනවනම් හොඳයි කියන්න ඕන.
Worm Hole
ඊලඟට තියෙන්නෙ තවත් ජනප් රිය විද් යාත්මක සංකල්පයක් වෙන Worm Hole . මේක ඇත්තටම කාලතරණයටත් වඩා අභ් යවකාශ ගමන් ගැන කතාකරද්දි නැතුවම බැරි සංකල්පයක් කියන්න පුලුවන්. Einstein-Rosen Bridges විදියට හඳුන්වන මේවා මගින් ආලෝක වර්ෂ සියගණනක දුරක් උනත් ඉතා සුලු කාලයකින් තරණය කල හැකිවන නිසා කාලතරණයේ එක්තරා විදියට වඩාත් ප් රායෝගික අවස්ථාවක් විදියට සලකන්න පුලුවන්. අපි මේක ගැන සරලව විස්තර කලොත් මෙහෙමයි මේක වෙන්නෙ. අපි හිස් කඩදාසියක් අරගෙන ඒක කාල අවකාශය සමමිතිකව පැතිර පවතින විශ්වය විදියට ඒක සලකලා ඒකේ එකිනෙකට ටිකක් දුරින් තියෙන විදියට සලකුණු දෙකක් දාගන්නවා. ඊටපස්සෙ අපිට කියන්න පුලුවන් මේ සලකුණු දෙක අතර සැබෑ දුර ආලෝක වර්ෂ සීයක් කියලා. ඉතින් ආලෝකයේ වේගයෙන් ගමන් කරන්න පුලුවන් දියුණුම යානයකින් උනත් මේ දුර යන්න අවුරුදු සීයක් ගතවෙනවා. නමුත් දැන් මේ කතාකරන Wormholes තුලදි වෙන්නෙ මම කියපු කාලාවකාශ කඩදාසිය වක් රකරලා අර සලකුණු දෙක එකිනෙකට සමපාත පිහිටීමකට ගේන එක. ඊටපස්සෙ මේ සලකුණු දෙක එකිනෙක සමපාත උනාම අපිට පුලුවන් පැන්සලකින් ඒ දෙකම එකම මොහොතෙදි සිදුරු කරන්න. ඉතින් Wormhole එකක් තුලින් ගමන්කරද්දි වෙන්නෙ මෙන්න මේ දේ. අපි එක් ස්ථානයක ඉදන් ඊට ආලෝක වර්ෂ සියගානක දුරක් තිබෙන ස්ථානයක් වෙත එකම මොහොතෙදි ගමන්කරනවා. ඉතින් මේ දුර සාමාන් ය විදියට ගමන් කරනවට වඩා මේක කොයිතරම් පහසු ක් රමයක්ද කියලා තේරෙනවනෙ. අනික ආලෝක වර්ශ සීයක් දුර තරුවක් පොලවෙ ඉන්න අපිට පේන්නෙ ඊට වසර සියයකට පෙර දිස් උන ආකාරයට.ඒ කියන්නෙ මේ මොහොතෙ අපේ ඇස්වලට ලඟාවෙන්නෙ ඊට වසර සීයකට පෙර ඒ තරුවෙන් ලඟා උන ආලෝකය. ඒ නිසා එක්වරම Wormhole එකක් තුලින් ගමන් කරලා අපි ඒ තරුවට ලඟා උනොත් අපි නිකන් වසර සීයක් අනාගතයට ගියා වගේ තමයි අපිට පේන්නෙ. සමහරවිට අපි දැකපු දේවල් ඒ වෙද්දි එතන නැති වෙන්නත් පුලුවන්. හැබැයි ප් රශ්නයක් වෙන්නෙ මේවා ඇතිවෙන්න යම් Possibility එකක් තිබුනත් සාමාන් ය භෞතික විද් යා නියමයන්ට යම්තාක් දුරකට පටහැනි වීම නිසා මේවා ඉක්මනින් වියැකී යන්න පුලුවන් අස්ථායී දොරටු වෙනවා. ඒ නිසා අපි Wormhole එකකට ඇතුලු වෙනවානම් යලි එය තුලින්ම නැවත පැමිණීමේ බලාපොරොත්තුවක් කොහෙත්ම තියාගන්න බැ. ඒ හේතුවෙන් Wormhole එකක් තුලින් යම් දුර ස්ථානයකට ගමන් කරනවානම් යලි ඒමේ බලාපොරොත්තුවෙන් නෙමෙයි ඒක කරන්න ඕන. සමහරවිට ඉදිරි අනාගතයේදි ක්ෘත් රීමව Wormholes නිර්මාණය කිරීමේ තාක්ෂණයක් මිනිසා විසින් සොයාගන්නත් පුලුවන්. අන්න ඒ තරම් දියුණු මට්ටමකට පත් උනොත් නම් විශ්වය සිසාරා ගමන් කිරීමේ මිනිස් ආශාව පහසුවෙන්ම මුදුන්පත් කරගන්න පුලුවන් වේවි..
ඉතින් මේ ආකාරයට තමයි භෞතික විද් යාඥයන් කාලතරණයක් කරන්න පුලුවන් කියලා සෛද්ධන්තික කරුණු මත අනුමාන කරන්නෙ. අපිට සිනමාපටවල සහ නවකතාවල මේ ක් රම සහ ඊට පරිබාහිර ක් රමයන්ද දකින්න ලැබෙනවා. ඇතැම් අවස්ථාවලදි කාලතරණය කරන්නන් සමහ කාලයානයත් කාලය හරහා ගමන් කලත් සමහර සිනමාපට වලදි කාලයානය විසින් එයට ඇතුලු වූ පුද්ගලයින් පමණක් කාලය හරහා ගමන් කරවනු ලබනවා. තවත් අවස්ථාවලදි කාලයානය මගින් එයට ඇතුල් වන්නාට සාපේක්ෂව පිටත කාලය නවත්වනවා. ඒ අනුව කාලයානය තුල සිටින්නා එය තුල පැයක් ගතකර එලියට පැමිණියොත් ඔහු එන්නෙ පැයක අනාගත කාලයකටයි ( Primer චිත් රපටියෙ දකින්න ලැබෙන්නෙ මෙම ක් රමය) තවත් අවස්ථාවලදි කාල යන්ත් රය මගින් භෞතික ශරීරය ඒ ආකාරයෙන්ම තිබියදි විඥානය පමණක් තමන්ගේම අනාගත සිරුර වෙත සම්බන්ධ කරනවා. ඒ අනුව ඔහු තම අනාගත සිරුරෙන් දෑස් විවර කරද්දි දකින්න ලැබෙන්නෙ අනාගතයයි. හැබැයි මේ ආකාරයට වසර සිය ගාණක් ඉදිරියට කාලතරණය කලොත් නම් ගැටලුකාරී අවස්ථා මතුවෙන්න පුලුවන්. මොකද ඒ වෙද්දි තමන්ගේ සිරුර මොන ආකාරයෙන් පවතීද කියලා නිශ්චිත නිගමනයක් නැති නිසා. මේ විදියට තවත් කාලතරණ ආකාරයක් විදියට සලකන්න පුලුවන් අපි එකම ස්ථානයක සිටියදි යම් උපාංගයක් මගින් අපි අවට සියලුම දේවල කාලය ඉදිරියට හෝ ආපස්සට වේගවත්ව ගමන් කරදීමෙන් සහ අවශ් ය කාලයෙදි නැවැත්වීමෙන් කාලතරණය කිරීම. මේක දකින්න ලැබෙන්නෙ Harry Potter and the Prisoner of the Azkaban සිනමාපටයෙන්. ඉතින් මේ ආකාරයේ විවිධාකාර ක් රම විදි විද් යා ප් රබන්ධ සාහිත් යයෙ බහුලව හමුවෙනවා.
දැන් අපි භෞතික විද් යාත්මකව කාලතරණයක් වෙන්න පුලුවන් අවස්ථා සහ විද් යා ප් රබන්ධ තුල දකින්න ලැබෙන කාලතරණය සිදුකරන ආකාර ගැන කතාකලා නෙ. ඊලඟට මම කතාකරන්නෙ මේ ගැන කතාකරන ගොඩක් දෙනෙක් ට පැටලුණු Topic එකක් වෙන Time Travel Paradoxes ගැනයි. ඇත්තටම චිත් රපටි වේවා විද් යා ප් රභන්ධ නවකතා කෙටිකතා වේවා මේ හැම එකක්ම බලන අයට පැටලෙන දේ තමයි මේ Paradox කියන්නෙ. අරයා මෙහෙම කලානම් අරහෙම උනේ කොහොමද කියලා ගොඩක් අය මේ ගැන සෑහෙන වාද විවාද කරගන්නවනෙ. පහුගිය කාලේ ජනප් රිය සිනමාපට කිහිපයක් ගැනම ඔය වගේ වාද විවාද සිදු උනා. මම මේ කාලතරණය ගැන කතාකරන්න හිතුවෙත් ඒ නිසාමයි. එහෙනම් අපි බලමු මොනවද මේ කාලතරණයෙන් සිදුවෙන්න පුලුවන් ගැටලු එහෙමත් නැත්නම් Paradoxes සහ ඒවා වලක්වගන්න කරන්න පුලුවන් දේවල් මොනවද කියලා..
Predestination Paradox
මම කතාකරන මුල්ම Paradox එක තමයි මේ. මේකෙන් කියන්නෙ අපි යම් අතීත සිදුවීමක් වෙනස්කිරීම හෝ නිවැරදිකිරීමේ පරමාර්ථයෙන් කාලය හරහා අතීතයට යන්න උත්සාහ කරනවනම් අපි එම කාලය හරහා ගමන්කිරීම නිසාම ඒ සිදුවීම වෙනසක් නොවී පෙර පරිදිම සිදුවෙන බවයි. අපි මේක සරලව උදාහරණයකින් කතාකලොත් අතීතයේ සිද්ධ උන යම් අනතුරක් නිසා පෙම්වතිය මියගිය පුද්ගලයෙක් කාල යානයක් නිර්මාණය කරලා අතීතයට යනවා තමන්ගේ පෙම්වතියව බේරගන්න. නමුත් අතීතයට ගියාට පස්සෙ තමයි මෙයාට තේරෙන්නෙ තමන් අතීතයට ගිය නිසයි තමන්ගේ පෙම්වතිය අර විදියට අනතුරකට ලක්වෙලා මියයන්නෙ කියලා. ඒ කියන්නෙ ඒ අනතුර නිසා තමන් අතීතය වෙනස් කරන්න පැමිණෙනවා වගේමයි තමන් අතීතයට ඒම හේතුවෙන් තමයි ඒ අනතුර ඇතිවෙන්නෙ. මේක එක්තරා විදියට චක් රයක් එහෙමත් නැත්නම් Loop එකක් විදියට සලකන්න පුලුවන්. මේකෙන් කිසිම ආකාරයකින් අතීතයෙ සිදුවීම් වෙනස්වීමක් වෙන්නෙ නෑ. සියල්ලම එකිනෙක හා බැඳී පවතින සිදුවීම් විදියට නියත ආකාරයකින් සිදුවෙනවා. අපි පහුගිය කාලේ සෑහෙන කතාබහ කරපු Dark කතාමාලාවෙ tag line එක උන Everything is Connected කියලා අදහස් කරන්නෙත් මේකම තමයි. ඉතින් ඒක බැලුවනම් මතක ඇතිනේ ඒකේ චරිත අහම්බෙන් මෙන් කාලතරණය කරත් ඒ කාලතරණයන් වලට පාර කපන්නෙත් අතීතයට සහ අනාගතයට කාලතරණය කර සිටින ඔවුන්ගේම ක් රියාවන් කියලා. එහෙනම් ඕක තමයි Predestination Paradox ගැන කියන්න තියෙන්නෙ.
මේක ඇතුලත් උන සිනමාපට විදියට 12 Monkeys (1995), TimeCrimes (2007), The Time Traveler’s Wife (2009), Predestination (2014) සහ Dark කතාමාලාව හඳුන්වන්න පුලුවන්.
Bootstrap Paradox
Ontological Paradox විදියටත් හඳුන්වන මේ විරුද්ධාභාශයෙන් කියන්නෙ යම් වස්තුවක්, පුද්ගලයෙක් හෝ තොරතුරක් කාලය හරහා යැවීම මගින් එයට නිශ්චිත මූලාරම්භයක් නොමැති ආකාරයේ නොනවතින කාල වක් රයක් නිර්මාණය වීම ගැනයි. අපි උදාහරණයකට ගනිමු යම් කෙනෙක් විලියම් ශේක්ස්පියර් ගේ මැක්බත් පිටපත 22 වෙනි ශතවර්ශයෙදි කියවලා ඒක ගැන පැහැදිලා කාලය හරහා ශේක්ස්පියර් ජීවත් උන කාලවකවානුවට ගිහින් ඔහුට මැක්බත් ගැන කියලා ප් රශංසා කරනවා. හැබැයි වැඩේ කියන්නෙ මේ වෙද්දි ශේක්ස්පියර් මැක්බත් ලියන්න තියා හිතලවත් නෑ. ඔන්න මේ කාලයාත් රිකයගෙ අදහස නිසාම ශේක්ස්පියර් විසින් මැක්බත් ලියනවා. දැන් බලන්නකො මෙතනදි මැක්බත් එකට නියමාකාරයෙ ආරම්භයක් නැතුව infinite loop එකක් හැදෙන ආකාරය. ශේක්ස්පියර්
මැක්බත් ලියපු නිසා අර කෙනා කාලය හරහා ඇවිත් මැක්බත් ගැන කතාකරනවා ඒවගේම මැක්බත් ගැන කතාකල නිසා ශේක්ස්පියර් මැක්බත් ලියනවා. ඔන්න ඕකට තමයි Bootstrap Paradox කියන්නෙ. අපි මේ දේත් Dark කතාමාලාවෙ දකින්න ලැබෙන ‘A Journey Through Time’ කියන පොත හරහා දැක්කා. Dark බැලුවනම් මේ කියන දේ අනිවාර් යෙන්ම මතක් වෙයි.
මේ Paradox එක ඇතුලත් උන සිනමාපට විදියට Somewhere in Time (1980), Bill and Ted’s Excellent Adventure (1989), Terminator සිනමාපට මාලාව, Time Lapse (2014) සහ Dark ටෙලි කතාමාලාව හඳුන්වන්න පුලුවන්.
Grandfather Paradox
මේක තමයි මං හිතන්නෙ ජනප් රියම සහ ගොඩක් දෙනෙක් අහලා තියෙන Paradox එක. අනිත් දෙකට සාපේක්ෂව මේක ටිකක් සරලයි. නමේ හැටියටම උදාහරණයක් ගත්තොත් ඔබ යම්කිසි හේතුවක් නිසා ඔබේම මීමුත්තෙක් ව මරණයට පත්කරන්න කාලය හරහා ගමන් කරනවා. මේකට හේතුව සමහරවිට මීමුත්තා නිසා යම් දරුණු විනාශයක් සිදුවෙලා ඔබ එය සිදුවන්නට පෙරාතුව මීමුත්තව විනාශ කිරීමට උත්සාහ කිරීම වෙන්න පුලුවන්. සමහරවිට ලෝකයෙ වැඩි යහපත උදෙසා මේ මරණයට පත් කරන්න යන්නෙ ඔබේ මුතුන්මිත්තෙක් කියලා ඔබ නොදැන ඉන්නවා වෙන්න පුලුවන්. කොහොම උනත් කාලය හරහා ගිහින් ඒ කෙනාව මරාදැමුවොත් මොකද වෙන්නෙ. එතනින් ඔහුගෙන් පසු පරම්පරාව බිහිවීම නැතුවෙලා යනවා. ඒ කියන්නෙ ඔබත් ඉපදෙන්න විදියක් නෑ. එතකොට කොහොමද ඔබ කාලය හරහා ගමන්කරලා මීමුත්තව මරලා දාන්නෙ. ඔන්න ඔතන ලොකු Paradox එකක් එහෙමත් නැත්නම් විරුද්ධාභාශයෙක් ඇතිවෙනවා. මේක තමයි සරලවම Grandfather Paradox කියන්නෙ. විද් යාඥයන්ට අනුව මේ Paradox එක නැතිකිරීමට සංසිද්ධීන් දෙකක් වෙන්න පුලුවන්. අපි ඒ ගැනත් බලමු. පලවෙනි එක තමයි,
Time line protection hypothesis :- මේකෙදි වෙන්නෙ අපිට අපේ ආදි මුතුන්මිත්තව කිසිම ආකාරයකින් මැරීමට නොහැකිවීම. ඒ කියන්නෙ යම් විදියකින් හෝ වෙනත් විදියකින් ඔහුව ආරක්ෂා වෙනවා. ඔබ මොන දේ කරලා උත්සාහ කලත් ඔබට මීමුත්තව මරන්න බැරිවෙනවා. ඒකෙන් පුලුවන් Timeline එකේ ඇතිවෙන්න ගිය අවුල ලිහාගන්න.
දෙවෙනි සංසිද්ධිය තමයි,
Multiple universes hypothesis :- මේකෙදි වෙන්නෙ ඔබ සාර්ථකව මීමුත්තව ඝාතනය කිරීම සිදුකරනවා. නමුත් ඉන්පසුව යලිත් වර්තමානයට පැමිණෙද්දි ඔබ එන්නෙ කලින් ගියපු Timeline එකට නෙමෙයි. වෙනස්ම අලුතින්ම නිර්මාණය උන Timeline එකකට. ඔබ කාලතරණය කල මොහොත දක්වා සියලු දේම මැකිලා ගිය අලුත් Alternate Timeline එකකට හෝ Parallel universe එකකට ඔබට ඇතුලුවෙන්න හැකියාව තියෙනවා.
මේ Grandfather paradox එක මූලික කරගනිපු සිනමාපට මාලාවක් විදියට Back to the Future (1985), Back to the Future Part II (1989) සහ Back to the Future Part III (1990) හඳුන්වන්න පුලුවන්.
මීට අමතරව තවත් paradox එකක් විදියට Let’s Kill Hitler Paradox එකත් තියෙනවා. මේක නිකන් Grandfather Paradox එකේම Extended version එකක් වගේ. දෙවෙනි ලෝක යුද්ධය වගේ ලෝක ඉතිහාසයේ ප් රධානතම සිදුවීමකට මූලික උන Hitler වගේ චරිතයක් මරාදැමුවොත් සමස්ථ ලෝකයටම වෙන බලපෑම අති විශාලයි. ඒ අනුව හිට්ලර් අතින් මියගිය යුදෙව්වන් සියලු දෙනාම ජීවත් වෙනවා. ඔවුන්ගේ පසු පරම්පරාවන් වර්ධනය වෙනවා. සමහරවිට ඔබේ පරම්පරාව පවා නැතිවී යන්නට බැරීකමක් නැහැ. ඒ නිසා මේ වගේ පුද්ගලයෙක් ගෙ මරණයක් සමස්ථ timeline එකටම ඇතිකරන බලපෑම හිතාගන්න බැරි තරම් විශාලයි. අන්න ඒ බලපෑම ගැන තමයි Let’s Kill Hitler Paradox එකෙන් පෙන්වලා දෙන්නෙ.
හරි අපි දැන් Paradoxes ගැනත් කතාකලා නේ. ඔන්න මේ දීර්ඝ සටහනේ අවසාන කොටසට ඇවිත් තියෙන්නෙ. දැන් මම කතාකරන්නෙ උඩදි කියපු Paradoxes නැතිකරගන්න විද් යාඥයන් විසින් යෝජනා කරපු විවිධාකාර ක් රමවිධි කිහිපයක් ගැනයි. ඒ ගැනත් බලලම මේ කතාව අහවර කරමු.
1. Time Travel is Impossible
කාල තරණය කියන්නෙ කල නොහැකි දෙයක් වීම. ඒ කියන්නෙ මම මුලදි කිව්වා වගේම කාලය කියන්නෙ නියතයක් විදියටම පැවතීම. කාලය හරහා ඉදිරියට හෝ පසුපසට ගමන්කල නොහැකිවීම තුලින් කාලරාමුවට සිදුවෙන අනිසි බලපෑම් වැලකිලා Paradox සිදුවීම නවතිනවා.
2. Self-healing hypothesis
මේ කියන්නෙ කාලරාමුව විසින්ම තමන්ට උන වෙනස්කම නිවැරදිකර ගැනීම. අපි කියමු අපි අනාගතයෙ ඉදන් අතීතයට ඇවිත් හැමතැනම අපේ ගාව තියෙන අමුතු ගැජට් පෙන්න පෙන්න ඇවිදිමින් කියනවා අපි අනාගතයෙන් ආවා කියලා. ඔන්න ඔය වෙලාවෙදි මේක මිනිස්සු අතරෙ පැතිරිලා ගිහින් වැඩේ කෙලවෙන්න කලින් කාලරාමුව විසින්ම අපිව අනිත් මිනිස්සුන්ට බලපෑම් කල නොහැකි තත්ත්වයකට පත්කරනවා. මේක සමහරවිට අපි අනපේක්ෂිත අනතුරකින් මියයාම හෝ පොලීසියෙන් අල්ලන් ගිහින් එලියට එන්න බැරි වෙන්න පිස්සන් කොටුවකට දැමීමෙන් වෙන්න පුලුවන්. අවසානයදි අර අනාගත බලපෑමෙන් මිදිලා පුරුදු විදියටම කාලරාමුව ගලාගෙන යනවා. ( සමහරවිට ඔය අත්ලාන්තිස් නගරය සම්පූර්ණයෙන්ම අතුරුදහන් වීම කියන්නෙත් මේ වගේ දෙයක් වෙන්න බැරිකමක් නෑ. අනාගතයෙන් ආපු පිරිසක් විසින් ගොඩනගපු නගරයක් ලෝකයට ඒකෙන් බලපෑමක් වෙන්න කලින් එක් දිනක් තුලදි සම්පූර්ණයෙන්ම විනාශ උනා. මම මේ අදහස ගත්තේ දමිත නිපුනජිත් මහත්තයගෙ විස්මිත සිහින දකින්නා පොතේ කතාවකින්. ඒ ගැන එතුමට ස්තූතිවන්ත වෙන්න ඕන )
3. The Multiverse
මේ කියන දේ නම් MCU එක ගැන දන්න අයට අමුතුවෙන් විස්තර කරන්න ඕන නෑ. මේ කියන්නෙ අපි මේ ඉන්න ප් රධාන කාලරාමුවෙ සිදුකරන යම් වෙනස්කමක් නිසා එතනින් වෙනම කාලරේඛාවක් ඇතිවීම ගැනයි. ඒ අනුව අර වෙනස්කමට අදාල අනාගතයක් ඇති නව කාලරාමුවක් සිදුකරන සෑම වෙනසකදිම ඇතිවෙනවා. Loki Series එකේ TVA එකේ අර මොනිටරේ අතු වගේ බෙදෙන්නෙ මෙන්න මේ අලුත් කාලරාමු තමයි. එයාලා කරන්නෙත් මම කලින් කිව්වා වගේ කාලරාමුවෙ අතු බෙදීම පාලනය කරගන්න බැරි මට්ටමකට පත්වෙන්න කලින් එම වෙනස යථා තත්ත්වයට පත්කරලා කාලරාමුව සුපුරුදු විදියට ගලායාමට ඉඩදෙන එකයි.
4. Erased timeline hypothesis
මේක මම උඩ කියපු Alternate timelines හැදෙන එකේම පොඩ්ඩක් වෙනස් ආකාරයක්. මේකෙදි වෙන්නෙ අපි දැනට ඉන්න Timeline එකේ යම් වෙනසක් කල වහාම එතෙක් පැවති Timeline එක මැකිලා ගිහින් නව Timeline එකක් ආරම්භවීම.
ඉතින් ඔන්න ඔය ආකාරවලින් තමයි අපිට Paradoxes වලින් වෙන බලපෑම අවම කරගෙන Time Travel theory එකක් ගොඩනගාගන්න වෙන්නෙ. එහෙනම් සෑහෙන දෙනෙක් දැනගන්න කැමති වගේම ගොඩක් පරාසයක පැතිරුණු මාතෘකාවක් උන කාලතරණය ගැන මම මේ විදියට කතාකරලා අවසන් කරනවා. ටිකක් සංකීර්ණ මාතෘකාවක් නිසා උදාහරණ අරගෙන පුලුවන් තරම් සරල කරලා ඒ ගැන කියන්න උත්සාහ කලා. ඉතින් මේකෙන් ඔයාලා අලුත් දෙයක් දැනගත්තානම් ඒකයි මටත් වටින්නෙ. මේ Article එක ගැන ඔයාලට නොතේරුන තැනක් තියෙනවා නම් කියන්න. ඒවගේම මේක ගැන ඔයාලගේ අදහසත් කියාගෙන ගියානම් තවත් හොඳයි. එහෙනම් තවත් මේ වගේ අපූරු තොරතුරු ගොඩක් අරගෙන පැමිණෙන තෙක් සියලු දෙනාටම ජයවේවා !!
ප්‍රගීත් ශාන්
Writer
Articles
Super
I appreciate your wordpress design, wherever did you obtain it from?