The Motorcycle Diaries (2004) by Malintha Imalka Vithanage
-අර්නස්ට් චෙි ගුවෙිරා, යතුරැපැදි දිනපොත-
“චෙි”. මෙි අකුර නොදන්නා අයකු නමි මිහිපිට නැති තරමි. තාරැණ්‍ය, විප්ලවය, අරගලය යන වචන ත්‍රිත්වය කැටිකොට කිවහැකි තනි පදයක් වෙි නමි ඒ “චෙි”ය. ඇති නැති පරතරය, පන්ති පීඩනය, දේශපාලන අධිකාරිය, බලය වැනි දේශපාලනික කාරණා වෙනුවෙන් දැවැන්ත අරගලයක් කළ මානවහිතවාදී නායකයකු ලෙස, තරැවක ලෙස චෙි ගුවෙිරා සමිභාවනාවට පාත්‍ර වෙයි. “චේ ගුවේරා” යනු කැරිස්මාවකි. චෙි ගුවෙිරා විසින් ලියන ලද තම යෞවන දිවිසැරියේ මතක සටහන් සහිත යතුරැපැදි දිනපොත පාදක කරගෙන තැනු “ද මෝටසයිකල් ඩයරිස්” නමින් චිත්‍රපටයක් 2014 වසරේ නිෂ්පාදනය වෙයි. අර්නස්ටෝ චේ ගුවේරා දොස්තර කෙනෙකු වන්නට පෙර අවුරුදු 23 පමණ වන කාලයේ සිට ඉදිරියට ගලායන සත්‍ය කතාවක් විදියටයි චිත්‍රපටය තුළ අන්තර්ගතය තුළ සටහන් වෙන්නේ. වර්ෂ 1952 දි චේ තමාගේ යහළුවෙකු වන අර්බර්ටෝ ග්රෙනාඩො සමග යතුරු පැදියකින් දකුණු ඇමෙරිකාව හරහා පුරා මාස අටක් තිස්සේ සැතපුමි අටදහසක් පමණ ලතින් ඇමරිකාවෙි සිදු කළ සංචාරය පිළිබඳ මුළු චිත්‍රපටය පුරාම කියැවෙයි.
ඔවුන්ගේ ගමන් සඟයා වු 1939 වසරේ නිෂ්පාදිත norton 500 යතුරු පැදියෙන් චේ තමන්ගේ යහළුවා සමග සංචාරයේ දී අත්විඳින බාධක, කරදර, සොඳුරැ සිදුවීම් කදිමට පෙලගස්වලා තියෙනවා. මෙි අපුරැ ගමනාන්තය හරහා දකුණු ඇමරිකානු මහද්විපයේ විවිධ රටරටවල විවිධ ජනකොටස් හදුනාගන්නත්, විවිධ සංස්කෘති අත්දකින්නත් මෙි හරහා චේ ට අවස්ථාව උදාවෙනවා. පසු කාලයේදී චේ විසින්ම සදහන් කල ආකාරයට ඔහුගේ ජීවිතයේ පන්නරය ලබන්න මේ චාරිකාව තමයි ඔහුට පසුබිම් වෙන්නේ. ඔහු මෙි සංචාරය හරහා තම විරෝධාකල්පික අදහස් ඇව්ස්සෙන්න මිනිසුන්ගේ අනේක දුක්ඛ දෝමනස්සයන් සහ අසාධාරණකමි පිළිබඳ තම දෑසින් දැකගන්නට ලැබෙනවා. මෙි චාරිකාව හරහා හමුවන සිය දහස් ගණනක මිනිසුන්ගේ ජීවිතය කියවන්න ලැබෙනවා. ඇමෙරිකානු නව යටත්විජිතවාදයට එරෙහිව චේ ගේ මනස ගොඩනැගෙන්නේ මේ ගමනෙන්. එක් පසෙකින් මෙම සංචාරය සාමිප්‍රදායික සංචාරයකින් ඔබිබට ගිය දේශපාලනික, ක්ෂේත්‍රමය ගවෙිෂණාත්මක චාරිකාවකි. සවිමත් මිත්‍රත්වය, තදබල ආලකම, ඇවිස්සුණු තාරැණ්‍යය කැටි වු සිනමාත්මක ප්‍රකාශනයක් ලෙස ලොව ජන හද දිනු මෙි අසමසම විප්ලවවාදියාගේ දිවියෙන් පෙත්තක් ලෙසින් ද, දෘශ්‍යමය මුලාශ්‍රයක් ලෙසින් ද සෙලියුලයිඩි පටයකින් දැකගන්නට ලැබීම අසිරිමත් දෙයකි.
The Motorcycle Diaries – Official Trailer