Three Way Junction Sinhala Short Film | Mahela Hettiarachchi

About Three Way Junction by Mahela Hettiarachchi

සතුටට හිනාවෙන්නත් අමාරු කාලයක, අමාරුවෙන් අකුරු ගැට ගසමි !! ❤️

තුං මං හන්දිය ලියන්න මම පටන් ගත්තේ 2021 මාර්තු මාසේ. එතැන ඉඳලා අපි මාස ගාණක් ස්ක්‍රිප්ට් එක ඩිවලොප් කලා. ඒකට ගොඩක් අය එකතු වුණා. කතාව, Dialogues, Facts, References, තාක්ශණික දේවල් එක්ක මේ පිටපත දවසින් දවස Develop වුනා. ඊට පස්සෙ කීප දෙනෙක් අතින් ඒක Re-check වෙනවා. එයාලා ඒකෙ තියෙන හොඳ, නරක සහ තව Improve වෙන්න ඕන තැන්, ඒ වගේම එයාලා ඒක Visualize කරන විදිහ මට කියනවා. ඒ Reviews වලින් ගන්න ඕන දේවල් අරගෙන, මම ආයෙ ලියනවා. 
මාස හයක් විතර අවසානයේ ස්ක්‍රිප්ට් එක සහ Storyboarding ඉවර වෙද්දි අපි Cast එක Crew එක තෝරගෙන තිබුණා. එයාලත් වැඩේට එකතු වෙලා තිබුණා. මේක බොහෝ සිදුවීම් තනි ලොකේශන් එකක සිද්ධ වෙන, ප්‍රධාන චරිත දෙකක් වටේ කැරකෙන කතාවක්. අනික සුවිශේෂීම දේ මේක මිනිස්සුන්ගේ අභ්‍යන්තර මනෝභාවයන් පරීක්ශණයට භාජනය කරන අන්දමේ වැඩක්. මේ වගේ වැඩකදි මේ ඉන්න චරිත වලට පණ පොවන අයට ලොකු වගකීමක් පැවරෙනවා.
Ashan Dias, ලංකාවෙ ඉන්න මම කැමතිම, කැමතිම, කැමතිම Personality එකක්. අපට ඉන්න අති දක්ශ රංගන ශිල්පියෙක්. ප්‍රසන්ටර් කෙනෙක්. කාලෙකට ඉස්සර චිත්‍රපටයක Review එකක් ගැන පොඩි Chat එකක් දාපු ඉතිහාසයක් තිබ්බා. ඉතින් වැඩේ ගැන කියලා Message එකක් දාද්දි මම හිතුවෙම නෑ, අශාන් අයියා අපේ වැඩේට කැමති වෙයි කියලා.
Rebecca Dilrukshi කියන්නේ නවක දක්ශ රංගන ගැන හොඳ හැදෑරීමක් ඇති නිළියක්. වේදිකාවේ නිරන්තරයෙන් දකින්න ලැබෙන ඇය, සිනමාවේ, ටෙලි තිරයේ ඉදිරියේදි නිරන්තරයෙන් දකින්න ලැබේවි. ඇයට මේ ක්ශේත්‍රය තුල තව බොහෝ දුර යා හැකියි. මට ඇගේ හැකියාව ගැන විශ්වාසයි.
කෙටි චිත්‍රපටයක් කියල කිසිම වෙනසක් තිබ්බෙ නෑ. අශාන් අයියා, රෙබෙකා අක්කා අපි, නිතරම කතා කලා වැඩේ ගැන. මේ චරිත ගැන. මේ Character Arc නිර්මාණය වෙන්න ඕන ආකාරය ගැන එයාලත් එයාලගෙ අදහස් දුන්නා. කොවිඩ් කාලේ, කොවිඩ් නැති කාලේ මාස ගාණක් අපි මේ කතාබහ කලා. මේ සම්බන්ධතාවය හදාගන්න එක, සහ චරිත ගැන කරන ගැඹුරු සාකච්ඡාව Shooting එකේදි හරිම වැදගත් වුණා. මගේ ඔලුව ඇතුලෙ තියෙන දේ මේ අයට යවාගන්න මේ සම්බන්ධතාවය මට හරිම ලේසි වුණා. ඔවුන් මේ වෙනුවෙන් උපරිමයෙන් කැපවුණා. උපරිමයෙන් අවධානය දුන්නා. ඒ වගේම මාර ලැදියාවකින්, ඉවසීමකින් වැඩ කලා.
චිත්‍රපටයේ රූපගත කිරීම් අපි දවස් හතරක් කලා. අපේ Crew එක ඒ වෙනුවෙන් උපරිමයෙන් මහන්සි වුණා. කාලය, ශ්‍රමය, අත්දැකීම්, නිර්මාණශීලීත්වය ලෝභ කමින් තොරව කැප කලා.
DG Thisara තමා අපේ වැඩේ Cinematographer. පිටපත ලියන කාලයේ, ඒක කියවල අදහස් දුන්නු අය, Special screening එකේ දි චිත්‍රපටය බලලා කිවුව දේ තමයි ඒ ඒ දර්ශන ඔලුවේ මැවුණ විදිහටම අරගෙන තිබුණා කියන එක. ඒ ක්‍රෙඩිට් එක යන්න ඕන DG ට. මේ චිත්‍රපටය බැලුවම ඒ දර්ශන ඇතුලෙ තියෙන පැරණි බටහිර සිනමාපට වල Mood එකේ අයිතිකාරයා DG. ඊලඟට මතක් කල යුතුම කෙනා Tharindu Madhawa Thotagamuwa. අපේ Music Director. මට මුල ඉඳලම අවශ්‍ය වුණා Old western තේමාවකට මේ වැඩේ සංගීතය කරන්න. තරිඳු සහ මම මේ ගැන ලොකු අධ්‍යයනයක් කලා. බොහෝ චිත්‍රපට වල සංගීතයන්, බොහෝ සංගීතඥයන්ගේ නිර්මාණ වලින් අපි අදහස් ගත්තා. චිත්‍රපටය රූපගත කරන්නත් මාස ගණනකට කලින් අපේ මේ සාකච්ඡාව ආරම්භ වුණා. ඒ හරහා අපට යන්න පුලුවන් පරාසය අපි අඳුනගත්තා. ඒ වැඩේ හරියටම තරිඳු කළා.
Shan Priyanga සංස්කරණයේදී එකතු වුණා. ඒ වගේම අපේ කැම්පේන් එකේ ආපු අතිශය ආකර්ශණීය Announcement posters සහ Character posters ශාන් ගේ නිර්මාණ. ඒ වගේම අපේ අතිශය ආකර්ශණීය ප්‍රධාන පෝස්ටර් එක කළේ Pradeep Premalal අයියා. Wathmee Kahadugoda ඉතා උනන්දුවෙන් Costumes තෝරන්න, මහන්න, ඒ දේවල් සම්බන්ධීකරණය ආදී වැඩ වලට උදවු වුණා. මම කොහෙන් හරි Reference එකක් අරගෙන මෙන්න මේ වගේ එකක් ඕන කිවුවම, අන්න ඒ වගේ එකක් අවසානයේ මගේ අතට ලැබෙන්න සලස්වන්න ඇය වැඩ කලා. රධිනි අරගෙන ආපු Art concepts, References බොහොමයක් අපි චිත්‍රපටයේ පාවිච්චි කලා. දෙවෙනි සැරේ බලද්දි සමහරවිට ඔබට ඇහැ ගැටේවි. (පස්සෙ දවසක Breakdown එකක් ගේන්න බලන්නම්.) 
ගායනයෙන්, Thilina L Gamage සහ Sandaru Priyanwada අක්කා එකතු වුණා. ඔවුන්ගේ සුසංයෝගයෙන් ගැයුණ චිත්‍රපටයේ OST එක මේ කලබල කාලය ඉවර වුණාම අපි ඉදිරියේදි වෙනම එලිදක්වනවා. අකිල ශමෙන්ධ්ර වර්ණ ගැන්වීමෙන් එකතු වුණා, Nipuna Fernando හඬ පටිගත කිරීම සහ ශබ්ද සංස්කරණයෙන් සහය වුණා. නිම්සරා Script Supervisor විදිහට අපට සහය වුණා. නිකොලා ඉන්දීවරී අක්කා අපේ Make-up artist විදිහට ඇයගේ උපරිමය ලබා දුන්නා. Asela S Gamage, මගේ සහය අධ්‍යක්ශකවරයා මේ වැඩේ ආරම්භයේ සිට අවසානය දක්වාත්, ඉන් පස්සෙත් අදත් හැම තැනකදිම මම එක්ක හිටියා. Literally සහය වුණා. 
නිශ්පාදක වරුන් වන මගේ අම්මා, තාත්තා වගේම මගේ මිතුරන් වන Janidu Raajakaruna සහ Vimukthi Nanayakkara හට මගේ ස්තුති, ප්‍රණාමය පුද කරනවා. මේ කවුරුවත් මගේ නිර්මාණ නිදහසට තත්පරයකටවත් කිසිම බලපෑමක් කලේ නෑ වගේම, විවිධ සිදුවීම් වලින් මානසිකව වැටෙද්දි හැම වෙලේම මාව Switched On තියාගත්තා. මේ වගේ නිශ්පාදකවරු හැමදාම ලැබේවා යන්න මගේ එකම පැතුමයි..!
චිත්‍රපටයේ හඬ දායකත්වයෙන් ප්‍රවීණ රංගන ශිල්පිනී Anoma Janadare, නවක රංගන ශිල්පී Kusal Subasingha ඇතුලු කිහිප දෙනෙකුත්, Stand-in රංගන ශිල්පීන් ලෙස තවත් කිහිප දෙනෙකුත් අපට ඔවුන්ගේ උපරිමය ලබා දුන්නා.
දේශීය විදේශීය මාධ්‍යවේදීන්, මාධ්‍ය ආයතන, සමාජ මාධ්‍යයන්හි සිනමාව ගැන අදහස් දක්වන්නන්, මිතුරන්, මිතුරියන් සහ තවත් බොහෝ දෙනා අපට නොසෑහෙන්න උදවු කලා.
වැඩේට වචනෙකින් හෝ උදවු කල අය මට මතකයි. ඔබට ස්තුතියි !!
මේ සියල්ලගේම මහන්සියෙන්, ආදරයෙන් හැදිලා වැඩිලා අවසානයේ, Pre-production Process එක පටන් අරන් අවුරුද්දකට විතර පස්සේ ඔබට අද CinemaWorld නාළිකාවෙන් Three-Way Junction බලන්න ලැබෙනවා. ආයෙ බලන්න පුලුවන් දින, වෙලාවල් කියන්න යන්නෙ නෑ. ඕනෙ නම් “මාස කිහිපයකින් පස්සේ” වගේ YouTube එකෙන් බලන්නත් පුලුවන් කම ලැබේවි. බලන්න වෙලාව ඇති, නිදහස ඇති, මේ මොහොතේ නිදහස් මනස ඇති උදවිය අද හෝ පසුව බලත්වා !!
දැන් “ඊලඟට මොකද කරන්නේ.. කියලා ගොඩක් අය අහනවා.
මේ වැඩේ මෙතනින් නවතින්නෙ නැහැ. රටේ තත්වය එන්න එන්න Worst වුණත්, ක්ශේත්‍රයක් විදිහට අපේ සිනමාවේ තත්වය එන්න එන්නම බරපතල වුණත්, මේ රට වෙනුවෙන්ම, අපේ භාශාවලින්ම, අපේ රටේ මිනිස්සුන්ගේ, අපේම Original කතා නිර්මාණ කරන එක තමා මගේ කැමැත්ත. අපේ වැඩ එනකල් බලන් ඉන්න, අපේ වැඩ අගය කරන, සිනමාවට ඇලුම් කරන, Toxic නොවන දේශීය, විදේශීය Niche Crowd එකකුත්, දැන් අපි එක්ක ඉන්න එක සතුටට හේතුවක්. දැන් මම මේ වැඩේට උපරිමයෙන්ම ආදරය කරන බව මට දැනෙනවා. එකක් ඉවර වෙද්දිම, ඊලඟ වැඩේ ලියන්න පටන් ගන්නෙත්, ඒ වැඩේට මුලු ජීවිතයම කැප කරන්නෙත්, ඒ නිසා. අලුත් Scene එකක් ලියද්දි, මට දැනෙන Fresh හැඟීම මේ ආදරයට සාක්ශිය බව මම විශ්වාස කරනවා. අපි දැන් Shorts දෙකක් ගෙනාවා. ඒ Shorts දෙකම අපට යන්න උවමනා වුණු තැනටත් වඩා ඉහළට අපව අරන් ගියා. අපි එකක ඉඳලා ඊලඟට එද්දි දියුණු වුණා. Run Time එක වැඩි කරගත්තා. දීර්ඝ Run Time එක බාධාවක් කර නොගෙන ෆිල්ම් එක, අපේ හිතේ තිබ්බ විදිහට Execute කරගත්තා. කතාව සංකීර්ණ කලා. Mood එක වෙනස් කලා. සංගීතය වෙනස් විදිහට පාවිච්චි කලා. Posters, Trailers මේ හැමදෙයක්ම ආකර්ශණීය විදිහට අපි කලා.
මේ හැමදේම පර්යේශන.
මොකක් වෙනුවෙන් ද..?
දීර්ඝ සිනමාපටයක් වෙනුවෙන්.
අපේ රටේ දීර්ඝ සිනමාපට ගැන අපි බොහෝ කාලයක ඉඳන් කතා කරනවා. විචාරය කරනවා. විවේචනය කරනවා. ඉඳහිට එන හොඳ නිර්මාණ අගය කරනවා. කර්මාන්තයක් විදිහට අපේ රටේ චිත්‍රපටි වල Pre production වල සිට Marketing දක්වා තියෙන අඩුපාඩු ගොඩක් අපි හැමදාම දකිනවා. මේ හැමදේම හරියට කරන “එක Film එකක්” හදන්න අපි උත්සාහ කරනවා.
මේ ඒකට සුදුසු වෙලාව බව මම හිතනවා. සැලසුම් කරගෙන යන විදිහට ඒක Entertaining, Cinematic, Commercial, වැඩක්. ඒ වගේම ඒක මේ ඔබ අද අත්දකින Social, political, economical, chaos එකට සම්බන්ධ කතාවක් වේවි.
වැඩේ Story Arc එක දැනටම ඉවරයි. දැන් පිටපත ලියාගෙන යනවා. Cast එක ගැන හිතේ අදහසක් තියෙනවා. අපි මෙච්චර කල් කරපු වැඩ සමග සසඳද්දී, බජට් එක ඉතා සුවිශාල විය හැකි නිසා Producer කෙනෙක් හොයාගන්න ඕන. කරන්න බැරි තරමේ ලොකු වැඩක් කියල එක පාරට හිතුණත්, මේක කරන්න පුලුවන් බව මම විශ්වාස කරනවා. අපි මේ කලෙත් එහෙම කරන්න බෑ කියල මුලින් හිතුණ වර්ගයේ වැඩ. ඉතින් අපි පසුව හමුවෙමු.
එතෙක් දිගු සිනමා නිහැඬියාවකට අවසර !!
Enjoy “Three-Way Junction” !!
– මගේල හෙට්ටිආරච්චි

මහේල හෙට්ටිආරච්චි

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *