Throwback Memories Episode 01
Sivakumar Indian Actor
හැමදාම අලුත්ම මතකයන්ම දෙන නිසා පරණ මතකයන් පැත්තට ගියොත් මොකද කියලා නිකමට වගේ හිතුනා..
ඉතිං ඔහොම පරණ මතකයන් හොය හොය යනකොට හරි හරියට සිද්ද වුනු අපූරැ සිදුවීම් ටිකක් නෙත ගැටුනා..බලන් නිකම් ඉන්න පුලුවන්ද?? බැහැනේ.. සූරියා රසික රසිකාවින් අතර හැමදේම බෙදලා දෙන්න අපි කවදත් කැමැති නිසා ඒ සිදුවීම් ටික මේ විදියට බෙදලා දෙන්න හිතුවා..
ඔයාලට මතක ඇති සුරියාගේ පියා සිවකුමාර් ගැන.. ඉතිං ඔහු සූරියා ගැන බොහෝ තැන් වලදී බොහෝමයක් දේ ප්‍රකාශ කරලා තියෙනවා තියන එකත් දන්නවා ඇති.. අන්න ඒ ප්‍රකාශ කරපු දේ අතර අපි දන්න නොදන්න නොකී දේ බොහෝමයක් අන්තර්ගත වෙලා තිබුනා.. ඒ අතරින් මා සිත් ගත් සිද්ධීන් ටිකක් මේ විදියට පෙල ගස්වන්නම්.. බලන්න ඔබ දන්න නොදන්න දේවල් තිබෙනවද කියලා මේ අතර….
? සූරියා කියන්නේ හරි නිහඩ චරිතයක්. වචන දහයකට වඩා කතා කරන්නෙම නැති තරම්. දවසක් හදහන් බලන කෙනෙක් සූරියා සහ කාර්තීගේ වෙලාව බලලා මට මෙන්න මෙහෙම දෙයක් කියනවා.. ඔයාගේ ලොකු පුතා කවදම හරි දවසක ලොකු ප්‍රසිද්ද චරිතයක් වෙනවා.ඒ වගේම ආදර විවාහයක් තමා කරගන්නෙත් කියලා.. මම කොහොමටවත් නළුවෙක් වෙනවා කියන එක විස්වාස කලේම නෑ.එහෙම එකේ ආදර විවාහය ගැන කොහෙත්ම හිතන්නේ නෑ කියලා..ඒත් මම එදා හිතපු දේ හරිම වැරදියි.. ඒ කියපු දේවල් ඒ විදියටම හැබෑ උනා.සූරියාට මගේ ගතිගුණ තිබුනට මොකද එයා හරියට එයාගේ අම්මා වගේ.
? සූරියා රගපෑ පලමු චිත්‍රපටය ගැන ඔබ කවුරැත් දන්නවා ඇති.. #නේරැක්කු_නේර් නොදන්නවානම් චිත්‍රපටයේ නම ඒක.. ඉතිං මේ චිත්‍රපටය ගැන ලොකු අදහසක් මට තිබුනේ නෑ. සූරියාත් රගපාන්න කැමැත්තෙන් හිටපු කෙනෙකුත් නෙමෙයි. කොහොමහරි ෆොටෝ ෂූට් එකකට ආරාධනාවක් ලැබුනා අධ්‍යක්ෂක මනිරත්නම් ගෙන්. ප්‍රතික්ෂේප කල නොහැකි නිසාම ඒ සදහා ඉදිරිපත් උනත් රගපෑමට සූරියාට කැමැත්තක් තිබුනේ නෑ. #ආසෛයි චිත්‍රපටයට අවස්ථාව ලැබුනත් ප්‍රතික්ෂේප කරනවා. නමුත් අජිත් විසින් රගපෑ එම චිත්‍රපටයෙන් අනතුරැව සූරියාට සිනමාව පිලිබද ආසාවක් වගේම උනන්දුවක් ඇති වෙලා තමයි පලවෙනි චිත්‍රපටය රගපෑවේ.
? සූරියා රගපෑම සහ නිෂ්පාදකවරයෙක් විදියට කටයුතු කරන එක ගැනනම් ගොඩක් සතුටුයි. මොකද සිනමා ක්ෂෙත්‍රයේ රැදෙනවා කියන එක හරි අමාරැ දෙයක්.. නිතරම අලුත් මුහුණු අලුත් මාතෘකා ඔස්සේ ගමන් කරන දිශාවක් තමයි සිනමාව කියන්නේ.එතනදී සූරියා සිනමාව පිවිසිලා මේ තරම් දුරකට ඇවිත් නිෂ්පාදකවරයෙක් වෙනවා කියන එක ඇත්තටම අගය කල යුතු දෙයක්..
? වාරනම් ආයිරම් චිත්‍රපටයේ ක්‍රිෂ්ණාගේ චරිතය වෙනුවෙන් තමන්ගේ ඇඟ අඩු කරගෙන ඒ කරපු කැපකිරීම මම හරි අගය කරනවා. කතාව අවසානයේ ක්‍රිෂ්ණාගේ දේහය පහල තියෙද්දි අම්මා ලඟට ගිහින් (අම්මේ තාත්තා යනවා) කියන කොටස ඇත්තටම මම මැරැණා වගේ මට දැනුනේ. ඒ චිත්‍රපටයේ හදවතේ රැදුනු කොටසක්..
? මම සූරියාව පොඩි කාලේ හදුන්වන්නේ #සයිලන්ට්_කිලර් කියලා. බ්‍රින්දා කාර්තී මේ දෙන්නම ටිකක් කොයි වෙලෙත් රංඩු කරනවා.නමුත් දඟ වැඩ කරන්නේ සූරියා තමයි. ඉස්කෝලේ යද්දි සාක්කු එහෙම බ්ලේඩ් එකෙන් කපාගෙන ලඟ හිටපු ලමයා කැපුවා කියලා බොරැ කියනවා අවදානය ගන්න. ඒ වගේම කාර්තී එක්ක පොඩි දවස් වල හරි තරහයි මොකද කාර්තී ව හුරතල් කරනවා කියලා කට්ටිය. ඒ වෙනුවට පලිගන්නවා කියලා රෑට හැමෝම නිදාගත්තම මුහුන පුරා පවුඩර් ගහගෙන යකෙක් වගේ වෙස් වලාගෙන කාර්තීව බය කරනවා. කාර්තී ඉගෙනීම වෙනුවෙන් ඇමරිකා ගියාට පස්සේ ටෙලිග්‍රෑම් යවනවා මල්ලී නැතිව ඉන්න බෑ කියලා. ආයේ එහෙම දේවල් කරන්නේ නෑ කියලා..
? ඒ වගේම සූරියා සිනමාවට එන්නට කලියෙන් රැකියාවක් කලා. පඩිය රැපියල් 1200. අම්මට සාරියක් අරං දෙන්න රැපියල් 15 මදි වෙලා යාලුවෙක්ගෙන් ණයට අරං තමයි අම්මා වෙනුවෙන් සාරිය අරං දුන්නේ.. තාත්තා කෙනෙක් විදියට මම ගොඩක් සතුටු වෙනවා ඒ ගැන.
? ඒ වගේම මම සූරියා රගපෑ චිත්‍රපට ගොඩකට ආසයි. විශේෂයෙන්ම #නන්දා. කුඩා කාලෙදීම තාත්තව මරලා හිරේ යන සිද්දියක් මූලික කරලා තමයි කතාව ගෙතෙන්නේ.හිරගෙදර ඉදන් තරැණයෙක් විදියට එලියට එන මොහුට අම්මා විසින් කෑම වලට වහ දාලා දෙන කොටසක් තියෙනවා. මම කැමැතිම එතනදී සූරියා දෙන හැගීම් වලට. මගෙයි කාර්තී ගෙයි ඇස් එක වගේ. නමුත් සූරියාගේ ඇස් හරිම ආකර්ශනීයයි. ඒ ඇස් වලින් හැගීම් ඕන විදියකට දෙන්න පුලුවන්. ඇස් වලින්ම රගපෑමේ අපූරැ හැකියාවක් ඔහු සතුයි. ඒ නිසාම මම කැමැතිම චිත්‍රපටය නන්දා.
? සූරියා කාර්තී දෙන්නම දුකක් දැනුනම මට කියන්නේ නෑ. මට මුහුණු දැක්කම කියන්න පුලුවන් මොනවද වෙලා තියෙන්නේ කියන එක.ඒ වෙලාවට මම උපදෙස් දෙන්නෙත් නැ. උදාහරණයක් දීලා තේරැම් කරවනවා.. එයාලා ඒක දන්න නිසාම මොනාහරි උනාම එන්නෙත් මං ලඟට..
? ඒ වගේම සූරියා ජොතිකා ආදර කතාවට හැමෝම කිව්වා මම තමයි අකැමැති වුනේ කියලා. නමුත් මතක් කරන්න ඕනි මම තමයි මුලින්ම හා කිව්වේ කියන එක. මොකද මම විවිධ ලව් ස්ටෝරි රගපාපු කෙනෙක් විදියට එතනදී මගේ ආදරේ වෙනුවෙන් සටන් කලා.එහෙම එකේ මගේ දරැවගේ ඇත්ත ජීවිතය ගැන පියෙකුගේ කෝණෙන් බලපුවම සූරියා හරි කියන එක තේරැම් ගත්තා. නමුත් එයාලා අවුරැදු කිහිපයක් ඒ වෙනුවෙන් බලං හිටියා.
රැදී ඉන්න දිගටම..
හෙටත් මම එනවා තවත් තරැවකගේ..
#Throwback එකක් අරගෙන…
#To_Be_Continued