සිංහල උපසිරසි සදහා www.cineru.lk

The Priest (2021) Malayalam

බෙදාගනිමුද

✝️ The Priest – 2021 ✝️
————————————
(Horror Mystery )
*****************

“කිසි විදියකින් කිසි කෙනෙක්ව අගතියට පත් කරන්න එපා. අමේයා ගැන වැඩි විස්තර දැනගත්තම ටීචර් මාව හොයාගෙන එයි. මොකද, මට විතරයි ඔයාට උදව් කරන්න පුලුවන්. මේවා මං කියන දේවල් නෙවේ. දෙවියන් වහන්සේ කියපුවා.”

-කාමේන් බෙනඩික්ට් පියතුමා –

6.6/10IMDb

86% liked this film Google users

ආලට් ව්‍යාපාරික පවුලේ එක ළග සිදුවන සියදිවි නසා ගැනීම් 3කින් පසු “ඩියා” නම් තරුණිය, එම මරණයන් පිලිබදව විමර්ශනය කරන ලෙසට ඒ පිලිබදව මනා දැනුමක් ඇති කාමෙන් බෙනඩික්ට් පියතුමාගෙන් ඉල්ලා සිටී. ඒ වන විට එම ආලට් පවුලේ ඉතිරිව සිටි අවසාන පුරුක වන්නේ, එලිසබෙත් ආලට් ආර්‍යාවයි. බෙනඩික්ට් පියතුමා සහ නියෝජ්‍ය පොලිස් අධිකාරිවරයෙකු විසින් කතිකා කරගත් පරිදි පසු දින ඇයව මුණගැසී, සිදුවූ අද්භූත සියදිවි නසාගැනීම් ගැන විමසීමට වේලාවක් නියම කරගනී. නමුත්, අවාසනාවක තරම පසුදින එලිවීමට මත්තෙන් එදිනම රාත්‍රියේ ඇය ද සියදිවි නසා ගනී. ඒ ආලට් පවුලේ සිව්වන නොහොත් අවසන් මරණයයි.

එම මරණය සිදුවන අවස්ථවේ එලිසබෙත් සමග සිටි එකම පුද්ගලයා වන්නේ 11 වියැති අමේයා ගේබ්‍රියෙල් දැරියයි. ඇය චෙන්නායිහි පිහිටි අනාත නිවසක හැදි වැඩුන නිහඩ චරිතයකි. එලිසබෙත් සියදිවිනසා ගත් දින දහවලේ අමේයා එම අනාත නිවසින් පලායමින් සිටි අතර, එලිසබෙත් නිවසට එන අතරමගදි මුණ ගැසෙන අමේයාව එලිසබෙත් විසින් සිය නිවස වෙත රැගෙන එන්නේ පසු දින ඇයව නැවත අනාත නිවසට භාරදීමේ අදිටනින්. තත්වය එසේ තිබියදී එලිසබෙත් රාත්‍රියේ මිය යන අතර, පසුදින අමේයාව නැවත අනාත නිවසට භාරදෙනු ලබයි. නමුත් සිදුවන්නේ කිසිවකුත් සිතන දෙයක් නොවේ..එදින රාත්‍රියේ ද අමේයා මරා දැමීමට අයෙක් තැත් කිරීමෙන් පසු එලිසබෙත් ගේ මරණය සියදිවි හානි කරගැනීමක් නොව ඒ පිටුපස සිටින පුද්ගලයා, එලිසබෙත් සමග සිටි අමේයාද මරණයට පත් කිරීමට උත්සාහ දරන්නේ, ඇය විසින් ඝාතකයා සියැසින් දැක ඇති නිසා බවට පියතුමා පසක් කර ගනී. ඒ අනුව සිදු වූ මරණ සියල්ල සියදිවි නසා ගැනීම් නොව දාම මිනීමැරුම් යනුවෙන් තහවුරු කරගැනීමට කාමේන් බෙනඩික්ට් පියතුමාට හැකිවේ .

එම අභිරහස විසදෙනවාත් සමග සිව් වන මරණය හා සම්බන්ධ වන අමේයා ගේබ්‍රියෙල් ගේ අසාමාන්‍ය හැසිරීම් රටාව නිසා තවත් අභිරහස් කතා පුවතක සුලමුල හෙලිවන්නට පටන් ගනී..

කෙසේ වුවත්,
✝️ ආලට් පවුලේ දාම මිනිමැරුම් පිටුපස සිටින්නේ කව්රුන්ද යන්නත්,

✝️ අමේයාගේ අද්භූත හැසිරීම් රටාවට හේතුව කුමක්ද යන්නත්,

✝️ ජෙසී, සුසේන්, සිද්ධාර්ථ් අතර සැගවුන ඒ අද්භූත සිදුවීම කුමක්ද යන්නත්..

✝️ අමේයා ගැන වැඩි විස්තර දැනගත්තාම ජෙසීට උදව් ඉල්ලගන්න බෙනඩික්ට් පියතුමා ගාවට යන්න වෙන්නේ ඇයි කියලා දැනගන්නත්..

අවශ්‍ය නම් ඔබට මේ ත්‍රාසය, භීතිය කැටිවුන අපූරූ සිනමා සිත්තම බලන්නම වෙනවා.

Initial releaseMarch 11, 2021 (India)
Box office₹ 28.5 crore

2021 මාර්තු මස 11 එළි දැක්වුනු මේ අපූරූ මලයාලම් සිනමා සිත්තමේ ප්‍රධාන චරිතය හොබවන්නේ මම්මුටි විසින්.
අමේයා ලෙස මොනිකා නම් දැරිය චරිත නිරූපණය කරන අතර, සුසේන්ගේ චරිතය Lady Superstar මංජු වොරියර් විසිනුත්, ජෙසීගේ චරිතය නිඛිලා විමල් විසිනුත්, සිද්ධාර්ථ් ගේ චරිතය වෙන්කිටේෂ් V.P. විසිනුත් හොබවනු ලබයි..

අමේයා නම් කුඩා දැරියගේ අතිශය තාත්වික රංගනය විටෙක ලොමු ඩැහැගැන්වෙන සුලුයි.. එසේම, සියලුම පාර්ශව‍යන් ඒ ඒ චරිතයන් සදහා ලබා දී ඇති උපරිම දායකත්වය මෙම චිත්‍රපටයේ සාර්ථකත්වය පසුපස ඇති බව කිවයුතු මනාය.

ආරම්භයේ පටන් අවසානය දක්වාම ත්‍රාසය භීතිය මනාව පිළිඹිබු කරන මේ මලයාලම් සිනමාපටය බැලීමෙන් පසු එය Jofin T. Chacko නම් අධ්‍යක්ෂවරයා ගේ කුලුදුල් සිනමා පටය බව හැගී යන්නේ නැත. මක්නිසාද යත්, ඒතරමට එය අතිශය සාර්ථක චිත්‍රපටයක් නිසාවෙනි. මිනිත්තු 147 ක් පුරා දිවෙන මෙම සිනමාපටය බොක්ස්ඔෆිස් වාර්තා අතරට එක්ව ඇත..

(❤ නොබලපු අය අනිවාර්යයෙන්ම බලන්න කියල තමා කියන්න තියෙන්නේ..,❤ )

දිලිනි රත්නායක

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *