Three Way Junction Sinhala Short Film by Upul Dissanayake
ඇත්තටම පුදුම විශ්මයක්, තියෙන්නෙ මට මේ – චිත්‍රපටය ..ගැන..
ඇයි එහෙම කියන්නෙ.. මහත්තයා. මෙච්චර දක්ෂයො , මේ අපි අතර , මේ අපි ආශ්‍රය කරන, මේ වත්මන් තරුණ ප්‍රජාව ඇතුලෙ ඉන්නවනෙ දෙයියනේ, කියන විශ්මය තමා මට තියෙන්නෙ..
චිත්‍රපටයක හදවත තමා – පිටපත…. මේ තුම්මං හන්දිය සතු හදවත , ෆ්‍රෙෂ් හදවතක්.
පිටපත තුල තියෙනවා හදවත් කිහිපයක්.
ඒ හදවත් ක්‍රියාත්ම වුන ආකාරය,
ක්‍රියාත්මක වෙන ආකාරය සහ
ක්‍රියාත්මක වේවි යැයි අනුමාන කරන ආකාරය ,⤵️
අපගේ හදවත සමග සාඛච්ජා කරල සොයා ගත යුතු පිටපතක්. එතනදී මොලයත් උපකාරී කරගන්නට සිදුවෙනවා…
මොකද ඒ හදවත් ගනුදෙනු කරන්නේ ආදරය හා පර්යායව ගමන් කරන තරුණ ජීවිත සමග නිසා,,
මගේ සෙනෙහස මෙතෙක් වේ යැයි
මනින්නට ඔබ උගෙන නැත තව
මගේ අවසන් සුසුම පමණද
අවැසි ඔබ හට මා දකින්නට
වසර ගණනක යොදුන් ගණනක
ගමන් මග අප ගෙවා ඇත්තෙමු
තරු වියන් යට කුසුම් පෙති මත
දෑත් පටලා ඇවිද ඇත්තෙමු
මිලින කුසුමෙක මිලින සිහිනෙක
මගේ සිහියද සැඟව ගත් කල
සිතනු මැන ඔබ ඔබට අවනත
හදක් මිහිමත මෙතෙක් රැඳි වග
……………………………………………………………
මාරම ලස්සනයි මහේල ඩිරෙක්ටර් ස… ඔයාගෙ වැඩේනම්… ඒ කැමරාකරණය අතිවිශිෂ්ටයි,, ඒ පසුබිම් සංගීතය තවමත් මනසේ දෝංකාර දෙනවා..
ඔක්කොටම හපන් ඒ ප්ලොට් එක… කොහොමද ඒක ලිව්වෙ.. ඒකනම් මාරයි…ඔබ ඉපදුනේ සිනමාව වෙනුවෙන්මයි කියල , ඔප්පු කරන්නට මේ සාක්ෂිය ඇති… දැං පැය බාගෙන් එකහමාරකට යා යුතුමයි. ඒකට දැං ඔබ සන්නද්ධයි … ඒක නම් ෂුවර්..
සුබ පතනවා හදවතින්ම..බොහොම පිං..ජනිඳු මල්ලි..මහේලගෙ පිටිපස්සෙන් ඉන්නවට..
ඒ වගේම විශේෂම ස්තූතියක් දෙන්නට අවශ්‍යයි..අපේ ප්‍රවීන රංගන ශිල්පියා අශාන් ඩයස්.ඔබතුමාට.. හරිම නිහතමානී , ආදරණීය දක්ෂයෙක්..ඔයා මහේලව විස්වාස කරපු එකට ස්තූතියි …ඒ වගේම රංගන ශිල්පිනිය..රෙබෙකා දිල්රුක්ෂි තුමිය..ඔබ හරිම ලස්සනයි වගේම..ඒ රඟපෑම අතිවිශිෂ්ටයි..ඇත්තටම ..
අනෝමා ජනාදරී තුමිය..ඔබගේ හඬ ඇසුනත් ඇති.
මහේල. හැබැයි එතන තිබුන දෙබස් ටිකට මම එපමණ එකඟ නෑ..
…………………………………………………
සුබ පැතුම් මහේලයා..අපේ එකා..ආදරෙයි මචාං..
ඔයාල තමා අපේ අනාගතය..මෙච්චර අඥ්ඤකොරොස් වෙච්ච සමාජක්‍රමයක, පොඩ්ඩක් හරි සතුටු වෙන්න පුළුවන් කාරණා ඉස්මතු වීම සතුටට කාරණයක්…
අපි ඉන්නවා ඔබත් සමග..