The Great Gatsby (2013) English | Sinhala Article

The Great Gatsby (2013) English by Viduni Hettiarachchi

ගැහැනියක් සතුවිය යුතුය, ඉවසීමක්, විඩාවක් නොදැනෙන දෑස් සහිතව තම එකම ආදරය වෙනුවෙන් පෙරුම් පුරමින් මගබලා සිටින ඇය සතු විය යුතුය ආත්ම පරිත්‍යාගයක්, කෙතරම් පිරිමින් මුණගැසුනද, මුදල් බලයෙන් ඔවුන් ආඩ්‍ය වුවද හදවතින් පිදූ සෙනෙහසට ද්‍රෝහී නොවෙන පිරිමියෙක් සතු විය හැකිද මේ කියූ සියලු ගුණාංගයන්, එක හදවතක් වෙනුවෙන් කල්ප කාලාන්තරයක්, කාලය වැය කරමින්, ඇයගේ සේයාවක්වත් දෑසින් දැකගැනීමට ආශාවකින්. සිටිය හැකිද එවැන්නෙක්, මුදල් නොව ප්‍රේමයම ජීවිතය කරගත්. 

” ඈතින් පේන තටාකයෙන් එන #කොළ_පාට එළියට දෑත් දිගු කරමින් ඔහු එතැන සිටියා. කවුරුන් හෝ එනතුරු බලාපොරොත්තුවකින් වාගේ, කවුරුන්ව හෝ මතකයට නගාගනිමින් වාගේ “

” ඔහු කාවවත් මුණනොගැසුනත් මාව හමුවුනේ මගෙන් ඔහුට යමක් උවමනා වූ නිසා. අති විශාල මන්දිරයක, භෝජන සංග්‍රහ විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් ඔහු පවත්වන්නේම ඇය කවදාහෝ ඒවාට පැමිණේවි කියා සිතමින් “

” ඇය, මාගේ ඥාති සොයුරිය ඩේසී, ඔහුගේ එකම හදවතේ ලැගුම් ගත් තැනැත්තිය, මා ඔවුන් දෙදෙනා නැවත මුණගැස්සුවා. ඇය විවාහක වුනත්, ඇයගේ ආධිපත්‍යය දරන ස්වාමියා ගැනවත් වගක් නැතිව, ඔවුන් දෙදෙනාගේ ආදරය නැවතත් පෙරලෙසින් සැරසුනා “

” නිසි ආකාරයෙන් ඇයව ලබාගැන්මට ඔහුට අවැසි වූ නිසා, ඇයගේ ස්වාමියාට සියල්ල හෙලිකරන්නට ඔහු සූදානම් වුනා. ටොම්, අයථා සම්බන්ධයන් ඇති, ලෝකෙට පුරාජේරු කම් මවාපාන ඇයගේ සැමියා චෝදනා කලේ ඔහු බොරුකාරයෙක් බවයි, ඔහුගේ ධනයේ රහස තමන් හොදහැටි දන්නා බවත් නිසි අධ්‍යාපනයක් පවා ඔහු නොලැබූ බවත් “

” මං පළමුවතාවට ඔහුගේ කෝපාග්නියෙන් දැවුනු මුහුණේ පලවුනු හැගීම් දැක්කේ ටොම් ඔහුට කෙරූ දෝෂාරෝපණයන් නිසා. ඔහුට ඇයව කැදවාගෙන යන්නට එදා නොහැකි වුනේ, ඇයට ටොම් සහ ඔහු යන දෙදෙනාගෙන් අයෙක්ව තෝරාගැනීමට අපහසු බව පැවසූ නිසා “

” ඇය අතින් වූ අනතුර පවා ඔහු පිට පටවාගෙන ඇයගේ යහපත සැලසූ ඔහුට, ඩේසී ලබාදුන් පිළිතුර වුනේ ටොම් වෙතටම තරාදියේ බර පැත්ත වුනු හදවත ලබාදෙමින් “

” ඔහු මට හැමදේම පැවසුවා, අතමිට සරු නොවූ ඔහු, ඔහුටම කියා අනන්‍යතාවයක්, ධනයක් උපයාගන්නා තෙක් ඇයට ඉවසා සිටින්නැයි කිවූ ඔහු, නමුත් ඇය පොහොසත් මිනිසෙක් සමග විවාහ වුනු අයුරු, ඔක්ස්ෆර්ඩ් සරසවියට පවා ඇතුලත් වුනු ඔහු, ඔහු ඒ සියලු දේම කලේ ඇය වෙනුවෙන්, ඇයට උවමනා පිරිමියා වීමට “

” ටොම්, ඔහුගේ අනියම් සම්බන්ධය තිබූ ගැහැනිය ඩේසී අතින් අනතුරට පත්ව මියගිය බව දැන දැන, ඇයගේ ස්වාමියා ජෝර්ජ්ට ඔහුව හසුකරදුන්නේ, ඔහු සමගයි ඇය සම්බන්ධයක් පැවැත්වූවේ සහ ඇයගේ මරණයට වගකිවයුතු තැනැත්තා ද ඔහු බව කියමින් “

” මම ඔහුට දුරකථන ඇමතුමක් දුන්නා, ඔහු සිතන්නට ඇත්තේ ඒ ඇයයි කියලා, ඔහුගේ ජීවිතය අවසන් කල වෙඩි පහරේ හඩ මට ඇසුනා “

” ඔහුගේ අවමංගල්‍යයට සිටියේ මා පමණයි, මාධ්‍යවලින් ඔහුගේ චරිතයට මඩගැසුව, අවමන් කලා, ඒත් ඔහු ගෞරවය බේරූ ඇය ඔහුට අවසන් ගෞරවය පුදකරන්නවත් ආවේ නැහැ “

” මට පිළිකුල් වුනා, ඔහුට කල කී සෑමදේම නිසා මට ඒ හැමදෙයක්ම හැමකෙනෙක්ම පිළිකුල් වුනා “

” මා ජීවිතයේ මුණගැසුනු, බලාපොරොත්තු සහගතම මිනිසා ඔහුයි. ඔහුව නොදන්නා කෙනෙක් ඔහු ගැන මොන විදිහට අර්ථ දැක්වුවත් මට නම් ඔහු 

විදුනි හෙට්ටිආරච්චි

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *