The Platform (2019) Spain | Sinhala Article

The Platform (2019) Spain by Chamara Hewawithana

ඔබ නැරඹිය යුතු චිත්‍රපටයක්
The Platform ?????
———————————

අනාගතයේ දවසක් …
සෘජුව ඉහළ සිට පහළට පිහිටි විශාල කුළුණක් ..
වේදිකා හැඩයට සකස් කල එකම ප්‍රමාණයේ තට්ටු සිය ගණනක් ..
සෑම තට්ටුවක් තුලම එක් සිර කුටියක් …
සෑම සිර කුටියක් තුලම සිරකරුවන් දෙදෙනෙක් ..

චිත්‍රපටයේ කතා නායකයා Goreng …
ඔහු එක් දිනක් නින්දෙන් අවදිවන විට දකින්නේ කුළුණු සිර මැදිරියේ 48 වන මහලේ සිර කුටියක් තුල ඔහු සිරකරුවෙකු වී සිටිනා අන්දමයි .. ඔහුට ලැබෙනා අනෙකුත් සහයකයා වන්නේ Trimagsi නම් මහළු මිනිසෙක් … කතාවේ පෙන්නුම් කරනා අන්දමට Goreng ස්වේච්ඡාවෙන්ම මෙම සිර කුටිය තුලට පැමිණ තිබෙන අතර මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධව Trimagsi සිරගත වී ඇති බවයි ..

සිර කුළුණේ ස්වභාවය පිළිබද නොදන්නා Goreng ඒ ගැන විපරම් කරනවා .. සිර කුළුණ තුල බොහෝ සිරකරුවන් රැදී සිටින අතර ඔවුන්ට ආහාර සැපයෙන්නේ අමුතුම හා ඉතා අශෝභන අන්දමකටයි .. සිර කුළුණේ මුදුනේ පිහිටි පළමු සිර කුටි තුල සිට කෙමෙන් කෙමෙන් ආහාර රාශියක් රැගත් වේදිකාවක් ඉහල සිට පහලට ගමන් කරනවා ..

මෙමගින් ඉහල සිටින සිරකරුවන්ට ආහාර වැඩි වශයෙන් භුක්ති විදීමට හැකි අතර ක්‍රමයෙන් පහල සිටිනා සිරකරුවන්ට භුක්ති විදීමට සිදුවන්නේ ඉහල තට්ටු වල සිටිනා සිරකරුවන් ආහාරයට ගෙන අවසන් කල කොටස් පමණකි … කිසිදු සිරකරුවෙකුට කිසිදු ආහාරයක් තමන් සන්තකව තබා ගත නොහැකි අතර එසේ කලහොත් සිදුවන්නේ අධික උෂ්ණත්වයෙන් හෝ ශීතලෙන් මිය යාමටයි …

එමෙන්ම සෑම මසකට වරක්ම සිරකරුවන්ව අහඹු ලෙස විවිධ සිර කුටි තුලට මාරු කිරීමද සිදුවෙනවා … 48 වෙනි සිර කුටියේ සිට ඊලග මාසයේදී 171 වෙනි සිර කුටිය දක්වා පසු බැසීමට සිදුවන Goreng සහ ඔහුගේ සහයකයාට ආහාර සපයා ගැනීමට නොහැකිව මුහුණ පානා කටුක අත්දැකීම් මෙන්ම යලිත් විවිධ සිර කුටි තුලට මාරු කිරීම මගින් Goreng ට අත් විදීමට සිදුවන විවිධ සිදුවීම්ද මෙයින් පෙන්නුම් කෙරෙනවා …
******** ******** *********

ස්පාඤ්ඤ චිත්‍රපටයක් වන The Platform අධ්‍යක්ෂණය කරන්නේ Galder Gaztelu-Urrutia විසින් … The Hole යන අර්ථය ඇති ‘El Hoyo’ නමින්ද හැදින්වෙන මෙය තිරගත වන්නේ 2020 මාර්තු මාසයේදීයි .. සුප්‍රකට NetFlix ආයතනයේ බෙදාහැරීමක් වන මෙම නිර්මාණය ඉහල විචාරයන් වලටද ලක්වූ චිත්‍රපටයක් …

Sci-fy Horror/Thriller නිර්මාණයක් ලෙස හැදින්වෙන The Platform තුලින් බැලූ බැල්මට සරල කතාවක් පෙන්නුම් කලත් එහි අභ්‍යන්තරය තුල ගැඹුරින් විදහා පාන්නේ අප සමාජයේ සෑම තැනකම පාහේ පැතීරී පවත්නා ඇති නැති පරතරය බව මෙය නරඹන ඔබට වැටහේවී …

අනිවාර්යයෙන් නරඹන්න …
The Platform

චාමර හේවාවිතාරණ

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *