The Great Father ( 2017 ) Malayalam by Tharuka Niroshan
[ Ratsasan සිනමා නිර්මාණයට නොදැවෙනි මළයාලම් සිනමා නිර්මාණය ]
ගූගල් පරීශිලක දර්ශකය 88%
IMDB 7.3/ 10
පුංචි දුවේ නුබ දුටුවේ කිරි කැටි දවසින්
පුංචි මුවින් නුඹ කියනා ගීතය මනරම්
ලස්සන ඔය රුව දුටුවම දැනුනා සුරතල්
කිරි කැටි අත් පා වල මා දුටුවා සරදම්.
දරුවා කාගේ නොව කාගේ උවද දරුවෙකි.
මේ ලොකෙට කවුරු හරි ඉපදෙනකොට එයා හොද කෙනෙක් විදියටවත් නරක කෙනෙක් විදියටවත් ඉපදෙන්නේ නැ.අපි කාලයත් එක්ක ගත කරනකොට අපි ජිවත් වෙන සමාජයේ ඇති අමිහිරි හා මිහිරි අත්දැකීම් එකතු කරගෙන අපේ ජිවිතය වෙනස් කර ගන්නවා. පොඩි කාලේ අපේ අම්මලා තාත්තලා වැරදි වැඩ වලට දඩුවම් දීලා අපිව හරි ආදරෙන් හරි මාර්ගයට ගත්තේ මේ ලෝකයට වැඩදායි පුර වැසියෙක් කරන්න.
ඉගෙනීම මිනිසෙක් පරිණත කරනකොට ගුණධර්ම තමයි මිනිහෙක්ව පරිපුර්ණ කරන්නේ. එත් මිනිස්සු තුල දිනෙන් දින ගුණධර්ම පිරිහෙලා යනකොට, මිනිසා මිනිසාවම පාගා දමන තැනට සමාජය ඇද වැටෙනකොට, මේ ලෝකේ වැඩියෙන්ම දුක් විදින්නේ බාල පරපුර. අපි කතාවටත් කියන්නේ ළමයින් මල් වගේ කියලා. මොකද එයාලා හරිම සියුම් වගේම සංවේදී නිසා, සමහර විට මේ පුංචි මල් පුංචි කාලෙදිම තලා පොඩි කරලා දැම්මොත් සමාජයට නිග්‍රහ කරන පිරිසක් බිහි වෙනවා. ළමයින් ආරක්ෂා කර ගන්න මුලු ලොකයක්ම කැප වෙන කාලයක, අම්මා තාත්තා නැතිව වීදියක් වීදියක් ගානේ හිගමන් යදින තැනට ළමයින් පත් වීම කෙතරම් ශොකජනකද කියලා අපි මදක් සිතා බැලිය යුතු වෙනවා.
මේ සටහන කියවනකොට මේ ලෝකේ කොහෙම හරි ළමයෙක් අපයොජනය වෙනවා ඇති. අපිට අපයොජය කියලා කියනකොට මතකයට නැග්න්නේ ලිංගිකව සිදු වෙන දෙයක් කියලා උනාට, එක කායිකව වගේම මානසිකවත් වෙන්න පුළුවන්. අද හිර ගෙවල් වල ඉන්න ගොඩක් තරුණ හා වැඩිහිටි පිරිසගේ ජිවිත කතාවන් අහලා බැලුවොත් කොහේ හෝ තැනක එයාලාගේ ළමා කාලයේ අසීමිත දුකක් විදලා තියෙනවා. සමහර විට ඒ දුක නැත්නම් ඒ අපයොජය එදා සිදු නොවී තිබුනානම් අද බොහෝ ජිවිත සතුටින් තියේවී.
ගෙදර අම්මා තාත්තා නිතර රංඩු වෙනවානම් එකෙන් බලපෑම් එන්නේ අහිංසක දරුවන්ට. හැම දරුවෙක්ගෙම තාත්තා තමයි එයාලාගේ ජිවිතේ ඉන්න වීරයා. එයා යන අඩිපාරේ තමයි දරුවෝ පොඩි කාලේ ඉදන් යන්න පටන් ගන්නේ. සමහර විට තාත්තා යන අඩි පාර වැරදි එකක් උනොත් දරුවොත් යන්නේ වැරදි පාරක කියන එක අමුතුවෙන් කිව යුතු වන්නේ නැ.
ඒ වගේම මේ ලෝකේ හැම දරුවෙක්ගෙම මූලික අයිතිවාසිකම් තියෙනවා.ඒ අතරින් ඉගනීම කියන්නේ එක් අයිති වාසිකමක්. නමුත් ගෙදර අග හිග කම් නිසා වගේම අම්මා තාත්තා කියන නිසා හරියට ඉගෙන ගන්න බැරිව කුලි වැඩට යන දරුවෝ අපේ රටෙත් කෙතරම් සිටිනවා ද ? එයාලාගේ අනාගතයටත් යහපතක් කරන්න පුළුවන් නම් ඒක තමයි රටක් විදියට අපිට ලබන්න පුළුවන් ලොකුම ජයග්‍රහණය කියලා මට හිතෙනවා.
මේ සිනමා නිර්මාණය රස විදපු කෙනෙක්ට නම් ජිවිතයට ලොකුම මතකයන් ගොඩක් වගේම හිතන්න කාරනා ගොඩක් එකතු වෙලා ඇති. අපි හැමෝම ලිංගිකත්වයට කැමති, කෙනෙක් කියනවානම් ඒ දෙට කැමති නැ කියලා. මම හිතන්නේ එක තමයි මේ ලෝකේ තියෙන ලොකුම බොරුව කියලා. එත් ඒ කැමත්ත පාලනය කර ගන්න උසස් මනසක් අපිට හිමි වෙලා තියෙනවා. එකයි අපියි බල්ලොයි අතර තියෙන ලොකුම වෙනස.
එත් ලංකාවේ උනත් බොහෝ කුඩා දරුවන් ලිංගික හිංසනයන්ට ගොදුරු වෙනවා. ඒ අතරින් කුඩා ගැහැනු ළමයින්ට වෙන හිංසනයන් ඉතාමත් බර පතලයි. අපි දවස ගානේ මේ වගේ පුවත් අහන්න ලැබූනා උනට අපි කවදාවත් එවාට විසදුම් හොයන්නේ නැ. සමහර විට කෙනෙක් කියයි මේවාට ඉතින් විසදුම් නැ කියලා. එත් ඇත්තටම විසදුම් අපි ළගම තියෙනවා. අපිට පුළුවන් නම් නිසි වයසේදි ළමයින්ට ලිංගික අධ්‍යාපනය ලබා දෙන්න ඒ තුලින් මෙවනි හිංසනයන් බොහොමයක් වලක්වා ගන්න පුළුවන් වේවී.
මේ ලෝකේ කොහේ හරි දවසක එක පුංචි දියණියක් හරි ලිංගිකව දූෂණය වෙනවා. එතකොට මාසෙට තිස් දෙනෙක්, අවුරුද්දට තුන්සිය හැට පස් දෙනෙක්. එතකොට මේ ජිවිත වලට සාදාරණයක් මේ සමාජයෙන් ලබා දෙනවා ද ? දවසක දියණියක් අපයොජය උනා කියලා නිවුස් එකක් ආවාම ඒ දියණිය තවත් මානසිකව වට්ටන්නෙත් මේ සමාජයම නේද ?
සමහර විට එයා මේ සමාජයට හතුරෙක් විදියට නිර්මාණය කරන්නෙත් මේ සමාජයේ මිනිසුන් වන ඔබ අපම නේද ?
ලංකාවේ උනත් ලිංගික අල්ලස් ගන්නකොට ස්ත්‍රී දුෂණය වෙනකොට එක විනොදයක් කර ගන්නවා විනා. ඉට සාදාරණ විසදුමක් වන අධ්‍යාපනය දෙන්න හදනකොට ඉට විරුද්ධ වෙන්නේ ” ළමයින්ට කුණුහර්ප උගන්වන්න එපා ” කියලා. මේ ලෝකේ කවදා හරි අපයොජය උන පුංචි දියණියකගේ කතාව අහගෙන හිටියොත් මේ ලෝකේ කෙතරම් නපුරුද කියලා යලි යලිත් තෙරුම් ගන්න ඔබට පුළුවන් වේවී..
හැම ගැණු ළමයෙක්ගේම සිහිනයක් තමයි දවසක මවක් වෙන එක. එත් කෙල්ලක් බදිනකොට අපි ගති ගුණ වලට වඩා බලන්නේ පිරිසිදුකම, ඇත්තටම කිවොත් මේ දේ බලන්නේ පිරිමි අපිට වඩා ගැහැනු අයමයි. මම ඇයි එහෙම කීවේ කියලා ගොඩක් අයට තෙරෙනවා ඇති. එත් සමාජය අපි දිහා බලන්නේ වෙනම කොනයකින්. දවසක ඔහොම කිසිම හෙතුවක් නැති ව අපයොජය උන ගැණු ළමයෙක්ට අලුත් ජිවිතයක් දෙන්න පුළුවන් නම් ඇත්තටම එක පිරිමි කෙනෙක්ගේ උදාරගුණාංගයක් නෙවෙයි ද ?
දරුවෝ කියන්නේ මේ ලෝකේ ජිවනාලීය.. කාන්තාව කියන්නේ මේ ලෝකේ ජිවය.. ඔවුන්ව රැක ගැනීම අපි හැමෝගෙම යුතුකමක් විදියට සිතමු.
මළයාලම් සිනමාව කවදත් අපිට ඉතාම උසස් ගනයේ නිර්මාණ රස විදින්න ලබා දෙන සිනමාවක්. මේකත් එවාගේ කුතුහලය හා ත්‍රසය පිරුණු නිර්මාණයක් කිවොත් මා නිවරදි. නිර්මාණය බලනකොට Ratsasan සිනමා නිර්මාණය මගේ මතකයට ආවා. ඉට හෙතුව උනේ, අවසානය දක්වාම ඝාතකයා සොයා ගන්න බැරි වීමත් මුලිකම ළමුන් මේ සදහා යොදා ගැනිමත් වෙනවා. කොහොම හරි මේ නිර්මාණය නරඹලා නැති හැමෝටම ආරාධනා කරනවා බලන්න කියලා.
Official Trailer