THE FAME GAME (2022) Hindi Tv Series | Sinhala Article

The Fame Game (2022) Hindi Tv Series by Duthika Gayashan

කීර්තිය, අගයකිරීම, බලය , ජනතා ආකර්ශණය, ධනය සහ ලිංගිකත්වය.

මේ සියල්ල ලබා ගැනීම උදෙසා බොහෝ දෙනා නිරතුරුවම තමන්ගේ ඇතුලාන්තය තුළ ජීවත්වන සැබෑ ජිවියා මරාගනිමින් , අනෙකා පරයා යමින් අධික වෙහෙසට පත්වෙමින් ජීවිතය පුරාම හැල්මේ දුවනවා.

නමුත් මේ දිවීම එක් ක්ෂණයකින් අනෙක් අතට පෙරළී තමන්ටම පරාවලල්ලක් වී පැමිණෙන බව බොහෝ දෙනාට අමතක වී තිබෙනවා.

Anamika Anand කියන්නේ බොලිවුඩය තුළ සිටින අතිශය දක්ෂ මෙන්ම යුග ගණනාවක් තමන්ගේ කීරත්මත් ජයප්‍රියත්වය රැකගත් , හා ආකර්ශණය රැකගත් ජනකාන්ත රංගන වේදිනියක්. නමුත් ඇගේ ජීවිතය හා පෞද්ගලිකත්වය සම්පූර්ණයෙන්ම පුහු ආටෝපයන්ගෙන් හා අතහැරුණු , මඟහැරුණු දේවල් වලින් පිරුණු එකක්. කැමරාව සහ සමාජය ඉදිරිපිට එක් මුහුණකුත් , ඉන් එපිය අඳුරු වුනු ජීවිත අත්දැකීම් සමූහයකුත් තිබෙන අවාසනාවන්ත එකක්. ඇයගේ කීර්තිය නිසා ඇයට ඇගේ සැබෑ ආදරය අහිමි වෙනවා. ඇයට ඇගේ පවුල් ජීවිතය අමතකව යනවා. තම දරුවන්ගේ ජීවිත පවා මේ නිසා නොසිතූ ලෙස වෙනස් වී යනවා.

මේ කතාව Anamika Anand ට පමණක් සීමාවුනු කතාවක් නෙමෙයි. මෙය කීර්තිය , බලය , ආකර්ශණය වෙනුවෙන් වෙහෙසෙන බොහෝ දෙනාගේ ජීවිත ඇතුලාන්තය ගැන නැවත කියවා බලන නිර්මාණයක්.
Netflix Series ගෙන එන නවතම කතා මාලවක් විදිහට තමයි THE FAME GAME අපිට නරඹන්නට ලැබෙන්නේ. පෞද්ගලිකව මම නම් මේක බලන්න පෙළඹෙන්නෙම බොලිවුඩයේ නර්ථන තාරකාව Madhuri Dixit නිසාවෙන්මයි. Anamika Anand ලෙස මධුරි ලබාදෙන සර්ව සාධාරණ වෙහෙස ගැන ආයේ වචනයෙන් විස්තර කරගන්න බැරි තරමට විශිෂ්ඨයි. අනෙක් අතට මධුරිගේ සිනමා ගමන තුළ ඇය රගපෑ චරිත වලට වඩා හාත්පසින් වෙනස් චරිතයක් ඇය මෙම ටෙලි කතා මාලාව තුළින් ඉදිරිපත් කරලා තියෙනවා කියන්න පුළුවන්.

බැඳීම් , ඇලීම් , ගැටීම් ගැන මගේ යාලුවන්ට පොර ටෝක්ස් දෙන මමත් THE FAME GAME හි පූර්ව ප්‍රචාරණය සඳහා නිර්මාණය කළ Dupatta Mera නර්ථනය දැකලා මටම කල්පනා වුනු දෙයක් තමයි අපේ ඇස් රවට්ටන ආකර්ශණීය දේවල් වලට අපි කොයි තරම් ඇලිලද ඉන්‌නේ කියලා.

Dupatta Mera Full Video – https://youtu.be/eToHipi_utc

Sri Rao අතින් නිර්මාණයක් වුනු මෙය , Bejoy Nambiar and Karishma Kohli දෙදෙනාගේ අධ්‍යක්ෂණයෙන් හා Madhuri Dixit, Manav Kaul, Lakshvir Saran, Sanjay Kapoor, Muskkaan Jaferi ඇතුළු අති දක්ෂ රංගන ශිල්පීන් ශිල්පිනියන් රැසකගේ රංගනයෙන් විචිත්‍රවත් වී තිබෙනවා.

කීර්තිය නැමැති ක්‍රීඩාවේ නිරතවන සියලු දෙනාම, ජීවිතයේ යථාර්තය දිහා එක් වරක් හෝ හැරී බැලිය යුතු බව මතක් කර දෙන The FAME GAME බලන්නට ආරාධනා කරන ගමන් නවතිනවා.

දුතික ගයාශාන්

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *