The Tunnel Sinhala Short Film by Lakshan Perera
දන් හැමෝම සැක් ස්නයිඩර්ගේ Army of the Dead බලලා ඒ ගැන කතා කරන නිසා මේ ගැන කතා කරන්න හොඳම කාලය තමයි මේ…
මේ කියන්න යන්නේ සැක් ස්නයිඩර් ගැනවත් Army of the Dead ගැනවත් නෙවෙයි… මේ තමයි “The Tunnel”..
ලංකාවේ අපේ කොල්ලෝ සෙට් එකක් එකතු වෙලා හදපු සොම්බි ඇනිමේෂන් චිත්‍රපටයක්…..වෛරස් එකකට ඇන්ටිවෛරස් එකක් හොයන්න යන දෙන්නෙක් ගැන තමයි කතාව යන්නේ…
මේක නිර්මාණය කරලා තියෙන්නේ ටොක්ක සිනමා කියන කණ්ඩායමේ ලක්ෂාන් පෙරේරා, අභී සේනාධීර,ලුක්ෂාන් කවිදු,මනුරංග කරුණාරත්න කියන හතර දෙනාගේ මාස තුනකට ආසන්න කාලයක දිවා රෑ නොබලා කරපු කැපකිරීමක, මහන්සියක ප්‍රතිඵලයක් විදියට… කිසිම ආයතනික හැදෑරීමක් නැතුව යූ ටියුබ් ටියුටෝරියල් වලින් කරලා තියෙන මේ ඇනිමේෂන් කෙටි චිත්‍රපටයට එයාලා පාවිච්චි කරලා තියෙන්නේ Blender,Adobe Fuse, Adobe After Effect, Adobe Premiere pro, Adobe Photoshop කියන සොෆ්ට්වෙයා ටික…
ඇත්තටම ලංකාවේ වැඩ්ඩො නැහැ නෙවෙයි වැඩ පෙන්නන්න අවස්ථාවක් නැහැ… ටොක්ක සිනමා කියන්නේ ඒ වගේ වැඩ්ඩො ටිකක් වැඩ පෙන්නන්න හදාගත්ත තැනක්… තැනකට ආවට පස්සේ එයාලාව උස්සලා තියන එක නෙවෙයි… මේ වගේතැනකට එන උන්ට සප් එකක් දෙන්න කියලා ඉල්ලන්නේ හැමෝම තැනකට එන්නේ මේ වගේ පොඩි පොඩි වැඩ වල ප්‍රතිඵලයක්පවිදියට නිසයි…
ටොක්ක සිනමා යූ ටියුබ් චැනල් එකේ මේ ෆිල්ම් එක දාලා තියෙන්නේ… ඒකේ තව VFX යොදාගෙන කරපු ඇත්තටම අත්හදා බලපු කෙටි චිත්‍රපටය ඕන තරම් තියෙනවා… මල් කතා වලට ගොන් ජෝක් වලට වැටෙන ලයික් මේවාට වැටෙන්නේ නැහැ කියලා දන්නවා… ඒත් පුළුවන් නම් යූ ටියුබ් ගිය වෙලාවක මුන්ගේ මහන්සිය බලලා ලයික් එකක් කමෙන්ට් එකක් දාලා එන්න කියන්නේ අපේ උන්ට අත දෙන්න පුළුවන් අපේ උන්ටම විතරක් නිසයි…
වීඩියෝ එකේ ලින්ක් එක ?
?https://youtu.be/K2zn2EdXrko
අපේ අයගේ දේ අගයමූ…