The Wind (1928) English | Sinhala Article

The Wind (1928) English Silent by Upul Dissanayake

The Wind (1928) is one of the last silent films released by Metro-Goldwyn-Mayer and is considered to be among the greatest silent films.

ලෝක සිනමාවෙ බර – ඇමරිකානු කරමතට නොගන්නට, මේ අද අපි අත්විඳින සිනමාව, සම්පූර්ණයෙන් වෙනස් වන්නට තිබුනා.. හොලිවුඩය කියන මහා කර්මාන්තය බිහි නොවන්නට ගොඩාක් පුරාවෘත්ත බිහි නොවන්නට තිබුනා..

Victor David Sjöström කියන්නෙ ඒ කර්මාන්තය මගින් ලෙජනඩ් එකක් බවට පත්කරපු ස්වීඩන් සිනමාකරුවෙක්.. සිනමාකරුවා යන පොදු නාමයෙන් හැඳින්විය යුතු පුත්ගලයෙක් වෙන්නේ මේ සියස්ට්‍රම් මහතා චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වශයෙන් සහ විශිෂ්ට නළුවෙක් ලෙස කටයතු කිරීම නිසා. එතුමා තමන්ගෙ වැඩිදුර සිනමා කටයුතු සඳහා 1924 දී ඇමරිකාවට සංක්‍රමණය වෙනවා..එතුමා අධ්‍යක්ෂණය කල චිත්‍රපට අතුරෙන් වඩාත් ලෝක අවධානය දිනාගත් චිත්‍රපට 3 ක් ගැන කතාබහ වේ..

1.The Phantom Carriage (1921)
2.He Who Gets Slapped (1924)
3.The Wind (1928)

ෆැන්ටම් කැරේජ් එක මම මීට පෙර නරඹා තියෙ..ඒක ඇත්තවශයෙන්ම මාස්ටර්පීස් එකක්.
දෙවෙනි එක තවම බලල නැ..ඕං අද බැලුව මේ සුලඟ කියන විශිෂ්ට චිත්‍රපටය .

The Wind.
1928 ‧ Romance/Drama ‧ 1h 35m
imdb 8.1

චිත්‍රපටය පුරාම තියෙන ධාරානිපාත සුළඟ, පුදුමාකාරයි ..එය මගේ හිත සැකයක් වෙත යොමු කලා..ඇමරිකාවේ මේ වගේ නොනවතින වැලි කුනාටු තියේද කියල..වැඩිදුරටත් සොයාබැලීමේදී දැනගන්නට ලැබුනෙ , ඔවු එහෙම වැලි කුනාටු ඇතිවන බවයි. ඔවු වෙන කොහෙද ඉතිං ටෙක්සාස් ප්‍රාන්තය තුලයි. හොලිවුඩ් චිත්‍රපට වල ටෙක්සාස් ප්‍රාන්තය පෙන්වන අයුරු අපි දන්නවා..කර්කෂ දුඹුරු පැහැති කාන්තාර සහිත මුඩු බිම්..
මේ වින්ඩ් චිත්‍රපටය කලුසුදු..නමුත් ඒ කර්කෂ බාවය වියැලුනු ශූෂ්ක බාවය චිත්‍රපටය තුල සකසා තිබෙනවා හරි අපූරුවට ඒ කලා අධ්‍යක්ණය මගින්..ඒ කර්යය වෙනුවෙන් ගොඩක් මහන්සි වෙලා තිබෙනවා..

ඈත ප්‍රාන්තයක සිට ටෙක්සාස් වෙත තම සහෝදරයා සොයා එන සුන්දර යුවතිය..එහි දුෂ්කර ජීවිතය වැළඳ ගැනීමට අකමැත්තෙන් වුවද සිදුවෙන්නෙ, ඇයට වෙන පිලිසරනක් නැති නිසායි..නමුත් ඛේදයකි සිදුවන්නෙ..සුන්දර තනිකඩ යුවතියකට ආරක්ෂිත තැනක් නම් නෙමේ ඒ වැලි කතර..
ඇයට ඒ ශුෂ්ක වැලි සුළඟ මෙන්ම ඒ ශුෂ්ක මිනිසුන් ගේ රළු බාවයන්ට ද මුහුන දෙන්නට වුනා..

කෙසේ වෙතත් ඒ කතර කෙතරම් රුදුරු වුවත් තෙතමැති පිවිතුරු ආදරයක ආරක්ෂාව මෙහි ප්‍රධාන චරිතය වන Letty Mason හට උරුමයි..
ඒ මතින් යාංතං තමන්ගේ වයවුල් මනස එකඟ කරගැනීමට ඉවහලක් වුනා..එය සැබෑම ආදරයක් බවට පරිවර්තනය වුනා..

 

නිරන්තරේ ඉන්පසු මම ඔබ ලගින් ඉමි
තුරුල් වන්න සෙවනෑල්ලටවත් නොදෙන්නෙමි
ඔබගේ හදවතේ ඉඩදෙනු මැනවි ප්‍රිය කතේ

ඔබේ තුරුණු ලය මා නෙත ගී කියන්නෙමි
අපේ ප්‍රේම පුරාණයට පන පොවන්නේමි
ඔබගේ හදවතේ ඉඩදෙනු මැනවි ප්‍රිය කතේ

රසයි මී රසයි සම සම ලෙස විදින්නෙමී
නුවන් තියෙන තුරු ඔබ ළඟ දිවි ගෙවන්නෙමි
ඔබගේ හදවතේ ඉඩදෙනු මැනවි ප්‍රිය කතේ

සුලන් රැල්ල ලෙස හමා එමි
කොහෙන් නමුදු ඔබ සොයා ගමි
සුලන් රැල්ල ලෙස හමා එමි
කොහෙන් නමුදු ඔබ සොයා ගමි

ප්‍රධාන නිළි ලිලියන් ගිෂ් මහත්මිය ඇගේ හොලිවුඩ් වෘත්තියේ උච්චතම අවස්ථාවේ පසුවන විට ඇය මේ වික්ටර් මහතාගේ ව්‍යාපෘතියට තෝරා ගත්තේ එම චරිතයේ චලිතය තුල තිබූ ගැඹුර උකහා ගැනීමට හැකි දක්ෂ නිලියක් වූ බැවිනි.

එතරම් විශාල දූවිලි පිපිරුණු පරිසරයක සිහිසුන් ආත්මයේ අභ්‍යන්තර ප්‍රතිරූපයන් තුල විරහිත ජීවිතයෙන් දැඩි වූ චරිතය වටා සමකාලීන ටෙක්සාස් ජනසමාජය විහිදුවා දක්වයි.

අධ්‍යක්ෂවරයා මේ පිටපත ලබාගන්නේ Frances Marion කියන ලේඛිකාවගේ මේ නමින්ම ලියූ පොතකනි.

– ඔබ ස්ත්‍රී පුරුෂ භාවය කියවීමට පොළඹවන සුළු පිටපතක් වන මෙය- බලාපොරොත්තු රහිතව ජීවිතය පාලනය කරන සංකීර්ණ බලවේග ජාලයක සෑම දෙයක්ම චලනය කරන්නේ පිරිමියයි, ඔවුන්ගේ ආශාවෙන්, පිරික්සීමෙන්, බැල්මෙන් අසරන ආත්මයන්හි ස්ථාවර පැවැත්මන් අවුල් කරයි. මෙහි ප්‍රධාන චරිතයේ මනස තුල මවන ෆැන්සිමය චිත්‍රකතාව කලබලයට පත් සුදු අශ්වයෙකු අහසේ ඔබමොබ ගමන් කරනා දර්ශනයක් මනඃකල්පිත කරයි, එය රතුඉන්දියානු පුරාවෘත්තයට අනුව අහස හරහා පයින් ගසමින් දුවන සුදු අශ්වයා, මෙම ගැඹුරු පුරුෂ භාවයේ සහ ශක්තියේ සංකේතය සමාජයේ නිදහස් හැසිරීම ගිල ගැනීම සංකේතවත් කරනවා..

උපුල් දිසානායක

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *