The Maharaja’s Daughter (1995) English by Mmp Ranaweera
මතකද ?
The Maharaja’s Daughter කතාව…
90 දශකයේ අගබාගේ ජාතික රූපවාහිණියෙ සිංහල උපසිරසින් තමා මෙම කතාව විකාශ වූවේ.. මතකයේ රැදුනේම මෙහි ඉන්දියානු කුමරියක් ලෙස රගපෑ අපූරු නිළියගේ සුන්දරත්වය කිව්වොත් නිවැරදියි.
මම පොඩි කාලේ ගිය නිසා ලොකුවට කතාව මතක නෑ. ඒත් අනිවාර්යයෙන් ම මේ කතාව නිදිමරාගෙන බලපු අයනම් සංසදයේ ඉන්න ඕන . එයාලගේ අතීත මතකය නැවුම් කරන්නත්.. නොබලපු අයට මේ කතාව ගැන දැනගන්නටත් ලියන්න කියලා හිතුවා..ඒ වගේම මේ කතාව කොටස් 3කින් සමන්විත Mini Series එකක් .. මුල් විකාශය 1995 වසරේ බව සදහන්.
කතාව ගැන කියන්නම්..
ඉන්දියාවේ රන්ජ්පූර්හි මහාරාජා, චන්ද්‍රගුප්තගේ භාර්යාව වූ දමයන්ති කුමරිය, තම ස්වාමිපුරුෂයා බලාපොරොත්තු සුන් කරමින් අවාසනාවන්ත ලෙස මිය යනවා. රන්ජ්පූර්හි මහාරාජා ඇයට ඔහුගේ පන හා සමලෙස පෙම් කල අතර ඔහු මේ නිසාවෙන් දැඩි කනස්සල්ලට පත් වෙලා තමා ඉන්නේ.
ඉන් වසර 25කට පසුව…
කැනඩාවේ මොන්ට්‍රියල්හිදී, Messua Shandar නමින් ඉන්දියානු සම්භවයක් ඇති තරුණ වෛද්‍යවරියක් සිටිනවා. ඇය දක්ෂ පොලිස් නිලධාරියෙකු වන Patrick O’Riley සමඟ විවාහ ගිවිසගෙන ඇති අතර. Messua ඉන්දියාවට පැමිනෙන්නේ මේ අතරතුරයි. කල්ම්පූර්හී දී ඇයව දකින චන්ද්‍රගුප්ත මේ තරුණ කාන්තාව තම බිරිඳගේ පුනරුත්පත්තිය බව සිතනවා. කෙසේ හෝ ඇයට මේ බව පවසා විවාහ කර ගැනීමට පොළඹවා ගැනීමට උත්සාහ කරතත් එය සිදුවන්නේ නෑ.
ඇය නැවත කැනඩාව බලා පිටත් වූවත් චන්ද්‍රගුප්තගේ මැරවරයන් පිරිසක් විසින් ඇයව පැහැරගෙන නැවත ඉන්දියාවට රැගෙන එනවා. ඇය ගමන් ගත් ගුවන් යානය විනාශ වූ බව ප්‍රචාරය යවන මහරාජා බලකාය ඇය මිය ගිය බවට ප්‍රචාරය කරනවා. නමුත් ඇගේ පෙම්වතා Patrick එය පිළිගන්නේ නෑ. ඔහු ඇය සොයාගෙන ඉන්දියාවට පැමිනෙනවා.
මේ වෙනකොට චන්ද්‍රගුප්තගෙන් බේරීමට කළ උත්සාහයකදී සිදුවන අනතුරක් හේතුවෙන් Messua ගේ මතකය අහිමි වෙලා තමා තියෙන්නේ.
අවසානයේදී බලයට කෑදර මිනිසුන්ගේ මග පෙන්වීමෙන් මියගිය බිරිදගේ මතකයෙන් ජීවත් වන චන්ද්‍රගුප්ත හට Messua ගේ ආදරය ඉතා වටිනා අස්වැසිල්ලක් වනවා නමුත් ඇය වෙනුවෙන් ඇගේ පෙම්වතා ඉන්දියාවට පැමින අවසන්..
මතකය අහිමි වී සිටි Messua ට මතකය නැවත ලැබෙබවා. ඒ වන විට පැට්‍රික් ඉන්දියානු මහල්ලෙක්ගේ මාර්ගයෙන් බලකොටුව සොයාගෙන එහි ඔහුගේ පෙම්වතිය සිටින බව දැනගෙන අවසන්. අවසානයේ ලොකු යුද්ධයක් ඇතිවනවා. රජුගෙන් බලය උදුරා ගන්නට මෙය සැලසුම් කළ ඔහුගේ සමීතමයා Ashoka විසින් සැලසුම ව්‍යප්ත වූ බැවින් ඔවුන් හට වෙඩි තැබීමේදී Messuaගේ ඉදිරියට පැන ඇයට තැබූ වෙඩිපහරට පපුව දෙන්නේ චන්ද්‍රගුප්ත මහරාජා විසින්.
අවසානයේ ඔහු Messuaගේ තුරුලේම ඔහුගේ බිරිද දමයන්තිගේ ලෝකයට ඔහු පියමනිනවා. Messua සහ පැට්‍රික් අවසානයේ එක් වෙනවා..
මෙහි ප්‍රධාන නිළිය වූවේ Hunter Tylo නම් ඇමරිකානු නිළියයි. ඇත්තටන ඇය සුරූපී නිළියක් වගේම හරිම ආකර්ශණීය ලෙස ඇය චරිතය නිරූපනය කළා. ප්ලාස්ටික් සැත්කමක් හේතුවෙන් දැන්නම් තරමක් ඇයගේ ස්වභාවික සුන්දරත්වය වියකී ගිහින්. මෙහි චන්ද්‍රගුප්ත මහරාජා ලෙස රගපාන්නේ ඉන්දියානු නළු කබීර් බේඩි විසිනි..
ඒ වගේම අන්තර්ජාලයෙන් දැන් ඔබට මෙය බැලීමට දැන් පුලුවන්.. ❤️
The Maharaja s Daughter 1994 Part 1 of 3
The Maharaja s Daughter 1994 Part 2 of 3
The Maharaja s Daughter 1994 Part 3 of 3