Three Way Junction Sinhala Short Film by Marshal Janz
ගිය අවුරුද්දේ විශාල කතා බහකට එකතු වූ සහා ප්‍රේක්ෂක ආදරයක් දිනා ගත් ස්නේහ කෙටි චිත්‍රපටයේ අධ්‍යක්ෂක Mahela Hettiarachchi සහෝදරයාගේ අලුත්ම Next Level Jump එක [තුං මං හන්දිය] Official Trailer එක Release වුනා ❤
චිත්‍රපටයේ අත්දැකීම් සහා ආරම්භය ගැන චිත්‍රපටයේ අධ්‍යක්ෂවරු ලිව්ව පොඩි හෑල්ලක් එක්ක Trailer Link එක ⬇️
Team එකට GMWW අපෙන් ජයෙන් ජයම වේවා සුභෙන් සුභම වේවා ?❤
???????? ??????? ?? “?????-??? ????????” !!
❤️
මුලින්ම, වඩාත් හොඳ අත්දැකීමක් වෙනුවෙන් Trailer එක ඔබට බලන්න පුලුවන් ඉහළම Quality එකෙන් බලන්න කියලා ඉල්ලනවා. 2K ම බලන්න කියන එක තමා අපේ Recommendation එක වෙන්නේ.
දැන් මේ වැඩේ ගැන පොඩි විස්තරයක් !
මේ වැඩේ හරියටම බැලුවොත් පටන් ගත්තේ 2021 ජූලි මාසෙ වෙන්න ඕන. මේ වෙද්දි මාස හතක් ගෙවිලා ගිහිල්ලා තියෙනවා. දැන් මේ එන්නෙත් Trailer එක. මම හැමවෙලේම කියන දෙයක් තමයි, “හොඳම දෙයක් කරන්න ලොකු වෙලාවක් ගන්න ඕන” කියන එක. සිනමාව වගේ Artistic වියමනක දී හෙමින්, ඉවසීමෙන් සහ වෙලාව අරගෙන කරන වැඩ වලට නිසියාකාර Finish එකක් එන බව මම විශ්වාස කරනවා.
Script එක Finalize කරන්නම අපට මාස කීපයක් ගියා. Story boarding, shot planning ඉන් පස්සේ. ඊලඟට Shooting. චිත්‍රපටයට ඕන විදිහට සහ අපි “Imagine” කරලා තිබුණ විදිහට, හැම දේම අපි රූප ගත කරගත්තා. මොකක් හරි ක්‍රමයකින් අපේ හිතට සහ ගතට පහසු විදිහේ ගේමක් ගහලා, උඩින් අල්ලලා දාන්න තිබුණු තැන් වලට පවා අපි මහන්සි වුනා.
අපේ Pure අරමුණ වුනේ බලන උදවියට Treat එකක් දෙන්න. මේ Cast එකේ සහ Crew එකේ ඉන්න කවුරුත් ඒකට තමන්ගෙ උපරිමයෙන් මහන්සි වුණා.
කවුරුත් කියන්නෙ කවුරුත්ම..!
අනෙක් අතට කියන්නම ඕන දේ මේ Film එක ඇතුලේ මම Director වගේම Fan boy කෙනෙකුත් වුණා. ඒක Positive විදිහට මේකට බලපාන්න ඇති කියලා මම විශ්වාස කරනවා. මගේ අතිශය, අතිශය ප්‍රියතම නළුවෙක් වන අශාන් ඩයස් අයියත්, වේදිකාව හුරු නවක ඒ වගේම අති දක්ශ නිළියක් වන රෙබෙකා දිල්රුක්ශි අක්කත් කිසිම පැකිලීමකින් තොරව චිත්‍රපටයට අවශ්‍ය දේ දුන්නා. ඒ වගේම ඒ අය හරිම පහසුවෙන් අපේ කණ්ඩායම එක්ක මුහු වුණා.
ඔබ මේ පූර්ව ප්‍රචාරක පටය ඇතුලේ දකින හැම Frame එකකටම, ඩයලොග් එකකටම, Act එකකටම, හඬකටම, සංගීත ඛණ්ඩයකටම, ඇඳුමකටම, Prop එකකටම, කතාවක් තියෙනවා. මේ චිත්‍රපටයේ ප්‍රචාරණය වෙනුවෙන් නිර්මාණය වුණ, මෙච්චර කල් දැක්ක Posters 18 කට ආසන්න සංඛ්‍යාවකට එකිනෙකට අනන්‍ය කතාවක් තියෙනවා. ඒ හැම කතාවක් ඇතුලෙම කැපවීම සහ මහන්සිය පිරිලා තියෙනවා. දක්ශකම, අත්දැකීම් පිරිලා තියෙනවා. විශය ගැන තව තවත් ඉගෙන ගන්න තියෙන උවමනාව ඒ කතා තව තවත් ලස්සන කරනවා.
????? ?????-??? ????????
A woman visits a man who lives alone in an apartment. Hidden in an illuminated background of romance, marital affairs and complex love, there are many secrets that have only just begun to unravel.
ගැහැණියක්, තනිව ජීවත් වන මිනිසකුගේ නවාතැනකට පැමිණෙයි. ආලෝකමත් වූ පසුබිම් වල කෙරෙනා රෝමාන්තික කතාබහ සමග ගලායන සංකීර්ණ ආදරණීය සහ වෛවාහක බැඳීම් අතරතුර, රහස් හෙලිදරව් වීම ඇරඹෙයි.
?????????? ??????
27 Frames Entertainment
JRP Pictures
DGThisara Cinematography
Shan Priyanga
??? ????????
මල්කිනිත්ත/Malkinitta
Salon Oofy
Excellent COM
??? ???? ? ????
Starring – Ashan Dias/ Rebecca Dilrukshi
Voice Actors – Anoma Janadare/ Kusal Subasingha/ Anaz Haniffa
Cinematographer: DG Thisara
Edited & Coloured by: Shan Priyanga
Music by: Tharindu Madhawa Thotagamuwa
Assistant Director : Asela S Gamage
Vocals: Thilina L Gamage/ Vidumini Rathnayaka
Make Up by: Nicola Indeewari (Chiara Bridals)
Sound Recorder/ Mastered By: Nipuna Fernando
Costume Supervisor: Wathmee Kahadugoda
Arts Supervisor: Radhini Indivari
Script Supervisor: Nimsara Ekanayake
Stand-ins: Hansi Perera/ Sadishi Doranegama/ Rangamal Dahanayake
Subtitles: Radhini Indivari (English)/ Sreehari, Rashik Shereef (Malayalam)/ Malik Nakib, Jegan Ganeshan (Tamil)
Produced by: Sirithunga Hettiarachchi/ Janidu Raajakaruna/ Nalini Hewage
Edited, Written & Directed by Yours Truely.
Mahela Hettiarachchi
????? ??? ???????? !!
තව මේ වැඩේ වෙනුවෙන් අපට බොහෝ, බොහෝ උදවිය උදව් කලා. විවිධ දේවල් වල දී, විවිධ තැන් වල දී, අපට ඒ ලැබුණු උදවු මේ creative project එක තවත් හැඩ කරන්න උදවු වුනා. ගණන් කලොත් සමහරවිට ඒ උදවු කරපු පිරිස සිය ගණනක් වෙන්න ඇති. ඒ හැම කෙනාටම බොහොමත්ම, බොහොමත්ම ස්තුතියි කියන්න මේක අවස්තාවක් කරගන්නවා.
අවසානයේ..,
මේ ඉහත සඳහන් සියලු දෙනාගේම මහන්සියෙන්, උදවුවෙන්, කැපවීමෙන් සහ ආදරයෙන් නිර්මාණය වුණු මේ කතාවේ පෙර ප්‍රචාරක පටය නරඹන්නට අපි ඔබට ඉතා ගෞරවයෙන් ආරාධනා කරනවා.