The Purge Horror Movie Series by Prageeth Shan
ඔන්න අද මම විස්තර අරගෙන ආවෙ අලුත්ම concept එකක් එක්ක ආපු වෙනස්ම ආකාරයේ Horror Movie Series එකක් ගැනයි. The Purge කිව්වම ගොඩ දෙනෙක් දන්නවත් ඇතිනේ. හැබැයි මේක බලලා නැත්නම් බලන්න වටින ෆිල්ම් සෙට් එකක් නිසාම තමයි අද මේ විදියට මේ ගැන විස්තරයක් අරගෙන එන්න හිතුවෙ…?? එහෙනම් වෙන කතා ඕන නෑ අපි බලමු කොහොමද මේ Purge කියන Concept එක ආවෙ, ෆිල්ම් එකේ තියෙන මතුපිට සහ ඇතුලත අදහස, Purge කතාව හා සමානවම ලාංකිකයින් විඳපු අත්දැකීමක් ගැන වගේම අවසානයට මේ series එකේ ෆිල්ම්ස් සෙට් එක ගැන කෙටි හැඳින්වීමක් කරන්න මම බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඉස්සෙල්ලම බලමු කොහොමද මේ The Purge කියන Concept එක ආවෙ කියලා.
මේ Purge series එක නිර්මාණය කරන්න මූලික උන පුද්ගලයා තමයි James DeMonaco කියන්නෙ. මෙයා තමයි Purge films පහටම තිර රචනයෙන් දායක වෙන්නෙ. ඒවගේම මේකේ සාර්ථකම උන පලවෙනි ෆිල්ම් 3 ම අධ්‍යක්ෂණය කරන්නෙත් DeMonaco ම තමයි. කොහොමහරි මෙයා Purge කියන අපූරු concept එක නිර්මාණය කරන්න පාදක කරගන්නෙ Star Trek: The Original Series එකේ එන The Return of the Archons කියන Episode එකේ කතාව. ඒක කෙටියෙන් කිව්වොත් Enterprise යානයේ කණ්ඩායම යනවා USS Archon කියන යානයේ අතුරුදහන්වීම ගැන හොයන්න Beta III කියන ග්‍රහලෝකයට. මේ ග්‍රහලෝකයෙ ඉන්න පිරිස බොහොම සාමකාමී ජන කොට්ඨාශයක් විදියට පෙනුනත් Enterprise යානයේ පිරිස ගොඩබැස්සට පසුව ආරම්භ වෙන “Festival” කියන උත්සවයත් එක්ක මේ අදහස වෙනස් කරගන්න ඔවුන්ට සිද්ධ වෙනවා. එතනදි වෙන්නෙ මේ උත්සවය තියෙන කාලසීමාවෙ විතරක් අතිශයින්ම දරුණු වෙන Beta III ග්‍රහලෝකේ වැසියන් ආයෙම ඊලඟ දවසෙදි පෙර විදියටම සන්සුන් වගේම සාමකාමී පිරිසක් බවට පත්වෙනවා. හැබැයි ඒ ආයෙම ඊලඟ “Festival” උත්සවය එනකන් විතරයි. කොහොමහරි පස්සෙ හෙලිවෙනව මේ හැමදේම පිටුපස්සෙ ඉන්නෙ Landru කියලා හැඳින්වෙන මේ ජීවීන්ව වසර 6000 කට අධික කාලයක් පාලනය කරපු දරුණු පාලකයෙක් බව. ඉතින් ඔන්න ඕක තමයි The Return of the Archons වල කතාව. කොහොමහරි James DeMonaco විසින් මේ අදහස තවදුරටත් සංවර්ධනය කරලා මේක පිටසක්වල ලෝකයකට වඩා වර්තමාන මිනිස් සමාජයට ගැලපෙන ආකාරයට සකසනවා. ඒ අනුව තමයි පවිත්‍රකරණය එහෙමත් නැත්නම් The Purge කියන සංකල්පය එලියට එන්නෙ. මේකට අනුව කතාව ගෙතෙන්නෙ අනාගත dystopian ආකාරයේ ඇමෙරිකානු සමාජය වටායි. මේකෙදි ඇමෙරිකාව අපරාද, දූශණය, දිලිදුකමින් යම්තාක් දුරකට බැටකමින් ඉන්න අවස්ථාවකදි පාලකයින් ගැන ජනතාවගේ විශ්වාසය අඩුවෙමින් යන අවස්ථාවකදි අලුත්ම පක්ශයක් බලයට පත්වෙනවා. මේ මුලු කතාමාලාවම ගලා යන්නෙ මෙන්න මේ නව දේශපාලනික පක්ෂය වෙන NFFA හෙවත් New Founding Fathers and America මගින් සිදුකරන පාලනය වටායි. මොවුන් ජනතාවට පොරොන්දු වෙන්නෙ නැවතත් පිබිදෙන ඇමෙරිකාවක් නිර්මාණය කරනවා කියලයි. ඒ අනුව මෙයාලා බලයට ඇවිත් කෙටි කාලෙකින්ම අලුත්ම සංකල්පයක් ( ඇත්තටම මේක මුලින් පර්‍යේෂණයක් විදියට තමයි ක්‍රියාත්මක වෙන්නෙ) විදියට The Purge එහෙමත් නැත්නම් “පවිත්‍රකිරීම” හදුන්වා දෙනවා. මේ අනුව සෑම වසරකදීම මාර්තු 21 වන දින රාත්‍රී 7 සිට මාර්තු 22 වන දින උදෑසන 7 දක්වා මුලු ඇමෙරිකාවම නීතිරීති වලින් තොර කලාපයක් බවට පත්කරනවා. ඒ අනුව මේ නියමිත හෝරා 12 ඇතුලතදී සිදුකරන ඕනම අපරාධයකට නීතිය මගින් දඬුවම් නියමකිරීමක් සිදුවෙන්නෙ නැහැ. හැමෝම දන්නවනෙ මිනිස්සු විදියට අපි වැරදිවලින් වැලකිලා ඉන්න තියෙන ප්‍රබලම හේතුවක් වෙන්නෙ වැරදි කරාට පසුව ඒ වෙනුවෙන් ලැබෙන දඬුවම ගැන ඇතිවෙන බය කියලා. ඉතින් අන්න ඒ හේතුව හිතින් අයින් උනාම මොකද වෙන්නෙ කියන දේ ගැන හොඳ අවබෝධයක් ගන්න පුලුවන් මේ සිනමාපට මාලාව තුලින්. දන්නවනෙ මිනිස්සු අතින් දැනුවත් ව හෝ නොදැනුවත්ව සිදුවෙන වැරදි නිසා එකිනෙකා කෙරෙහි වෛරයක් ඇතිවෙන්න පුලුවන්, සමහරවිට අනිකා ගැන තියෙන ඊර්ශ්‍යාව නිසා වෛරයක් ඇතිවෙලා ඒක හිත ඇතුලෙ පැසව පැසව තියාගෙන ඉන්න පුලුවන්. හැමදාම හිනාවෙලා අපිට එක්ක එදිනෙදා කතාකරන අයගේ හිත්වල අපි ගැන මොනවගේ අදහස් ද තියෙන්නෙ කියලා කාටවත් අනුමාන කරන්න වත් බෑනෙ. සමහරවිට ඔබේ හොඳම යාලුවා වගේ පෙනිී ඉන්න කෙනා හිත ඇතුලෙන් ඔබේ දරුණුම සතුරා වෙන්න පුලුවන්. ඉතින් New Founding Fathers and America මගින් හඳුන්වලා දෙන මේ අලුත්ම සම්ප්‍රදායයෙන් වෙන්නෙ මේ විදියට අවුරුද්දක් පුරාවට මිනිස්සු හිත ඇතුලෙ තියාගෙන සඟවගෙන ඉන්න යක්ශයන්ව එලියට දාන්න අවස්ථාවක් ලබාදෙන එකයි. ඉතින් මෙයින් පස්සෙ අවුරුද්දෙ දවස් 364 කුත් පැය 12 ක් සාමයෙන් තිබෙන ඇමෙරිකාව පැය දොලහක් ඇතුලත අපායක් බවට පත්වෙනවා. අපිට මේ චිත්‍රපට මාලාවෙ එක එක සිනමාපටයෙන් පෙන්නලා දෙනවා ඇමෙරිකාවේ එක් එක් සමාජ ස්ථරයන් වලට මේ වාර්ශික පවිත්‍රකරණය බලපාන ආකාරය සහ මේක මූලික කරගෙන විකෘති ආශාවන්ට පහසුකම් සැලසීමෙන් එක්තරා පිරිසක් ආදායම් උපයද්දි තවත් පිරිසක් මානව හිතවාදීව තමන්ගේ ජීවිතයද අවදානමෙේ දමාගෙන අනික් මිනිසුන්ගේ ජීවිත සුරැකීමට කටයුතු කරන ආකාරය ගැන. මේක එක්තරා විදියකට දිව්‍ය ලෝකයෙේ සුරදූතයින් සහ අපායේ යක්ශයින් එකම බිමක් තුල පවිත්‍රකරණයට කිසිසේත් සම්බන්ධ නොවී සිටින මිනිසුන්ව ආරක්ෂා කිරීමට සහ නසා දැමීමට කරන අරගලයක් වගේ කියන්නත් පුලුවන්. කොහොම නමුත් මේකෙන් NFFA විසින් දෙන පොරොන්දුව නම් එක්තරා ආකාරයකින් ඉෂ්ඨ කරන්න ඔවුන්ට හැකියාව ලැබෙනවා. මොකද මේකෙන් අහඹු ලෙස වන අපරාධ වගේම සැලසුම් සහගත අපරාධ මට්ටම සෑහෙන දුරට අඩුවෙනවා. මේක මතුපිටින් බැලුවම අඩුවීමක් විදියට පෙනුනත් ඇත්තටම එහෙම දෙයක් නැ කියලයි මටනම් හිතෙන්නෙ. මොකද වසරකදි වෙන අපරාධ ගණන අඩු උනත් The Purge පවතින කාල සීමාව ඇතුලතදි ඉතාම විශාල අපරාධ ප්‍රමාණයක් සිදුවීම සහ ඒවා අපරාධ ගණයට ඇතුලත් නොකර පෙන්වීම මගින් ව්‍යාජව රටේ අපරාධ වසන් කිරීමක් තමයි සිද්ධ වෙන්නෙ. හරියට අපේ රටේ කොවිඩ් මරණ කියලා වර්ග කරනවා වගේ. කොහොමහරි ඇමෙරිකානු සමාජය තුල විශාල විපර්‍යාසයක් මේ නිසා ඇතිවෙනවා. පවිත්‍රකරණය මූලික කරගෙනම වෙනම වෙලඳපොලක් වගේම වෙනස්ම සංස්කෘතියක් ඇතිවෙන ආකාරය අපිට ක්‍රමක්‍රමයෙන් බලාගන්න පුලුවන්. ඉතින් මේ සිනමාපට මාලාව බැලුවම තේරෙනව මිනිස්සු ටයිකෝට් දාගෙන, නීතිරීති හදාගෙන මොන ආකාරයෙන් ශිෂ්ඨ වෙන්න හැදුවත් ඒ බැඳුනු සමාජ නීතිරීති වලින් නිදහස් උනාම ඒ ටයිකෝට් අස්සෙ හංගගෙන ඉන්න ආදිකල්පික වන මුර්ගයා එලියට එන්නෙ කොහොමද කියලා. ඉතින් ඔන්න ඕක තමයි The Purge සිනමාපට මාලාවෙන් පෙන්නන මතුපිට කතාව… හෑ.. එතකොට මේකේ ඇතුලෙ කතා දෙකක් තීද කියල ලොකු ප්‍රශ්නයක් එන්න ඇති. ඔව් ඇත්තටම මතුපිට කතාවෙන් වැහුණු ඊට වඩා මිලේච්ඡ් අතූරු කතාවක් තියෙනවා. අන්න ඒක කියන්නයි මම මේ සූදානම් වෙන්නෙ.
ඔව් මේ අතුරු කතාව තමයි The New Founding Fathers of America (NFFA) විසින් මේ පවිත්‍රකරණය හඳුන්වාදෙන මූලිකම හේතුව. ඒ තමයි සමාජය තුල සිටින රටේ ආර්ථිකයට අඩුවෙන්ම දායක වෙන රටේ ආදායමෙන් පෝශණය කලයුතු දිලිඳු පන්තිය සමාජයෙන් අතුගා දැමීම. අපි හැමෝම දන්නවා ඕනම රටක් ගත්තම ඒකේ ධනවතුන්, මධ්‍යම පාන්තිකයින් වගේම දිලින්දන් ඉන්නවා. ඉතින් මේ සමාජ පන්තීන් තුනෙන් මුල් දෙක රටේ ආර්ථිකයට දායක උනත් දිලිඳු පන්තිය ජීවත් කරන්න රටේ ධනයෙන් යම් කොටසක් වැය කරන්න ඕනම රටකට සිද්ධ වෙනවා. ඇත්තටම දිලිඳු පන්තිය කියන්නෙ ඕනම රටකට බරක්. දැන් අපේ අසල්වැසි ඉන්දියාව ගත්තත් එහේ මුම්බාය, නවදිල්ලිය වගේ ප්‍රධානතම නගර ඉතාම දියුනු උනත් විශාල ධනයක් ආර්ථිකයට එකතු කලත් අර ඉන්න ධනවතුන්ට සාපේක්ශව දිලින්දන් ප්‍රතිශතය වැඩිවීම නිසා ඉන්දියාව තවමත් තුන්වෙනි ලෝකයේ රටක් විදියට තමයි සැලකෙන්නෙ. ඉතින් මේ තත්ත්වෙන් ගොඩ එන්න නම් ඕනම රටකට Options දෙකක් තියෙනවා. පලවෙනි එක තමයි දිලින්දන්ටත් ආදායම් උපයන්න, රටේ අර්ථිකයට දායක වෙන්න අවස්ථාවන් නිර්මාණය කරලා දිලිඳු පන්තිය ක්‍රමක්‍රමයෙන් මධ්‍යම පන්තියට ඈඳා ගැනීම. එහෙමත් නැත්නම් කරන්න පුලුවන් දෙවෙනි ලේසිම සහ සමාජ විරෝධීම Option එක තමයි දිලිඳු පන්තිය විනාශ කරලා දාන එක. ඉතින් NFFA එක මගින් පුරවැසියන්ගේ ඔලුවෙන් බරක් නිදහස් කිරීමට අවස්ථාව ලබාදීමේ මුවාවෙන් Annual Purge එහෙමත් නැත්නම් වාර්ෂික පවිත්‍රකරණය හඳුන්වලා දෙන්නෙ මෙන්න මේ දිලින්දන්ව සහමුලින්ම විනාශකර දමා රටේ ආර්ථිකයට වැඩි දායකත්වයක් දක්වන පිරිස් පමණක් ඉතිරි කරගෙන සීග්‍ර ආර්ථික දියුණුවක් ලබාගැනිම. ඒකෙන් ඔවුන්ගේ පොරොන්දුව උන නැවත පිබිදෙන ඇමෙරිකාවක් නිර්මාණය වෙන බව සියලුම ඇමෙරිකානු වැසියන්ට පෙන්වා තම බලය තවදුරටත් රඳවා ගැනීමටයි ඔවුන්ට අවශ්‍ය වෙන්නෙ. අපි මේ කතාමාලාව නරඹද්දි හොඳින්ම තේරෙනවා මේ පවිත්‍රකරණය ධනවත් සමාජයට සහ දිලින්දන්ට බලපාන්නෙ හාත්පසින්ම වෙනස් ආකාරයකට බව. ධනවතුන්ට පුරා පැය දොලහක කාලය තුල අවශ්‍ය නම් දඩයමට හෝ ආරක්ෂා වීමට උපරිම පහසුකම් තිබුනත් දිලින්දන්ට සිද්ධවෙන්නෙ කොහේ හෝ ආරක්ෂිත ස්ථානයකට වෙලා සැඟවිලා ඊලඟ දවසෙ ඉර පායනව දකින්න ලැබේවිද කියලා පවා විශ්වාසයක් නැතුව බලාසිටින්නටයි. ඊට අමතරව මේ කාර්‍යයය වෙනුවෙන් NFFA මගින් අනුගමනය කරනු ලබන රහසිගත ක්‍රියාමාර්ගද තිබෙන බව සිනමාපට මාලාව ඉදිරියට නරබද්දි වැටහේවි. ඒවගේම Purge සඳහා බලපාන නීතීරීති අතර තියෙන 10 වන මට්ටම සහ ඉන් ඉහල නිලධාරීන්ට පවිත්‍රකරණයෙන් නිදහස් කිරීමෙන්ම NFFA එක තමන්ගේ දේශපාලන බලවතුන්ව හොඳින්ම ආරක්ෂා කිරීමට පියවර ගන්නා ආකාරය පෙන්වනවා. හරියට අපි 225 ම එපා කියන අපේ පාර්ලිමේන්තුව වගේම තමයි. ඒ වගේම තමන්ට බලවත් දේශපාලන විරුද්ධවාදීන් නිර්මාණය උන අවස්ථාවලදිත් නීතිරීති අවශ්‍ය පරිදි වෙනස්කම් වලට ලක් කරමින් The Purge තුලින් විරුද්ධවාදීන් මර්ධනයට අමතර සහයක් ලබාගන්න ආකාරයත් පසුකාලීන සිනමා පට වල දකින්න ලැබෙනවා. අවසාන වශයෙන් තව දෙයක් කියන්න ඕන. ඒ තමයි අපේ රටෙත් මිීට තරමක් සමාන ආකාරයේ තත්ත්වයකට මූණදීමට අසූව, අනූව දශකවල ජීවත් වූ පිරිසට සිදුවුනා. ඒ තමයි 88,89 භීෂණ සමය. මට පෞද්ගලිකව ඒ ගැන අත්දැකීමක් නැති උනත් ඒ කාලය ගැන මතකය අවධි කරන්නන් විස්තර කරන විදියට අපේ රටේ භීෂණ සමයත් හරියට Annual Purge Night එකක් හා සමානයි. සමස්ථයක් උන අසරණ ජනතාව අඳුරේ සැඟවිලා කවදා මරණය දොරට තට්ටු කරයිදෝ කියා අවිනිශ්චිත තාවයෙන් බලාසිටිද්දි බලපුලුවන්කාර පිරිස නීතිය අවනීතිය කරමින් තම තිරිසන් ආශාවන් සපුරා ගනිමින් බලය පෙන්වීමට උත්සාහ කිරීම සහ තම විරුද්ධවාදීන් සිතූ පරිදි දඩයම් කිරීම සිදුවෙලා තියෙනවා. ඉතින් ඒකට මූණ දුන්න පිරිස Purge පිලිබඳ සත්‍යම අත්දැකීම් දැනටම ලබාගෙන හමාරයි කියන්න පුලුවන්. ඉතින් ඔන්න ඔහොමයි ඇමෙරිකාවට කලින් අපේ ලංකාවෙ Purge එක සිද්ධ උනේ.
එහෙනම් මේ සටහනේ අවසාන කොටසටත් ආවා. දැන් පවිත්‍රකරණයේ රැය ගැන හොඳ අවබෝධයක් තියෙන නිසා මේකෙදි මම මෙතෙක් නිර්මාණය උන Purge සිනමාපට නැරඹිය යුතු අනුපිලිවෙලටත් එක්ක කෙටි හැඳින්වීමක් කරන්නයි බලාපොරොත්තු වෙන්නෙ. මීට අමතරව මේ කතා මාලාවෙ සාර්ථකත්වය නිසාම එය පාදක කරගෙන TV Series එකක් පවා වර්තමානයේ නිර්මාණය වෙලා තියෙනවා. ඒක Spin off series එකක් නිසා මේ චිත්‍රපටි ටික බලලා ඒකත් නරඹන්න පුලුවන්. එහෙනම් මේ සිනමාපට මාලාව නැරඹිය යුතු අනුපිලිවෙල ගත්තොත් මෙහෙමයි,
?The First Purge (2018)
?The Purge (2013)
?The Purge: Anarchy (2014)
?The Purge: Election Year (2016)
?The Forever Purge (2021)
ඉතින් මේ චිත්‍රපටි පහ ගත්තොත් පසුකාලීන නිර්මාණයන් උන The First Purge (2018) සහ The Forever Purge (2021) කියන දෙක මම බලන්නම කියලා Recommend කරන්නෙ නැහැ. කැමතිනම් බලන්න පුලුවන්. ඊට අමතර අනිත් ෆිල්ම් තුනනම් බලන්නම වටිනවා. මේ පිලිවෙලින් කෙටි විස්තරයක් කලොත්,
? The First Purge (2018)
මේකේදි තමයි අපිට The New Founding Fathers of America (NFFA) බලයට පත් උන අලුතම සමාජ පර්‍යේශණයක් විදියට මුල්වතාවට Purge Night එකක් පවත්වන්නෙ. මේක කැමති කෙනෙක්ට සහභාගී වෙන්න පුලුවන් විදියට Staten Island කියන සීමාසහිත ප්‍රදේශයේ පමණයි පවත්වන්නෙ. ඉතින් NFFA මගින් මුදල් ලබාදීලා මේ Purge එක සඳහා මිනිසුන්ව සහභාගී කරවා ගැනීමත් පර්ශේෂණයක් මුවාවෙන් පවත්වලා ඒක සමස්ථ ඇමෙරිකාවටම ගැලපෙන දෙයක් බව තහවුරු කරන්න සිදුකරන කූට ක්‍රියාමාර්ග ගැනත් මේ සිනමාපටයෙන් නරඹන්න පුලුවන්.
? The Purge (2013)
තුලින් අපිට බලාගන්න පුලුවන් සමාජයෙේ ධනවත් පිරිස Purge Night එක තුලින් ආරක්ෂා වීමට කටයුතු කරන ආකාරය සහ තවත් ධනවත් පාර්ශවයක් එයම වාසියට හරවා ගනිමින් තම සතුරන් විනාශ කිරීමට උත්සාහ කරන ආකාරය. මේක තනිකරම නිවසකට පිටස්තරයන් කඩාවදින Home invasion ආකාරයෙන් දිගහැරෙන සිනමාපටයක්. හැබැයි අවසානය දක්වා හොඳ කුතුහලයක් තියාගන්න මේ සිනමාපටයට හැකියාව ලැබිලා තියෙනවා.
? The Purge: Anarchy (2014)
මේක තමයි සම්පූර්ණ කතා මාලාවෙම ගමන්මග වෙනස්ම මාවතකට අරගෙන යන සිනමාපටය. මේකෙදි බලාගන්න පුලුවන් පවිත්‍රකරණය කියන දේ දිලින්දන්ට බලපාන ආකාරය, නගරාශ්‍රිත සංවිධානාත්මක මැර කල්ලි මේ තත්ත්වය වාසියක් කරගන්නා ආකාරය සහ ධනවතුන් පවිත්‍රකරණය වෙනස්ම මට්ටමකට අරගෙන යන ආකාරය ගැන. MCU වල CrossBones උන Frank Grillo ප්‍රධාන චරිතයක් නිරූපණය කරන මෙය මුල සිට අග දක්වාම ත්‍රාසජනක සටන් ජවනිකා සමග කුතුහලය උපරිමයටම රඳවාගන්න සමත් උන සිනමාපටයක්. ඇත්තටම මටනම් කතාමාලාවෙ හොඳම ෆිල්ම් එක මේක කියන්න පුලුවන්.
? The Purge: Election Year (2016)
මේකෙදි පෙන්වන්නෙ NFFA එක මගින් තමන්ගේ අරමුණට විරුද්ධව පැමිණෙන බලවත් දේශපාලන සතුරන් විනාශ කර දැමීමට Purge Night එක යොදාගන්නා ආකාරය. මේකෙදි තමයි පලමුවෙනි වතාවට සියලුම මට්ටමේ රාජ්‍ය නිලධාරීන්ව පවිත්‍රකරණ සඳහා අවසර ලබා දෙන්නෙ. ඒ මොකටද කියලා තේරෙනවනෙ. ඉතින් මේකෙදිත් අපිට Frank Grillo ගේ සුපිරිම වැඩකෑලි ටිකක් එක්ක උද්වේගකර කතාවක් බලාගන්න පුලුවන්.
? The Forever Purge (2021)
මේ තමයි Purge සිනමාපට මාලාවෙ අවසානය සනිටුහන් කරපු සිනමාපටය. මේකේ ප්‍රධාන චරිත වෙන්නෙ තමන්ගෙ පවුල ආරක්ශා කිරීමට උත්සාහ ගනුලබන ධනවත් ගොවිපල හිමියෙක් සහ මෙක්සිකෝවෙන් අනවසරයෙන් ඇමෙරිකාව වෙත සංක්‍රමණය වෙන පවුලක්. ඔවුන් එකමුතුව පවිත්‍රකරණයෙන් ගැලවෙන්න සටන් කලත් මේ සිනමාපටයෙදි Purge කියන දේ එක රාත්‍රියකට සීමා නොවී Forever Purge කියලා හඳුන්වන Cult එකක් මගින් සමස්ථ ඇමෙරිකාව පුරාවටම ඇතිකරන දැවැන්ත දීර්ඝ පවිත්‍රකරණ රැල්ලක් දක්වා ඇදිලා යනවා. ඉතින් අන්තිමට බලන්නකො New Founding Fathers ලා ඔවුන්ම නිර්මාණය කරපු යක්ශයා අතින්ම අවසානයක් වන ආකාරය කොහොමද කියලා.
ඉතින් ඔන්න ඕක තමයි පවිත්‍රකරණය ගැන කතාවෙ අවසානය. මෙච්චර දිගට මේක ලියන්න හිතාගෙන හිටියෙ නැතත් අවසානයෙදි ඒක දන්නෙම නැතුව ලියවුනා. කොහොම උනත් The Purge series එක කියන්නෙ වර්තමාන මිනිස් සමාජයේම අදුරු පැතිකඩක් නිරූපණය කරන අමුතුම සංකල්පයක් අනුව නිර්මාණය උන ඉතාම අඩු පිරිවැයකින් දැවැන්ත ආදායමක් ලබාගනිපු (ඩොලර් මිලියන 53 ක වියදමෙන් ඩොලර් මිලියන 450 කට අධික ආදායමක් හොයපු) සිනමාපට මාලාවක්. ඉතින් අවසාන සිනමාපට ද්විද්වය තරමක් අසාර්ථක නොවුනනම් තවත් Purge සිනමාපටයක් ගැන බලාපොරොත්තුවක් තියාගන්න තිබුනා. කොහොම නමුත් මේ විදියට අවසාන කල එකත් හොඳයි. එහෙනම් චිත්‍රපට මාලාව බලපු අයට මේ සටහනෙන් ඒ ගැන වෙනස්ම විග්‍රහයක් ලැබෙන්න ඇති කියලා විශ්වාස කරනවා. ඒවගේම මේ වෙනකන් නරඹපු නැති අයට ඒක නරඹන්න හොඳ උත්තේජනයක් වෙන්න ඇති කියලත් හිතනවා. එහෙනම් තවත් මේ වගේ වෙනස්ම සිනමා නිර්මාණයක් ගැන තොරතුරු අරන් එනකන් සමුගන්නවා. අවසානයට Purge එකට පෙර ලබාදෙන නිවේදනයත් පහලින් සඳහන් කරලම ඉන්නම්.. මේකේ අන්තිමට ඇහෙන සයිරන් සද්දෙ තාමත් ඇහෙනවා ඇහෙනව වගේ ???
???? ?? ??? ? ????.
???? ?? ???? ????????? ????????? ?????? ?????????? ??? ???????????? ?? ??? ?????? ????? ?????????? ?? ??? ?.?. ??????????. ??????? ?? ????? 4 ??? ????? ???? ???? ?????????? ??? ??? ?????? ??? ?????. ??? ????? ??????? ??? ??????????. ?????????? ????????? ?? ??????? 10 ???? ???? ??????? ???????? ???? ??? ????? ??? ????? ??? ?? ??????. ?????????? ?? ??? ?????, ??? ??? ??? ?????, ????????? ??????, ???? ?? ????? ??? 12 ?????????? ?????. ??????, ????, ??? ????????? ??????? ???????? ???? ?? ??????????? ????? ???????? ??????? ?? 7 ?.?. ???? ??? ????? ?????????. ??????? ?? ??? ??? ???????? ??????? ??? ???????, ? ?????? ??????.
??? ??? ?? ???? ??? ???.
— Purge Emergency Broadcast System
එහෙනම් සිනමාලෝලී සියලුම දෙනාට ජයවේවා !!