The Sun Is Also A Star (2019) English | Sinhala Article

The Sun Is Also A Star (2019) English by Malintha Imalka Vithanage

-ලෝකය අයිති පෙමිවතුන්ට-

ප්‍රේමණීය හමුවීමි නමි හරිම පුදුමාකාරයි. එදිනෙදා ජීවිතය ඇතුළේ තමන් හොයන සහකාරයා හෝ සහකාරිය නොසිතු මොහොතක, නොහිතපු වෙලාවක හමිබවෙනවා. අපි ඇත්තටම ආදරය හොයනවා නෙමෙයි. දෛවය විසින් තමන්ට හිමිවෙන්න නියමිත ආදරය හොයලා දෙනවා. අන්න එහෙම කතාවක් ගැන තමයි ” A Sun is also a star” කියව හොලිවුඩ් ෆිල්ම් එකේ තේමාව බවට පත්වෙන්නේ. රොමැන්ටික් ෆිල්ම් එකක් විදියට තදබල ලෙස ප්‍රේමය ඇතුළේ තාවකාලික වෙන්වීමිවලට ලැබෙන වටිනාකම සහ බලාපොරොත්තුව මොන වගේ එකක් ද කියන තමා ෆිල්ම් එකේ ඇතුළේ දෙන මැසේජ් එක. ෆිල්ම් එකේ කතාවෙි කේන්ද්‍රීය නගරය බවට පත් වෙන්නේ ඇමරිකාවෙි නිවියෝර්ක් නගරය. මෙි ඇමරිකාවට සංක්‍රමණය වුනු ලස්සන කොල්ලෙකුයි, කෙල්ලෙකුයි ඉන්නවා.⁣ කොල්ලගේ නම ඩැනියෙල් බෙි. එයා අැමරිකාවට සංක්‍රමණය වෙන්නේ දකුණු කොරියාවෙි ඉඳන්. කෙල්ලගේ නම නතාෂා කින්ග්ස්ලි. එයා ඇමරිකාවට ඇවිත් තියෙන්නේ ජැමෙයිකානු කොදෙවි දුපත්වල ඉඳන්. එකිනෙකට පෑහෙන්නේ නැති මහද්විප දෙකක ඉඳන් ආපු මෙි දෙන්නා එකිනෙකාට සමිමුඛ වෙන්නේ නිවියෝර්ක් සිටි එකේ. හිතන්න බෑ නේද? කොරියන් කොල්ලෙකුයි, ජැමෙයිකන් කෙල්ලෙකුයි සෙටි වෙයි කියලා.

අපි හැමෝටම අනාගත බලාපොරොත්තුවක් තියෙනවා. අනාගත කවුද වෙන්න කැමති කියන අනාගත බලාපොරොත්තුව විදියට ඩොක්ටර් කෙනෙක්, ඉන්ජිනියර් කෙනෙක් වෙන එක හැම අමිමා කෙනෙක්ගේ, තාත්ත කෙනෙක්ගෙම බලාපොරොත්තුව වුනාට ඇත්තටම හොයලා බැලුවොත් අපිට අපේ කියලා අවංක, කාගෙවත් නොවන බලාපොරොත්තුවක් තියෙනවා. මම කියන්නේ කවියෙක්, චිත්‍ර ශිල්පියෙක්, ලේඛකයෙක්, ගායකයෙක් වගේ සෞන්දර්යාත්මක ගණයේ වෘත්තිමය බලාපොරොත්තුවක් ගැන. ඩැනියෙල්ගේ තාත්තට සහ අමිමට ඔින වුනේ ඩැනියෙල් අනාගතයේ ඩොක්ටර් කෙනෙක් වෙනවා දකින්න. ඉතින් ඩැනියෙල් තාත්තගේ බල කිරීමට ඩොක්ටර් කෙනෙක් වුනා. හැබැයි ඩැනියෙල්ට අනාගතයේ වෙන්න ඔින වෙලා තිබුනේ කවියෙක් වෙන එක. ඔන්න දවසක් ඩැනියෙල් උදේම ලස්සනට අැඳ පැළැඳලා ලෑස්ති වෙලා නිවියෝර්ක් සිටි එකේ පාරට බහින්නේ ජොබි ඉන්ටර්විවි එකකට යන්න. ඔන්න ඒ අතරේ නිවියෝර්ක් සිටි එකේ කොනක හිටපු නතාෂා ඉන්නේ ලොකු ප්‍රශ්නයක. එයාගේ ෆැමිලි එකටම ඇමරිකාවෙන් පිටමං වෙන්න වැඩ සිද්ධ වෙලා තියෙන්නේ. ඒ අනවසර සංක්‍රමණිකයන් වීම නිසා. ඉතින් මෙික බෙිරැමක් කරගන්න නතාෂාට නිවියෝර්ක් සිටි එකේ වරැ ගණන් ආගමන විගමන කාර්යාලයේ රස්තියාදු වෙන්න සිද්ධ වෙනවා.

මෙචිචර වෙලා නිවියෝර්ක්වල කොන් දෙකක හිටපු මෙි නතාෂායි, ඩැනියෙලුයි හමිබවෙන්නේ හරියටම අහඹු සිදුවීමකින්. නතාෂා තමන්ගේ ඔළුව අස්සේ හිරවෙලා තියෙන දාහකුත් ප්‍රශ්න එක්ක, ඒවා කල්පනා කර කර අසිහියෙන් පාර පනින්න හදනකොටම එතිනින් යන කාර් එකට යටවෙන්න නොදී බෙිරගන්නේ ඩැනියෙල්. ඔන්න දැන් නතාෂා සහ ඩැනියෙල් හමිබවෙන්න දෛවය විසින් වැඩ ටික සිද්ධ කරලා ඉවරයි. දැන් ඉතින් නතාෂා සහ ඩැනියෙල් යාළුවෝ බවට පත් වෙනවා. ඊට පස්සේ ඒ යාළුකම ප්‍රේමයට ඉබෙිම හැරෙනවා. මෙි සියළු දේවල් වෙන්න යන්නේ පැය විසිහතරක් විතරයි. මෙි දෙන්නගේ අාදරය පැය විසිහතරක කෙටි කාලයකින් නිමා වෙන විදියේ තීරණාත්මක තීන්දුව තියෙන්නේ නතාෂාගේ ඇමරිකානු ජීවිතයට තිත තියන්න සුදානමින් ඉන්න ආගමන විගමන කාර්යාලය ඇතුළේ. නතාෂාගේ ජීවිතයට හා පුරා කියලා ඉක්මනින් ආපු මෙි ඩැනියෙල්ගේ ආදරයේ හැඟීමක් විතරක් අරන් අාපසු ජැමෙයිකාවට යන්න වෙයිද? ඩැනියෙල්ට එහෙම කියලයි නතාෂාව අමතක කරන්න පුලුවන් වෙයිද? මෙි ප්‍රශ්නවලට උත්තරය දැනගන්න “The Sun Is Also a Star” බලන්නම වෙනවා. ඩැනියෙල් සහ නතාෂා කියන්නේ එකිනෙකාට නොහඳුනන ජාතීන් දෙකක වුනත්, සංස්කෘතීන් දෙකක වුනත් මෙි දෙන්නට ආදරය කියන හැඟීම බාධාවක් වෙන්නේ නෑ. ඒක තමයි ආදරය කියන්නේ. ආදරය ඉස්සරහා ආගම, ජාතිය, කුලය, සංස්කෘතිය, ර⁣ට මෙි කියන හැම එකක්ම පරාද කරලා ප්‍රේමය කියන උත්තරීතර හැඟීම ජය ගන්නවා. ඒක තමා ස්වභාවය.

“The Sun Is Also a Star” ෆිල්ම් එක 2019 අවුරැද්දේ රිලිස් වුන Teen – Romantic daram කැටගරි එකේ Movie එකක්. ෆිල්ම් එක Direct කරලා තියෙන්නේ රයි රුසෝ – යං(Ry Russo – Young) කියන Female Director කෙනෙක්. නිකොලා යූන්(Nicola Yoon) කියන ජනප්‍රිය ඇමරිකානු නවකතාකාරිනිය විසින් ලියපු “The Sun Is Also a Star” නවකතාව පාදක කරගෙන තමයි මෙි අපුරැ චිත්‍රපටය නිර්මාණය කරලා තියෙන්නේ. මෙි චිත්‍රපටයේ නතාෂාගේ චරිතය වෙනුවෙන් යාරා ෂහිඩි(Yara Shahidi) සහ ඩැනියෙල් බෙිගේ චරිතය වෙනුවෙන් චාර්ල්ස් මෙල්ටන්(Charles Melton) රංගනයෙන් දායක වෙනවා. ඉතින්, “The Sun Is Also a Star” කියන්නේ රොමැන්ටික් කැටගරි ෆිල්ම් බලන අයට බලන්න කියලා බය නැතිව රෙකමන්ඩ් කරන්න පුලුවන් රහ තියෙන ෆිල්ම් එකක් කියලයි අවසානයට කියන්න තියෙන්නේ.

Initial release: May 16, 2019
Director: Ry Russo-Young
Story by: Nicola Yoon
Box office: $6.8 million

මලින්ත විතානගේ

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *