The Good Doctor Tv Series (2017) English | Sinhala Article

The Good Doctor Tv Series (2017) 

First episode: 9/25/2017
Number of seasons: 5
Network: ABC
Writers: David Shore · Jae-Beom Park

➡️මොකද්ද ඒ සීරීස් එක?

ඔයාල අහල ඇති Autism කියල රෝගී තත්වයක් ගැන…Autism හැදිල තියන කුඩා දරුවන් ගැන…නොදන්න අයටත් එක්ක මම පොඩි විස්තරයක් දෙන්නම්කො…

ඉපදීමෙන් පසු අවුරුද්දක් පමණ වනතුරු මේ රෝගය ඇති වෙන්න පුලුවන් කියල තමයි වෛද්‍යවරු කියන්නේ.. කුඩා දරුවකුගේ මොලයේ ස්නායු වර්ධනයේ පවතින සංකූලතාවක් නිසා ඇතිවන රෝගයක් තමයි මේ..ඒ වගේම මේ රෝගය ඇතිවුන කෙනෙක්ට ඇතිවන ප්‍රධානම ගැටලුවක් තමයි එක දෙයකට අවධානය යොමු කිරීමේ නොහැකියාව.සමාජය හා සම්බන්ධ වීමට ඇති නොහැකියාව.. වෙනස්වීම්වලට දක්වන බිය..ඒ වගේ තවත් ගැටලු ගොඩක් තියනව.. Autism වල විවිදත්වයන් තියනවා… ඉතින් මේ විදිහෙ Autism වලින් පෙලෙන ශල්‍ය වෛද්‍යවරයකු ගැන කතාවක් තමයි මේ සීරිස් එකේ තියෙන්නේ..

මේත් එක්කම දෙයක් කියන්න ඕනි.. කිහිපදෙනෙක් මට කිව්වා Review එකක් දානකොට රිවීව් එකට බාහිර කරුණු දාන්න එපා කියල..මට නම් ඒක පිලිගන්න බැහැ… Review එකක් ලියන කෙනෙකුට අදාල මාතෘකාව සම්බන්ධයෙන් තරම්ක් දුරට හෝ දැනුවත්කමක් තිබිය ‍යුතුයි..සමහර අයගෙ Review වල ෆිල්ම් එකෙන් හෝ සීරිස් එකෙන් එහාට දෙයක් ඇත්තෙම නැහැ…කොටින්ම කියනවනම් ෆිල්ම් එක බලල අනිත් අතට review ලියන අය තමයි ඉන්නේ..ඇත්තටම කියනවනම් මම පෝස්ට් එකක් ලියන්න කලින් ලොකු research එකක් කරනවා..ඉතින් ඒ නිසා අමතර කරුණු කිහිපයකුත් මම Review වලට එකතු කරනවා…

“When truth cant help someone We should lie”

➡️Autism සම්බන්ධ වෙනත් නිර්මාණ මොනවද?

Autism ගැන කියවෙන ෆිල්ම් , සීරීස් ගොඩක් තියනවා..මට මතක් වෙන ටික කියන්නම්..තව මතක් උනොත් පස්සෙ අප්ඩේට් පාරක් දාන්නම්..
ෆිල්ම්ස්

-Rain Man
-My name is Khan
-God’s ears
-The Imitation game
-Accountant
-The story of Luke
-Miracle run
-A beautiful mind
ටීවී සීරීස්
-Atypical
-End of the fucking world
-The good doctor

➡️සීරීස් එකේ Background එක ගැන කිව්වොත්?

2017දි රිලීස් වුන ABC හරහා විකාශය වුනු Imdb rating 8.3ක් හිමි Medical drama සීරීස් එකක් තමයි මේක…ඒ වගේම මේ සීරීස් එක නිර්මාණය කලේ South korean drama එකක් උන The good doctor කියන සීරීස් එකෙන්මයි…

➡️Autism තියන කෙනෙක් Surgeon කෙනෙක් වෙන්නෙ කොහොමද?

මේ කතාවෙ එන ප්‍රධාන චරිතය Shaun Murphy.. ඔහු Autism වලින්පෙලෙන් කෙනෙක්..ඒත් මෙයාට තියෙන්නෙ Savant syndrome කියන තත්වය..ඒ නිසා මොහුට විශේෂ හැකියාවක් තියනවා කිව්වොත් මම නිවැරදියි..ඒ කියන්නේ savant syndrome සහිත කෙනෙක් කලාව,ගණිතය හෝ චින්තනය ආදි ක්ෂේත්‍ර වල විශේෂ හැකියාවක් පෙන්නුම් කරනවා..ඉතින් ෂෝන් එහෙම කෙනෙක්…

ෂෝන්ට පුලුවන් ඕනෑම ගැටලුවකදි ඒකට විශේෂ අවධානයක් දක්වලා mind map එකක් භාවිතා කරලා ඒ ගැටලු වලට අලුත් ආකාරයේ පිලිතුරක් නිර්මාණය කරන්න…පොඩි කාලේ ඉදලම මේ හැකියාව තිබුන මොහු වෛද්‍ය විද්‍යාව පැත්තෙන් තමා වැඩිදුර අධ්‍යාපනය ලබාගත්තේ..

➡️කවුද ප්‍රධාන නලුවා?

Freddie Highmore (Bates motel එකේ නෝමන්) තමයි ෂෝන් චරිතය ඉදිරිපත් කරන්නේ…ඔහු ඒ චරිතය කොතෙක් දුරට සාර්ථකව ඉදිරිපත් කරනවාදැයි කියනවනම් සීරීස් එක බලන කෙනෙක්ට හිතෙනවා ඇත්තටම ඔහුට autism තියනවද කියල…ඒ තරම් තාත්වික රංගනයක ඔහු නියැලෙනවා…

➡️ඉතින් Story එකේ මොනවද වෙන්නෙ?

මම ගොඩක් දේවල් කියන්න යන්නෙ නැහැ ස්පොයිල් වෙන නිසා..ඒත් මේ ටික නොකියම බැහැ..ෂෝන් St. Bonaventure රෝහලේ Surgical resident කෙනෙක්… ඉතින් ඔහු සමාජය එක්ක ගනුදෙනු කරන ආකාරය, රැකියාවෙදි ඇතිවන ගැටලු නිරාකරණය කරන ආකාරය , ආදරයත්එක්ක ගණුදෙනු කරන ආකාරය තමයි මේ සීරීස් එකේ ගලාගෙන යන්නේ

➡️House MD,Scrubs, Greys anatomy වගේ සීරීස් එක්ක මේ සීරීස් එකේ විශේෂත්වය මොකද්ද?

ඔව්..House MD එකේදි අපිට ඩොක්ටර් කෙනෙක්ගේ ජීවිතය ගැන එතරම් අවබෝධයක් ලබාගන්න බැහැනේ..ඒත් Good doctor සීරීස් එකේදි ඔයාලට ඩොක්ටර් කෙනෙක්ගේ ජීවිතයක් ගැන ඉතාම හොද වැටහීමක් ලබාගන්න පුලුවන්..greys anatomy ගැන එතකොට කියන්න ඕනි නෑනේ…ඒ වගේම A/L වලට බයො කරන,කරපු අයට නම් මේ සීරීස් එක ගොඩක් Familiar වේවි..

“Being alone and being lonely are two different things..Sometimes we are lonely and we dont even know it”

➡️දැනට සීසන් කීයක් ආවද? අනිත් සීරීස් වගේම මේකත් කැන්සල් වෙයිද?

දැනට නම් සීසන් 2ක් ඇවිල්ලයි තියෙන්නෙ…ඒ වගේම තුන්වෙනි සීසන් එකෙත් වැඩකටයුතු අවසන් කියල තමා ආරංචිය…තුන්වෙනි සීසන් එකත් මේ අවුරුද්දේ සැප්තැම්බර් වලදි රිලීස් කරන්න නියමිතයි…

මම කියන්නෙ නැහැ මේ සීරීස් එක තමයි med series වල හොදම සීරීස් එක කියල…ඒත් ඉතින් med series වලින් එහා ගිය සාමජ ගැටලු සහිත කෙනෙක් ඒවට විසදුම් හොයන ආකාරය ගැන මනාව මේ සීරීස් එකේ පෙන්නනවා..

එහෙනම් පුරුදු විදිහටම අදත් පලවෙනි සීසන් එක ගන්න ලින්ක් එකක් ඉංග්‍රීසි උපසිරැසි එක්ක අවශ්‍ය අයට දෙන්නම්…Comment Section එකේ අහන්න..(Group එකේ rules නිසා) සීරීස් එක ගැන/පෝස්ට් එක ගැන වචනයක් කියල යන්නත් අමතක කරන්න එපා..

අශේන් රණවීර (flaSh)

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *