The Suicide Squad (2021) English | Sinhala Article

The Suicide Squad (2021) English

87% liked this film Google users

ඔන්න එහෙනම් The Suicide Squad ෆිල්ම් එකේ Review එක අරගෙන ආවා. බලපු නැති කට්ටිය නම් මේක කියවන්න එපා වැරදිලාවත්. මොකද මේක තනිකරම Unpredictable ෆිල්ම් එකක්. ඒකේ රහ තියෙන්නෙ ඒ unpredictable ගතිය නිසා. ඒකනිසා මේ වෙනකන් බලන්න බැරි උනානම් ඒක බලලම ඇවිත් කියවන්න…?❤️

ඉතින් James Gun මේ ෆිල්ම් එක බාරගන්න වෙලාවෙදි සුපුරුදු විදියට සෑහෙන පිරිසක් ඒකට අකමැති උනා මතක ඇති. කලින් Joss Whedon ගේ වැඩේ අවුල් ගිය නිසා සහ Gun ගේ Guardians of the Galaxy ෆිල්ම් වල tone එක Suicide Squad වගේ movie එකකට නොගැලපෙන නිසා ගොඩක් අය හිතුවෙ මේකත් අනිවාර්යයෙන් joke එකක් වෙයි කියලයි. ඒවගේම මුලදි ආපු Character වල costumes දැකලත් කට්ටිය එක එක කතා කිව්වනෙ. බාල විදියට හදලා තියෙනවා කියලා. හැබැයි මොන කතා කිව්වත් මෙතනදි අපි හැමෝම බනින WB එක Gun ට පූර්ණ නිදහස දුන්නා තමන්ගෙ චිත්‍රපටියට. ඩොලර් මිලියන 175 කින් හදපු පලවෙනි ෆිල්ම් එකත් PG 13 කරද්දි මේ කොරෝනා කාලේ ආපු The Suicide Squad එක ඩොලර් මිලියන 185 කින් හදලත් ඒක R rated කල එකෙන්ම හිතාගන්න පුලුවන් නෙ WB එකෙන් Gun ගැන තියපු විශ්වාසය මොනවගේද කියලා. හැබැයි ඒ දුන්න සහයෝගය, නිදහසට එක දශමෙකින්වත් පාඩුවක් නම් වෙලා නෑ කියලා කියන්න පුලුවන් මේ ෆිල්ම් එක බැලුවම. ආයෙ සිරාම ලේ පනින, මේ හොඳට ඉන්න මිනිස්සු ටිකකින් මැස්සො මදුරුවො වගේ මැරිලා යන Totally Unpredictable film එකක් තමයි end result එක…?? තමන් බාරගන්න වැඩේ මොන විදියෙ එකක් උනත් ඒකට අනුව හැඩගැහිලා ඒක සාර්ථකව අවසන් කරන්න පුලුවන් දක්ශ අධ්‍යක්ෂකවරයෙක් කියලා මේකෙන් James Gunn ලෝකෙටම පෙන්නුවා. එහෙනම් ඒ කතා ඇති. අපි යන් Review එකට..?❤️

????? Spoiler Alert ??????

ෆිල්ම් එක පටන් ගන්නෙම අමුතුම ජාතියෙ කැමරා angle එකකින්. මම මේ ෆිල්ම් එකේ දැකපු හොඳම දෙයක් තමයි Cinematography සහ editing. ඇත්තටම මාරම ලස්සන Shots ටිකක් දැක්කා. සමහර ඒවා තනිකරම චිත්‍ර වගේ. ඒතරම්ම ලස්සනයි. මේ වගේ Dark Tone එකකට යන ෆිල්ම් එකක් අස්සට ඒ tone එකට අවුලක් නොවෙන විදියට සමහර වෙලාවට සුරංගනා කතාවක දකින්න පුලුවන් විදියෙ වර්ණවත් සුන්දර දර්ශන එකතු කරන්න නම් ඇත්තටම දක්ශයෙක් වෙන්න ඕන. කොහොමහරි Zack Snyder ගේ ආවේණික Cinematography, Colors වලට හුරුවෙලා ඉදපු අයට ඊට හාත්පසින්ම වෙනස් වර්ණ භාවිතයක් එක්ක නමුත් Zack ගේ වගේම ආකර්ශණීය කැමරා හැසිරවීමක් මේකෙන් බලාගන්න පුලුවන්. ඊලඟට විශේෂයෙන්ම කියන්න ඕන Editing ගැන. සාමාන්‍යයෙන් ඕනම ෆිල්ම් එකකට ලොකුම බලපෑමක් කරන්න පුලුවන් අංශයක් තමයි Editing section එක. මේකෙදි නම් ආයෙ කියලා වැඩක් නෑ Editing side එක හොඳටම කරලා තිබුනා. පට පට ගාලා මාරුවෙන Shots අස්සෙ තව මරු වැඩකෑලි ටිකක් දාන්න මේකේ editor උන Fred Raskin සමත්වෙලා තිබුනා. Quantin Tarantino ගේ අන්තිමට ආපු ෆිල්ම් ඔක්කොම වගේ editing බාරව හිටියෙ මෙයා තමයි. ඒ shots වල පොඩි tarantino ගෙ ෆිල්ම් වල වගෙ ගතියක් තිබුනෙ ඇයිද කියලා දැන් තේරෙන්න ඇති. හරි එහෙනම් අපි ආයෙම ෆිල්ම් එකේ මුලට ගියොත් ඒකේ පලවෙනි scene එකේදිම Savant කිසිම හේතුවක් නැතුව බෝලෙකින් ගහලා කුරුල්ලෙක්ව මරලා දාන එකෙන්ම පෙන්නනවා මේ ඉන්නෙ මොනතරම් දක්ශ වගේම අනුකම්පාව කියන දේ ගෑවිලාවත් නැති සෙට් එකක්ද කියලා. ඊටපස්සෙ මෙයාව බලන්න එනවා Amanda Waller ඇන්ටි. සුපුරුදු විදියට ම මූණෙ හිනා පොදක් නෑ.. ඉතින් මෙයා Savant වත් Suicide Squad එකත් එක්ක සෙට් කරලා Rick Flag එක්ක යවනවා. ඊටකලින් අපිට පෙන්නනවා Amanda Waller එක්ක ඉන්න සෙට් එක Suicide Squad team එක ගැන ඔට්ටු අල්ලන විදිය. ඒ විදියට මේ Suicide Squad team එකේ ස්වභාවය වගේම උන්ව mission වලට යවන අයත් හිරකාරයොන්ගෙ ජීවිත ගැන තඹ සතේකට සලකන්නෙ නැති සෙට් එකක් බවත් Gun ලස්සනට පෙන්නනව. ඇත්තටම ඒක එහෙම තමයි වෙන්නෙ. මොකද අපරාධකාරයින්ගෙන් පිරුණු suicide squad එකේ කෙනෙක් අඩුවෙන එක කාටවත් ගාණක් නෑ. මොකද ඒ තැනට දාන්න ඕනතරම් තව අපරාධකාරයො Waller ගාව ඉන්නවා. ඉතින් කොහොම හරි කට්ටිය තමන්ගෙ mission එකට අදාලා තැනට යනව. එතනම Weasel ඉවරයි ( ඉවරයි කිව්වට ඉවරම නෑ ඉතින් ) කොහොම හරි මෙතනදි තමයි James Gunn පලවෙනි වතාවට, “මේ උබලා බලන්නෙ අර සුපුරුදු විදියෙ superhero film එකක් නම් නෙමේ” කියන කාරණය ප්‍රේක්ශකයන්ට පෙන්නලා දෙන්නෙ. ඉතින් ඔන්න ටීම් එකම ( Harley, Rick, Savant නැතුව ) හෙණ ගහන්න වගේ පරලෝ සැපත් වෙනවා ( හැබැයි සමහර උන් නම් මැරුණ හැටියට නිකන් උන් මැරෙන්නම බලාගෙන ආවා වගේ ) හිතන්න අපි ෆිල්ම් එකේ දිගටම ඉදීවි කියලා හිතපු, කට්ටිය ෆිල්ම් එක එන්න කලින් Character වල abilities පවා කතාකරපු චරිත ගාණක්ම විනාඩි තුන හතරෙන් ඉවරයි..??? ( හැබැයි Boomarang මරපු එකනම් කැතම වැඩේ ) එතනදි අර කට්ටිය ඉස්සර Game of thrones බලන්න ගනිපු කාලේ පලවෙනි සීසන් එකේ Ned ව හිතන්නත් කලින් මරලා දුන්න Impression එකම ආවා නේද.. බලපු හැමෝටම හික් ගෑවෙන්න ඇති..?? ඇත්තටම ඔන්න ඕකයි නියම Suicide Squad එකේ ස්වභාවය. මේකට සෙට් වෙන උන්ට කාගෙන්වත් සමාවක් නම් නෑ. හිටියත් මැරෙනවා, පැනලා ගියොත් බෙල්ලම ගහලා යනවා. James Gunn තමන් බාරගනිපු Source material එක ගැන හොඳම අවබෝධයකින් වැඩේට අතගහලා තියෙනවා කියලා කියන්න පුලුවන් හොඳම තැන තමයි මේ පලවෙනි සීන් එක. ඒකෙන් නියමෙටම පෙන්නනවා මේක Typical superhero movie එකක්නම් නෙමේ කියලා. කොහොමහරි පස්සෙ තමයි අපි දැනගන්නෙ මුන් සෙට් එකම හිතාමතාම මැරෙන්න තමයි යවලා තියෙන්නෙ කියලා. ඒකෙන් අපිට Amanda Waller කියන චරිතෙ ගැනත් හොඳ අදහසක් දෙනවා. තමන්ගෙ අරමුණ උන දේ කරගන්න ඒ වෙනුවෙන් ජීවිත කීයක් නිරපරාදේ හෝ නාස්ති උනත් ඒ ගැන කිසිම පසුතැවීමක් නැති ගෑනියෙක්. අපිට කලින් Suicide Squad ෆිල්ම් එකේදි දැනුනට වඩා මේ ෆිල්ම් එකේ මුල ඉදන් අවසානය වෙද්දි ටිකෙන් ටික Amanda Waller ගැන පට්ටම කේන්තියක් ආවා නේද. අන්න ඒක තමයි නියමාකාරයෙන් Character එකක් buildup කරන විදිය. ඇත්තටම පලවෙනි Suicide Squad එකේ Character buildup කියන දේ තිබුනෙම නැති තරම්. නමුත් The Suicide Squad ඒ අතින් 100% ක් සාර්ථකයි.

කොහොමහරි එක සෙට් එකක් එහා වෙරලේ බිලි පූජාවක් වෙද්දි අනිත් සෙට් එක උන Bloodsport, Peacemaker, King Shark, Ratcatcher 2 සහ Polka dot man නිරුපද්‍රිතව අනිත් පැත්තෙ වෙරලට ගොඩබහිනවා. මේ හැම තැනදිම අර පොතක අලුත් chapter එකක් පටන්ගනිද්දි වගේ මරුවට අකුරු ටික එකතුකරලා පෙන්නන එකනම් සිරාවටම පට්ට. ඒකෙන් ෆිල්ම් එකට අමුතුම ගතියක් ආවා කියලා කියන්න ඕන. කොහොමහරි කට්ටිය team එකක් විදියට ඉස්සරහට යන්න උත්සාහ කලත් මුන් මේ වීරයෝ නෙමෙයි කියන දේ ඒ ගොඩක් අවස්ථාවලදි පෙන්නන්න James Gunn උත්සාහ කරලා තිබුනා. ඒ අතරෙන් King Shark චරිතෙ ගැන වෙනමම කතාකරන්න ඕන. සාමාන්‍යයෙන් CGI චරිතකට බලන මිනිස්සු ආදරේ කරන මට්ටමකට අරගෙන එන්නනම් ඒ චරිතේ තමන්ගෙ හිත ඇතුලෙ නිර්මාණය කරලා ඒක සිනමාපටයක් තුලට ඒ විදියට ම ඇතුල් කරන කෙනා හොඳ දක්ශයෙක් වෙන්න ඕන. James Gunn මේක Guardians of the Galaxy එකේදිත් කලා. හැබැයි ඒ Groot කියන Friendly චරිතෙන්. ඒකෙදි I am Groot කියන වචන ටික පවා වෙනම memes වලට එකතුවෙන මට්ටමට ඒ චරිතෙ ජනප්‍රිය එකක් උනා. හැබැයි ඒක වගේ නෙමේ මේ King Shark කියන චරිතෙ. ඇත්තටම Gunn කලින් කිව්වා වගේම ඒක ලොකු අභියෝගයක් වෙන්න ඇති. මොකද පොඩ්ඩ බැරි උන ගමන් මිනිහෙක්ව අල්ලලා කාලා දාන්න බලන, අඩුගානෙ තමන්ගෙ ටීම් එකේ අයවත් ගිලලා දාන්න හිතන චරිතයක් තමයි King Shark කියන්නෙ. Ratcatcher ව හොරාටම කන්න ගිහින් පස්සෙ Bloodsport වෙඩි තියලා ඒක නැවැත්තුවට පස්සෙ ආයෙම Ratcatcher, King Shark ට අත දෙද්දිත් ශුවර් නැතුව හිටියෙ කොයි වෙලාවෙ මූ මේකිගෙ බෙල්ල ගලවගනීද කියලා..?? හැබැයි ඉතින් King Shark ගේ ඒ ගතිගුණ ඒ විදියට ම තියෙද්දිම ටිකෙන් ටික ඒ චරිතෙ ගැන මාර ආදරයක් හිතෙන විදියට King Shark ගේ character එක ගොඩනගලා තිබුනා. අන්තිමට මේ මිනීකන මෝරා කොයිවෙලාවක හරි මැරෙයිද කියලා ප්‍රේක්ශකයෝ බයෙන් ඉන්න මට්ටමක් දක්වා ඒ චරිතෙ ආවා..

 

කොහොමද Gunn ගේ ඒ හැකියාව. ඊටපස්සෙ Polka Dot Man ගැන පවා එයාගෙ දුර්වලකම ගැන අනුකම්පා හිතෙන විදියට වගේම ඒකට පොඩි හාස්‍යයක් එකතු කරලා පෙන්නන්න Gun ට පුලුවන් වෙලා තිබුනා. ඊලඟට Peacemaker වගේ චරිත ගත්තොත් අර එයයි Bloodsport දෙන්නා තරඟෙට මිනී මරාගෙන යන සීන් එක එහෙම වෙනම ආතල් එකක් ??? සාමාන්‍යයෙන් Superhero movie එකක් ගත්තොත් ඒකේ Director යම් මට්ටමක රාමුවකට අකමැත්තෙන් උනත් කොටුවෙන්න වෙනවා. මොකද Superheroes ලට Rules තියෙනවා. Ethics තියෙනවා. නමුත් මේ Suicide Squad එක බැලුවම තනිකරම No Rules. ඕනම දෙයක් කරන්න පුලුවන්. අන්න ඒ නිදහස Gunn මේකෙදි උපරිමයටම පාවිච්චි කරලා තිබුනා. Peacemaker එහෙම කපාගෙන කොටාගෙන යද්දි දැක්කනෙ. ඇත්තටම John Cena ඒ චරිතෙනම් නියමෙටම කලා. ඒක විශේෂයෙන්ම කියන්න ඕන. Idris Elba ගේ Bloodsport චරිතෙත් නියමෙටම තිබුනත් මට ඊටත් වඩා Peacemaker චරිතෙ නියමයි කියලා කියන්න පුලුවන්. ඇත්තටම ඉස්සරහට Tv series එකකුත් confirmed නිසා Gunn ට තව Peacemaker ගෙන් කරගන්න සෑහෙන වැඩ ඇති ❤️? ඊටපස්සෙ Rick Flag ගේ චරිතෙ උනත් කලින් Suicide Squad එකට වඩා හොඳට තිබුනා. තමන්ගෙ ප්‍රධානියොන්ගෙ අණ ඉශ්ඨ කරනවට වඩා මිනිස්සුන්ගෙ යහපත කතා වැඩකරන යුක්තිසහගත හමුදා නිලධාරියෙක් විදියට පෙන්නපු Flag ගේ මරණෙ එක්ක එයාගෙ චරිතෙට ජීවත් වෙලා හිටියනම් ලැබෙන්න තිබුන වටිනාකමට වඩා වැඩි වටිනාකමක් ලැබුනා කියලා මට හිතෙනවා. ඉතින් අවසානයට කතාකරන්න ඕන මේ කතාවෙ වැදගත්ම චරිත දෙක උන කෙල්ලො දෙන්නා ගැන. මුලින්ම Ratcatcher ගැන කිව්වොත් Suicide Squad එකේ අනිත් අයට වඩා ගොඩක් ම වෙනස් චරිතයක්. මං හිතන්නෙ ටීම් එකේ ඉදපු ඒකට නොගැලපෙනම චරිතය.

 

කොහොම නමුත් අවසානයෙදි මේ චරිතය අපි නොහිතපු තරම් ප්‍රබල එකක් බව ඔප්පු කරන්න Ratcatcher සමත් උනා. ඊලඟට මේ The Suicide Squad එකෙන් උන වටිනාම දේ කියන්න ඕන. ඒ තමයි Comic Accurate badass Harley Quinn කෙනෙක් අපිට අවසානයෙදි හරි Live action විදියට දැකගන්න ලැබීම. Suicide Squad 2016 එකෙන් තියා Harley ප්‍රධාන චරිතය උන Birds of Prey එකේදි වත් ඇත්තටම අපිට දකින්න ඕන උන Harley දකින්න ලැබුනෙ නෑ. නමුත් මේකෙදි අපිට perfect Harley Quinn කෙනෙක් දකින්න පුලුවන් උනා. Harley කියන්නෙ මොහොතකටවත් සුලුකොට තකන්න බැරි, unpredictable, සෑහෙන අනතුරුදායක චරිතයක් කියලා පෙන්නපු විදිය මරු…?? Margot Robbie ගේ ඇක්ටින් ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. ඊට අමතරව Harley ගේ Costumes පවා නියමයි…?? ඊලඟට මේකේ හතුරා ගැන කතා කලොත් Villain උනේ Starro the Conqueror කියන Justice League එකට පවා ලොකුම ඇණයක් උන Supervillain තමයි අන්තිමට දකින්න ලැබුනෙ. මෙයාව ලොකුම ඇණයක් උනේ මෙයාගෙ සයිස් එක නිසා නම් නෙමෙයි. ඒ මෙයාගෙ තිබුන mind controlling ability එක නිසයි. තමන්ගෙ ශරීරයෙ කොටස් මගින් මනුශ්‍යයින් ඇතුලු දියුණු මනසක් තියෙන ජීවීන්ව පවා පාලනය කරලා තමන්ගෙ වහල්ලු බවට පත්කරගන්න පුලුවන්කමක් තියෙන Starro කියන්නෙ සුලුවෙන් තකන්න පුලුවන් හතුරෙක් නම් නෙමෙයි. මට මේ ෆිල්ම් එකේ නොකිවයුතු මට්ටමේ පොඩි පොඩි අවුල් තිබුනත් මේ Starro ව පාවිච්චි කරපු විදිය ගැන නම් එච්චර පැහැදීමක් නෑ ඇත්තටම. මේක James Gun ගේ GotG ෆිල්ම් වලත් තිබුන අවුලක්. චරිත ටික ගාණට හදාගෙන ඇවිත් අන්තිමට final boss fight එකේදි හතුරව සෑහෙන downgrade කරනවා. Starro ට උනෙත් ඒකමයි. Starro යෝධයෙක් වගේ ඇවිදගෙන යද්දි මට හිතුනෙම මේ ඇච්චො වගේ ඉන්න පස්දෙනෙක් කොහොම මූව නවත්තන්නද කියලා. තමන්ටම කියලා වහල්ලු වගේ නැත්නම් Zombies ලා වගේ හමුදාවක් ඉද්දි Starro ඒ අයගෙන් කිසිම ප්‍රයෝජනයක් ගත්තෙ නෑ. එහෙම කලානම් ලේසියෙන්ම Suicide Squad කණ්ඩායමෙන් බේරෙන්න තිබුනා. අන්තිමට ඉතින් මීයො සෙට් එකක් ඇවිත් වැඩේ ඉවර කරලා දැම්මා. කොහොමහරි Endgame එකේදි වගේම මීයෝ තමයි හොඳටම කලේ..??

 

Starro අවසානයෙදි කියපු වචන ටිකට නම් පොඩ්ඩක් විතර හිත අවුල් ගියා. හැබැයි ඒ වචනවලට තවත් වටිනාකමක් ගන්න තිබුනා අර මුලින් Starro “මේක මගෙ මගෙ” කිය කිය පාලනය කිරීමම මූලික කරගෙන යන්නෙ නැතුව නිදහස්වීම කියන දේ මූලික කරගත්තනම්. ඇත්තටම මෙතන නියම හතුරා උනේ Starro ම නෙමෙයිනෙ. එයාව හිරකරගෙන අවුරුදු ගාණක් තියාගෙන free will එක නැතිකරන විදිය ගැන පර්යේශණ කරපු Corto Moltese සහ ඇමෙරිකානු රජයන් තමයි ඉදපු නියම සතුරො. ඇත්තටම බැලුවොත් Starro කියන්න ඒකේ එක්තරා වින්දිතයෙක් විතරයි. ඒ නිසා එලියට ආපු ගමන් පාලනය කිරීම කියන දේට යන්නෙ නැතුව මේ අපායෙන් නිදහස්වීම වගේ අරමුණක් Starro ට දුන්නනම් අවසානය මීට වඩා තාක්වික එකක් කරගන්න තිබුනා කියලා හිතෙනවා. ඊටපස්සෙ අවසානයටම කියන්න ඕන මේ චිත්‍රපටියෙ ඉදපු නියම ප්‍රයෝජනයක් නොගනිපු චරිත දෙක උන Polka dot man සහ Thinker ගැන. ඇත්තටම අපි චිත්‍රපටියේ දැකපු චරිතෙට Thinker ව නොගෙන වෙන නෝමල් විද්‍යාඥයෙක්ව ගත්තනම් මීට හොඳයි. ඒ තරමටම Thinker කියන්නෙ useless චරිතයක් උනා. අඩුගානේ Thinker කියන්නෙ නිකන්ම විද්‍යාඥයෙක් නෙමෙයි. පට්ටම psychic power එකක් තියෙන කෙනෙක් කියන දේ ඇඟෙව්වෙ වත් නෑ. ඒක ලොකු අපරාදයක්. කෙනෙක් කියන්න පුලුවන් අර මුලින් ඔහේ මැරිලා ගියපු චරිත ටිකත් එහෙම නේද කියලා. ඒක ෆිල්ම් එකේ හැටි නේද කියලා. හැබැයි ඒ චරිතවලට සාපේක්ශව Thinker ට දීපු අමතර screen time එකෙන් කිසිම වැඩක් අරගෙන තිබුනෙ නෑ.. අපරාදයක් ඒක.

 

ඊලඟට Polka Dot Man ගේ character එකෙනුත් final battle එකට තව පොඩි හෝ සපෝට් එකක් අරගෙන මීටවඩා respectable ending එකක් දෙන්න තිබුනා. මේ ෆිල්ම් එකේ මුල් මිනිත්තුවෙ ඉදන්ම තිබුන unpredictable ගතිය නිසාම Polka Dot Man ගේ චරිතෙ හොඳම තැනදි මිනිහව ඉවර කරලා දැම්මත් ( I am a super hero ❤️?) තව පොඩි වෙලාවක් හරි මිනිහව පණපිටින් තියන්න තිබුනා. කොහොමහරි ඉතින් මුන් ටික මැරෙන්න ගනිපු විදියට මම නම් හිතුවෙ නෑ එකෙක් වත් අන්තිමට ඉතුරුවෙයි කියලා. ඒ උනාට යන්තම් හතර දෙනෙක් ගෙ පණ බේරුනා.. ( පස්සෙ ඒක පහක් වෙලා හයක් උන එක වෙනම කතාවක් ?? ) ඉතින් අවුරුදු ගාණකින් බලපු ( Game of thrones මුල් සීසන් වලින් පස්සෙ) හිතාගන්න බැරි තරම් unpredictable film එකක සාරාංශය තමයි ඒ. ඇත්තටම ඒක වෙනම රහක් කියන්න ඕන..❤️❤️ ගොඩක් අය මේක Zack Snyder ගේ වැඩත් එක්ක සංසන්දනය කරලා තිබුනත් කියන්න වෙන්නෙ මේ දෙන්නා තමන්ගෙ වැඩ පෙන්නුවෙ වෙනස්ම අංශ දෙකකින්. Zack, Visual Storytelling කියන දෙයින් වැඩ පෙන්නද්දි Gun තනිකරම Character development පැත්තෙන් වැඩ පෙන්නුවා. කොහොමහරි මේ දෙන්නම තමන්ගෙ දක්ශකමින් උපරිම දෙයක් ප්‍රේක්ශකයන්ට දෙන්න සමත් උනා කියන එකේ කිසිම විවාදයක් නෑ..❤️ ඉතින් Batman Assult on Arkham සහ Suicide Squad Hell to Pay කියන animation වල විදියෙ කතාවක් Live action දකින්න ලැබේවි කියලා ගොඩක් ආසාවෙන් හිටියෙ.

මේකෙන් හිතපු තරමටම නොවුනත් ඉහලම මට්ටමකින් ඒ බලාපොරොත්තුව ඉශ්ඨ කරන්න James Gunn ට පුලුවන් උනා. ඊලඟට 2016 සිනමාපටයෙ දකින්න ලැබුනෙ නැති Suicide Squad කියන Team එකේ නියමාකාර ස්වභාවය සහ රජයෙන් Task force x විදියට ඔවුන්ට දක්වන සැලකිල්ල මොනතරම් අඩු මට්ටමක එකක්ද කියන දේ පැහැදිලිවම පෙන්නුවෙ මේ සිනමාපටයෙන්. මොකද Suicide Squad කියන්නෙ නිකන්ම Team එකක් විදියට එකමුතුව වැඩකරන උන් ටිකක් නෙවෙයි, තම තමන්ට වෙන වෙනම පෞද්ගලික අරමුණු තියෙන, ජීවිතේ බේරාගැනීමෙ අරමුණෙන් විතරක් එකට වැඩකරන්න එකග උන, තමන්ට වාසි සහගත අවස්ථාවකදි ඕනම පැත්තක් ගන්න පුලුවන් ජාතියෙ නිතර තමන්ගෙම සගයන් පවා පාවාදෙන්න උනත් පසුබට නොවෙන සෙට් එකක් ඉන්න ටීම් එකක් කියන දේ නියමාකාරයෙන් පෙන්නුවෙ මේකෙන්. අන්න ඒ නිසා මේ චිත්‍රපටිය Suicide Squad කණ්ඩායම පාදක උන සිනමාපටයක් විදියට 2016 Suicide Squad සිනමාපටයට වඩා සෑහෙන ඉදිරියෙන් ඉන්නවා කියන එකයි මගේ මතය. එහෙනම් කියන්න ගොඩක් දේවල් තිබුන නිසා Review එක ටිකක් විතර දිග උනා. තව මට මිස් උන කාරණාත් ඇති. ඒවගේම මේ ගැන ඔයාලගෙ අදහසුත් පල්ලෙහායින් Comment එකක් විදියට දාගෙන යන්න. එහෙනම් The Suicide Squad Review එකත් ඉවරයි..?❤️ ආයෙම මේ වගේ Post එකකින් හමුවෙනතෙක් සියලු දෙනාටම ජයවේවා !

Release date: August 5, 2021 (United Arab Emirates)
Director: James Gunn
Produced by: Charles RovenPeter Safran

Download
Subtitle Download

ප්‍රගීත් ශාන්

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *