The Lord Of The Rings – Rings Of Power Tv Series by Theekshana Lankara
කතාන්දරය එසේ ආරම්බ වුනි
මෙතෙක් ලොව වැඩිම වියදමක් දරමින් නිර්මාණය කරන කතාමාලාව වන The Lord Of The Rings – Rings Of Power හි පලමු සහ දෙවන කොටස අද උදේ Amazon Prime ඔස්සේ නිකුත් වුනා.
අද තමයි මේ සියලු කෘතිවල නිර්මාපකයා වන J.R.R.ටොල්කින් මහතාගේ 49 වන අනුස්මරණ දිනය. ෆැන්ටසි කෘතියක් රචනා කරනවා තියා හිතන්නවත් බැරි කාලෙක ඔහු රචනා කල පුදුම සහගත කෘති පුදුමසහගතයි.
එතුමා The Hobbit කෘතිය රචනා කලේ 1937 වර්ෂයේදි ( ) වන අතර The Lord Of the Rings කෘතිය රචනා කලේ 1954 වර්ෂයේදි. මොහු 1973 සැප්තැම්බර් 02 දා මියයනවා. නමුත් මොහු හදුන්වාදුන් ආශ්වාදජනක ෆැන්ටසිකතාව අදටත් අතිබහුතර ප්‍රෙක්ෂක සංඛ්‍යාවක් ජිවත්වන ලෝකයක් බවට පත්වෙලා තියෙනවා…….
The Rings Of Power කතාමාලාවේ Season 01 සදහා ඇ.ඩො. මිලියන 465 ක් වැය කරමින් Season 05 ක් දක්වා කතාමාලාව ගොඩනැගෙන බවයි සදහන් වෙන්නේ . කතාමාලාවේ සම්පුර්ණ වියදම ඇ.ඩො. බිලියනයකට ආසන්නයි.
The Lord Of The Rings චිත්‍රපටි තුන සදහා ඇ.ඩෝ මිලියන 281 වියදම දරා ඇති අතර එහි ආදායම පමණක් ඇ.ඩෝ බිලියන 2.9 වෙයි
The Hobbit චිත්‍රපටි තුන සදහා ඇ.ඩො. මිලියන 700 වියදමක් දරා ඇති අතර එහි ආදායම පමණක් ඇ.ඩො. බිලියන 2.9 කි
ලොකයේ ප්‍රථම 8K තාක්ෂනයෙන් නිකුත් කරපු කතා මාලාව වන්නේද The Rings of power කතාමාලාවයි.
Visual Effects ගැන කියන්න දෙයක් නැ . නියමයි – අනර්ඝයි. Characters ගැන ලොකුවට මෙතන කියන්නේ යන්නෙ නැ. හැබැයි සමස්තයක් විදියට බලනකොට E01 සහ E02 හොදයි අවුලක් නැ . තාම කොටස් දෙකයිනේ Release වුනේ. ඉස්සරහට බලමු….. පලමු කතාසමය කොටස් 08 කින් යුක්ත වන අතර සැම සිකුරාදාවකම 6.30am ට Amazon Prime ඔස්සේ නිකුත් වෙයි.