The Tomorrow War (2021) English

The Tomorrow War (2021) English

Sci-fi/Action ‧ 2h 20m

6.8/10IMDb

Initial releaseJuly 21, 2021 (Indonesia)

ලොකුවට කතා බහ නොකරපු ආව ගමන් බලන්න ආස කරපු ෆිල්ම් එකක්.මේ තරන් පහරක් වෙයි කියල හිතුවෙම නෑ.අනික ක්‍රිස් ගෙන් මේ තරන් හොද රoගනයක් මන් හිතුවෙත් නෑ..

හරි ෆිල්ම් එක පැත්තට හැරෙන්නම්.බලන්න බලපු නැති අය බලන්න කලින් කියවන්නත් එපා.මොකද මාත් මේක බැලුවෙ ට්‍රෙයිලර් එකක්වත් බලන් නැතුව.ඒක නිසා උපරිම තිබ්බ sci-fi එක දැනුනා.නිකමට හිතන්න මේ 2021.හරියටම 2050 වෙද්දි මුලු ලෝකයම පිටසක්වල ආක්‍රමනයක් උනොත්.ඒක වෙන්නෙ හැබැයි අපි 2050 යද්දි නෙමේ.2021 ඉදන් අපි ඒකට සූදානම් වෙනවා.
තේරුන් නෑ නේද?time travel?එක්කෙනෙක් දෙන්නෙක් නෙමේ මුලු army එකක් පිටින්ම time travel කරන්නෙ.වෙනස් ආරෙක ගැම්මක්.

මේක වෙන්නෙ අනාගතයෙන් පැමිනෙන සොල්දාදුවන් වගයක් පෘතුවියට වෙන්න යන විනාශය අතීතේ ඉන්න මිනිස්සුන්ට කියනව.එහෙම කියල හමුදාව අරන් අනාගතයේ සටන් කරනවා.

ඕකෙ ඔක්කොම කියන්න ගියොත් බලන් ඉන්න උන්ට බලන්න දෙයක් නැතිවෙනවා.කොහොම නමුත් මේක මේ වසරේ විතරක් නෙමේ.ආව sci-fi ෆිල්ම් වලින් හොදම සෙට් එක අතරෙ තියනවා.ඒකේ කතා දෙකක් නෑ.මොකද මේ concept එක පට්ට තාත්වික විදියට තියනවා.අනික aliens ලා සුපිරි තත්වයේ ability එක්ක creat කරල තිබ්බ.බලන මිනිහට දැනෙනව උන් එකෙක් nock down කරන්න මොන තරන් ගේමක් දෙන්න ඕනද කියල.අනික weak point ඒ සත්තුන්ගෙ මුල ඉදල අග වෙනකන්ම ඒ විදියට පෙන්වනවා.මන් මේ film එකෙන් දැක්ක AVP film eka(2004)ඔව් ඒ කාලේ avp එක මොන තරන් පෙරලියක් කරාද.ගොඩක් උන්ගෙ හිත් වලට පිටසක්වල concept එක හරියටම දැම්ම ෆිල්ම් එකක්.ඒ හා සමානව යන හොද action,sci-fi movie එකක් තමා මේකත්.

අහම්බෙන් සෙට් වෙන යාලුවො,අනාගතයෙන් පැමිනි සොල්දාදුවො,තමන්ගෙ පවුල වෙනුවෙන් කැපවීම් කරන පියෙක්,පුතා වෙනුවෙන් කැපවුනු පියෙක් ඔය හැම දේකම mix එකක්.එක කොටසකවත් ,boring කියල දෙයක් දකින්න තිබ්බෙ නෑ.chris pratt ගෙ jurasic world සෙට් එකත් එක්ක මේක බැලුවම හිතා ගන්න පුලුවන් වෙනස.simmons,jasmine,richardson,yvonne වගේ නලු නිලියනුත් චිත්‍රපටියට සහය දෙනවා.නොබලපු හැමෝම බලන්න.සහයෝගය,team work,කැපවීම ලෝකය බේර ගන්න හැමොම මොන වගේ දෙයක් කරයිද?මෙහෙම දෙයක් ඇත්තටම උනොත් කොහොමද?❤imdb rate 6.8 ක් තියනව.ඒත් ඊටත් වඩා දෙන්න වටිනවා?

සoදීප ලක්ශාන්

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *