The Third Murder (2017) Japan | Sinhala Article

The Third Murder (2017) Japan

78% liked this film Google users
ජපන් සිනමාකරු Hirokazu Kore-eda ගේ සිනමා නිර්මාණ අතරේ වෙනස්ම ආරක් ගත්ත චිත්රපටයක් විදිහට හඳුන්වන්නට පුළුවන්. ජපාන සමාජ සංස්කෘතියේ විවිධාකාර පැතිකඩයන් ඔස්සේ තම සිනමාත්මක පරිකල්පනයන් ඉදිරිපත් කළ ඔහු විසින් ප්රථම වතාවටයි මෙවැනි Legal Thriller ආකාරයේ චිත්රපටයක් නිර්මාණය කරන්නේ. තම නීතීඥ මිත්රයෙක් සමඟින් උසාවි වැඩකටයුතු සම්බන්ධයෙන් සිදු කරනු ලැබූ සංවාදයක් තමයි චිත්රපටය රචනා කරන්නට මූලික අඩිතාලම වෙලා තියෙන්නේ.
කතන්දරය ඝාතකයෙකුගේ පාපොච්චාරණක් ගැනයි. ඔහු විසින් ඝාතනයක් සිදු කළ බවට පිළිගෙන අවසන්. ඔහු වෙනුවෙන් පෙනී ඉන්නා නීතීඥයින් ට අවශ්ය වෙන්නේ ඔහුට ලැබෙන්නට නියමිත මරණ දඬුවම අහෝසි කර දැමීමට කටයුතු කිරීමයි. නමුත් මෙතන තියෙනවා ගැටලුවක්. නීතීඥ මණ්ඩලය විසින් ඝාතකයා සමඟින් සිදු කරනා සෑම සංවාදයකදීම ඔහුගෙ පාපොච්චාරණය විකාරරූපී සොබහවයක් ගන්නවා. කලින් වතාවෙ කියපු දේ නෙමෙයි මිනිහා ඊළඟ වතාවේ කියන්නේ. මොකක් නමුත් ලොකු අභිරහසක් මේ සිදුවීම තුළ ගැබ්ව ඇති බවක් දැනෙනවා. මේ හින්දම ප්රධාන නීතීඥයාට අවශ්ය වෙනවා “ඇත්තටම මොකක්ද වුණේ?” කියන එක හොයාගන්න. ඒ ඔස්සේ ඔහු විසින් සිදු කරනා ගවේෂණයක් තමයි චිත්රපටය පුරාම දකින්නට ලැබෙන්නේ.
මනුස්සයෙක්ට හිතමතාම අපරාධයක් සිදු කරන්න විවිධ හේතු තියෙන්න පුළුවන්. මුදල් වුවමනාවකට, පෞද්ගලික එදිරිවාදි කමකට හෝ කාගෙ හරි වුවමනාවකට ආදි වශයෙන් බොහෝ කාරණා තිබෙන්නට පුළුවන්. අපරාධය සිදු වී ඇති ආකාරය අනුව, සාක්ෂි කරුවන්ගේ කට උත්තර අනුව, අපරාධකරුගේ පාපොච්චාරණය අනුව ඝාතනයට අදාළ හේතුව මේකයි කියල තීන්දු වෙන්න පුළුවන්. ඒ අනුව ඝාතකයා විසින් ඒ අපරාධය සිදු කිරීම සම්බන්ධයෙන් අපගේ “විනිශ්චය” එකිනෙකට වෙනස් වෙන්නටත් පුළුවන්. නමුත් විනිශ්චයට ලක් විය යුතු “ඇත්තම හේතුව මොකක්ද?” කියන එක තීරණය කරන්න පුළුවන් කාටද? මේ කතන්දරයෙන් කියවෙන්නේ අන්න ඒ දේ ගැන. මුල සිට අග දක්වාම දිවෙන උපරිම කුතුහලයකින් සහ ත්රිලර් රසයකින් ඒ කාරණය ඉස්මතු කරවනා හැටි තමයි මෙහි විශේෂත්වය.
අධිකරණය පද්ධතිය තුළදී නීතීඥයින්ගේ වැඩකටයුතු සිදුවන ආකාරය ගැන අධ්යක්ෂක කොරේඩා ට ලොකු දැනුමක් තේරුමක් නොමැති වීම මෙහි තිර රචනය සිදු කිරීමේදී මතුවූ ප්රධානතම අභියෝගය වනවා. ඒ නිසාම මාස කිහිපයක් තිස්සේම නීතිඥවරුන් හත් දෙනෙක් කැඳවාගෙන චිත්රපටය සඳහාම සකස් කරගත් ව්යාජ නඩු විභාගයන් සහ සංවාදයන් ඇසුරෙන් සමස්ත ක්රියාවලියම අධ්යයනය කර තිබෙනවා. කොරේඩා ගේ පවුලේ කතාන්දරය වලින් බොහෝ සෙයින් වෙනස් වන නිසාම අනිවාර්යයෙන්ම නැරඹිය යුත්තක් විදිහට නිර්දේශ කරන්නට වටිනවා.
******************************************************
Hirokazu
Edited, Written, and Directed by : Hirokazu Kore-eda
Produced by : Matsuzaki Kaoru, Taguchi Hijiri
Starring : Masaharu Fukuyama, Suzu Hirose, Shinnosuke Mitsushima
Cinematography : Mikiya Takimoto
Music by : Ludovico Einaudi
Country : Japan
Language : Japanese

ලක්ෂ්මන් අරංවල

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *