The Kung Fu Master 2020 Malayalam | Sinhala Article

The Kung Fu Master 2020 Chinese

82% liked this film Google users

හිමෙන් වැහුනු හිමාලයානු නිම්නයේ මරණයේ සංගීතය….

පුර්ණ චන්ද්‍රායා පායා ඇති
නිසොල්මන් රාත්‍රීයක
ආදරණීය බිරිඳගේ මියුරු හඩ
ඇසෙන මානයක
පුංචි පුතුත් සතුටින් හිනා වෙන
නිමේෂයක
නොසිතූ ලෙස පැමිණි අමුත්තා…
ඔවුන්ගේ ජිවිතය කෙසේ වෙනස් කරාවිද ?

මේ ලෝකේ අපි හැමොම ජිවත් වෙන්න ආස කරනවා. සමහර වෙලාවට අපේ ජිවිත සතුටින් තිබුනත් නොසිතු වෙලාවට කරදර වලට මුහුන දෙන්න සිද්ද වෙනවා. සමහර කරදර ස්භාවික හේතු නිසා වෙනකොට තවත් දෙවල් මිනිසා නිසාම සිදු වෙනවා. මිනිසා නිතරම දුබලයා පාගා දමා ඉදිරියට එන්න උත්සහ ගන්නවා. සමහර විට පොඩි පොඩි අපරාධයන් කරන මිනිසුන්ට වඩා ලොකු ලොකු අපරාධයන් කරන මිනිසුන් බොහොම පරිස්සමින් ජිවත් වෙනවා.

එත් අපි තෙරුම් ගත යුතු දෙයක් වන්නේ එයාලාටද යම් දවසක කොතනදී හෝ වරදින බවයි. මේ ලෝකේ අපිට තියෙන සතුටුම තැන අපේ පවුල, තාත්තා බිරිද දරුවෝ එක්ක ඉන්න පවුලක සතුට කෙතරම් ද කියලා හිතලා බලන්නකෝ. එත් නොසිතු වෙලාවක ඒ ජිවිත වලට කරදරයක් ආවොත් අපිට දරා ගන්න පුළුවන් වේවිද ? එය ඒ තරම් වේදනාකාරී අත්දැකීමක් වනු ඇත.

මේ ලෝකේ සතා සියුපාවාගේ සිට මිනිසා දක්වා සියළුම දෙනාට පරිසරයේ හා තමන්ගේ වර්ගයාගෙන් සිදු වෙන කරදරයන් වලින් පරිස්සමි වෙන්න විවිද අනුවර්තනයන් ලබා දීලා තියෙනවා. සතෙක්ට වේශාන්තරනය වගේම මිනිසාට සටන් කාලවක් ප්‍රගුණ කිරිම තුලින් බොහෝ කරදර වලින් බේරිමට හැකියාව ලැබෙනවා. නමුත් සටන් කළාවක් තුලින් මිනිසා තවත් අයෙක්ට කරදර කරන්නේ නම් ඔහුට සිදු වන්නේ නොසිතු වෙලාවක් තමාගේ ජිවිතයට සමු දිමටය.

මළයාලම් සිනමාව නිතරම අපිට වෙනස් රසයන් එකතු කරන්න සමත් වෙනවා. මළයාලම් සිනමාවේ මාශල් ආට්ස් ගැන කතා කරන්න නිශ්පාදනය උන පළවෙනි චිත්‍රපටය මේක කිවොත් නිවරදි. චිත්‍රපටය බොහෝ සාරවත් අංග වලින් සමන්විත උනා. සියළු සටන් ක්‍රම තාත්විකම අයුරින් නිර්මාණය කිරිමට නිර්මාණ කරුවා උත්සහගෙන තිබුනා කිවොත් මා නිවරදී. සටන් ජවනීකා වලදි Neeta pillai ගේ සටන් ජවනිකා ඉතාමත් ඉහල මට්ටමක තිබුනා.

චිත්‍රපටය පුරාවටම බොහොම අපුරු පරිසරයක් බලා ගන්න පුළුවන් උනා. කොටින්ම එම නිසා චිත්‍රපටයට ඉතාමත් අලංකාරයක් එකතු වෙලා තිබුනා. චිත්‍රපටය ඉංදියාවේ සුන්දර් දෙහෙරාදුන් සහ රිශිකෙශ් වල රූගත කරලා තියෙනවා. චිත්‍රපටය ඉතාමත් අලංකාර ගීත වලින් සමන්විතයි. බලපු නැති හැමොටම ආරාධනා කරනවා බලන්න කියලා. මළයාලම් වලින් වෙනස්ම රසයක් විදින්න මේ නිර්මාණය තුලින් හැකියාව ලැබෙවී කියලා මම හිතනවා.

Abrid Shine
Initial releaseJanuary 24, 2020 (India)

Release date24 January 2020

LanguageMalayalam

StarringNeeta PillaiJiji ScariaSanoop DineshSooraj S KurupAnju BalachandranSonet Jose

Download
Subtitle Download

තාරුක නිරෝෂාන්

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *