The Last Two Days (2021) Malayalam | Sinhala Article by Peter Barthelot

The Last Two Days (2021) Malayalam by Peter Barthelot 

“දූෂණයට ලක්වීම සනාථ කරන්න පුලුවන් වෙන්නේ දෙන්නෙකුටයි. ඒ දූෂණයට ලක් වූ කාන්තාව, අනෙක් කෙනා කියන්නේ නෑ. ඒක මේ ෆිල්ම් එකේ ක්ලයිමැක්ස් එකට බලපානවා. “

කේරළයට කියන තවත් නමක් තමයි God Own Country එනම් දෙවියන්ගේ රට කියල. එහේමනම් එහි සිද්ද වෙන්න ඕනේ දේව ක්‍රියාවන් විතරයි. දෙවියන්ගේ රටේත් යක්ෂයාගෙ ක්‍රියාකාරකම් ප්‍රබලයි විරලයි කියල පෙන්වල දෙන ත්‍රිලර්, ක්‍රයිම් ඝණයට අයත් ෆිලුමක් මේක. ඉන්දියාව කාන්තා හිංසනයේ සිටින්නේ ප්‍රබල ස්ථානයක. ඒකත් ස්ත්‍රී දුෂණය හා ලමා දූෂණය අතින් ඉහළම ස්ථානයේ. සාමාන්‍ය ස්ත්‍රී ලමා දූෂණයටත් එහා ගිය ළමා දූෂණයක එලිදැක්කමයි මේ සිනමාව.

ඒ වගේම තිර රචනයනම් ඉතාමත් ප්‍රබල ලෙස නිර්මාණය කරල තියෙන්නේ. මේ ෆිලුමේ විශේෂත්වය ඉතාමත් සීමිත නලු නිළියන් පිරිසක් යොදවා ගැනීමයි. මා සිතන්නේ මේ කොරෝනා සමයේ රූ ගත් කිරීම් කල නිසා වෙන්න ඕනේ. ඒ නලු නිළියන්ගේ අඩුවක් පැවතුනද එය ෆිලුමේ ගලායාමට බාධාවක් නොවේ.

ෆිලුම රූගතකරල තියෙන කාලෙනම් කේරළයේ සුන්දරම කාලයයි.මහ වැස්සකට පසුව වෙල් යායවල් ජලයෙන් පිරී පවතිම මොහෝතක උඩු ගුවනේ ඩ්‍රෝන කැමරාව මගින් ගන්නා ලද රූපනම් ඉතාමත් අලංකාරයි. මේ ෆිලුම කැමරාකරණයනම් ඉතා ඉහල තත්වයක තියෙනවා. රිද්මය හා සුන්දරත්වය මනාව පිළිබිඹු වෙන ආකාරයේ කැමරාකරණය.

ප්‍රධාන රංගනයෙන් දීපක් පරම්බොල්. ඔහුගේ රංඟනය මගිම් චරිතයට ඉහල සාධාරණත්වයක් ලබා දි තිබේ. සෙසු චරිතයන්ද තම චරිතවලට සාධාරණත්වයක් ලබා දීල තියෙනවා.

කතාව කියනවනම්. ප්‍රබල දේශපාලකයන් තිදෙනෙක්ගේ අතුරුදන්වීම. මේ නඩුව ඔවුන් සොයාගැනීමට නිහැකිවීම නිසා නඩුව වසා දමා ඇත. මේ තිදෙනාම දේශපාලකයන් නිසා පොලීසිය දැඩි පීඩනයට පත්වීම නිසා මේ නඩුව ගැන පොලීසිය විසින්ම පෞද්ගලිකව ප්‍රධාන පොලිස් පරික්ෂකවරයෙක් විසින් රහසිගත පරික්ෂකණයක් කරන්න හදනවා. ඔහු පෞද්ගලික නවාතැනක නතරවෙන අතර ඔහුගෙ සහයට පොලිස් රියදුරෙක් පමණක් ලැබෙනවා. මේ පරික්ෂණය ආරම්භ කිරිමත් සමග සැගවුන රහස් කිහීපයක්ම එලියට එන්න ගන්නවා. ඒ පාසැල් ගැහැනු දරුවන් පස් දෙනෙක් ඔරුව පෙරලී ගගේ ගිලී මියයෑමයි. මොකක්ද මේ සිද්දින් දෙක අතර සම්බන්ධය ? ඒක බලන්නම ඕනේ දැනගන්න. එකිනෙක පැටලුන නූල දිග ඇරෙන විට කලබලයට පත්වෙන්නේ කවුද ?

ෆිලුම නම් සුපිරිම. මේක ටිකක් පොලිසියේ අනුග්‍රහය ඇතිව නිළ ඇදුම හා පොලිස් ජීප් ටිකක් එහාට මෙහාට කරල පොඩි ගැම්මක් දීල ගත්තනම්. ෆොරන්සික් පරාදයි. එ තරමට කන්සප්ට් එක ප්‍රබලයි.

අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේක හොද ෆිලුමක් බලන්න පුලුවන් එකක්. මේක ටිකක් හයිප් කරන්න තිබුනා වැඩි පොලිස් පිරිසක් හා පොලිස් වහන ටිකක් එහා මෙහා කරල තිබ්බනම්. මේ ෆිල්ම් එක ගැන කතා කරද්දී විශේෂයෙන් මතක් කරන්න ඕනේ කෙනෙක් අපෙ සිනෙරු එකේ Ashen Maduranga නොහොත් අපේ ආදර ❤ චූටියාව. සිංහල සබ් එක ලස්ස්නට කරල තිබ්බා. ස්තූතියි ඒකට. ❤❤❤

6 /10 IMDb

Director : Santhosh Lakshman

Writers: Santhosh Lakshman(screenplay)

Navaneeth Reghu (screenplay)

#malayalamcinema

Download
Subtitle Download

පීටර් බාත්ලට්

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *