The Wandering Life (2021) Sinhala | Sinhala Article

 Hithumathe Jeewithe Sinhala 

හිතුමතේ ජීවිතේ

Thriller/Crime

අධ්‍යක්ෂණය-ක්‍රිෂාන්ත මනම්පේරි
නිෂ්පාදනය-විහාරා සමරසිංහ
(තිරගත වීමට නියමිතයි)

——————————————————

ගොඩ කාලයක් අද හදයි හෙට හදයි කිය කිය බලන් හිටපු කථාංගයක්.ශ්‍රී ලාංකීය විශිෂ්ට සිනමාවට එක්වන තවත් බලාපොරොත්තු තැබිය හැකි යැයි අනුමාන කළ හැකි චිත්‍රපටයක්.

——————————————————

මොකක්ද මේ හිතුමතේ ජීවිතේ, මොකක්ද විශේෂත්වය………. ඇසිය යුතු මොකකිද නොව කවුද යන්නයි.
මට නම් ඔහු වීරයන්ගෙත් වීරයෙකි.නමුත් නීති පොතට අනුව ඔහු මිනීමරැවෙකි.තම ආදරණීය නැගණිය දූෂණය කර මරා දැමූ වරදකරුවන් ව එකා බැගින් මරා දැමූ,සත් වතාවක් සිර ගෙවල් වලින් පැන ගිය,දෙවරක් මරණ දණ්ඩනයට නියම වූ,පුද්ගලයෙකි ඔහු…….සැබැවින් පසුගිය කාලයේ සෑම මාධ්‍යකම පාහේ ඔහු ගැන කතා බහ වුනා.නමුත් නොදන්නවුන්ගේ දැනගැනීම පිණිස මදක් කියන්නම්

——————————————————

වාද්දුව ප්‍රදේශයේ ගෝණගම ග්‍රාමයේ සතරදෙනෙකුගෙන් යුතු පවුලක වැඩිමහල් පුතු ලෙස බටුගාගේ සුමතිපාල,නැතිනම් කවුරැත් දන්නා හිතුමතේ ජීවිතේ හා දියණිය ලෙස දෝණ කුසුමාවතී නම් රෑමත් යෞවනිය වූවාය.1972 නම් වූ ඒ අදුරැ වර්ශයේ පාසලේ පැවති අවුරැදු කුමරිය තරගයෙන් ප්‍රථම ස්ථානය දිනාගන්නට සමත් වන මෙම යෞවනියට තෑගි බෝග දෙන්නට ආරාධනා ලැබ තිබුනේ එවකට කළුතර පොලිස් ස්ථානාධිපති වරයාත්,ප්‍රදේශයේ දේශපාලන බලවතෙකුත්ය.තෑගි ලබාදෙන පොලිස් ස්ථානාධිපති හට කුසුමාවතීගේ කම්මුල සිපගැනීමට සිත්විය.ඒ වැරය යෙදුමට දැරෑ උත්සහය ව්‍යාර්ථ කරමින් ඇය ස්ථානාධිපතිවරයාව මදක් තල්ලු කල අතර ඒ සැනෙකින් මැගෙන් මම පළිගනිමී යන සිතුවිල්ල එම පාපතරයා තුළ පහල විය.මේ අදහස පාසලේ විදුහල්පති තුමාටද කැවූ පොලිස් ස්ථානාධිපතිවරයා හා දේශපාලනඤ යා නික්ම ගිය අතර සූක්ෂමයෙන් ක්‍රියාත්මක වූ මේ පවිටු විදුහල්පති සතියකට පමණ පසු ඇය ඉගෙනුම ලබන වසරට හවස පන්ති යෙදීය.

පාසලට යාම හා ඒම එකටම සිදුකරන මේ ආදරණීය අයිය නගෝ දෙපල එදාත් පාසල නිමවී පැමිණෙන අතර නැගණිය අමතර පන්තියට අයියාගෙන් සමු ගත්තාය.අයියාද නික්ම නොගිහින් ම ඇය එනතුරු මගබලාසිටි නමුත් ඇය නොපැමිණියේය.වහ වහා නිවස වෙත සක්මන් කල සුමතිපාලට දක්නට ලැබුනේ තම දියණියගේ නොපැමිණීම නිසා කලබලව සිටින මාපිය දෙපලයි.එදිනම කළුතර නගරය පුරාම කුසුමාවතීව පීරන මේ තාත්තා සහ පුතා පසුදා පොලිසිය වෙතද පැමිණිලි කරන අතර ඇය පිළිබඳව කිසිදු සළකුණක් සොයාගත හැකි වන්නේද නැත්තෙය.

ඉන් දින කිහිපයකට පසු තම නැගනියගේ මිතුරියක් මේ අසරණිය පොලිස් ස්ථානාධිපතිවරයා බලෙන් රැගෙන ගිය බව පැවසූ අතර එම කෝපාවිෂ්ටයෙන්ම ඇය පිළිබදව තව තවත් සෙවීමට පටන් ගත්තේය.ස්ථානාධිපතිවරයාගේ රියදුරැට තර්ජනය කර ඇයගේ ඉරණම විසදී ඇති බව සැළ කරගන්නා සුමතිපාල,නීතියේ පිහිටද තමන් හට නොම වන්නෙය යැයි දැන නීතියද,ජූරියද, අළුගෝසුවා ද තමන් වෙමියි සිතා ඔහුගේ දිවියේ ගන්නා ලද බිහිසුණු ම තීරණයට පිළිපන්හ.

හොද මන්නා පිහියක් සාදා ගෙන,පොලිස් ස්ථානාධිපති නිවස සොයා ගත් සුමතිපාල එක් හිමිදිරියක මුහුණකට සෝදා ගැනීමට ආ ඒ පාපතරයාගේ හිස කදින් වෙන්ම කරන්නෙ කිසිදු අනුකම්පාවකිනි තොරවයි.එම හිසද රැගෙන කළුතර පොලිසියට බාරවන සුමතිපාල මීගමුව බන්ධනාගාරය වෙත බාර කරනවා,ඉන්පසුව කොළඹ පිහිටි බන්ධනාගාර කටද නැවත මාරැ කර යවනවා.,ඒ අවුරැදු 17ක තරැණයෙකු ලෙසයි.එහිදී ඔහු කල වරද යටතේ මරණ දඬුවමට නියම වන අතරම මේ බව දැනගන්නා ඔහුගේ මව ළය පැලී මිය යන අතර ඒ බව දැන ගන්නා මොහු එල්ලුම්ගසට නොයෙමියි සිතා කෑම කන පිගානකින් දිවි තොර කර ගැනීමට උත්සහ දරනවා.මෙයින් බරපතල තුවාල ලද සුමතිපාල රෝහල්ගත කරන අතර ඔහු බේරෙන්නේ පෑ 6ක ශල්‍යකර්මයකින් අනතුරැවයි.
මේ හේතුව නිසා එවකට ආණ්ඩුකාරවරයාගෙන් මරණ දඬුවම් කාල සීමාව දික් කිරීමට ලක්වන අතර නැවත බෝගම්බර බන්ධනාගාරය වෙත සුමතිපාල මාරැ කර යවනවා.එහිදී තනි සිර මැදිරියක රදවන මෙම සිරකරැවාට තම නැගණියගේ මරණයට වගකිව යුතු අනෙක් චූදිතයන්ද මරා දැමිය යුතු බවට වන හැගීම පහල වනවා.තම මැදිරියේ බිත්තියේ සිදුරක් හෑරීමට ගන්නා සුමතිපාල ඉතාම දක්ෂ ලෙස ඉන් මාස හතරකට පසු එම සිදුරෙන් රිංගා, බෝගම්බර විසල් තාප්පයද උඩින් උපක්‍රමයෙන් පැන නික්මයනවා.

මෙසේ නික්ම ගිය ඔහු තවත් කෙටි කාලයකින්ම පෙර කිවූ දේශපාලකයා සොයා ගන්නා අතර ඇයගේ නැගණිය කෙළසූ කොච්චිකඩේ පිහිටි නයගරා resort නම් ස්ථානයේදී ඔහුගේද ගෙල සිද එම හිසද රැගෙන ගොස් පොලිසියට බාර වනවා.

නැවතත් බෝගම්බර බන්ධනාගාරය වෙත යැවූ සුමතිපාල එතැනින් භයානක අපරාධකරුවන් රදවන අනුරාධපුර බන්ධනාගාරය වෙත යවනු ලබනවා.එහිදී ද තවත් සහචරයින් පිරිසක් සමග පැන යන මොහු විදුහල්පතිවරයා සොයා ගොස් ඔහුගේද ගෙල සිදිනවා.එම හිසද සමග නැවත පොලිසියට බාර වන මොහු වැලිකඩ බන්ධනාගාරය වෙත යොමු කරනවා.බන්ධනාගාර වල සිටීමෙන්ම අදුනාගත් චරිත රාශියක්ම සිටි බැවින් වැලිකඩද ඔහුට අමුතු තැනක් නොවීය.එම බන්ධනාගාරය සිට තවත් බන්ධනාගාරයකට සිරකරුවන් හුවමාරු කරන අවස්ථාවකදීද පිරිස සමග සූක්ෂම ව එයින් මිදෙන සුමතිපාල නැවතත් පැන යාමට සමත් වෙනවා.මෙය මොහුගේ අවසන් පැන යාම වන අතර එයින් දින කිහිපයකට පසු නැගණියගේ මරණයේ අවසන් වරදකරැටද පෙර ලෙසම මරණයෙන් වන්දි ගෙවීමට සිදුවනවා.එම හිසද රැගෙන අවසන් වරට පොලිසියට බාර වන හිතුමතේ ජීවිතේ 40 වසරකට අදික කාලයක් විවිධ සිරමැදිරි වල කල් ගත කර 2014 වර්ෂයේදී පූර්ණ නිදහස ලබනවා.
——————————————————

අප මහත් කැමැත්තෙන් රසවිදින Hollywood, Bollywood, Kollywood චිත්‍රපටවල වෙන මනඃකල්පිත කතාවක් සත්‍ය ලෙසම සිදුව ඇති බව ඔහුගේ කතාව කියවූ විට දැනෙන්නට ඇති.එසේනම් එවැනි පුරැෂයෙකු වෙනුවෙන් මතුවක් කාලයකට කළ හැකි උපහාරයක් මෙන්ම සමාජයට වැදගත් පණිවිඩයක් දිය හැකි චිත්‍රපටයක් නිර්මාණය කිරීම අගය කළ යුතුමය.

Initial releaseJune 5, 2021

යසිත් භාග්‍ය

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *